ඒවත් එහෙම තමයි මම ආපු මාස වල නං, කොළඹ තරං අමාරු නැති උනාට අමාරුයි. නුවරඑළිය පොඩ්ඩක් වත් සීතලක් තිබුනෙ නෑ මට එකපාරටම පුදුමත් හිතුණා. මට දාඩියත් දදා එපා වෙලා හිටියෙ. දෙනියාය ඇර අනිත් පැති වලට ගියා. අපි ආවෙ අප්‍රේල්, මැයි, ජුනි මාස වල 2024 සහ 2025. 2024 නං එපාම උනා. කියල වැඩක් නෑ මැරෙන්න වගේ. උබල හිතාවි ඒකත් ෂෝ එකට කියලා. එහෙම නෑ. ඒක තමයි ඇත්තටම උන දේ.
කාලෙ හැටියට වෙනස් වෙන්න පුලුවන්. සමහරවිට දෙසැම්බර්, ජනවාරි වල එච්චර අවුලක් නැද්ද දන්නෙ නෑ. මේ අවුරුද්දෙ ආවෙ නෑ.
උබ ලංකාවෙ එකෙක් නෙවෙයිද?

------
Post added on Jun 23, 2026 at 5:36 PM
අන්න ඒකයි බන් ලංකාවෙ බහුතරයක් තැන් වල, අවුරුද්දෙ වැඩිම කාලයක් ඔහොම තමයි. ලංකාවෙ 24C කියන්නෙත් uncomfortable වගේ තමයි මටත්. දිගටම ලංකාවෙ ඉන්න අයට ඒක ලොකුවට දැනෙන්නෙ නැතුව ඇති. අපිත් ඔය කලින් හිටියෙ.
රට ගිහින් එන උන්ට තේරෙන අපහසුව සමහරුන්ට තේරෙන්නෙ නැත්තෙ ඊට වඩා වෙනස් දෙයක් දැනිල නැති නිසා වෙන්න පුලුවන්.
------
Post added on Jun 23, 2026 at 5:46 PM