බිත්තර සංගමය බිත්තර මිළ ඉහළ දමයි...🥚🍳🔴😡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,842
    45,957
    113
    හෙට සිට සුදු බිත්තරයක් රුපියල් 41යි - රතු බිත්තරයක් රුපියල් 42යි

    හෙට සිට සුදු බිත්තරයක් රුපියල් 41යි - රතු බිත්තරයක් රුපියල් 42යි​

    July 19, 2026 06:21 pm


    හෙට (20) සිට සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වාත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    අද (19) කුලියාපිටියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

    බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජය සහ අදාළ බලධාරීන් සෘජුව වගකිව යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

    ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර, දේශීය ඉරිඟු නිෂ්පාදනය බිත්තර කර්මාන්තයට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණවත් නොවන බව සරත් රත්නායක මහතා පැවසීය.

    ඉරිඟු වෙනුවට සහල් ඇතුළු විවිධ ආදේශක භාවිත කිරීම හේතුවෙන් සතුන්ගේ සෞඛ්‍යයට හා ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ හේතුවෙන් බිත්තර නිෂ්පාදනය සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවත් ඔහු සඳහන් කළේය.

    එමෙන්ම, ඇතැම් කූට වෙළෙඳුන් සත්ත්ව ආහාරවලට විවිධ රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ මිශ්‍ර කිරීම හේතුවෙන් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවටද සංගමයේ සභාපතිවරයා චෝදනා කළේය.

    මෙම තත්ත්වය හේතුවෙන් ගොවීන්ට දැඩි පාඩු සිදුව ඇති අතර, දෛනික බිත්තර නිෂ්පාදනයද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ඔහු පැවසීය.

    අදාළ බලධාරීන් මෙම ගැටලු පිළිබඳව දැනුවත්ව සිටියද, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැති බවද සරත් රත්නායක මහතා සඳහන් කළේය.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    761
    830
    93
    අද මෙහෙ හන්දියෙ බිත්තර කඩේ වහලා තිබුණා. එහෙනම් ඕක තමයි හේතුව.
     
    • Like
    Reactions: kinkon