අපේ ගෙදර ඉදිරියේ තියෙන පොදු නළ ළිඳ අද ප්‍රාදේශීය සභාවේ නම ගහපු ත්‍රිවිල් එකකින් ඇවිත් ගැලෙව්වා. ඒකේ බටේ අසල තියෙන ඉඩමකට ඇදලා දාලා, එයාලා ඒකේ ඇතුළේ තිබුණ කම්බිත් අරන් ගියා.
ඔය නළ ළිඳ ළඟ ඉඩමක කෙනෙක් එයාලා එක්ක හිටියා. වතාවක් එයාගේ ඉඩමකට බැකෝ එකක් ගන්න ගිහින් ඔය නළ ළිඳේ පොල්ල වද්දලා ඒක නැවුනා.
හැම අවුරුද්දකම අපේ කුලී ගෙදර ළිඳේ වතුර හිඳෙන කාලයක් එනවා. එතකොට අපි වතුර ගන්නේ ඔය නළ ළිඳෙන්. දැන් අපේ ළිඳේ අඩියක් වගේ වතුර තියෙන්නේ. ඒක හිඳුනාම අපිට වතුර ගන්න ක්‍රමයක් නෑ
මේ ගෙදරට කුලියට ආවේ 2011 අප්‍රියෙල් වල. අපි එතකොට ඔය නළ ළිඳ දිරලා කැඩිලා තිබුණේ, කිසිම පාවිච්චියක් නැතුව. ඒ කාලේ මහින්ද සර්ගේ පක්ෂේ පත් වෙලා හිටිය ප්‍රාදේශීය සභාපති මගේ ආච්චි එක්ක හොඳ හැඳුනුම්කමක් තිබුණා. ඒක නිසා ඒක මගේ ආච්චිට හදලා දුන්නා.
මගේ තාත්තා 1989 දේශපාලනයට වැඩ කරලා ඒ දේශපාලන පසුබිම නිසා ජීවිතයෙන් වන්දි ගෙවපු කෙනෙක්. ඒ නිසා අද මේ නළ ළිඳ ගලවාගෙන ගිය සිද්ධිය ගැනත්, ඒක අපි එක්ක තියෙන පරණ තරහක් හෝ දේශපාලන හේතුවක් නිසා කළාද කියලා මට සැකයක් තියෙනවා.
මේ විදිහට පොදු නළ ළිඳක් ගලවලා ගෙනියන්න පුළුවන්ද, මේ ගැන කාගෙන් අහන්න ඕනෙද කියලා දන්න කෙනෙක් කියන්න.
මේ තියෙන්නේ මම නළ ලිද ගැන 2017 දාපු පොස්ට් එකක් https://elakiri.com/threads/නල-ලිද-ගමේ-එවුන්-කඩලා-අද-කන්න-නැහැ-නාන්න-නැ.1813288/