දෙවැනි ගෙයක් තියන අයට බදු ගහන්න IMF යෝජනාවට රජයේ අප්‍රසාදය

topkollek

Well-known member
  • May 22, 2014
    43,512
    1
    57,640
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2027 අයවැය යෝජනා මඟින් දෙවන දේපළ බද්දක් (Secondary Property Tax) හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ එම අරමුදල අතර අදහස් පරස්පරතාවයක් මතු වී තිබේ. අමතර හෙවත් දෙවන නවාතැන්පොළවල් හෝ නිවාස ඉලක්ක කරගනිමින් ඉදිරි අයවැයෙන් මෙම බද්ද හඳුන්වා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත.

    කෙසේ වෙතත්, වෙනත් ආදායම් මාර්ග පවතින බැවින් සහ දැනටමත් නියමිත ආදායම් ඉලක්ක සපුරාගෙන ඇති බැවින් මෙවැනි බද්දක් අය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි රජය පෙන්වා දෙයි. 2023 වසරේ සිට ක්‍රියාත්මක වන විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීමේ පියවරක් ලෙස, පුද්ගලයන් සතු දෙවන සහ ඊට පසුව ඇති නිවාස සඳහා මෙලෙස බදු පැනවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදහස් කර තිබේ. නමුත්, 2027 අයවැය සඳහා යෝජනා කිරීමට නියමිත ආදායම් උත්පාදක පියවරයන් නියමිත ඉලක්ක සපුරාලීමට ප්‍රමාණවත් වන බැවින් මෙවැනි බද්දක් හඳුන්වා දීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බව රජය මූල්‍ය අරමුදල වෙත දැනුම් දී ඇත.

    එසේම, දේපළ හිමිකාරිත්වය පිළිබඳ නිසි දත්ත සමුදායක් සැකසීමට කාලය ගතවන බවත්, එවැනි දත්ත පද්ධතියක් නොමැතිව මෙය ක්‍රියාත්මක කිරීම අපහසු බවත් රජයේ මතය වී තිබේ. මෙම බද්ද 2027 අයවැය යෝජනාවලට ඇතුළත් නොවුවද, එය ක්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියටත් බලපෑම් කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

    ආරම්භක 2023 සම්මුතියට අනුව, 2025 වන විට මුළු රටටම බලපැවැත්වෙන සාම්ප්‍රදායික දේපළ බද්දක් පැනවීමට සැලසුම් කර තිබිණි. නමුත් 2024 පෙබරවාරි මාසයේදී සිදුකළ තාක්ෂණික නිරීක්ෂණයකදී ඊට ප්‍රධාන බාධා දෙකක් මතු විය. එනම්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව දේපළවලට අදාළ බදු ආදායම් පළාත් සභාවලට හිමිවන බැවින් මධ්‍යම රජයට සෘජුව බදු පැනවීමට නොහැකි වීම සහ රටේ පවතින දේපළ මිලියන පහකට ආසන්න සංඛ්‍යාව පිළිබඳ යාවත්කාලීන කළ භාවිත කළ හැකි දත්ත තක්සේරු දෙපාර්තමේන්තුව සතුව නොතිබීමයි.

    මෙම ව්‍යවස්ථාපිත ගැටලුව මඟහැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2024 අගෝස්තු මාසයේදී "ආරෝපිත කුලී ආදායම් බද්ද" (Imputed Rental Income Tax) නම් විකල්පය යෝජනා කරන ලදී. ඒ අනුව පුද්ගලයෙකුගේ නිවසේ තක්සේරු කළ කුලී අගය ආදායමක් ලෙස සලකා බදු පැනවීමටත්, එය 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටත් නියමිතව තිබුණි. කෙසේ වෙතත්, 2024 නොවැම්බර් මැතිවරණයෙන් පසු පත්වූ වත්මන් රජය එම ක්‍රමවේදය ප්‍රායෝගික නොවන බව තීරණය කිරීමත් සමඟ එම යෝජනාව අතහැර දමන ලදී.

    gossiplanka

    ආණ්ඩුව අකමැති වුනත් IMF කියන නිසා බද්ද ගහන්න වෙන තත්වයක් ලු!

    Dogs Are You Okay GIF by BuzzFeed
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,497
    113
    ආශ්චර්යමත් රටක
    වැඩිපුර ගෙයක් තියෙනවට නෙවෙයි බදු ගහන්න ඕන. ඒකෙ සාධාරණයක් නෑ.

    හැබැයි ඒ ගෙදරින් ගන්න ආදායම අදටත් පෙන්නන්න ඕනනේ. ඒක පෙන්නලා බදු ගෙවන්නෙ නැති උන්ට ඇක්ෂන් ගන්න ඕන.

    තව ඒ වගේ ගෙවල් තමන් පාවිච්චි නොකර හරි බදු නොදී හරි නිකන් තියෙනව නං ඒකට බද්දක් ගැහුවට කිසිම වරදක් නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,585
    7,905
    113
    Kotahena
    තව ඒ වගේ ගෙවල් තමන් පාවිච්චි නොකර හරි බදු නොදී හරි නිකන් තියෙනව නං ඒකට බද්දක් ගැහුවට කිසිම වරදක් නෑ.
    අම්මා තාත්තා ගෙන් හම්බුනේ. ආදායම් මාර්ගයක් නැති අය එහෙනම් ඒ ඉඩම් රජයට අයිති කරගන්න ඕන.
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,497
    113
    ආශ්චර්යමත් රටක
    අම්මා තාත්තා ගෙන් හම්බුනේ. ආදායම් මාර්ගයක් නැති අය එහෙනම් ඒ ඉඩම් රජයට අයිති කරගන්න ඕන.

    මොන httk ද මේ කියන්නෙ? තේරෙන්න කියපන් බයිසන්.
     
    • Haha
    Reactions: Tramadol

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,428
    12,316
    113
    35
    Spain
    වැඩිපුර ගෙයක් තියෙනවට නෙවෙයි බදු ගහන්න ඕන. ඒකෙ සාධාරණයක් නෑ.

    හැබැයි ඒ ගෙදරින් ගන්න ආදායම අදටත් පෙන්නන්න ඕනනේ. ඒක පෙන්නලා බදු ගෙවන්නෙ නැති උන්ට ඇක්ෂන් ගන්න ඕන.

    තව ඒ වගේ ගෙවල් තමන් පාවිච්චි නොකර හරි බදු නොදී හරි නිකන් තියෙනව නං ඒකට බද්දක් ගැහුවට කිසිම වරදක් නෑ.
    ආපහු බලහන් උඹේ ලොජික් එක. අමතර ගෙයක් තිබ්බට බද්දක් ගහන එක සවුත්තු වැඩේ. අමතර ගෙයින් ආදායමක් උපයනවා නම් බද්දක් ගහන්න ඕන. නිකම් ගෙවල් තියන් ඉන්න උන්ගෙනුත් බද්දක් ගන්න ඕන. යකෝ ගල් පැලෙනවා මේවට.

    Mothers Day Lol GIF by reactionseditor
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,585
    7,905
    113
    Kotahena
    ආපහු බලහන් උඹේ ලොජික් එක. අමතර ගෙයක් තිබ්බට බද්දක් ගහන එක සවුත්තු වැඩේ. අමතර ගෙයින් ආදායමක් උපයනවා නම් බද්දක් ගහන්න ඕන. නිකම් ගෙවල් තියන් ඉන්න උන්ගෙනුත් බද්දක් ගන්න ඕන. යකෝ ගල් පැලෙනවා මේවට.

    Mothers Day Lol GIF by reactionseditor
    පිස්සෙක්
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,497
    113
    ආශ්චර්යමත් රටක
    ආපහු බලහන් උඹේ ලොජික් එක. අමතර ගෙයක් තිබ්බට බද්දක් ගහන එක සවුත්තු වැඩේ. අමතර ගෙයින් ආදායමක් උපයනවා නම් බද්දක් ගහන්න ඕන. නිකම් ගෙවල් තියන් ඉන්න උන්ගෙනුත් බද්දක් ගන්න ඕන. යකෝ ගල් පැලෙනවා මේවට.

    ඒව ඉතින් කුඩා මොළ බයියන්ට තේරෙන්නෙ නැති උනාට මට කරන්න දෙයක් නෑ. එහෙම තමයි අපි මේ ඉන්න ධනවාදී රටවල් වල වෙන්නෙ. 🤌🏼
     
    • Haha
    Reactions: Inigo Montoya