බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,021
    5,203
    113
    හැම දේම වෙනස්‌ වෙන නිසාමයි අපි ඒ දේවල් සුන්දරයි කියල දකින්නෙ
    • පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ
    මේක අපිට පොදුවේ කතාකරල යන්න පුළුවන් ගමනක්‌ නෙමෙයි. සංසාර භය තමන්ට තනියෙන් දැනිල තමන් තනියෙන්ම ගැලවිලා යන්න ඕන. මොකද ලෝකය කියන එක සුන්දරයි. කොතන බැලුවත් සුන්දරත්වය කියන කාරණය තියෙනව.
    ඒ සුන්දරයි කියන්නෙ අනිත්‍යයි කියන නිසාමයි.
    හැම දේම වෙනස්‌ වෙන නිසාමයි අපි ඒ දේවල් සුන්දරයි කියල දකින්නෙ. ඒව වෙනස්‌ වෙන්නෙ නැත්නම් හැමදාම එකම විදිහට එකම තැන තියෙනව නම් ඒ දේවල සුන්දරත්වයක්‌ පේන්නෙ නෑ.

    ඒ සුන්දරත්වය නිසා අපි ලෝකයෙන් ගැලවෙන්න කැමති නෑ. ඒකයි මේක දුර්ලභ දෙයක්‌ බවට පත්වෙන්නෙ. ඒ නිසයි බුදුරජාණන් වහන්සෙ දේශනා කරන්නෙ සෝවාන් වූ අයකුට ගෙවන්න තියෙන්නෙ මේ අතට ගත්ත පස්‌ ප්‍රමාණය විතරයි. මහපොළවේ තියෙන පස්‌ ප්‍රමාණය ඔබ ගෙවල ඉවරයි කියල. එච්චර දුකක්‌ එක පස්‌ මිටකට සීමා කරනව.
    මේක අපි තේරුම් ගත යුත්තේ ශ්‍රද්ධාවෙන්මයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් තොරව අපිට මේක තේරුම් ගන්න බෑ. ක්‍රිස්‌තුස්‌ වහන්සේ, අල්ලා දෙවියන් මේ ධර්මය කියන්නෙ නෑ. ඒ අය හුදු පින කියන තැන තමයි අපිව නතර කරල තියෙන්නෙ.

    නමුත් බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්ප ගාණක්‌ පෙරුම් පිරුවෙ ඒ කාටවත් දකින්න බැරි උතුම් ප්‍රඥව ලබන්න. ඒ නිසා ඒ දැක්‌ම තුළ අපි ප්‍රයෝජනයක්‌ ගත යුතුයි. නැත්නම් හුදු පින ගැන හිතමින් අපි ක්‍රිස්‌තියානි කෙනෙක්‌, මුස්‌ලිම් කෙනෙක්‌ නැවතුන තැන තමයි නැවතිලා ඉන්නෙ.
    බුදුරජාණන් වහන්සේ හැර කිසිම ශාස්‌තෘවරයෙක්‌ පින සංස්‌කාරයක්‌ විදිහට දැක්‌කෙ නෑ. පින අනිත්‍ය කියන කාරණය දැක්‌කෙ නෑ. ඒ නිසා මා නැවත මතක්‌ කරන්නෙ තමා කෙරෙහි අනුකම්පාවෙන් තමයි මේ ගමන යන්න ඕන. අනුන් ගැන සිතල නෙමේ.

    එහෙම නැතිව අපට මේ ගමන යන්න බෑ.
    මොකද ලෝකය හැම වෙලාවෙම අපිව බැඳීම් තියෙන දිසාවටම තමයි අරගෙන යන්න හදන්නෙ. ඒකයි මාරය කියන්නෙ හිත කියල බුදුරජාණන් වහන්සෙ දේශනා කරන්නෙ. රූපය කියන්නෙ මාරය.
    රූපයක්‌ දැක්‌කොත් ඒ රූපයට ඇලෙන ස්‌වභාවයෙන්මයි අපි ඉන්නෙ. රූපයක්‌ තුළින් සිතක්‌ සකස්‌ වුණොත් ඒ සිත අපිව කෙලෙස්‌ සකස්‌ කරන දිසාවටමයි අරගෙන යන්නෙ.

    ඒ නිසා හිත මාරයා කියල දකිමින් හිත කියන ලෝකයෙන් බැහැර ලෝකයට, භව නිරෝධ පැත්තට යන්න අපි දක්‌ෂ වෙන්න ඕන. හැබැයි රූපයේ අනිත්‍යභාවය දැකීම පමණක්‌ම ප්‍රමාණවත් වෙන්නෙ ශ්‍රද්ධාවෙනුයි සීලයෙනුයි පරිපූර්ණ වුණාට පස්‌සෙ. මෙතනදි අනුන්ගෙ රූපයෙ අනිත්‍යභාවය දකින්න පෙර තමන්ගෙ රූපයෙ අනිත්‍යභාවයයි දකින්න ඕන.

    මොකද අපි මේ රූපයටයි බැඳිල තියෙන්නෙ. අනිත් රූපයන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙන්නෙ මේ රූපය කෙරෙන්මයි. එනිසයි තමාගේ රූපය කෙරෙහි පළමුව අනිත්‍ය සංඥවෙන් බලන්න ඕන. කොයි රූපය දැක්‌කත් ඒ රූපයෙ යථා ස්‌වභාව දකින්න අපි දක්‌ෂ වෙන්න ඕන.
    ඔබට ගොඩක්‌ වෙලා එරමිණිය ගොතාගෙන භාවනා කරන්න බැරි වෙන්න පුළුවන්. අනේපිඩුසිටුතුමා, විශාඛාව සෝවාන් ඵලයට පත්වෙන්නෙ එරමිණිය ගොතාගෙන මාස ගණන් භාවනා කරල නෙමේ. ඒ අය නුවණින් මෙනෙහි කරලමයි සෝවාන්ඵලයට පත්වුණෙ.
    ඒ අයට බුදුරජාණන්a වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුර තිබුණ. අපිට ඒක නෑ. නමුත් අපි දක්‌ෂ නම් ඒකත් අඩු කරගන්න පුළුවන්. මේ මොහොතේම බුදුරජාණන් වහන්සේගේ රූපකාය අපේ ඉදිරියේ මවාගන්න පුළුවන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,677
    98,680
    113
    dhyana can obviously be proven just like REM sleep in which lucid dreaming takes place.
    scientific proof එකේන් හරියටම කියන්න බෑ එයා lucid dream එකක හිටියද නැද්ද කියන එක. ගන්නේ indirect evidence නෙ. කියන කෙනා මත result එක depend වෙනවා.
     
    • Like
    Reactions: nuwan9999

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,246
    1,969
    113
    මහනුවර
    දැන් බුදු දහමට අනුව දිගින් දිගට යන ආත්මයක් නැ කියලා පස්සේ තව්තිසාවේ ගිහින් මහමායා දේවියට අභිද්ර්මය දේශනා කරා කියලා කියනව . තනිකර විසංවාද .

    ------ Post added on Jun 16, 2026 at 8:39 PM
    එහෙන් මෙහෙන් කෑලි අහුලන් දැනගත්තම මෙහෙම හිතෙනවා :) මේ වාක්යෙන්ම තෙරෙනවා basic හැලිලා කියලා. අන්යාගමිකයෙක් විදිහට ඉතින් බැන බැන ඉන්න එකක් දෙකක් හරි කියවන එකත් වටිනව ;)
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    707
    599
    93
    dhyana can obviously be proven just like REM sleep in which lucid dreaming takes place.
    👇
    scientific proof එකේන් හරියටම කියන්න බෑ එයා lucid dream එකක හිටියද නැද්ද කියන එක. ගන්නේ indirect evidence නෙ. කියන කෙනා මත result එක depend වෙනවා.
    Proven but subjective. කෙනා කෙනා මත රඳා පවතිනව. ඒ නිසා 100% නැහැ.

    හැම දේම වෙනස්‌ වෙන නිසාමයි අපි ඒ දේවල් සුන්දරයි කියල දකින්නෙ
    • පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ
    මේක අපිට පොදුවේ කතාකරල යන්න පුළුවන් ගමනක්‌ නෙමෙයි. සංසාර භය තමන්ට තනියෙන් දැනිල තමන් තනියෙන්ම ගැලවිලා යන්න ඕන. මොකද ලෝකය කියන එක සුන්දරයි. කොතන බැලුවත් සුන්දරත්වය කියන කාරණය තියෙනව.
    ඒ සුන්දරයි කියන්නෙ අනිත්‍යයි කියන නිසාමයි.
    හැම දේම වෙනස්‌ වෙන නිසාමයි අපි ඒ දේවල් සුන්දරයි කියල දකින්නෙ. ඒව වෙනස්‌ වෙන්නෙ නැත්නම් හැමදාම එකම විදිහට එකම තැන තියෙනව නම් ඒ දේවල සුන්දරත්වයක්‌ පේන්නෙ නෑ.

    ඒ සුන්දරත්වය නිසා අපි ලෝකයෙන් ගැලවෙන්න කැමති නෑ. ඒකයි මේක දුර්ලභ දෙයක්‌ බවට පත්වෙන්නෙ. ඒ නිසයි බුදුරජාණන් වහන්සෙ දේශනා කරන්නෙ සෝවාන් වූ අයකුට ගෙවන්න තියෙන්නෙ මේ අතට ගත්ත පස්‌ ප්‍රමාණය විතරයි. මහපොළවේ තියෙන පස්‌ ප්‍රමාණය ඔබ ගෙවල ඉවරයි කියල. එච්චර දුකක්‌ එක පස්‌ මිටකට සීමා කරනව.
    මේක අපි තේරුම් ගත යුත්තේ ශ්‍රද්ධාවෙන්මයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් තොරව අපිට මේක තේරුම් ගන්න බෑ. ක්‍රිස්‌තුස්‌ වහන්සේ, අල්ලා දෙවියන් මේ ධර්මය කියන්නෙ නෑ. ඒ අය හුදු පින කියන තැන තමයි අපිව නතර කරල තියෙන්නෙ.

    නමුත් බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්ප ගාණක්‌ පෙරුම් පිරුවෙ ඒ කාටවත් දකින්න බැරි උතුම් ප්‍රඥව ලබන්න. ඒ නිසා ඒ දැක්‌ම තුළ අපි ප්‍රයෝජනයක්‌ ගත යුතුයි. නැත්නම් හුදු පින ගැන හිතමින් අපි ක්‍රිස්‌තියානි කෙනෙක්‌, මුස්‌ලිම් කෙනෙක්‌ නැවතුන තැන තමයි නැවතිලා ඉන්නෙ.
    බුදුරජාණන් වහන්සේ හැර කිසිම ශාස්‌තෘවරයෙක්‌ පින සංස්‌කාරයක්‌ විදිහට දැක්‌කෙ නෑ. පින අනිත්‍ය කියන කාරණය දැක්‌කෙ නෑ. ඒ නිසා මා නැවත මතක්‌ කරන්නෙ තමා කෙරෙහි අනුකම්පාවෙන් තමයි මේ ගමන යන්න ඕන. අනුන් ගැන සිතල නෙමේ.

    එහෙම නැතිව අපට මේ ගමන යන්න බෑ.
    මොකද ලෝකය හැම වෙලාවෙම අපිව බැඳීම් තියෙන දිසාවටම තමයි අරගෙන යන්න හදන්නෙ. ඒකයි මාරය කියන්නෙ හිත කියල බුදුරජාණන් වහන්සෙ දේශනා කරන්නෙ. රූපය කියන්නෙ මාරය.
    රූපයක්‌ දැක්‌කොත් ඒ රූපයට ඇලෙන ස්‌වභාවයෙන්මයි අපි ඉන්නෙ. රූපයක්‌ තුළින් සිතක්‌ සකස්‌ වුණොත් ඒ සිත අපිව කෙලෙස්‌ සකස්‌ කරන දිසාවටමයි අරගෙන යන්නෙ.

    ඒ නිසා හිත මාරයා කියල දකිමින් හිත කියන ලෝකයෙන් බැහැර ලෝකයට, භව නිරෝධ පැත්තට යන්න අපි දක්‌ෂ වෙන්න ඕන. හැබැයි රූපයේ අනිත්‍යභාවය දැකීම පමණක්‌ම ප්‍රමාණවත් වෙන්නෙ ශ්‍රද්ධාවෙනුයි සීලයෙනුයි පරිපූර්ණ වුණාට පස්‌සෙ. මෙතනදි අනුන්ගෙ රූපයෙ අනිත්‍යභාවය දකින්න පෙර තමන්ගෙ රූපයෙ අනිත්‍යභාවයයි දකින්න ඕන.

    මොකද අපි මේ රූපයටයි බැඳිල තියෙන්නෙ. අනිත් රූපයන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙන්නෙ මේ රූපය කෙරෙන්මයි. එනිසයි තමාගේ රූපය කෙරෙහි පළමුව අනිත්‍ය සංඥවෙන් බලන්න ඕන. කොයි රූපය දැක්‌කත් ඒ රූපයෙ යථා ස්‌වභාව දකින්න අපි දක්‌ෂ වෙන්න ඕන.
    ඔබට ගොඩක්‌ වෙලා එරමිණිය ගොතාගෙන භාවනා කරන්න බැරි වෙන්න පුළුවන්. අනේපිඩුසිටුතුමා, විශාඛාව සෝවාන් ඵලයට පත්වෙන්නෙ එරමිණිය ගොතාගෙන මාස ගණන් භාවනා කරල නෙමේ. ඒ අය නුවණින් මෙනෙහි කරලමයි සෝවාන්ඵලයට පත්වුණෙ.
    ඒ අයට බුදුරජාණන්a වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුර තිබුණ. අපිට ඒක නෑ. නමුත් අපි දක්‌ෂ නම් ඒකත් අඩු කරගන්න පුළුවන්. මේ මොහොතේම බුදුරජාණන් වහන්සේගේ රූපකාය අපේ ඉදිරියේ මවාගන්න පුළුවන්
    IMHO.
    අනික් හැම ආගමක්ම කියන්නෙ already ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක්... ඒ කිව්වෙ
    ඔයා මේ දේ කරන්න, ඔයා ස්වර්ගයට (සැපට) යනව කියල...

    බුදු දහම වෙනස් වෙන්නෙ ඒක already ප්‍රත්‍යක්ෂ වෙලා නැති, අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන දෙයක් නිසා. ප්‍රත්‍යක්ෂ කරගන්න ක්‍රමයක් කියල දීල තියෙනව.
    ------ Post added on Jun 19, 2026 at 8:20 AM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    scientific proof එකේන් හරියටම කියන්න බෑ එයා lucid dream එකක හිටියද නැද්ද කියන එක. ගන්නේ indirect evidence නෙ. කියන කෙනා මත result එක depend වෙනවා.
    Kiyena kena matha depend wenne na > Lucid dreamers were trained to make a pre-agreed pattern of eye movements (like left-right-left-right) the moment they became aware they were dreaming.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    707
    599
    93
    Kiyena kena matha depend wenne na > Lucid dreamers were trained to make a pre-agreed pattern of eye movements (like left-right-left-right) the moment they became aware they were dreaming.
    They were trained, so how do you guarantee 100% that they are moving their eyes for that reason only? There can be 100 different reasons.... 🤷‍♂️
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    They were trained, so how do you guarantee 100% that they are moving their eyes for that reason only? There can be 100 different reasons.... 🤷‍♂️
    Read up on how the experiment was carried out.

    A lucid dreamer can deliberately move their eyes — the one motor channel still available to them — while every other muscle shows the flat-line atonia that only occurs in genuine REM. An awake person with their eyes closed pretending to be asleep would betray themselves immediately: their EEG would show alpha activity and their EMG would show normal muscle tone. You can voluntarily move your eyes, but you can't voluntarily produce REM atonia.
     
    I am not saying they are voluntarily making movements to jeopardise the test, I am saying that there can be many other reasons why the same eye movements can occur beyond reasons we are no aware of. My point is this or any test that involves mind (including dhyana) cannot be fully contained to a standard modern science experiment without being subjective.
     
    If you're critiquing the experiment, better come up with those reasons. 😃
    If not, that line of thinking isn't going to bode well with the scientific community.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    707
    599
    93
    If you're critiquing the experiment, better come up with those reasons. 😃
    If not, that line of thinking isn't going to bode well with the scientific community.
    Let me get this straight, so you blindly believe there can't be any reasons an uncontrolled subject can behave or produce unexpected outcomes? I don't want to be part of that scientific community :rofl:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,117
    1,746
    113
    අපි රැවටිලා ඉන්න ගේමත් එක්ක බැලුවාම ඒ හාමුදුරුවෝ කියන දේ ඇත්තක්. හොද හාමුදුරුවරු ලංකාවේ ඉන්නවා. ඒත් ඔවුන්ට වඩා සිංහල බෞද්ධයෝ රැවටිලා ඉන්නේ වැරදි ඉගැන්වීම වලට. ඒකයි රටේ දියුණුවක් නැත්තේ. රජය (කලින් තිබූ ඒවත් එක්කම) කලෙත් වැරදි ඉගැන්වීම වලට පෙළබවීම මිසක් වෙන දෙයක් නෙමෙයි. මොකද ජනතාව මෝඩ වෙන තරමට ඔවුන්ට ඡන්දෙ ගන්න ලේසියි. අපි දැන් ඒ තුලම කොටු වෙලා තියෙන්නේ, ගොඩ එන්න අමාරුයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    Let me get this straight, so you blindly believe there can't be any reasons an uncontrolled subject can behave or produce unexpected outcomes? I don't want to be part of that scientific community :rofl:
    I believe the experiment can be updated the moment such "reasons" or "uncontrolled subjects" come into light or are clearly defined. Those "reasons" or "uncontrolled subjects" are just blind beliefs till then.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,354
    2,923
    113
    මාතර

    මම ඔය මත දෙපැත්තට බෙදන boundary line එක තමයි, හිතට distant action එකක් කරන්න පුලුවන්ද කියන එක ඇඟ නැතිව. එහෙම කරන්නේ, හිත හටගන්නේ මොලයේ ක්‍රියාකාරීත්වයෙන් කියන දේ විශ්වාස කරලා. ඕක තාම ඔප්පු කරලා නැහැනේ හරි හෝ වැරදි කියල. ඉතින් ඒක ගැන තර්ක කරලා වැඩක් නැහැ.
    උදාහරණෙකට, මේ position එකට අනුව, ඇස්වහ කටවහ වදින්නේ නැහැ. අනුන්ගේ හිත කියවන්න බැහැ. භාවනා කරලා වේදනාව යටපත් කරන්න පුළුවන්. තමන්ගේ ඇඟට එක එක බලපෑම් කර ගන්න පුළුවන් ඇති, ඒත් උඩින් යන්න වගේ ඒවා බැහැ :lol: :lol: . නිවන් දකින්න පුළුවන්. මැරිලා ආයෙත් උපදින්නේ නැහැ. සාමාන්‍යයෙන් පිළිගන්න කර්ම විපාක නැහැ, තියෙන්නේ consequences විතරයි. ඔය වගේ තමයි හිතන්නේ.

    ඇයි එහෙම හිතන්නේ කිව්වොත් එක උත්තරයක් නැහැ, සමහර practical දේවල් දිහා බලල හිතල ගත්තු මතයක්.
    සරල උදාහරණෙකට, ෆිසිකල් බෙහෙත් වලින් හිතේ ලෙඩ හොඳ කරන එක. එහෙම නැතිනම්, general anaesthesia වලින් reversible විදියට සිහි නැති කරන එක. මේ සීන් එකේදී වෙන්නේ brain එකේ එක එක කොටස් අතර communication අඩු වෙන එක හෝ නැති වෙන එක. ඒක මට හිතෙන්නේ හිත් උපදින්නේ නැති අවස්තාවක් කියල. බුදු දහමේ theory වලට compare කලොත් නිරෝධ සමාපත්තිය වගේ, සිත් උපදින්නේ නැහැ. (ජෝක් වගේ තමයි, හැබැයි මට හිතෙන විදිය) උඹට නෝට් වෙලා තියෙනවද දන්නේ නැහැ, ඔය නිරෝධ සමාපත්ති චිත්ත වීථිය ටිකක් controversial කියල. ඒකට හේතුව තමයි එකේදී සම්මත කාලයෙන් ගත්තම සිත් පරම්පරාවේ ගැප් එකක් හිටිනවා. ඉතින් ඕක ප්‍රත්‍ය විභාගයේ අනන්තර සමනන්තර වගේ ප්‍රත්‍ය වලදී ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ, හිත කියන්නේ මොලයේ ක්‍රියාව නිසා ඇතිවෙන දෙයක් කියල ගත්තම. ඒකෙන් කියවෙන්නේ නැහැ හිතට බැහැ කයට බලපෑම් කරන්න කියන එක. ඒක පුළුවන්.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    707
    599
    93
    I believe the experiment can be updated the moment such "reasons" or "uncontrolled subjects" come into light or are clearly defined. Those "reasons" or "uncontrolled subjects" are just blind beliefs till then.
    Of course, this is the same thing I am saying in a different way, until we know all those other reasons for sure the experiment is not 100%. That doesn't imply the experiment is wrong, its just not complete and we shouldn't be taking those as ultimate truth.
    This is no different to the experiments on dhyana. 🤷‍♂️
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,021
    5,203
    113
    👇

    IMHO.
    අනික් හැම ආගමක්ම කියන්නෙ already ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක්... ඒ කිව්වෙ
    ඔයා මේ දේ කරන්න, ඔයා ස්වර්ගයට (සැපට) යනව කියල...

    බුදු දහම වෙනස් වෙන්නෙ ඒක already ප්‍රත්‍යක්ෂ වෙලා නැති, අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන දෙයක් නිසා. ප්‍රත්‍යක්ෂ කරගන්න ක්‍රමයක් කියල දීල තියෙනව.
    ------ Post added on Jun 19, 2026 at 8:20 AM

    අනිත් හැම ආගමකම පින කියන තැනින් නතර වෙලා තියනවා. පින් කරන්න විතරක් පාත් එක හදල තියනවා. එතනින් එහාට පිනත් අනිත්‍යයි, කවදාහරි ඒකත් ඉවර වෙනවා, සහ ආයෙත් ඒ පින හින්දම දුගතියට වැටෙන්න පුළුවන් කියන එක පැහැදිලි කරලා නැහැ සහ ඒ අනිත්‍ය තේරුන් ගන්න ඉස්සරහට යන්න path එකක් නැහැ. ඒ වගේම මේක තමන් තනියෙන් තෙරුන් අරන් තමන් ගැලවිලා යන්න ඕන වෙන කෙනෙක්ට තේරුම් කරවල ගෙනියන්න බැහැ හෝ අමාරුයි කියන එක තමා ඔතන ඒ හාමුදුරුවෝ කියල තියෙන්නේ.
    දැන් මේ thread එකේම ඒක පැහැදිලි වෙනවනේ. වෙන කෙනෙක්ට පැහැදිලි කරවන්න බැහැ එක්කෝ ගැටෙනවා එකෙන් තමනුත් අනිත් කෙනත් නිකන් තරහව කියන පංචනීවරණ වලින් එකකට යට වෙනවා. කවුරුහරි කෙනෙක් එහෙම ගැටෙන්න එනවා නම් එතනින් ඈත් වෙලා යන එක තමා කරන්න ඕන. මොකද මේක කෙනෙක්ට පැහැදිලි කරවන්න feel කරවන්න බෑ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    Of course, this is the same thing I am saying in a different way, until we know all those other reasons for sure the experiment is not 100%. That doesn't imply the experiment is wrong, its just not complete and we shouldn't be taking those as ultimate truth.
    This is no different to the experiments on dhyana. 🤷‍♂️
    truth based on currently available data. Rest is blind belief. ;-)

    I never said that experiments on dhyana were wrong or anecdotal. I just said that dhyana states can be verified scientifically the same way a person undergoing REM sleep can be verified.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,261
    164,432
    113
    එකමත් එක රටක
    එහෙන් මෙහෙන් කෑලි අහුලන් දැනගත්තම මෙහෙම හිතෙනවා :) මේ වාක්යෙන්ම තෙරෙනවා basic හැලිලා කියලා. අන්යාගමිකයෙක් විදිහට ඉතින් බැන බැන ඉන්න එකක් දෙකක් හරි කියවන එකත් වටිනව ;)
    එහෙනම් මෙහෙන් නැතුව හරියට දන්නා එකා හැලිච්ච බේසික් කෑල්ල කියපන් කෝ
     
    • Haha
    Reactions: dayt0na

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    707
    599
    93
    truth based on currently available data. Rest is blind belief. ;-)

    I never said that experiments on dhyana were wrong or anecdotal. I just said that dhyana states can be verified scientifically the same way a person undergoing REM sleep can be verified.
    Yes this was agreed even before, this was not about that, what Ali Jamis was saying that dhyana was not scientifically proven in the same way 😂. But as you agree, it is not the case.
     
    • Like
    Reactions: dayt0na

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,021
    5,203
    113

    නිර්මාංශ වීම සීලයක්ද ?​

    ~~රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ සමග කරපු කාලේන ධම්ම සාකච්චා පොතෙන්~~
    ගොඩක් දේවල් මේකෙන් තෙරුන් ගන්න පුළුවන්

    ප්‍රශ්නය නිර්මාංශ වීම සීලයක්ද ස්වාමීන් වහන්ස?

    පිළිතුර නිර්මාංශ වීම සීලයක් නෙමෙයි. මස් මාළු නොකා ඉඳීම සීලයක් වෙන්නෙ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දේයි අපිට කියන්න තියෙන්නේ. අපේ පෞද්ගලික අදහසක් අපට කියන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කැමති කෙනෙක් මස් මාළු කන්න. අකමැති කෙනෙක් මස් මාළු නොකා ඉන්න. කාටවත් කන්න කියන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ එපා කියන්නෙත් නැහැ. කෑම හෝ නොකෑම හෝ සීලයක් වෙනවා කියන්නේ නැහැ. කැමැති කෙනෙක් දන් දෙනකොට ස්වාමීන් වහන්සේලාට මස් මාංස පූජා කරන්න. අකමැති කෙනෙක් පූජා නොකරන්න. කිසිම ස්වාමීන් වහන්සේ නමකට කටින් මට මස්
    මාළු ඕනෙ කියලා ඉල්ලන්න බැහැ. ඉල්ලනවා නම් ඒක ස්වාමීන් වහන්සේගේ දුර්වලතාවක් මිසක් ධර්මයේ දුර්වලතාවක් නෙමේ.

    බුදුරජාණන් වහන්සේ කෙනෙක් සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් කොච්චර අප්‍රමාණ දුක් කන්දක් විඳගෙන සම්මා සම්බුද්ධත්වය ලබා ගත්තේ හුදු පින් ගැන කියන්න නෙමේ. පින් ගැන කියන්න නම් ක්‍රිස්තුස් වහන්සේත් ඉන්නවා. අල්ලාහ්තුමත් ඉන්නවා. ඒ ගොල්ලෝ පින් ගැන කියනවා. නමුත්, බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මෝහයෙන් සත්වයා මුදා ප්‍රඥාව කියන තැනට අරන් එන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඉඳගෙන අපි හුදු පින් කියන තැන අල්ලාගෙන ඉන්නවා නම් ඒක මහා අවාසනාවක්. ඒ නිසා කැමති නම් කන්න. අකමැති නම් නොකන්න.

    මම ගිහි කාලයේ අවුරුදු පහක් විතර පැවිදි වෙන්න ඉස්සෙල්ලා මස් මාළු කෑවේ නැහැ. මට මාළු කෑල්ල දකිනකොට මාළු කුරියෙක් පේනවා. කුකුළු මස් කෑල්ල දකිනකොට කුකුළෙක් පේනවා. ඒ නිසා මස් මාළු කෑවේ නැහැ. නමුත්, පැවිදි වෙලා වෙන්වුණාට පස්සේ අපිට තේරුණා මෙතන දෘෂ්ටියක් තියෙන්නේ කියලා. ඒ නිසා දැන් මෙතන දානෙ වළඳනවා. දානේ වළඳනකොට බැදපු හරි, නිකන් හරි මාළු කුරියෙක් ඉන්නවා. නිර්මාංශ කෙනෙක් ඇවිල්ලා මට කියනවා හාමුදුරුවනේ හාමුදුරුවෝ මේ පවක්නේ කරන්නේ, හාමුදුරුවෝ මේ සතෙක් කනවානෙ කියලා. එතකොට මම කියනවා නැහැ මෙතන මැරිච්ච සතෙක් නෑ. මේ මාළුවා මේ වෙලාවේ දෙවියෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ මාළුවා මේ වෙලාවේ මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ මාළුවා මේ වෙලාවේ නැවත මාළුවෙක්ම වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. එහෙමනම් අපි මේ රණ්ඩු වෙන්නේ කොහේ හරි ඉපදිලා ඉන්න සත්වයෙක් වෙනුවෙන්. අපි මේ දෘෂ්ටිගත වෙන්නේ අපි මේ අකුසල් සිදුකර ගන්නේ කොහේ හරි ඉපදිලා ඉන්න සතෙක් වෙනුවෙන්. ඒක තමයි මෝහයෙන් මිදිලා ප්‍රඥාව කියන කාරණය.

    ප්‍රඥාව මතුකරගන්නයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපිට පාර කියලා දුන්නේ. නමුත්, එතකොට ඔබ කියනවා නෑ හාමුදුරුවනේ මෙතන මැරිච්ච සතෙක් ඉන්නවා. මේ සතා මැරුවා. ඔව් මැරුවා. ඒ මැරුණේ සංස්කාර නිසා. එයා මැරෙන්න තිබ්බා. මම තව විනාඩි පහකින් මැරෙන්න තිබෙනවා නම් ශක්‍රයාටවත් බැහැ ඒක වළක්වන්න. මම මෙතන අපවත් වෙනවා. මම තව අවුරුදු 20 ක් ජීවත්වෙනවා නම් ශක්‍රයාටවත් බැහැ ඒක වළක්වන්න. මම තව අවුරුදු 20 ක් ජීවත් වෙනවා. ඒ සංස්කාරයන්ට අදාළවයි ලෝකය පවතින්නේ. එතකොට මාළුවා දැලට අහුවෙලා මැරුණේ එයා ඒ වෙලාවේ මැරෙන්න තිබුණා නිසා. එයා ඒ වෙලාවේ මැරුණේ නැත්නම් දැලට අහු වුණේ නැත්නම් ලොකු මාළුවෙක් එයාව ගිලලා මරාවි. මහ මුහුදේ අවුරුදු පහක් වයස මාළු නැද්ද? මහ මුහුදේ අවුරුදු විසි පහක් වයස මාළු නැද්ද? මහ මුහුදේ මම වගේ දහයක් පහළොවක් ලොකු මාළු නැද්ද? ඒ ගොල්ලෝ කොහොමද ඉන්නේ? ඒක තමයි සංස්කාර. දීර්ඝායුෂ. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයෙක් උපතේදීම මැරෙනවා. අවුරුදු පහේදී මැරෙනවා. අවුරුදු දහයේ දී මැරෙනවා. නමුත්, අවුරුදු අසූවක් අනූවක් ජීවත් වෙන මනුෂ්‍යයෝ ඉන්නවා. ඒ හේතුවල ධර්ම. සංස්කාර.

    එතකොට මෙන්න මේ සංස්කාරයන්ට අනුව තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ. එතකොට ඒ දැලට අහුකර ගත්ත කෙනාට අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත අකුසලය තියෙනවා. මිච්ඡා ආජීවයට අහුවෙනවා, ඒ මාළු වෙළඳාම් කරපු කෙනා. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම කියද්දී අපි එතන නවතින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා එයා ප්‍රාණඝාතය කර ගත්තා කියලා. මාළු විකුණන කෙනාට කියනවා එයා මිච්ඡා ආජීවය කර ගත්තා කියලා. බුදුරජාණන් වහන්සේ මාළු කන කෙනාට එහෙම කියන්නේ නැහැ. ඒ කන කෙනාට එහෙම කියන්නේ නැත්නම් අපි එතන නතර වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේයි කියන්නෙ.

    හරස් ප්‍රශ්නයක් : එතකොට ස්වාමීන් වහන්සේ අනියම් වශයෙන් හරි ප්‍රාණඝාතයට හවුල් වීමක් වෙන්නේ නැද්ද?

    පිළිතුර එහෙම වෙන්නේ නැහැ. මොකද ඔහොම කියන අය කියන්නේ, මම මස් මාළු කන නිසයි මාළු මැරෙන්නේ කියලා. නමුත්, හෙට නිර්මාංශ පාලකයෙක් මේ ලෝකෙ පහළ වෙනවා කියලා හිතමු. පහළ වෙලා එයා සම්පූර්ණයෙන්ම මාළු ඇල්ලීම සහ සත්තු මැරීම තහනම් කරනවා. හෙට ඉඳන් කුකුළෙක්, හරකෙක්, ඌරෙක්, එළුවෙක් මරන්න බැහැ. මුහුදට බෝට්ටුවක් යන්න බැහැ. මොකක්ද වෙන්නේ අවුරුද්දක් යනකොට මනුෂ්‍ය ගහනය ඉක්මවලා සත්ත්ව ගහනය වැඩි වෙනවා. සත්ත්ව ගහනය වැඩි වෙලා. මේ සතුන් නිසාම විෂබීජ පැතිරිලා මනුෂ්‍ය සංහතියම නැති වෙනවා. හේතුඵල ධර්මයක්. මේවා අපිට නවත්වන්න බැහැ.

    අපි කවදා හරි මේ ගමන ගිහිල්ලා අවසානයේ දී බලාපොරොත්තු වන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. රහතන් වහන්සේ කෙනෙක්, රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙනවා කියලයි අපි මේ යන්නේ. එතකොට රහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියන්නේ මොකක්ද? මේ ඇහැ තුළ එයා සත්වයෙක් පුද්ගලයෙක් දකින්නේ නෑ. එතකොට එතැනට නම් අපි යන්න ඕනෙ මාළු කෑල්ලක් තුළ එයා මාළුවෙක් දකියිද? කුකුළු මස් කෑල්ලක් තුළ එයා කුකුළෙක් දකියිද? යමෙක් මාළු කෑල්ලක් තුළ මාළුවෙක් දකිනවා නම්, කුකුළු මස් කෑල්ලක් තුළ කුකුළෙක් දකිනවා නම් එයා රහත් භාවයට පත් වෙලාද? නැහැ. එහෙමනම් මෙතෙන්ට යන්නයි බුදුරජාණන් වහන්සේ පාර කියන්නේ. මේ කොහේවත් තියෙන මාළු කෑල්ලක් අල්ලාගෙන අපි අච්චර වටිනා ගමනක් යන්නේ නැතුව නවත්ව ගන්නවා නම් මෝහයමයි ඒකට කියන්නේ. මොකද අපි මේ ආත්මීය සංඥාවෙන් මිදෙන්න ඕනෙ.
    එක ආරණ්‍යයක මං ඉන්න කොට දාන ශාලාවේ දානෙ ගන්නවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා වළඳ වළඳ හිටියේ මී කිරි. ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. ඒ ස්වාමීන් වහන්සේ නම වැඩම කරලා ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මං මේ කැලේ මැද්දෙන් වඩිනකොට මී හරකෙක් මැරිලා හිටියා. කුණු වෙලා ගඳ ගහනවා, සත්තු කනවා, ගඳේ ඉන්න බැහැ කිව්වා. ඒ වෙලාවේ අර මී කිරි වළඳ වළඳ හිටිය හාමුදුරුවෝ "ඉක්කෙයියා" කියලා මී කිරි කෝප්පේ අයින් කළා. මීකිරි කෝප්පෙන් මී හරකෙක් දැක්කා. ඒක තමයි කියන්නේ ආත්මීය දෘෂ්ටිය කියලා. ඕක කැඩෙන්නයි බුදුරජාණන් වහන්සේ පාර පෙන්නුවේ.

    ඒ නිසා දරුවෝ බුදුරජාණන් වහන්සේ යමක් කියනවා නම් අපි ඒක අහන්න ඕනෙ. මොකද පොලොස් මාළුව තුළවත්, මාළු කෑල්ල තුළවත් නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ. අපි හිතනවා නම් මාළු කෑල්ල තුළයි තෘෂ්ණාව තියෙන්නේ කියලා, ඔබ කියනවා නම් මාළු කන්න එපා, පොලොස් මාළුව කන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා, පොලොස් මාළුව තුළවත් මාළු කෑල්ල තුළවත් නොවෙයි තෘෂ්ණාව තියෙන්නේ, මේ රූපය කෙරෙහි ඇති කර ගන්නා වූ විඳීම තුළයි තෘෂ්ණාව තියෙන්නේ කියලා. එහෙමනම් ප්‍රශ්නෙ තියෙන්නේ ඔබ මාළු කෑල්ල අයින් කරලා පොලොස් කෑල්ලට තෘෂ්ණාවෙන් බැඳුණ නම් ඒත් තෘෂ්ණාවමයි. මාළු ද පොලොස් ද කියන කාරණය අදාළ නැහැ. ඔබ තෘෂ්ණාවෙන් ඒකට බැඳුණ නම් මේකටත් තෘෂ්ණාවෙන් බැඳුණා හා සමානයි. ඒ නිසා තෘෂ්ණාව සකස් වෙන්නේ අපි තුළයි. අපි තුළ සකස් වෙන්නා වූ තෘෂ්ණාවයි අපි ප්‍රහීන කර ගන්න ඕනෙ. ඒ විදිහටයි හිතලා ගළපාගන්න ඕනෑ.
     
    • Love
    Reactions: War Fighter