මද්දා,
මම හිතන්නේ මනෝත් මදුසංකට, මද්දයි කියන නම දාන්නෙත් මම තමයි....හැම තිස්සෙම මද්දෝ, මද්දෝ කියලා තමයි කතා කරන්නේ... අපි දෙන්නම එපදෙන්නේ එකම අවුරැද්දේ, අවුරැද්දේ ඉදලම හැදෙන්නේ එකට... මට ඉක්මනට ලේසියෙන් කතා කරන්න පුලුවන් නිසා තමයි මම මද්දෝ කියලා කතා කරේ....
අසංකයි මද්දයි කිව්වම මේක හරියට යුගල පදයක් වගේ.... ගමේ මිනිස්සු ආචිචි සීයා වගේම හැමෝම දන්නවා අසංකයි මද්දයි කියන්නේ මුන් දෙන්නම එකට ඉන්න දෙන්නෙක් කියලා...
ඉස්කොලේ ගියේ එකට... මම හිතන්නේ අපි දෙන්නා තේරෙන කාලේ වෙද්දි කවදාවත් පොඩිම දේකට වත් තරහ වෙලා ඉදලා නැ.... කජු ඇහිදින්න යන්න ඇති , දං කඩන්න යන්න ඇති.... අපි සරැංගල් කාලෙට හරියටම මැයි මාසේ වෙද්දි බැදි දෙල් ගස් වල කිරි අරගෙන අපි දෙන්න එක්ක සරැංගල් ඇලෙව්වේ මේ කාලේ...
ගමේ නැගපු නැති ගහක් නැති තරම්...
ඔය හැම සෙල්ලමක්ම කරේ උඹයි මායි ඇරැණම අපේ ගැන් එකේ තරිදු, නාමල් දුලාන් පොඩි අයියා, පැතුන්ල 2 යි සමීර සුදු බාප්පා කාවින්ද ලොකු බාප්පා දර්සන අයියා සුපුන් නුවන් සචින් රනිල් අයියා සුමිත් ජනක සුද්දා චින්තක අසාන්ල 2 යි චමින්ද ජගත් සමහර නම් මතකත් නැහැ මේ තමයි එදා ඉදලා අවුරැදු ගානක් එකට හිටපු අපේ සෙට් එක...
උඹයි මායි අවුරැද්ද වෙද්දි රතින්න නම් කොච්චර පත්තු කරන්න ඇත්ද උඩහ අච්චිලයි ගෙදර උඹයි මායි නැගපු නැති ගහක් ඇවිදපු නැති තැනක් නැති තරම්....
උඹ යකාට වත් බය නැහැ... මොන වෙලාවේ කොහේ වුනත් කිසිම එලියක් නැතුව ඕනම වෙලාවක රෑට යනවා...
මචං මහසෝනා ඉන්නවා අතන කැලැවේ යමං කිව්වොත් අපි කට්ටියටම හොරෙන් මූ මහසෝන ලගට ගිහින් මහෝසෝනත් එක්ක එකතු වෙලා එන එවුන් ටික බය කරන ඡාතියේ කොල්ලෙක් තමයි මද්දා කියන්නේ, ඒ වගේ වැඩ කරලා තියෙනවා....
..... ගස් වලට ගල් ගහන්න වගෙම දුරටම ගල් ගහන එකයි උඹගෙයි මගෙයි තවත් විනෝදජනක වැඩක්.... උඹ ගහන දුර ගල් ගහන්න ගමේ එකෙක් වත් නැහැ....
කොහොම හරි දවසින් දවස ගෙවෙද්දි කම්පියුටර් දෙකක් ගත්තා අපි දෙන්නා.... ඒ කාලේ ඉතිං ගමේ පරිඝනක වැඩ්ඩෝ අපි දෙන්න තමයි අහල ගං හතෙන් හොයාගෙන එන්නේ උඹයි මායි තමයි.... ඒ කාලේ ගේම් ගැහුවා පොන් තිඹුනේ නැහැනේ ඉතිං...
මම ටික ටික මාතර පැත්තට සහ බිස්නස් වලට මාරැ වුනා....ඒ උඹයි මායි විනෝදාංශයට කරපු දේ මම අන්තිමට බිස්නස් කාරයෙක් වුනා.... ලංකාව වගෙම රටවල් කිහිපයකට සර්විස් එක දෙන බ්‍රෑන්ඩ් එකක් හැදුවා....
උඹ විනෝදයට ගේම් ගහන ගමන් ත්‍රී විල් දිව්වා පස්සේ බපල් සෙට් ඩැෂ් බෝඩ් හයි කරා. බෝට්ටු වල සවුන්ඩ් සිස්ටම් ගැහුවා... උඹගෙන් වැඩ කරගන්න රට වටනේ මිනිස්සු හොයන් එන්න ගත්තා.... කොල්ලෝ කිප දෙනෙක් වැඩත් කරා.... උඹ කරපු වැඩ වල සද්දේ තව කාලයක් ඇහේවි....
වැඩ කරන ගමන් ගෙම් ගමන එක විනෝද තමයි අන්තිමට ඇබ්බැහියක් දක්වා ගමන් කරේ....මද්දා නිතරම ගහපු ගේම් එක තමයි One X bat කියන්නේ.... මේක ගේම් එකට මද්දි ඇබ්බැහි වුනා.... ගේම් එකත් මද්දා ඇබ්බැහි කරගත්තා.... ඒ ගේම් හදලා තියෙන්නේ ඒ විදියට... හිටපු ගමන් ගෙදරට හොරාට බැද්දේ වාඩි වෙලා වුනත් ගේම් ගැහුවා... ඒක පුදුම ඇබ්බැහියක්.
මම අවුරැද්දට අපු වෙලාවේ වුනත් කතා කරද්දි පොඩ්ඩක් කතා කරන්න හිටිය වුනත් මට එහෙම අවුලක් දැනුනේ නැහැ උඹ හොදට ඉන්නවා දැක්කා මම.... බුලත් කනවා කහට බොනවා ගේම් ගහනවා වැඩ කරනවා....
උඹ ඔච්චර අවුල් වෙලානම් ගෙදර කාටහරි වත් තිබුනා මට කතා කරන්න.... දැං සේරම වෙලා ඉවරයි....අපි පරක්කුයි.. අපෙත් වැරැද්ද
ඒ වුනාට කවදාවත් හිතුවේ නැහැ උඹ සියදිවි හානි කරගනී කියලා.... අවුරැදු 7, 4 ර කෙල්ලෝ දෙන්න බලන් ඉන්නවා උඹ බඩුවක් අරන් එන්න ගිහින් තාම ආවේ නෑ කියලා....අපි මොකද්ද කියන්නේ දැං....
ගේම් එකත් එක්ක මානසික පීඩනය සමග depression නිසා තමයි මෙහෙම දෙයක් වෙන්න බලපාන්න ඇත්තේ....
ගෙදර කවුරැ හරි One X bat ගේම් එක ගහනවනම් අනිවාරෙන් නතර කරන්න... පෝන් වලට වගේ ඇබ්බැහි වෙලානම් වෛද්‍ය වරයෙක් හම්බ වෙන්න, කන්සල්ටින් වලට දාන්න....
මේක හරියට කුඩු ගැහුවා වගේ වැඩක්....
උඹ සිය දිවි හානි කරගෙන මද්දා මෙහෙම වෙලා කිව්වම සෙනග 200 කට වැඩිය එකතු වුනා... පුදුම සෙනගක් අර කැලෑවේ උඹ ඉන්න තැනට ආවේ.... උඹගේ ආදරණීය බිරිද සුදු නෝනා.... අසංක අයියෝ මද්දා බිමිං තියන්න....අසංක අයියෝ මම මොකද්ද දෝනිට කියන්නේ කියලා කිව්වම මම මොකද්ද බං කරන්නේ...මමත් අඩ අඩ උඹගේ ලග වාඩි වෙලා හිටියා...
තවත් කොල්ලෝ කිව්වේ කවුරැ හරි අපට පාරෙදි සද්දයක් දැම්මොත් මද්දා තමයි ඉස්සෙල්ලම බහින්නේ කියලා....
කොහොම වුනත් මගේ බොක්කේ යාලුවා....සහෝදරයට.... වගමෙ වැඩිම බැදීමක් තිබුණ එකා...උඹ දැං නැහැ....
මැරෙන එක නෙමෙයි බං ජිවිතේ කියන්නේ....මමනම් හිතන්නේ නිවන් දකින්න ඕන නැහැ....දුක සතුට දරාගන්න මොනවා වුනත් අපි ජීවත් වෙන්න ඉපදෙන්න ඕන....අයිමත් ආත්මයකදි අපි අතරම උඹ ඉපදෙන්න අපිත් එක්ක ජීවත් වෙන්න ඕන...
සුබ ගමන් මද්දා....
මම අසංක, යුගල පද දෙකෙන් එකක් ඉවරයි....
මද්දා....
ගෙවල් ළඟ එකෙකුත් මට අතට සල්ලි දීලා උගේ අකවුන්ට් එකට සල්ලි දාගන්නවා එකට උට සල්ලි දාන්න යන්න කම්මැලියි කියල. උත් ඇබ්බැහි වෙලා ඉන්නේ ඕකට..