ඔය මොළේ වැඩි වෙච්ච එවුන්ට තියෙන ප්රශ්න.
මම නම් ඉස්සර ඉඳලම උඹලගෙ privacy එකට දෙන්න පුළුවන් උපරිම chance එක දීලා වැඩ කරේ. අදටත් එහෙමයි. මොකක් හරි කරගන්න විදිහ ගැන ප්රශ්නයක් අහන කිසිම එකෙක්ට privacy එකට අවුලක් යන දෙයක් කරන්න කියන් නෑ, යන්තම් හරි එහෙම තිබ්බත් සම්පූර්ණ විස්තරය කියල chance එකක් දෙනවා හා හෝ බෑ කියන්න. අවුල් නම් බෑ කිව්වට කවදාවත් තරහ වෙලා නෑනෙ. මාත් එක්ක මොකක් හරි දේකට personally කතා කරපු හැමෝම මගෙ ගැන දන්නවා අැති.
මට කටින් කියන්න පුළුවන් වුණාට අරක මේක කරන් නෑ කියල, උඹල එ්ක විශ්වාස කරන්නත් එපැයි. එ් trust සීන් එක තියෙනවා. එ්ක හිතලමයි මම වැඩ කරන්නෙ. මම කොහෙවත් යන හැංගිලා ඉන්න එකෙක් නෙවෙයි. සේරම contact details public ම දාල තියෙනවනෙ. OnaHuptak එක හදපු කාලෙත් ඕක click කරන උන් සේරම මම hack කරනවා කියල රෙද්දක් කියවගෙන අාවනෙ සමහරු.
Cynicism මරු, හැබැයි මට උඹලගෙ රෙද්දක් hack කරන්ඩ තැනක් ඕකෙ තියෙනවද කියල හිතල බලන එක ඊටත් වඩා මරු. යකෝ ඔය දාල තියෙන්නෙ apkmirror එකේ link එකක්. උඹ හිතනවද මම apkmirror එකේ අයිතිකාරයා කියල? මුළු ලෝකෙම දැනට ඕනම app එකක apk එක ගන්න තියෙන හොඳම සහ ප්රසිද්ධම site එක apkmirror. එ්කෙ link එකක් දාපුවම, එ්ක උඹල download කරගත්තම මට අැවිත් උඹලගෙ phone hack කරල, credit card වල සල්ලි ගන්ඩ පුළුවන් කියල හිතාගෙන ඉන්නවා නම් උඹත් අර හුළගෙන් එ්ඩ්ස් බෝ වෙනවා කියල ඩෙඟා නටපු ජාතියෙම සුපිරි මොළයක් තමා.


එහෙම නැත්නම් උඹ කියන්නෙ මගෙ referral code එක EVFET2 ගැහුවාම මම එ්ක අැතුළෙන් අැවිත් hack කරනවා කියලද මචන්? පොඩ්ඩක් තේරෙන්න කියපන්කො මම hack කරන තැන?
