හැම දේම වෙනස් වෙන නිසාමයි අපි ඒ දේවල් සුන්දරයි කියල දකින්නෙ
ඒ සුන්දරයි කියන්නෙ අනිත්‍යයි කියන නිසාමයි.
හැම දේම වෙනස් වෙන නිසාමයි අපි ඒ දේවල් සුන්දරයි කියල දකින්නෙ. ඒව වෙනස් වෙන්නෙ නැත්නම් හැමදාම එකම විදිහට එකම තැන තියෙනව නම් ඒ දේවල සුන්දරත්වයක් පේන්නෙ නෑ.
ඒ සුන්දරත්වය නිසා අපි ලෝකයෙන් ගැලවෙන්න කැමති නෑ. ඒකයි මේක දුර්ලභ දෙයක් බවට පත්වෙන්නෙ. ඒ නිසයි බුදුරජාණන් වහන්සෙ දේශනා කරන්නෙ සෝවාන් වූ අයකුට ගෙවන්න තියෙන්නෙ මේ අතට ගත්ත පස් ප්‍රමාණය විතරයි. මහපොළවේ තියෙන පස් ප්‍රමාණය ඔබ ගෙවල ඉවරයි කියල. එච්චර දුකක් එක පස් මිටකට සීමා කරනව.
මේක අපි තේරුම් ගත යුත්තේ ශ්‍රද්ධාවෙන්මයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් තොරව අපිට මේක තේරුම් ගන්න බෑ. ක්‍රිස්‌තුස් වහන්සේ, අල්ලා දෙවියන් මේ ධර්මය කියන්නෙ නෑ. ඒ අය හුදු පින කියන තැන තමයි අපිව නතර කරල තියෙන්නෙ.
නමුත් බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්ප ගාණක් පෙරුම් පිරුවෙ ඒ කාටවත් දකින්න බැරි උතුම් ප්‍රඥව ලබන්න. ඒ නිසා ඒ දැක්‌ම තුළ අපි ප්‍රයෝජනයක් ගත යුතුයි. නැත්නම් හුදු පින ගැන හිතමින් අපි ක්‍රිස්‌තියානි කෙනෙක්, මුස්‌ලිම් කෙනෙක් නැවතුන තැන තමයි නැවතිලා ඉන්නෙ.
බුදුරජාණන් වහන්සේ හැර කිසිම ශාස්‌තෘවරයෙක් පින සංස්‌කාරයක් විදිහට දැක්‌කෙ නෑ. පින අනිත්‍ය කියන කාරණය දැක්‌කෙ නෑ. ඒ නිසා මා නැවත මතක් කරන්නෙ තමා කෙරෙහි අනුකම්පාවෙන් තමයි මේ ගමන යන්න ඕන. අනුන් ගැන සිතල නෙමේ.
එහෙම නැතිව අපට මේ ගමන යන්න බෑ.
මොකද ලෝකය හැම වෙලාවෙම අපිව බැඳීම් තියෙන දිසාවටම තමයි අරගෙන යන්න හදන්නෙ. ඒකයි මාරය කියන්නෙ හිත කියල බුදුරජාණන් වහන්සෙ දේශනා කරන්නෙ. රූපය කියන්නෙ මාරය.
රූපයක් දැක්‌කොත් ඒ රූපයට ඇලෙන ස්‌වභාවයෙන්මයි අපි ඉන්නෙ. රූපයක් තුළින් සිතක් සකස් වුණොත් ඒ සිත අපිව කෙලෙස් සකස් කරන දිසාවටමයි අරගෙන යන්නෙ.
ඒ නිසා හිත මාරයා කියල දකිමින් හිත කියන ලෝකයෙන් බැහැර ලෝකයට, භව නිරෝධ පැත්තට යන්න අපි දක්‌ෂ වෙන්න ඕන. හැබැයි රූපයේ අනිත්‍යභාවය දැකීම පමණක්‌ම ප්‍රමාණවත් වෙන්නෙ ශ්‍රද්ධාවෙනුයි සීලයෙනුයි පරිපූර්ණ වුණාට පස්‌සෙ. මෙතනදි අනුන්ගෙ රූපයෙ අනිත්‍යභාවය දකින්න පෙර තමන්ගෙ රූපයෙ අනිත්‍යභාවයයි දකින්න ඕන.
මොකද අපි මේ රූපයටයි බැඳිල තියෙන්නෙ. අනිත් රූපයන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙන්නෙ මේ රූපය කෙරෙන්මයි. එනිසයි තමාගේ රූපය කෙරෙහි පළමුව අනිත්‍ය සංඥවෙන් බලන්න ඕන. කොයි රූපය දැක්‌කත් ඒ රූපයෙ යථා ස්‌වභාව දකින්න අපි දක්‌ෂ වෙන්න ඕන.
ඔබට ගොඩක් වෙලා එරමිණිය ගොතාගෙන භාවනා කරන්න බැරි වෙන්න පුළුවන්. අනේපිඩුසිටුතුමා, විශාඛාව සෝවාන් ඵලයට පත්වෙන්නෙ එරමිණිය ගොතාගෙන මාස ගණන් භාවනා කරල නෙමේ. ඒ අය නුවණින් මෙනෙහි කරලමයි සෝවාන්ඵලයට පත්වුණෙ.
ඒ අයට බුදුරජාණන්a වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුර තිබුණ. අපිට ඒක නෑ. නමුත් අපි දක්‌ෂ නම් ඒකත් අඩු කරගන්න පුළුවන්. මේ මොහොතේම බුදුරජාණන් වහන්සේගේ රූපකාය අපේ ඉදිරියේ මවාගන්න පුළුවන්
- පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ

මේ වාක්යෙන්ම තෙරෙනවා basic හැලිලා කියලා. අන්යාගමිකයෙක් විදිහට ඉතින් බැන බැන ඉන්න එකක් දෙකක් හරි කියවන එකත් වටිනව 