උබ මනාව අහනව කියල කරන්නෙ?...ඇහෙන වචන වල අර්ත ගලපලා...කියන කතාවෙ තේරුම ගන්නව ඇරෙන්න වෙන මොකක්ද, කියපන් බලන්න විමසනව කියල කරන්නෙ?
මෙහෙම ගන්න. අනාත පිණ්ඩික සිටුතුමාගේ පුතා සල්ලි දෙනවා කියපු හින්දා බන අහන්න ගියා..
එතුමා බන අහලා නැගිට්ටේ සෝතාපන්න වෙලා..
එතන වෙච්ච procedure එකම දැන් කෙනෙක්ට වෙන්න බැරි ඇයි?
මේ සිටුවර පුතා ඉතා ශ්රද්ධාවත් සිටුවරයාගේ පුතා වුවත් බුදුන් වෙත යාමටත් සිටු මැදුරට වැඩමකළ විට භික්ෂූන් දැකීමට හෝ ධර්මය ඇසීමටත් සංඝයා වහන්සේට වතාවත් කිරීමටත් කැමති නොවීය. පියා විසින් දරුව මෙසේ නොකරන්නැයි පැවසුවද ඔහුගේ වචනය පිළිගත්තේ නැත. ඇහුම්කම් නොදෙයි. මේ නිසා පියා මෙසේ සිතුවේය. මෙබඳු දෘෂ්ටියක් ඇතිව හැසිරීමෙන් අවීචි පරායණ වන්නේය. මෙය මට සුදුසු නොවේ. මා බලා සිටියදී මගේ පුතු නිරයට යාම නොගැළපෙයි. මෙලොව ධනය දීමෙන් නොකළ හැකි දෙයක් හෝ කෙනෙක් නම් නැත. ධනය දීමෙන් වෙනස් කරමියි ඉක්බිති සිටුවරයා ඔහුට මෙසේ කීවේය. දරුව පෙහෙවස් සමාදන්වී විහාරයට ගොස් ධර්මය අසා එන්න ඔබට කහවණු සියයක් දෙන්නෙමි.
පියාණනි, ඔබ දෙන්නේද දෙන්නෙමි පුත- ඔහු තෙවරක්ම ප්‍රතිඥා ගෙන පෙහෙවස් සමාදන් වීමට විහාරයට ගියේය. ඔහුට ධර්මය ඇසීමෙන් ප්‍රයෝජනයක් නැත. පහසු ඇති තැනක නිදාගෙන උදයේම නිවසට ගියේය. අනතුරුව පිය සිටුවරයා මගේ පුතා පෙහෙවස් සමාදන් වී යයි වහ වහා ඔහුට කැඳ ආදිය දෙන්නැයි කියා දුනි. හේ කහවණු නොගෙන ආහාර නොගනිමියි ගෙන ආ සියළු දේ ප්‍රතික්ෂේප කළේය. අනතුරුව පියාණන් පීඩාව අකමැති වන්නේ කහවණු පොදිය දුන්නේය. ඔහු එය අතින් ගෙනම ආහාර ගත්තේත්ය. අනතුරුව දෙවැනි දිනයේදී සිටුතුමා පුත ඔබට කහවණු දහසක් දෙන්නෙමියි බුදුන් ඉදිරියේ සිට එක දහම් පදයක් ඉගෙන එන්නැයි යැවීය.
ඔහුද විහාරයට ගොස් බුදුන් ඉදිරියේ සිට එකම පදයක් ඉගෙන පළා යාමට සිතුවේය. ඉක්බිති තථාගතයන් වහන්සේ සිහියේ නොරඳන ලෙසට කටයුතු යෙදිය. ඔහු පළමු පදය නොසලකා දෙවැනි පදය ගන්නෙමියි. සිතා ඇසුවේය. ගනිමියි සලකා සිටිම සකසා මැනවින් ඇසීමක් නම් වෙයි. මෙලෙස අසන විට සෝවාන් ආදී මාර්ග ඵලයන් ලබා දෙයි. හෙතෙමේද උගනිමියි ඇහුම්කන් දෙයි. ශාස්තෲන් වහන්සේද, ඔහුට මතක නො සිටින සේම කරයි. හෙතෙම මතු පදයම උගනිමියි අසත්ම, සෝවාන් පෙලෙහි පිහිටියේය.
- උඹ බණ ඇහුවෙ ආශ්වාදයට නම්... sure no problem, අපරාදේ නැහැ
- උඹ බණ ඇහුවෙ ධර්මාවබෝධයට නම්... ඒ බණ ඇසීම තුල සුළු හරි අධ්‍යාත්මික දියුණුවක් නත්නන්ම් කාලය අපරාදෙ IMHO
tbh, ආශ්වාදය ප්රමුඛ කරන් තමයි මන් අහන්නේ..
කොහොමත් ඇලීම, ගැටීම, උපේක්ෂාව ප්රමුඛ වෙලා නේද වෙන්නේ රහත් නැත්තම්..
------
Post added on Jul 7, 2026 at 6:41 AM
උබ සීන් එකට එන්ටර් වෙන්නම ඕනෙ නෙය්‍ය කියල හිතාගෙන...
you have a cricket match which decide life and death..you need to make 300 to be alive. you have seen many ppl go with/without practice and dies. very few ppl on rare occasion goes and scores 300 without a practice (perhaps with their born talent)
your safe bet would be assuming you are also one of this born talented person and face the match or go with the best possible practice you can have.. tell me ?
ඔව් නෙයිය කියලා හිතන එක තමයි හොඳම, මන් පිළිගන්නවා..
මේක කියන්න, සෝතාපන්න කෙනෙක් දැහැන් වැඩුවොත්, ආයේ කාම ලෝකෙට එයි කියලා ඔබතුමා හිතනවද?
------
Post added on Jul 7, 2026 at 6:47 AM