යූටියුබ්, නෙට්ෆ්ලික්ස් සහ උෟබර් බද්ද ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්...🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,611
    45,942
    113
    uber.-netflix-youtube.jpg

    මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ යූටියුබ්, නෙට්ෆ්ලික්ස්, Booking,com සහ ඌබර් වැනි ජාත්‍යන්තර ඩිජිටල් සමාගම්, දේශීය ව්‍යාපාරිකයන්ට සිදුවන අසාධාරණය වැළැක්වීම සඳහා නව බදු ක්‍රමවේදයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව කම්කරු සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

    ඊයේ (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙමඟින් දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා වන අතරම බදු ක්‍රමය වඩාත් සාධාරණ සහ විධිමත් එකක් බවට පත්වන බවයි.

    විශේෂයෙන්ම ඩිජිටල් වේදිකා ඔස්සේ මෙරට තුළ ප්‍රවාහන ආහාර සැපයුම් සහ විනෝදාස්වාද සේවා සපයන විදේශීය අනේවාසික සමාගම් රැසක් මෙතෙක් කල් වැට් බද්දට යටත් වී නොසිටි බව අනිල් ජයන්ත මහතා පෙන්වාදෙනවා.

    නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, යූටියුබ් නෙට්ෆ්ලික්ස් ඌබර් සහ Booking.com වැනි ජාත්‍යන්තර ආයතන බදු නොගෙවද්දී දේශීය ව්‍යාපාරිකයන් දැනටමත් මෙම වැට් බද්දට යටත් වී සිටීම අසාධාරණ තත්ත්වයක් බවයි.

    එබැවින් වඩාත් සාධාරණ ක්‍රමවේදය වන්නේ එම විදේශීය ආයතනද මෙම බදු ක්‍රමයට ඇතුළත් කිරීම වන අතර මේ හරහා දේශීය ව්‍යාපාරිකයාට කිසිදු අවාසියක් සිදු නොවන බවද ඔහු පවසනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,631
    72,870

    ට්‍රම්ප් ටැරිෆ් එක 100%කින් වැඩි කරනවා කියලා තිබ්බා නේද මේක කලොත්? 🤭 🤭
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,169
    15,247
    113
    Uber Eats walata meka danatama apply karala. Mama eeye daapu Rs. 1500 order ekata Rs.54k thawa additional tax ekak ekathu wuna.

    Kamak na haal 20kg gewanna denawa ne.