මේව හරියන්නෙ නෑ. අපිට ඕන ණය අරන් highway හදන මිනිස්සු

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,727
    2,248
    113
    1970 න් පසු ලංකාවේ අය වැය අතිරික්තයක් වාර්තා වෙයි! 🇱🇰📈
    .......................................................................

    අපේ රටේ ආර්ථික ගමනේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, දශක 05කට අධික කාලයකට පසුව ශ්‍රී ලංකාව පෙරළිකාර ආර්ථික ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. 1970 වසරෙන් පසු මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට රජයක් අය වැය අතිරික්තයක් වාර්තා කිරීමට සමත්වීම සැබවින්ම ආඩම්බර විය හැකි කරුණකි.

    සැමගේ අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක්:

    ⭕ අය වැය අතිරික්තය: 2026 වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ රුපියල් බිලියන 197.3ක අය වැය අතිරික්තයක් වාර්තා කිරීමට රජය සමත්ව ඇත. මෙය 2025 වසරේ එම කාලවකවානුව තුළ පැවති තත්ත්වයට සාපේක්ෂව දැවැන්ත දියුණුවකි.

    ⭕ ආදායම් වර්ධනය: රාජ්‍ය ආදායම පසුගිය වසරට සාපේක්ෂව 30.6%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2,536.9ක් දක්වා වර්ධනය වී තිබේ. බදු ආදායම මෙන්ම බදු නොවන ආදායම් ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

    ⭕ ආර්ථික ස්ථාවරත්වය: 2021 වසරේදී -11.7ක් ලෙස පැවති අය වැය හිඟය, ක්‍රමානුකූලව අඩු කරමින් 2026 වන විට මෙවැනි ජයග්‍රාහී මට්ටමකට පැමිණීම රටේ මූල්‍ය විනය සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරයි.

    ⭕ නිෂ්පාදන අංශයේ දියුණුව: කාර්මික නිෂ්පාදන 1.6%කින් ද, ඇඟලුම් නිෂ්පාදන 5.8%කින් ද, ලෝහ නොවන ඛනිජ නිෂ්පාදන 16.7%කින් ද වර්ධනය වී ඇති අතර කොටස් වෙළඳපොළ ද ඉතා හොඳ ප්‍රගතියක් පෙන්වා ඇත.

    ⭕ මෙයින් අපට ලැබෙන වාසිය කුමක්ද?

    මෙම ආර්ථික ශක්තිය තුළින් අනාගතයේ දී ණය සේවාකරණය (ණය ගෙවීම්) සඳහා රටට විශාල සහනයක් ලැබෙන අතර, සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කිරීමට වැඩි මුදලක් ඉතිරි වේ. උද්ධමනය ද අඩු අගයක පවත්වා ගැනීමට ලැබෙන අවස්ථාව රටේ ජනතාවට ලැබෙන විශාල සහනයකි.

    වසර ගණනාවක ආර්ථික අර්බුද මැදින් පැමිණි අපේ රට, නිවැරදි මාවත ඔස්සේ නැවතත් ආර්ථික සශ්‍රීකත්වය කරා ගමන් කරන බවට මෙය කදිම නිදසුනකි. 🇱🇰💪


    #SriLankaEconomy #EconomicGrowth #FiscalDiscipline #BudgetSurplus #Progress #SriLanka

     
    Last edited:

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,727
    2,248
    113
    කයිවාරු විතරයි . . කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ තීන්ත ගාපු එක විතරයි කරපු වැඩකට තියන්නේ .
    ehmd hribn ela
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,462
    8,624
    113
    මේකට ප්‍රධානම හේතුව බදු, පට්ට ගොදක්නේ තියෙන්නේ..අලුතෙනුත් ඒවා එනවා.
    ඒවගේම හැබැයි මුන් මුල්‍ය විනය තියාගෙන ඉන්නවා, ඒ කිවේ අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නැතුව..
    මේක මෙහෙම නිසානේ අනුර භය නැතුව කිවේ ටකරමක් ගියත් මිලියනයක් දෙනවා කියලා (එක ගොඩක් දුරට හරියට ගෙවනවා)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,632
    1
    60,187
    113
    Mother Earth
    ඉඳකින් මේ වගේ මෝඩ මිනිස්සු. ණය අරන් තමයි පකෝ කොහොමත් යටිතල පහසුකම් හදන්නෙ. දැන් උබලෑ ගෙදර වතුර නෑ ලයිට් නෑ තාත්තට ඉස්තීර රැකියාවක් නෑ උබට ස්ථිර රැකියාවක් නෑ කියල හිතපන්. දැන් කොහොමද වතුර ගන්න, ගෙදර ලැට් එක හදාගන්න, කරන්ට් එක ගන්න සල්ලි නෑ. උබලෑ තාත්තට දවසට හම්බෙන රුපියල් 100 අවුරුදු ගාණක් එකතු කරලා මේවා කරන්න හදද්දි තාත්තට අවුරුදු 100යි. උබට අවුරුදු 90යි. ඒ කියන්නෙ උබලෑ තාත්තා අවුරුදු 10න් බැඳලා තියෙන්නෙ. කියන්න ආවෙ වෙන දෙයක් අන්තිමට වෙන තැනකින් ඉවර වුණේ. 🤷‍♂️
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,727
    2,248
    113
    ඉඳකින් මේ වගේ මෝඩ මිනිස්සු. ණය අරන් තමයි පකෝ කොහොමත් යටිතල පහසුකම් හදන්නෙ. දැන් උබලෑ ගෙදර වතුර නෑ ලයිට් නෑ තාත්තට ඉස්තීර රැකියාවක් නෑ උබට ස්ථිර රැකියාවක් නෑ කියල හිතපන්. දැන් කොහොමද වතුර ගන්න, ගෙදර ලැට් එක හදාගන්න, කරන්ට් එක ගන්න සල්ලි නෑ. උබලෑ තාත්තට දවසට හම්බෙන රුපියල් 100 අවුරුදු ගාණක් එකතු කරලා මේවා කරන්න හදද්දි තාත්තට අවුරුදු 100යි. උබට අවුරුදු 90යි. ඒ කියන්නෙ උබලෑ තාත්තා අවුරුදු 10න් බැඳලා තියෙන්නෙ. කියන්න ආවෙ වෙන දෙයක් අන්තිමට වෙන තැනකින් ඉවර වුණේ. 🤷‍♂️
    Hari bn hina giya ekata 🤣
     
    • Love
    Reactions: Candid-B

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    අපරාදේ මේවටත් ණය අරන් කරේ..ජෙප්පොන්ටම කරගන්න තියන්න තිබ්බා

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපරාදේ මේවටත් ණය අරන් කරේ..ජෙප්පොන්ටම කරගන්න තියන්න තිබ්බා


    අපරාදේ ණය ගන්නෙ නැතිව කරන්න තිබුන දේවල්

    Three Stooges Comedian GIF
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,727
    1
    14,940
    113
    Highway වගේ ඒව හදන්න ඕන Long term ණය, FDI, Pvt gov Partnership වලින් තමයි. නැත්තම් භාණ්ඩාගාරෙ සල්ලි ඕවට කෙලින්ම දාන්නෙ නෑ. ඒක නාස්තියක්. මොකද Highway කියන්නෙ හැම පුරවැසියටම ඍජු ප්‍රතිලාභ එන එකක් නෙමෙයි. ඔය භාණ්ඩාගාර සල්ලි දාන්න ඕන සෞඛ්‍යට අධ්‍යාපනයට වගේ ඍජු ප්‍රතිලාභ පුරවැසියට එන Long term investment වලට. ඔය ණය නැතුව Highway හැදුව කියන්නෙ ආඩම්බර වෙන්න දෙයක් නෙමෙයි ගොන් වැඩක්. අනිත් එක Highway හදන Materials බහුතරයක් Imported. එතනත් පාඩුයි.

    අනික අතිරික්තයක් වෙන්නෙ නෑ අවුරද්ද ඉවරවෙද්දි ආයි Loss එකක් එනව. ඒ Loss එක පියවන්න ආයි ණය ගන්න වෙනව ගොඩක් වෙලාවට ISB වෙන්න පුළුවන්. ඔය Highway එකට FDI එකක් විදියට ගත්තනම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ මොකද සල්ලි බොරුවට Highway එකකට වියදම් නොකර හිටියනම් අර ISB එක ගන්න ඕනකමක් වෙන එකක් නෑ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,311
    12,082
    113
    35
    Spain
    උඹලගේ ලොක්කෝ ටික බය වෙලා නේද? දැන් උන් ටික ටික සංවර්ධනේ, දියුණුව සංඛ්‍යා ලේඛන ගැන කියවනවා. මිනිස්සුන්ට සංඛ්‍යාවලින් වැඩක් නැහැ. උඹල නිකම් කට ඇරගෙන හිටියත් ඔය කියන ඉලක්කම් ටික පෙන්වන්න පුළුවන්. නිලධාරීන් ටික රට ඇදගෙන යන නිසා. එත් උඹලගේ දේශපාලන නායකයෝ මොනවද බන් කරේ? පාර්ලිමේන්තුවේ සුපිරි බලයක් තියාගෙන මොනවද ගෙනාපු ප්‍රතිසංස්කරණ? බදු නෙවේ රටේ තත්වය හොඳ කරන්න මොනවද ගෙනාපු ප්‍රතිසංස්කරණ? උඹල පොරොන්දු වුනා අලුත් ව්‍යවස්ථාවක් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක්. කෝ ඒ වැඩ?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,413
    28,096
    113
    එතකොට මේ චීන ණය නෙමෙයිද ? :lol: 🤌

    CEP deal expected by end-August: Loan terms still under negotiation, talks continue


    Negotiations on revised financing terms for the Kadawatha–Mirigama section of the Central Expressway Project (CEP) are still underway, with the Government hoping to finalise the agreement with China by the end of next month, according to the External Resources Department (ERD).

    Speaking to The Sunday Morning, Finance Ministry ERD Director General Samantha Bandara stated that the revised loan arrangement had not been finalised yet and that negotiations with the Chinese were ongoing.

    “We have not finalised or signed the agreement yet. We are in the process of having discussions with them and we expect to conclude the agreement before the end of the next month,” he said.

    When asked about the Government’s local financing obligation for the project, he said discussions were still ongoing with the National Budget Department.

    Meanwhile, Coordinating Secretary to the Minister of Transport, Highways, and Urban Development Lahiru Madusanka stated that the Chinese side had already agreed to provide the financing and that a delegation was scheduled to visit Sri Lanka to sign the deal.

    - https://www.themorning.lk/articles/YSqQ3bV2mqKAyLyOsjYf
     
    • Like
    Reactions: Inigo Montoya

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,969
    8,791
    113
    Cenon
    cenon.com
    කයිවාරු විතරයි . . කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ තීන්ත ගාපු එක විතරයි කරපු වැඩකට තියන්නේ .
    hariyatama hari bn kathawa nam!!!
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,766
    3,174
    113
    37
    @ katubedda
    ඉඳකින් මේ වගේ මෝඩ මිනිස්සු. ණය අරන් තමයි පකෝ කොහොමත් යටිතල පහසුකම් හදන්නෙ. දැන් උබලෑ ගෙදර වතුර නෑ ලයිට් නෑ තාත්තට ඉස්තීර රැකියාවක් නෑ උබට ස්ථිර රැකියාවක් නෑ කියල හිතපන්. දැන් කොහොමද වතුර ගන්න, ගෙදර ලැට් එක හදාගන්න, කරන්ට් එක ගන්න සල්ලි නෑ. උබලෑ තාත්තට දවසට හම්බෙන රුපියල් 100 අවුරුදු ගාණක් එකතු කරලා මේවා කරන්න හදද්දි තාත්තට අවුරුදු 100යි. උබට අවුරුදු 90යි. ඒ කියන්නෙ උබලෑ තාත්තා අවුරුදු 10න් බැඳලා තියෙන්නෙ. කියන්න ආවෙ වෙන දෙයක් අන්තිමට වෙන තැනකින් ඉවර වුණේ. 🤷‍♂️
    කොහොම හරි උබ කියලා ඉවර උනානේ ඒකම මදිද.
     
    • Haha
    Reactions: Candid-B

    Similar threads