විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අධිකරණ සේවා සංගමය ඒකමතිකව ප්‍රතික්ෂේප කරයි! ඒකාධිපති වියරුවට කනේ පාරක්!

monson

Well-known member
  • May 7, 2007
    25,332
    27,861
    113
    :lol: 🤌
    උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාවට අධිකරණ සේවා සංගමයේ ඒකමතික විරෝධය ප්‍රකාශ වී තිබේ.

    අද (11) පැවති එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුව ඇති අතර එහිදී සාමාජිකයින් 65 දෙනෙකු එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    සාමාජිකයින් කිසිවෙකුත් විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර නොමැති බවත් වාර්තා විය.



    - https://sinhala.lankanewsweb.net/07/11/286018/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,332
    27,861
    113

    සභාපති හැලෙද්දී කඩුවෙල උසාවියේදී විනිසුරුවරුන් 65 දෙනාම එක මතයක පිහිටා ඡන්දය දෙති


    65ට 65ම විරුද්ධයි" - ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමේ රජයේ සැලැස්මට අධිකරණ සේවා සංගමයෙන් (JSA) මරු පහරක්


    කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනගේ ඉල්ලා අස්වීම් සහ බලපෑම් මැද, ලේකම් සුරංග මුණසිංහ කැඳවූ විශේෂ මහා සභාවෙන් ඒකමතික විරෝධතාවක්


    ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ඉහළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ආ මතභේදාත්මක යෝජනාව, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ එකඟතාවයෙන් සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුවේ තීන්දුවට එරෙහි විරෝධතා යෝජනාව අද (11) ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

    සංවිධාන මට්ටමින් මතුවූ දැඩි පරිපාලනමය අර්බුද සහ සභාපතිවරයාගේ ක්ෂණික ඉල්ලා අස්වීම් මධ්‍යයේ වුවද, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී අද පැවැති අධිකරණ සේවා සංගමයේ (JSA) විශේෂ මහා සභා රැස්වීමේදී මෙම තීරණාත්මක ඡන්ද විමසීම සිදු විය.

    කඩුවෙල ඡන්ද සටන සහ ඒකමතික තීන්දුව

    පසුගිය සති කිහිපය පුරාම දේශපාලන මෙන්ම අධිකරණ ක්ෂේත්‍රය තුළ දැඩි උණුසුමකට තුඩු දුන් විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීමේ මාතෘකාව පිළිබඳව විනිසුරුවරුන් මෙලෙස තම සෘජු ස්ථාවරය ප්‍රකාශ කර ඇත.

    ඡන්ද ප්‍රතිඵලය:
    අද පැවැති විශේෂ මහා සභා රැස්වීම සඳහා දිවයිනේ නන්දෙසින් විනිසුරුවරුන් 65 දෙනෙකු සහභාගී වී සිටියහ.

    සම්පූර්ණ විරෝධය:
    රජයේ වයස් සීමා දීර්ඝ කිරීමේ සැලැස්මට විරුද්ධව එම රැස්වීමට පැමිණ සිටි විනිසුරුවරුන් 65 දෙනාම (100%ක්ම) එකඟව ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට පක්ෂව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවීම සුවිශේෂී තත්ත්වයකි.

    සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම සහ අභ්‍යන්තර ගැටුම

    මෙම ඓතිහාසික තීන්දුව ගැනීමට පැය කිහිපයකට පෙර, අධිකරණ සේවා සංගමයේ සභාපති, කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්විය.

    ලිපි හුවමාරුව:
    අගවිනිසුරුවරයා ඇතුළු පාර්ශවයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සංගමයෙන් නොවිමසා එකඟතාව පළකළ බවට සභාපතිවරයාට එල්ල වූ චෝදනා සහ මෙම විශේෂ රැස්වීම වැළැක්වීමට දැරූ උත්සාහයන් අසාර්ථක වීම නිසා ඔහු ඉල්ලා අස්වීමේ ලිපියක් යොමු කළේය.

    ලේකම්වරයාගේ සෘජු ප්‍රතිචාරය:
    සභාපතිවරයා එල්ල කළ පරිපාලනමය චෝදනා සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින් සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ මහතා නිල ලිපියක් නිකුත් කරමින් කියා සිටියේ, සභාපති නොමැති වුවද සැලසුම් කළ පරිදි අද උදෑසන කඩුවෙලදී විශේෂ මහා සභාව අනිවාර්යයෙන්ම පවත්වන බවයි.

    ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හෙළි කළ පරිදි, අධිකරණ පද්ධතිය තුළ ඉහළින් එල්ල වූ සියලු බලපෑම් සහ ව්‍යර්ථ කිරීම් මැද වුවද, විනිසුරුවරුන් බහුතරය කඩුවෙලට රැස්වී ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රයට එරෙහිව මෙම ප්‍රබල බුද්ධිමය ප්‍රතිහාරය එල්ල කර තිබේ.

    Screenshot 2026 07 11 150510


    - https://theleader.lk/news/42790-65-5
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,426
    2,534
    113
    colombo

    අධිකරණ සේවා සංගමය Nemene Rate Rules Hadanne. Ekata Thama Parliament Thiyenne​

    පාර්ලිමේන්තුවට බැහැ එහෙම හිතු මානපෙට නීති හදන්න.


    එන්ම ශ්‍රිරානි අයින් කරපු එක නිතියානුකුයාලයි.

    වයවස්ථාවට අනුව කරේ.


    එකේ වෙනස් වෙන්නේ කිසිම දෙයක් අත්තනෝමතික ලෙස කරන්න බැහැ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,441
    8,592
    113
    මේකේ ඉන්නේ ගොඩක්ම මහේස්ත්රත්ලා, ඉහල අධිකරණ වල විනිසුරු වයස දීර්ග කරාම මෙයාලට උඩට එන්න එක ලොකුවට බලපානවා. තියෙන ඒවා වෙකන්සි වෙන්නේ නැති නිසා..

    එහෙමනම් ඔක්කොම විනිසුරුවොන්ගේ වයස වැඩි කරනවා කිවනම් මේ කිසි අවුලක් නෑ..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,624
    5,478
    113
    පාර්ලිමේන්තුවට බැහැ එහෙම හිතු මානපෙට නීති හදන්න.


    එන්ම ශ්‍රිරානි අයින් කරපු එක නිතියානුකුයාලයි.

    වයවස්ථාවට අනුව කරේ.


    එකේ වෙනස් වෙන්නේ කිසිම දෙයක් අත්තනෝමතික ලෙස කරන්න බැහැ
    Oya Atawagatta සංගම walata Rules Hadanda Be/ Minissu Balaya Dilath Ne. Parliment Eka Thama Rules Hadanne. Oya Sangam Ithin Ohe Upades Dei, Job Ekak Widiyata Salary Ekakata Rules Draft Karai Echcharai.
     
    • Haha
    Reactions: KDH and jjpala

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,697
    4,939
    113
    ඕන නම් ඕක දීරග කරගන්නව පොන්ස් පකේ අධිකරණ සේවා සංගමයත් ගෙදර යවනවා උඹ හිතන්නෙ ඕව අමාරු වැඩ කියලද ? නීතියට යන්න ආවාම වැඩිය නටන්න ගියොත් ඕක තමා ඕන එකෙක්ට කරන්නෙ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,426
    2,534
    113
    colombo
    Oya Atawagatta සංගම walata Rules Hadanda Be/ Minissu Balaya Dilath Ne. Parliment Eka Thama Rules Hadanne. Oya Sangam Ithin Ohe Upades Dei, Job Ekak Widiyata Salary Ekakata Rules Draft Karai Echcharai.
    මැට්ටෝ. හදිසි වෙලා මොකද. සංගම් වලට නීති හදන්න බැහැ. Darft කරන්න ත බැහැ එකට වෙනම drafters ලා ඉන්නවා. මේ නිකං සනගමයක් නෙමේ. විනිසුරුවන් ඉන්න සානගමයක්. ඉතින් ඒගොල්ලෝ. නීතීඥ සංගමය වගේ. සාමාජිකයන්ගේ මතය කියලා. තියෙන්නේ


    මේ සංගම් කිසිම දේශපාලන පක්ෂ වලට කඩේ යන සංගම් නෙමේ.

    ඇදලා නීති කේෂ්තයේ සිටින නිල පුදාගලන්ගේ සැදුණු ඒවා.


    ඒවා .ඒ දේ කරන්න එපා කියද්දීත් ආණ්ඩුව අත්නීමතිකව ඒ දේවල් කරන්න යනවා. නම්. ආණ්ඩුව යන්නේ ඒකාධිපති ගමංක්.


    සුජීව ට කැමති නැති වුණත් සූජිව් මේ ගැන නියම කතාවක් කරනවා පාර්ලිමේන්තුවේ.


    ඒ දේම මිනිහා කියනවා. මහින්ද ශිරානිව එලවන කොට මිනිහා කියපු දේ ඇත්ත වුණා එකම තමයි. මේ පාර ත වෙන්නේ


    විධායකය අධිකරණ ක්‍රියාවලියට ඇත පොවනවා කියන්නේ ඉතින් අනාථයි තමයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,163
    36,175
    113
    කෑගල්ල
    meva ratey maha loku prashnada bun , oyta vada prashna minissunta mey ratey thiyenava , vipakshayak vidihata ka gahanna oni

    ඕන නම් ඕක දීරග කරගන්නව පොන්ස් පකේ අධිකරණ සේවා සංගමයත් ගෙදර යවනවා උඹ හිතන්නෙ ඕව අමාරු වැඩ කියලද ? නීතියට යන්න ආවාම වැඩිය නටන්න ගියොත් ඕක තමා ඕන එකෙක්ට කරන්නෙ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,332
    27,861
    113
    ඕන නම් ඕක දීරග කරගන්නව පොන්ස් පකේ අධිකරණ සේවා සංගමයත් ගෙදර යවනවා උඹ හිතන්නෙ ඕව අමාරු වැඩ කියලද ? නීතියට යන්න ආවාම වැඩිය නටන්න ගියොත් ඕක තමා ඕන එකෙක්ට කරන්නෙ.
    ඒ උනාට පොන්ස් අනුරට චූ චුට්ටකුත් ගිහිල්ලාලු නේ :lol:

    https://lankaundergroundnews.com/අධිකරණ-විනිසුරුවන්ගේ-මහා/
     
    • Haha
    Reactions: KDH