ශුන්‍යතා දහම

tarson

Well-known member
  • Feb 25, 2009
    8,521
    5,628
    113
    "ඇත්ත බල්ලෙක්"
    "බොරු ඡායාවක්" දිහා බලල රැවටෙනවා

    හැබැයි දර්ශනය තව ටිකක් පුළුල් කළොත්
    "ඇත්ත බල්ලා" කියලා මොකකටද අපිව පනවන්න පුළුවන් ? බල්ලා කියලා සත්වයෙක් පෙන්නන්න පුළුවන්ද.

    ඉන්නව කියල ගන්නත් බෑ, නෑ කියන්නත් බෑ මචන්.
    නැත්තන් පේන්නෙ මොනවද?
    ඒත්, ඉන්නව කියන්නත් බෑ, මේ ඔක්කොම වේව්ස් නිසා.

    සිතේ ඇදෙන මායාවක් කියල ගන්නත් පුලුවන්.
    ඒත් සිත උනත් දුවන්නෙ විදුලි චාජස් වලින් ඩෙන්ඩ්‍රයිට් එකේ. එතකොට එතන යම්කිසි දෙයක් තියෙනව. ඒක නිසා නෑ කියන්න බෑ.

    එහෙම උනාම, උබ ඕක තියෙනව කියල ගත්තත්, නෑ කියල ගත්තත් අන්ත දෙකක්. ඒ කියන්නෙ දෙකම වැරදියි.

    සමහර විට උබ කියන්න උත්සාහ කලෙත් ඒකම වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Yeezus

    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    කියවද්දිත් ශ්‍රවණයම නේද වෙන්නේ?
    කටින් දේශනා කරන චතුරාර්ය සත්‍යය, කොලේක ඒ විදිහටම ලියලා තියෙද්දි, ඒ කොලේ කියවද්දිත් අවබෝධ වෙන්න පුලුවන්, imho.
    ලියන්න එපා කියලා තියනවලු . ඒක ඒ කාලෙට වලංගු වෙන්න ද නැත්නම් සදහටම වෙන්න ද හිතාගන්න බෑ . අලුවිහරේදී ලිව්වේ නැත්නම් loss වෙන්නත් තිබ්බා . but ලියපු එක හින්ද වැරදියට කියවලා පාර වරද්දගන්න අයත් ඕන තරම් ඉන්නවා නේ .
    @nuwan9999 eka neda point eka?
     
    • Like
    Reactions: Blair Solari

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    What does this even mean
    සතර සතිපට්ඨානය වඩන්නේ/වැඩෙන්නේ සෝවාන් මට්ටමේ සිට ඉහලට.

    What is sowan mattama?
    සෝවාන් ආර්‍ය ශ්‍රාවකය 🤷‍♂️
     
    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    ඉන්නව කියල ගන්නත් බෑ, නෑ කියන්නත් බෑ මචන්.
    නැත්තන් පේන්නෙ මොනවද?
    ඒත්, ඉන්නව කියන්නත් බෑ, මේ ඔක්කොම වේව්ස් නිසා.

    සිතේ ඇදෙන මායාවක් කියල ගන්නත් පුලුවන්.
    ඒත් සිත උනත් දුවන්නෙ විදුලි චාජස් වලින් ඩෙන්ඩ්‍රයිට් එකේ. එතකොට එතන යම්කිසි දෙයක් තියෙනව. ඒක නිසා නෑ කියන්න බෑ.

    එහෙම උනාම, උබ ඕක තියෙනව කියල ගත්තත්, නෑ කියල ගත්තත් අන්ත දෙකක්. ඒ කියන්නෙ දෙකම වැරදියි.

    සමහර විට උබ කියන්න උත්සාහ කලෙත් ඒකම වෙන්න පුලුවන්.
    මෙතැනදී waves ඇත්ත වෙනවා . නිත්‍ය වෙනවා . දකින කෙනා, දකින දේ ඉතා සුළු මොහොතකට හෝ පවතිනවා නිත්‍ය ව . එහෙමවත් පවතින බව නොවෙන්නත් පුළුවන් නම් ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    සෝවාන් ආර්‍ය ශ්‍රාවකය 🤷‍♂️
    Bro the sutra only has
    සත්පුරුෂසංසේවය පරිපූර්ණ
    සද්ධර්‍මශ්‍ර‍වණය පරිපූර්ණ
    යෝනිසෝමනසිකාරය පරිපූර්ණ 3 conditions are met

    If you assume the sutra start with being sowan, where is the 4th condtion ,dammanu damma patipadata(aryashatgina marga,satipattana) to become sowan?

    සතර සතිපට්ඨානය වඩන්නේ/වැඩෙන්නේ සෝවාන් මට්ටමේ සිට ඉහලට nan

    Sowan wenna tiyena sathipattanaya mokadda?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    කියවද්දිත් ශ්‍රවණයම නේද වෙන්නේ?
    කටින් දේශනා කරන චතුරාර්ය සත්‍යය, කොලේක ඒ විදිහටම ලියලා තියෙද්දි, ඒ කොලේ කියවද්දිත් අවබෝධ වෙන්න පුලුවන්, imho.
    මම දන්නෙ නැහැ මල්ලි හේතුව, නමුත් කියවල නම් වැඩක් නැහැ, අත්දැකීමෙන් කියන්නෙ... බුදුන්ට ගෝචර යමක් ඇති මෙතන. There is no feedback loop, that maybe the case
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    මම දන්නෙ නැහැ මල්ලි හේතුව, නමුත් කියවල නම් වැඩක් නැහැ, අත්දැකීමෙන් කියන්නෙ... බුදුන්ට ගෝචර යමක් ඇති මෙතන. There is no feedback loop, that maybe the case
    This it true,that is why kalayana mitra sewana is the first point.budda placed it there
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    ලියන්න එපා කියලා තියනවලු . ඒක ඒ කාලෙට වලංගු වෙන්න ද නැත්නම් සදහටම වෙන්න ද හිතාගන්න බෑ . අලුවිහරේදී ලිව්වේ නැත්නම් loss වෙන්නත් තිබ්බා . but ලියපු එක හින්ද වැරදියට කියවලා පාර වරද්දගන්න අයත් ඕන තරම් ඉන්නවා නේ .
    @nuwan9999 eka neda point eka?
    කියවපු 100%ම පාර වරද්දගෙන තමයි ඉන්නෙ. කලණ වැට කියන්නෙ ඒකයි මේක නොකැඩී මුඛ පරම්පරාවෙන් එන්න ඕනි. වැට කැඩුන දවසට සාසනය ඉවරයි... මේ තමයි බුද්ධ වචනය.

    Bro the sutra only has
    සත්පුරුෂසංසේවය පරිපූර්ණ
    සද්ධර්‍මශ්‍ර‍වණය පරිපූර්ණ
    යෝනිසෝමනසිකාරය පරිපූර්ණ 3 conditions are met

    If you assume the sutra start with being sowan, where is the 4th condtion ,dammanu damma patipadata(aryashatgina marga,satipattana) to become sowan?

    සතර සතිපට්ඨානය වඩන්නේ/වැඩෙන්නේ සෝවාන් මට්ටමේ සිට ඉහලට nan

    Sowan wenna tiyena sathipattanaya mokadda?
    පළමුව සතර සතිපට්ඨානය වැඩුණු සිත තමයි සෝවාන් සිත,
    ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය නම් සෝවාන් මාර්ග සිතේ වැඩෙනව වෙන්න ඕනි, ඊට කලින් වැඩෙන සතර සතිපට්ඨානයක් නැහැ IMHO. සෝවාන් වෙන්න පෘතක්ජනයෙක් හැටියට පිං කරන්න විතරයි තියෙන්නෙ.
    ------ Post added on Jul 16, 2026 at 12:19 PM
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    කියවපු 100%ම පාර වරද්දගෙන තමයි ඉන්නෙ. කලණ වැට කියන්නෙ ඒකයි මේක නොකැඩී මුඛ පරම්පරාවෙන් එන්න ඕනි. වැට කැඩුන දවසට සාසනය ඉවරයි... මේ තමයි බුද්ධ වචනය.
    අපි දැන් කතා කරන විලාශයෙන් මෙතන කොටන ඒවා ගැන මොකද හිතෙන්නේ? එකම දේ මේක responsive
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    පළමුව සතර සතිපට්ඨානය වැඩුණු සිත තමයි සෝවාන් සිත,
    ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය නම් සෝවාන් මාර්ග සිතේ වැඩෙනව වෙන්න ඕනි, ඊට කලින් වැඩෙන සතර සතිපට්ඨානයක් නැහැ IMHO. සෝවාන් වෙන්න පෘතක්ජනයෙක් හැටියට පිං කරන්න විතරයි තියෙන්නෙ.
    ------ Post added on Jul 16, 2026 at 12:19 PM
    that's what i'm asking පළමුව සතර සතිපට්ඨානය වැඩුණු සිත ,which සතර සතිපට්ඨානය exactly? can understand your take, but that is a different take. it's not mentioned in සතිපට්ඨානය. it contradicts with dammanu damma patipada the 4th condition.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    අපි දැන් කතා කරන විලාශයෙන් මෙතන කොටන ඒවා ගැන මොකද හිතෙන්නේ? එකම දේ මේක responsive
    No point TBH, but it may trigger someone to listen something else, or look at it in a different perspective.

    that's what i'm asking පළමුව සතර සතිපට්ඨානය වැඩුණු සිත ,which සතර සතිපට්ඨානය exactly? can understand your take, but that is a different take. it's not mentioned in සතිපට්ඨානය. it contradicts with dammanu damma patipada the 4th condition.
    There is only one right? Can you rephrase your question pls? 4th condition is there
    ------ Post added on Jul 16, 2026 at 12:48 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113

    There is only one right? Can you rephrase your question pls? 4th condition is there
    ------ Post added on Jul 16, 2026 at 12:48 PM
    to be clear,your claim is kayanupassana,vedanupassana, happens automatically by doing pin after meeting 3 conditions? or you take dammanu damma patipada as something else?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    කියවපු 100%ම පාර වරද්දගෙන තමයි ඉන්නෙ.

    imho, එහෙමමයි කියන්න බැහැ. මගේ "ආ මේකනේ බුධිසම්" "මේකනේ ධර්මය කියන්නේ.." moment එකට (මන් සෝතාපන්න වුනා කියලා හිතන් ඉන්න) උපනිශ්‍රය වුනේ කියවන එකක්..

    ඊට පස්සේ තමයි මන් ඒ අදහසම තියෙනවා කියලා මට තේරෙන ධර්ම දේශනා හොයන්න ගත්තේ. එතනින් පස්සේ බන අහන්න පටන් ගත්තේ. මන් එලම නිරෙක් ඊට කලින්.

    මේක නොකැඩී මුඛ පරම්පරාවෙන් එන්න ඕනි. වැට කැඩුන දවසට සාසනය ඉවරයි... මේ තමයි බුද්ධ වචනය.

    මන් ඔය ප්‍රශ්නෙම අහලා තියෙනවා ඉස්සර @nipund ගෙන්.

    සෝවාන් වෙන්න උපනිශ්‍රය වෙන්න ඕනේ දේවල් තියෙන්න ඕනේ වගේම, වෙන්න පුලුවන් මට්ටමේ අයත් ඉන්න ඕනේ, imho.

    ශාසනය නැති කාලෙක ස්ක්‍රිප්චර්ස් ආරක්ෂා වෙලා තිබ්බට වැඩක් නැහැ හැමෝම පදපරමනම්..

    සෝවාන් වෙන්න පුලුවන් කෙනෙක්ට ඇහුනත්, ලියපු එකක් තමන් කියෙව්වත්, අහපු/ දැකපු එකක් මතක් කර ගත්තත් වෙන්නේ ශ්‍රවණයම තමයි, imho.
    ------ Post added on Jul 16, 2026 at 1:03 PM
     
    • Like
    Reactions: nipund

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    imho, එහෙමමයි කියන්න බැහැ. මගේ "ආ මේකනේ බුධිසම්" "මේකනේ ධර්මය කියන්නේ.." moment එකට (මන් සෝතාපන්න වුනා කියලා හිතන් ඉන්න) උපනිශ්‍රය වුනේ කියවන එකක්..

    ඊට පස්සේ තමයි මන් ඒ අදහසම තියෙනවා කියලා මට තේරෙන ධර්ම දේශනා හොයන්න ගත්තේ. එතනින් පස්සේ බන අහන්න පටන් ගත්තේ. මන් එලම නිරෙක් ඊට කලින්.

    මන් ඔය ප්‍රශ්නෙම අහලා තියෙනවා ඉස්සර @nipund ගෙන්.

    සෝවාන් වෙන්න උපනිශ්‍රය වෙන්න ඕනේ දේවල් තියෙන්න ඕනේ වගේම, වෙන්න පුලුවන් මට්ටමේ අයත් ඉන්න ඕනේ, imho.

    ශාසනය නැති කාලෙක ස්ක්‍රිප්චර්ස් ආරක්ෂා වෙලා තිබ්බට වැඩක් නැහැ හැමෝම පදපරමනම්..

    සෝවාන් වෙන්න පුලුවන් කෙනෙක්ට ඇහුනත්, ලියපු එකක් තමන් කියෙව්වත්, අහපු/ දැකපු එකක් මතක් කර ගත්තත් වෙන්නේ ශ්‍රවණයම තමයි, imho.
    ------ Post added on Jul 16, 2026 at 1:03 PM
    අපිට ඕනි දෙයක් හිතාගන්න පුළුවන් No issue with that, මම නම් බුදුන් දේශනා කල දේ තමයි විශ්වාස කරන්නෙ. උන්වහන්සේ දේශනා කළා නම් සත්ධර්ම ශ්‍රවනනෙයන් සෝතාපන්න වෙනව කියල... ඒක එහෙම තමයි. මම එතනින් එහාට උන්වහන්සේගේ දේශනාව මට ඕනි හැටියට interpret කරන්න යන්නෙ නැහැ. මොකද බුද්ධ දේශනාවෙ මට තේරෙන ටික හරියටම හරි.
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    අපිට ඕනි දෙයක් හිතාගන්න පුළුවන් No issue with that, මම නම් බුදුන් දේශනා කල දේ තමයි විශ්වාස කරන්නෙ. උන්වහන්සේ දේශනා කළා නම් සත්ධර්ම ශ්‍රවනනෙයන් සෝතාපන්න වෙනව කියල... ඒක එහෙම තමයි. මම එතනින් එහාට උන්වහන්සේගේ දේශනාව මට ඕනි හැටියට interpret කරන්න යන්නෙ නැහැ. මොකද බුද්ධ දේශනාවෙ මට තේරෙන ටික හරියටම හරි.
    සත්ධර්ම ශ්‍රවනනෙයන් is a requirement leading to sotapanna .but it's one condition only,when it gets full falls to next river base
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    to be clear,your claim is kayanupassana,vedanupassana, happens automatically by doing pin after meeting 3 conditions? or you take dammanu damma patipada as something else?
    සතර සතිපට්ඨානය කියන්නෙ ආර්‍ය අෂ්ටාංගික මාර්ගයනෙ. සතිපට්ඨානය වඩනව කියල කරන්නෙ ඊට අදාළ හේතු සකසන එක, ඒ හේතු වල ඵලය තමයි සතිපට්ඨානය. එක එක වෙන වෙනම කරන්න බැහැ ඔක්කොම එකට වෙන්නෙ... IMHO
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,991
    113
    සතර සතිපට්ඨානය කියන්නෙ ආර්‍ය අෂ්ටාංගික මාර්ගයනෙ. සතිපට්ඨානය වඩනව කියල කරන්නෙ ඊට අදාළ හේතු සකසන එක, ඒ හේතු වල ඵලය තමයි සතිපට්ඨානය. එක එක වෙන වෙනම කරන්න බැහැ ඔක්කොම එකට වෙන්නෙ... IMHO
    it's like 3 conditions are met then it falls to satipattana base it's true,but the activity is needed to be sotapanna,so its correct pin also will be contributing factor leading to falling to the 4th base, but it's still not sotapanna,it has to be filled. so in that sense i cannot say only pin will do it. the activity should be a living activity. imo
     
    • Like
    Reactions: nuwan9999

    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    මේක මං ලියපු එකක් නෙමේ. හැබැයි මටත් මේ ප්‍රශ්නය තියෙනවා. මට අදහස යන්නේම චූටිම චෛතිසිකයක් හරි නිත්‍ය වෙනවා කියන එකෙන්. එහෙම ගුරුකුල හැදුන කියන්නෙම මට විතරක් හිතුන දෙයක් නෙමේ. සමහර වෙලාවට නිත්‍ය කරන් ඉන්න දේවල් අපිට ගෝචර නෑ . ඒකයි ගණ සංකල්ප වලින් සියුම් සංකල්ප වලට බහින්නේ. සියුම් සංකල්ප යේ අවුල අහුවෙනකම් ඒකේ ලැග ගෙන ඉන්නේ.

    @ek_rosh
    අභිධර්මයේ ස්වභාවවාදය ශූන්‍යතාවෙන් බිඳ හෙලූ ආචාර්ය නාගාර්ජුන හිමි -यः प्रतीत्यसमुत्पादः शून्यतां तां प्रचक्ष्महे।
    -----------------------------------------------------------------------------
    බෞද්ධ දර්ශන ඉතිහාසයේ සිදුවූ අතිශය තීරණාත්මක සහ විප්ලවීය දාර්ශනික සංවාදය සනිටුහන් වන්නේ ආචාර්ය නාගාර්ජුන පාදයන් සහ අභිධර්ම සම්ප්‍රදායන් (විශේෂයෙන්ම සර්වාස්තිවාද සහ ස්ථවිරවාද) අතරයි. බුදුන් වහන්සේ වදාළ අනාත්ම සහ පටිච්චසමුප්පාද ධර්මය පසුකාලීන අභිධර්මිකයන් අතින් දෘෂ්ටිගත වෙමින් පැවති මොහොතක උන්වහන්සේ තම මූලමාධ්‍යමික කාරිකා කෘතිය හරහා අභිධර්මයේ මූලික පදනමම ප්‍රබල තාර්කික ඛණ්ඩනයකට ලක් කළහ.
    බුදුන් වහන්සේ දේශනා කළ පුද්ගලයෙකු හෝ ආත්මයක් නැත ඇත්තේ පංචස්කන්ධයක් පමණි යන අනාත්මවාදය තවදුරටත් විශ්ලේෂණය කිරීමට අභිධර්මිකයෝ උත්සාහ කළහ. ඔවුහු බාහිර ලෝකය සහ මනස තවදුරටත් බෙදිය නොහැකි කුඩාම දාර්ශනික මූලද්‍රව්‍ය දක්වා කැබලිවලට වෙන් කළ අතර ඒවා ධර්ම ලෙස හැඳින්වූහ.අභිධර්ම ගුරුකුල විසින් පුද්ගලයා හෝ ආත්මය යනු සම්මුතියක් (ප්‍රඥප්තියක්) පමණක් බවත් පරමාර්ථ වශයෙන් පවතින්නේ මේ මූලික ධර්ම ඒකක (චිත්ත, චෛතසික, රූප) පමණක් බවත් පෙන්වා දෙමින් පුද්ගල නෛරාත්ම්‍යය උපරිමයෙන් තහවුරු කළහ.
    මෙසේ ලෝකය විශ්ලේෂණය කරමින් ගිය අභිධර්මිකයෝ අවසාන මූලද්‍රව්‍ය ධර්මයන් ළඟ නතර වූහ. ඔවුහු ප්‍රකාශ කළේ මේ සෑම මූලික ධර්මයකටම තවත් ධර්මයකින් ස්වායත්ත වූ වෙනස් නොවන තමන්ටම ආවේණික වූ ස්වභාවයක් පවතින බවයි. උදාහරණයක් ලෙස පඨවි ධාතුවට තද ගතිය කියන ස්වභාවයද ලෝභ චෛතසිකයට ඇලීම කියන ස්වභාවයද සහජයෙන්ම පවතී. සර්වාස්තිවාදීන් වැනි සම්ප්‍රදායන් මෙයින් තවත් ඉදිරියට ගොස් මේ ධර්මයන්ගේ ලක්ෂණ වෙනස් වුවද ඒවායේ ස්වභාවය ත්‍රිකාලයේම (අතීත, වර්තමාන, අනාගත) සැබෑවටම පවතින බව ප්‍රකාශ කළහ.

    මෙමඟින් අභිධර්මිකයන් බාහිර ලෝකයේ පුද්ගල ආත්මය ප්‍රතික්ෂේප කළද නොදැනුවත්වම ධර්මයන්ගේ ආත්මය"
    (ස්වාධීන පැවැත්ම) ඉතිරි කරගනිමින් ස්වභාවවාදයකට හසු වූහ.

    නාගාර්ජුන හිමියන් පෙන්වා දුන්නේ යමකට තමාගෙන්ම පවතින ස්වභාවයක් ඇතැයි පිළිගැනීම බුදුදහමේ මූලිකම ඉගැන්වීම් වන අනිත්‍යය සහ පටිච්චසමුප්පාදය සහමුලින්ම මරා දැමීමක් බවයි. උන්වහන්සේ එය බිඳ දැමීමට ප්‍රධාන තර්ක කිහිපයක් ඉදිරිපත් කළහ

    * නාගාර්ජුන හිමියන්ගේ මූලිකම ප්‍රශ්නය වූයේ යමක් හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නවා නම් ඒකට ස්වාධීන ස්වභාවයක් තියෙන්නේ කොහොමද? යන්නයි.
    ස්වභාවය යන්නෙහි දාර්ශනික අර්ථය වන්නේ කාගෙන්වත් නිර්මාණය නොවූ වෙනත් කිසිවක් මත යැපෙන්නේ නැති ස්වාධීන පැවැත්මක් යන්නයි.නමුත් බුදුදහමේ මූලික පදනම වන පටිච්චසමුප්පාදයට අනුව ලෝකයේ සියලු ධර්මතාවන් හේතු ප්‍රත්‍ය සාපේක්ෂව හටගන්නා ඒවාය.එබැවින් ධර්මයන් හේතූන් මත යැපෙන බව කියන ගමන්ම ඒවාට ස්වාධීන ස්වභාවයක් ඇතැයි කීම එකිනෙකට පරස්පර විරෝධී අතාර්කික ප්‍රකාශයක් බව නාගර්ජුන හිමියන් පෙන්වා දෙන ලදි.

    * අනිත්‍යතාව සහ නිවන අහෝසි වීම

    යම් ධර්මයකට තමන්ටම ආවේණික වූ වෙනස් නොවන ස්වභාවයක් තිබේ නම් ඒ ස්වභාවය කිසිවිටෙකත් වෙනස් විය නොහැක.
    යමකට ස්වභාවයක් තිබේ නම් එය කිසිදා වෙනස් නොවන ස්ථිර (ශාස්වත) දෙයක් බවට පත්විය යුතුය. එවිට ලෝකයේ පවතින අනිත්‍යතාව බොරුවක් බවට පත්වේ.
    සියල්ල ස්ථාවර ස්වභාවයකින් යුක්ත නම් දුක නැති කිරීම හෝ සංසාරයේ සිට නිර්වාණය දක්වා වෙනස් වීම (නිවන් දැකීම) කිසිසේත් සිදුවිය නොහැකි දෙයක් බවට පත්වේ. සියල්ල වෙනස් වන්නේම ඒවාට කියා ස්ථාවර ස්වභාවයක් නැති නිසාමය.

    අභිධර්මිකයන් සහ අනෙකුත් දර්ශනවාදීන් පවසන ආකාරයට ධර්මයන් සැබෑවටම හටගැනීම සිදු විය හැක්කේ ක්‍රම හතරකට පමණි. නාගාර්ජුන හිමියන් මූලමාධ්‍යමික කාරිකාවේ පළමු ගාථාවෙන්ම මේ හතරම ප්‍රතික්ෂේප කරමින් ස්වභාවවාදී හටගැනීම බිඳ දැමූහ

    1.ස්වතෝ වා (තමාගෙන්ම හටගැනීම)

    දැනටමත් පවතින දෙයක් නැවත හටගැනීමට අවශ්‍ය නොවන බැවින් මෙය අතාර්කිකය.

    2.පරතෝ වා (වෙනත් දෙයකින් හටගැනීම)

    වෙනත් දෙයකට තවත් දෙයක් උපද්දවන්න බැහැ මොකද ඒ වෙනත් කියන දෙයටත් ස්වාධීන ස්වභාවයක් නැති නිසා.

    3.ද්වාභ්‍යාං වා (තමාගෙන් සහ වෙනත් දෙයකින් යන ද්වයයෙන්ම)
    ඉහත වැරදි දෙකේම එකතුවක් නිසා මෙයද සිදුවිය නොහැක.

    4.අහේතුතෝ වා (හේතුවක් නැතුව අහඹු ලෙස)
    හේතුඵල ධර්මතාවට පටහැනි බැවින් මෙයද විය නොහැක.
    මෙයින් උන්වහන්සේ නිගමනය කළේ පරමාර්ථ වශයෙන් ගත්කල අභිධර්මිකයන් පවසන ආකාරයට සැබෑ වූ ස්වභාවයකින් යුත් කිසිදු ධර්මයක් කිසිම කලක හටගන්නේ නැති බවයි.

    අභිධර්මිකයන් පුද්ගලයාගේ ආත්මය ප්‍රතික්ෂේප කර ධර්මයන්ගේ පැවැත්ම ඉතිරි කරගනිද්දී නාගාර්ජුන හිමියන් පුද්ගලයා මෙන්ම පුද්ගලයා නිර්මාණය කරන මූලික ධර්මයන්ද ස්වාධීන ආත්මයකින් හෝ ස්වභාවයකින් තොර බව පෙන්වා දුන්හ. මෙය ධර්ම නෛරාත්ම්‍යය ලෙස හැඳින්වේ.

    මෙන්න මේ ධර්මයන්ගේ පවත්නා නිඃස්වභාව (ස්වභාවයෙන් තොර) බවම නාගාර්ජුන හිමියන් ශූන්‍යතාවය ලෙස හැඳින්වූහ. උන්වහන්සේට අනුව පටිච්චසමුප්පාදය යනු හුදෙක් සරල හේතුඵල දාමයක් නොව සියලු ධර්මයන්ගේ පවත්නා සාපේක්ෂතාව සහ ශූන්‍යතාවයයි.
    යහ් ප්‍රතීත්‍යසමුත්පාදහ් ශූන්‍යතාං තාං ප්‍රචක්ෂ්මහේ
    (යම් පටිච්චසමුප්පාදයක් ඇත්ද එයම ශූන්‍යතාවය යැයි අපි කියමු.)
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,236
    2,090
    113
    Sure, if that what rocks your boat ;-) , but the bottom line is (according to sutra) - සතර සතිපට්ඨානය වඩන්නේ/වැඩෙන්නේ සෝවාන් මට්ටමේ සිට ඉහලට.

    කොහෙද බන් එහෙම එකක් තියෙන්නෙ මේ සුත්‍රයයෙ? කොතනින්ද මොකක්න්ද ඒ අදහස ගන්නෙ උබ?

    @Emios
    කියවන්න ඉගෙනගනිංකො බං.
    පරිපූර්ණ වූ ත්‍රිවිධ සුචරිත කියන්නෙ පිහිටපු සීලය හෙවත් ආර්‍යකාන්ත සීලය, හෙවත් හිත, කය සහ වචනයෙ සංවරය. 🤷‍♂️

    මට තේරෙන විදිහට

    ඔබතුමා කියන්නෙ...සුත්‍රයෙ පෙන්නන විදිහට, සතිපට්ටනයට කලින් සීලය පරිපුර්නයි...ඒ කියන්නෙ ආර්ය කාන්ත සීලය..ආර්ය කාන්ත සීලිඅය තියෙන්න මාර්ග පල ලාබීන්ට...ඒ නිසා අඩුම සොවාන් වෙලාවත් තියෙන්නෙ ඕනෙ...සතිපට්ටන ස්ටෙප් එකට කලින්?

    එහෙමද?

    මේක මං ලියපු එකක් නෙමේ. හැබැයි මටත් මේ ප්‍රශ්නය තියෙනවා. මට අදහස යන්නේම චූටිම චෛතිසිකයක් හරි නිත්‍ය වෙනවා කියන එකෙන්. එහෙම ගුරුකුල හැදුන කියන්නෙම මට විතරක් හිතුන දෙයක් නෙමේ. සමහර වෙලාවට නිත්‍ය කරන් ඉන්න දේවල් අපිට ගෝචර නෑ . ඒකයි ගණ සංකල්ප වලින් සියුම් සංකල්ප වලට බහින්නේ. සියුම් සංකල්ප යේ අවුල අහුවෙනකම් ඒකේ ලැග ගෙන ඉන්නේ.

    ඇයි එහෙම හිතෙන්නෙ චූටිම චයිතසිකයක් හරි නිත්ය වෙනව කියල?

    A crude example, not perfect though: (easy to say in english)

    it's like a mouse click event

    citta - event
    chitasikas - event tasks (interpreting the click whether single, double, duration...etc)

    none of these are hard coded. they are dynamic and runs with the event.

    @ek_rosh
    අභිධර්මයේ ස්වභාවවාදය ශූන්‍යතාවෙන් බිඳ හෙලූ ආචාර්ය නාගාර්ජුන හිමි -यः प्रतीत्यसमुत्पादः शून्यतां तां प्रचक्ष्महे।
    -----------------------------------------------------------------------------

    I dont like the title though

    It should not be අභිධර්මයේ ස්වභාවවාදය ශූන්‍යතාවෙන් බිඳ හෙලූ

    it should be - misunderstood අභිධර්මයේ ස්වභාවවාදය ශූන්‍යතාවෙන් බිඳ හෙලූ
    ------ Post added on Jul 16, 2026 at 11:38 PM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    කොහෙද බන් එහෙම එකක් තියෙන්නෙ මේ සුත්‍රයයෙ? කොතනින්ද මොකක්න්ද ඒ අදහස ගන්නෙ උබ?
    මට නම් ඒක clearly පේන්න තියෙනව, අනික කරල බලලත් එක්කනෙ කියන්නෙ. පරිපූර්ණභාවය කියන්නෙ මොකක්ද කියල තියෙනවනම්, මුලටික (සෝවාන් අංග) පරිපූර්ණවූ පසු සතිපට්ඨානය පරිපූර්ණය කරනව කියලත් තියනවනම්, තව මොනාද? පාලියෙන් ගත්තත් ඕක මයි තියෙන්නෙ (පරිපූරෙති, පරිපූරො). හැබැයි ඉතිං රෝෂ් අයියට වෙන එකක් තේරෙන්න පුළුවන්, ඒකෙ ගැටළුවක් නැහැ 🤷‍♂️

    මට තේරෙන විදිහට

    ඔබතුමා කියන්නෙ...සුත්‍රයෙ පෙන්නන විදිහට, සතිපට්ටනයට කලින් සීලය පරිපුර්නයි...ඒ කියන්නෙ ආර්ය කාන්ත සීලය..ආර්ය කාන්ත සීලිඅය තියෙන්න මාර්ග පල ලාබීන්ට...ඒ නිසා අඩුම සොවාන් වෙලාවත් තියෙන්නෙ ඕනෙ...සතිපට්ටන ස්ටෙප් එකට කලින්?

    එහෙමද?
    ඔව්, අනිවාර්යෙන්ම... මාර්ගඵල වලට කලින් එක එක්කෙනා, තම තමන් විසින්ම හදාගත්ත එක එක සතිපට්ඨාන තමයි කොහොමත් කර කර ඉන්නෙ... ඒකායන මග්ග එහෙම වෙන්න බැහැ IMHO.