කොච්චර කැටයම් දාලා තිබුනත් corporate life එක කියන්නේ ඒකාකාරී දුකක්... ඔහොම music එකක් දාලා calm vibe එකක් තියෙද්දි හෙන ආතල් වගේ හැබැයි හිතපන් උදේ ඇහැරිලා වාහනේ ඔතෙන්ට traffic එකේ එන්න යන කට්ටම කොච්චරක්ද? එතකොට අඩුකුලේ managers ලා, HR එක, Office politics එක්ක deal කරන එක, Deadlines අනන් මනන් වලට හැල්මේ දුවන එක, ජීවිතේ දවසක් නිදහසේ ඉන්න තව එකෙක්ගේ approval එක ඕනේ එක, හවසට traffic එකේ ආපහු පැය එකහමාරක් විතර එන එක, promotion එකකට තව එවුන් එක්ක තරඟ කරන්න වෙන එක වගේ ඒවා නිසා corporate jobs කියන්නේ මටනම් වහ.
මම කියන්නේ නෑ තමන්ගේම මොකක් හරි කරන්න ගත්තා කියලා හෙන සොමියේ ඉන්න පුළුවන් කියල, හැබැයි සාපේක්ෂව මම කැමතියි ඒ ජීවිතේට... අපි පොඩි කාලේ දෙමව්පියෝ අපිට ඉගැන්නුවේ ආයෙත් මෙහෙම දුක් විඳින්නද කියල මට හිතුනා office යන කාලේ. ඉස්සර උන්ටනම් අඩුගානේ job security එකවත් තිබුනා, දැන් ඒකත් නෑ... ඔක්කොම හුකාරිස් අවුරුදු 35 පැන්න ගමන් ඉවරයි. එතකොට අපිට වඩා තරුණ දක්ෂ එවුන් ඇවිත් අපේ place එක අල්ලගන්නවා.