මොන නවනිංගිරා ආණ්ඩුවක්ද ඕයි 🤭

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,366
    2,892
    113
    පාසල් අවසන් වීමෙන් පසු ගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළට පැමිණෙන පාසල් සිසුන් නිකරුණේ බස් නැවතුම්පොළේ රැඳී සිටීම වැළැක්වීම සහ ඔවුන් ආරක්ෂිතව නිවෙස් බලා පිටත් කිරීමේ අරමුණින් ගාල්ල පොලිසිය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

    මෙම වැඩපිළිවෙළ යටතේ පොලිස් නිලධාරීන් බස් නැවතුම්පොළ තුළ රැඳී සිටින සිසුන් නිරීක්ෂණය කර ඔවුන් ගමන් කළ යුතු බස් රථවලට කඩිනමින් යොමු කරන අතර, බස් රථ නොමැතිව නිකරුණේ රැඳී සිටින සිසුන්ට ද උපදෙස් ලබාදෙන බව පොලිසිය සඳහන් කරයි.

    ගාල්ල බස් නැවතුම්පොළට දිනපතා දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පාසල්වලින් සිසුන් විශාල පිරිසක් පැමිණෙන අතර, ඇතැම් අවස්ථාවල ඔවුන් කණ්ඩායම් වශයෙන් රැඳී සිටීම හේතුවෙන් බහින්බස්වීම් සහ ගැටුම් ඇතිවීම පිළිබඳ පැමිණිලි ලැබී තිබේ. එමෙන්ම ඇතැම් සිසුන් පාසල් අවසන් වූ පසු දීර්ඝ වේලාවක් බස් නැවතුම්පොළේ රැඳී සිටීම දෙමාපියන්ගේ සහ පාසල් බලධාරීන්ගේ ද අවධානයට ලක්ව තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පාසල් අවසන් වන වේලාවන්හි පොලිස් නිලධාරීන්ගේ සංචාර සහ නිරීක්ෂණ වැඩි කර ඇති අතර, සිසුන්ට අනවශ්‍ය ලෙස බස් නැවතුම්පොළේ රැඳී නොසිට තමන්ගේ ගමනාන්තයට යන බස් රථවලට වහාම ගොඩවන ලෙස දැනුම් දෙනු ලබයි.

    ඒ අනුව ඊයේ (23) පස්වරුවේ ගාල්ල බස් නැවතුම්පොළේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරියක් අතේ වේවැලක් ද රැගෙන සිසුන් බස් රථ වෙත යොමු කරන අයුරු දැකගත හැකි වූ අතර, එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ද පුළුල් ලෙස සංසරණය විය.

    පොලිසිය පවසන්නේ මෙම වැඩපිළිවෙළේ අරමුණ සිසුන්ට දඬුවම් කිරීම නොව, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ගැටුම් සහ අනවශ්‍ය සිදුවීම් වළක්වා ගැනීම සහ බස් නැවතුම්පොළ තුළ විනයගරුක පරිසරයක් පවත්වාගෙන යාම බවයි. මෑත කාලයේ පොදු ප්‍රවාහන මධ්‍යස්ථානවල මගී ආරක්ෂාව සහ විනය ඉහළ නැංවීම සඳහාද බලධාරීන් වැඩි අවධානයක් යොමුකර තිබේ.

    1784894381050.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    මුන්ට ඕනේ ලමයින්ව ගෙවල් වලට යවලා වාමාන්සික පොත් ගුල්ලො බිහි කරන්න
     
    • Haha
    Reactions: Honey Bunch

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,702
    2,174
    113
    Nugegoda
    ස්ටෑන්ඩ් වල දැන් කල්ලි ගැහෙන අයගෙන් ප්‍රශ්න වැඩියි. අර ගාල්ලෙ මීට කලින් ඔය විදියට ස්ටෑන්ඩ් වල කල්ලි ගැහැච්ච සෙට් එකක් තමයි අර පාසලක ළමයෙකුට ගහල වීඩියෝ පවා දැම්මෙ. මේ අය පාලනය කරන එක අනාගතයට හොඳයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    යේම තමයි මේ පුනරුජ ශ්‍රී ලන්කට් සංස්කුචික පොලීශිය මාතියා. අඩුම තරමේ බොලාට හොරෙන් තොලක් වත් දාන්න ඉඩ නෑ. පොලිශියට කුදලන් යනවා. ඒවා කරන්න පුළුවන් ගනයන්ට පමනයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 🤌 .

    ඉස්සර බොරැල්ල හංදියේ පාර පනින එවුන්ට වේවැලෙන් තැලුව පොලිස් අක්කල
    BDSM :rolleyes::rofl:
     
    • Haha
    Reactions: topkollek

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    ඔවා ඉතින් අපේ කාලේ ඉඳන් උණ වැඩ, වෙනසකට තියෙන්නේ හැම හුත්තම social media දානවා දැන්, අපේ උන් නටපු නැටුම් වලින් බාගයක් වත් මුන් නටනවද? ජිප් එක අනිවාර්යයෙන් වෙලාවට ටවුන් එක වටේ ගියා හැම දාම.
     
    • Like
    Reactions: HKavinda

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,682
    1,782
    113
    Galle
    පොලිස් ඇන්ටි BDSM කරන්න පුරුදු වෙනවා වගේ... මරු....මොන පොලිස් ස්පා එකේද දන්නේ නෑ ඩියුටි...
     
    • Haha
    Reactions: Cypress

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    මුන්ට ඕනේ ලමයින්ව ගෙවල් වලට යවලා වාමාන්සික පොත් ගුල්ලො බිහි කරන්න
    ඇත්තටම පොත් කියවන එක අඩු කරලා පාරේ හිටියොත් තමයි වාමාංශික එවුන් වැඩිපුර බිහිවෙන්නේ. එහෙම නෙත්නම් මෙලෝ වෙඩක් නොකර ගොබ්බ පොත් කියෙව්වත් වාමාංශික
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    එහෙම නෙත්නම් මෙලෝ වෙඩක් නොකර ගොබ්බ පොත් කියෙව්වත් වාමාංශික
    ගල් පත්තර බල්න මට ජෙප්පෙක් මැක්සිම් ගෝර්කිගෙ පොත් වගයක් දෙන්න ආවා. කුනුහර්ප දෙකක් කියලා එලවගත්තා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,857
    1
    9,095
    113
    අපි ඉස්කෝලෙ යන කාලෙ කෑගල්ලෙ බස්ටෑන්ඩ් එකේ ඔහොම ගෙවල් වලට යන්නැති සෙට් හිටියා. උන් කරන්නෙ තනියම ඉන්න පොඩි කොල්ලො අල්ලන් දත ගලවන එක. කැප් එකක්, හොඳ පර්ස් එකක් එහෙම තිබ්බොත් ඒවත් ගන්නවා. උන්ට ඉස්කෝලෙන් අවුට් උන උනුත් සපෝට් කරා. එක පාරක් පොලිසියෙන් පැනලා සෙට් එකක්ම අරන් ගියා පොලිසියට. ඊට පස්සෙ නම් ආයෙ තිබ්බෙ නෑ.
     
    • Love
    Reactions: waca

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,110
    6,532
    113
    East Blue (Goa Kingdom)
    «අතීසාරයට අඹුඩා ගැසීම» යනු සිංහල සමාජයේ නිතර භාවිත වන ප්‍රසිද්ධ උපමාවක් (ප්‍රස්ථාව පිරුළක්) වේ.
    මෙහි සරල හා අර්ථවත් පැහැදිලි කිරීම පහත පරිදිය:

    1. වචනාර්ථය (තේරුම)​

    • අතීසාරය: උදරාබාධයක් නිසා නිතර නිතර බඩ බුරුලෙන් යෑම (පාචනය).
    • අඹුඩා ගැසීම: අඹුඩයක් (යට ඇඳුමක් ලෙස භාවිත කළ රෙදි කඩක්) තදින් ඇඳ ගැනීම.
    බඩයන ලෙඩක් (අතීසාරය) හැදුණු කෙනෙකුට අවශ්‍ය වන්නේ ඊට සුදුසු බෙහෙත් කිරීම මිස, අඹුඩයක් තදින් බැඳගෙන බඩයෑම වැළැක්වීමට උත්සාහ කිරීම නොවේ. අඹුඩයක් ගැසූ පමණින් අතීසාරය සුව වන්නේ නැත; එයින් සිදු වන්නේ රෝගියා තවත් අසීරුතාවයට පත්වීම පමණි.

    2. ගොඩනැගී ඇති උපමා අර්ථය (භාවිත වන අවස්ථා)​

    ප්‍රශ්නයකට හෝ ගැටලුවකට නිවැරදි හා ප්‍රායෝගික විසඳුම ලබා නොදී, ප්‍රශ්නය තවත් සංකීර්ණ වන ආකාරයේ මතුපිටින් කරන නිෂ්ඵල විසඳුම් ලබා දීම හැඳින්වීමට මෙම උපමාව යොදා ගනී.
    • නිදසුනක් ලෙස:
      ආයතනයක හෝ රටක පවතින ලොකු පාලන/ආර්ථික අර්බුදයකට මුලින්ම මුහුණ දී ඊට නියම විසඳුම් සෙවීම වෙනුවට, කිසිදු පලක් නැති පොඩි පොඩි මතුපිටින් කරන වෙනස්කම් කරමින් ප්‍රශ්නයෙන් මගහැරීමට උත්සාහ කරන විට "මේක හරියට අතීසාරයට අඹුඩා ගහනවා වගේ වැඩක්" යැයි කියනු ලැබේ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    පොඩි පගයෝ ඉක්මනටම ගෙදර යවන්න ඕනේ..ඊලඟ සමාජ වියසනය...
     
    • Love
    Reactions: waca