ඔය කුරුළු පැටවුන්ට පාඩුවේ ඉන්න දීපන් පකයෝ. හැම තිස්සෙම එබිලා බල්ලන්න එපා..
පුංචි කුරුළු කූඩුවේ
උන් ඉන්නවා පාඩුවේ
එපා මුගුරු විසි කරන්න
නිකන් ඉඳින් යාලුවේ..
ගසේ හොඳම තැනක් බලා
උන් කූඩුව හැදුවේ
දරු පැටවුන් රැකගන්නයි
මේ ලෙස දුක් වින්දේ
කිචි බිචි ගා පුංචි පැටව්
ගීයක් රස කෙරුවේ
මොකෝ යාළු අනේ උන්ට
ගල්කැට විසිකෙරුවේ
නුඹේ ගලක් වැදුන සැනින්
කූඩුව යයි කැඩිලා
පුංචි පැටවූ බිම වැටුනොත්
අත්තටු යයි බිඳිලා
මැරී ගියොත් පැටවුන් ටික
කුරුළු මවුන් දැකලා
ඇගේ පපුව පැලී හැලෙයි
ලේ ගංගා ගලලා..
පුංචි කුරුළු කූඩුවේ
උන් ඉන්නවා පාඩුවේ
එපා මුගුරු විසි කරන්න
නිකන් ඉඳින් යාලුවේ..