ඕක මට විතරක් වෙන එකක් නෙවෙයි යකෝ . . ඕක ප්‍රයෝගිකව වෙන උන්ටත් වෙන විද්යාත්ම්කවත් පෙන්නලා තියන දෙයක් .උඹමනෙ වෙනව කියල කියන්නෙ, එහෙනං අර උඹ කලින් කිව්ව වගෙ, වෙන්නෙ නෑ කියන එවුන් නෙමෙයි, ඔහොම වෙනව කියලා fantasy වල ඉන්න එවුන් තමයි ඔප්පු කරලා පෙන්නන්න ඕනි.
හා නැද්ද??![]()
හීනෙ කියලා දැනගත්තම එලියට එන්න විතරයි බැරි . අපිට ඕන විදියට control කරන්න වෙනස් කරගෙන ඉන්න පුලුවන් . හීනයක් ද කියලා ටෙස්ට් කරල බලන්න පුලුවන් පොඩි පොඩි ලොජික්ල් දේවල් දාලා . . ඕන තරම් වෙලා ඇති .
අනිත් විදිය හීනෙන් හීනෙට ඇහැඇරෙන එක . නිදන් ඉන්න position එකේම ඇහැරිලා සාමන්‍ය කරන දේවල් ටික කරනවා හැබැයි එකත් ටිකක් වෙල් ගියාම තේරෙන්නේ හිනෙකට තමයි ඇහැ ඇරිලා කියලා . ඕක දාමයක් විදියට යන්න පුලුවන් . දවස් තුන හතරකට කලින් ඔය විදියට 4 පාරක් විතර නැගිට්ට ටිකක් වෙලා ගියාම තේරුනේ තාම ඉන්නේ හීනෙ කියලා . එහෙම වෙන්නේ නැති වෙන්න කකුල් වලට බර දැනෙන්න නැගිට්ට අන්තිම පාර , ඒකත් නැගිටල තිබ්බේ හිනෙකට . 5වෙනි පාර තමයි හරියට උනේ . ඕක වෙන්නේ නම් දවල් ට තද නිදිමතයි ඔලුවේ වෙන කරන්න ඕන වැඩ ගැන plan එකකුයි තියන වෙලාවට . රෑට ඕක වෙන්නේ නෑ . ඕකට කියන්නේ false awakening loop සර්ච් කරල බලද්දී . ඕව මට විතරක් වෙන ෆැන්ටසි නෙවෙයි .

Aharaila hityath nidagena hitiyath dekama hina tamai