ඔබතුමා මම කියප්ය් එක හරියට කියවල තේරුම ගත්තන...ඔතන කියන්නෙ එක සිතක් ගැන නෙවේ...අනුශය කියන්නෙ එක සිතක දෙයක් නෙවේ...සිත්ත සන්තතියෙම තියෙන අවශ්ය මොහොතෙදි කෙලෙස් එලියට එන්න තියෙන පොටෙන්ශල් එක...අනුශය වර්ග 7..
ඔතන සොවාන් මාර්ග සිතෙත් සිදුවෙන දිට්ටිඅනුශය ඉරැඩිකේශන් එකෙන්...සොවාන් මාර්ග සිතේ විතරක් නෙවේ..එතනින් එහාට එන සියලුම සිත්වල ඒ පොටෙන්ශල් එක නැති වෙනව...එක නිසා මලාට ආර්ය සීලය කැඩෙන්නෙ නැ... ඔය සීලය බැදිල තියෙන්නෙ දිටිටි අනුශය එක්ක...ඉන්ඩ්‍රහිය සන්වරය මත නෙවේ.....මේ කියන්නෙ ච්ත්ත සන්තතිය ගැනම...
ඔය කියන technical කතා ඔක්කොම හරි ඇති රෝෂ් අයියෙ, නමුත් මට පේන්නේ ඔයාට මේ සිතේ හිත පඬු ගැසීම කියන concept එක තාම හරියට grasp වෙන්නෙ නැහැ මුළු චිත්ත සන්තතියටම බලපානව කියන කතාව ඇත්ත නමුත් මේ පඬු ගැසීම කියන්නේ ඒ බලපාන itencity එක. අය ඔය අග්‍ර ශ්‍රාවකයො වගෙ අයට මේ itencity එක ඉක්මනින් එනව සමහර අයට ගොඩක් try කරන්න ඕනි.
ඔබතුමා කියන්නෙ එක අරමුනක් පස්සෙ තව එකක්...ඊට පස්සෙ තවත් එකෙක්..ඔයවගේ යන එකද?
ආරම්මන හිත් කියන්නෙ මොනවද? ආරම්මන හිත්වල මාර්ග ස්වාබවය කියන්නෙ මොනවද? මේ වාක්ය පැහැදිලි කරන්න..
නැත, මේ කියන්නෙ (for example) ආලෝක තරංග ටිකක් සහ දකින ස්වභාවයක් මලක වර්ණ සටහනක් වෙල ඒ වර්ණ සටහන මලක් වෙල, ඒ මල ලස්සන මලක් වෙල, ඒ මල නැතුව බැරි මලක් වෙලා, ආයෙත් ඒ මල නැතුව ජීවත් වෙන්න බැරි වෙන මලක් වෙන ක්‍රියාවලිය. ඕක originally drive කරන්නෙ මිත්‍යා දෘෂ්ටිය ඕකට කියනව හිතේ පඬු ගැසීම කියල. ඔතන අවිද්‍යාව ආකාර 32 විදියකට (මතක හැටියට) ක්‍රියා කරනනව. මේක සම්මා දෘෂ්ටිය හැරවීම මේ කතා කරන්නෙ.
පඬු ගැසීම තව විදියකට කිව්වොත්, මලක වර්ණ සටහන හඟින ආරම්මන සිත්, ආරම්මණ කරගෙන තව සිත් ඇතිවෙනවා, ඒවායෙන් තව සිත් අතිවෙනවා ... ඔහොම ඔහොම මල, නැතුව ජීවත් වෙන්න බැරි වෙන මලක් වෙන මට්ටමට යනව...
අනිවාර්යයෙන්...මේකේ වැරද්දක් නැ...හැබයි මේකෙන් කියවෙන්නෙ නැ...මේ කතාකරන්නෙ අර්යකාන්ත සීලය කියල..
ඔබතුමා ඔතන උදාහරනයෙ පරිපූර්න කියන එකේ අර්තය මොකක්ද
මේ අර්යකාන්ත සීලය පරිපූර්ණ වෙන විදිය විතරක් නෙමෙයි, පරිපූර්ණ කියන්නෙ එක්තරා (predefined) මට්ටමකට මානසිකත්වයක් ඇතිවීම.
මෙහෙමයි...කලිනුත් කියන්න හිතල නිකන් හිටිය...
ඔබතුමා කලිනුත් මට කිව්වේනෙ...මම කියවන්නෙ උඩින් පල්ලෙන්...දැන් මෙතනත් කියනවනෙ මම දන්නෙ පොතේ ටෙක්නිකල් කැල්ල විතරයි අනන් මනන්..
දාර්ශනික සන්වාදයකදි පර්සනල් ෆැක්ටර් එක අදාල නැ...ඔබතුමාගේ අත් දැකීමත් (and mine too), ගට් ෆීලිනුත් තබ සතේකට වැඩක් නැ..
මෙතන අවශ්ය වෙන්නෙ...දීල තියෙන සුත්‍රයක්, දීල තියෙන ෆැක්ට් වලින් ඉන්ටෙප්‍රිට් කරගන්න එක...වෙන කිසිම ෆැක්ටර් එකක් අදාල නැ..
අනික...සන්වාදයකදි...හෙමීට හරි අනෙත් කෙනාගෙ පර්සනලිටි එකට පහරක් දෙනවනම්...අන්තිමට වෙන්නෙ පර්සනල් ඊගෝ එක ඩිෆෙන්ඩ් කරන්න දගලන එක මිසක්..කවුරුත් යමක් ඉගෙන ගන්න එක නෙවේ...
ඩෝන්ට් ටේක් දිස් පර්සනලි...
------ Post added on Jul 17, 2026 at 11:08 AM
මේක මටනම් සාමාන්‍ය දාර්ශනික සන්වාදයක් නෙමෙයි. Ego කියල එකක් නැති බව දන්න මට defend කරන්න දෙයක් නැහැ, මම දෙයක් කිව්ව නම් (බැන්න උනත්), ඒ කෙනෙක්ට යමක් දෙන චේතනාවෙන් විතරයි. අනික ඉතිං අහන කෙනාගෙ ego එක හෙල්ලෙන තරමට හොඳයි නේද? මම අත්දැකීම් ගැන හැම වෙලාවෙම කියන්නෙ මේක facts වලින් අල්ලන්න බැරි නිසා. සූත්‍ර වල facts දැනුමට හොඳයි... වෙන වැඩක් නැහැ.
Never take this personally, ask/say anything
පරමාර්ථ ධර්ම වල චිත්ත, චෛතසික, රූප වලට නෙමෙයිද රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ අයිති වෙන්නේ?
නෑත්තම් පැහැදිලි කරන්න.
දැනගන්න ඕනි මෙච්චරයි IMHO
{රූප(රූප), නාම(වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ)} = හිත = චිත්ත
හිතේ ගති = චෛතසික (there are 52 base types)
------
Post added on Jul 17, 2026 at 12:20 PM