දත් කැක්කුම් එහෙම තියෙන අය නිවාඩුවට එනකං කරාබු නැටි හප හප ඉන්නවා ඇති නෙ.
@shenat උබ දත් පුරවන්නේ සුද්ද කරන්නෙ ලංකාවෙන්ද නැත්තං ඔසී වලින්ද?
දෙකෙන්ම කරනවා.
ලංකාවට එන්න ළඟ කාලෙ දත් සුද්ද කරන්න තිබුණොත් ලංකාවෙන් කරලා තියෙනවා. පස්සෙ දැනගත්තා ගෝතයා, රනිල් සවුබාගෙ දැක්ම පාට් 2ක්ම පෙන්නුවට පස්සෙ මෙහෙන් කරා කියලා ලොකු ගාණක් වැඩි නැති බව. ලංකාව කිව්වම ඉස්සර කාලෙනෙ මතක් වෙන්නෙ.
දත් සුද්ද කරන්න ලංකාවට ගිහින් තේරුමක් නෑ. ළඟදි පවුලෙ කෙනෙක්ගෙ දත් සර්ජරි එකකුත් කරන්න වෙයි. ඒකට ලංකාවෙ යන්න තියෙන හොඳම ක්ලිනික් එකකට යමු කියලා හිතන් ඉඳලා ආයෙ ඩිසයිඩ් කරා මෙහෙන්ම කරනව කියලා. තාම ලංකාවෙ මෙහේ තරං දියුණු මැෂින් එහෙම නෑ පේන විදියට. තිබුණොත් අනිවා මෙහෙට වඩා කොස්ට් එකත් වැඩි වෙයි. ඉතින් තේරුමක් නෑ වගේ.
ලංකාවෙන් බෙහෙත්(කන්සල්ටේෂන් නෙවෙයි) නං මෙහේ ගේන්න අරන් නෑ මෙහේ ආවට පස්සෙ. ගන්නෙත් නෑ. කන්සල්ටේෂන් නං ගන්නවා.