උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,406
    2,283
    113
    මචං සත්තු මරං කන සත්තුන්ටත් කර්ම විපාක තියෙනවද?
    සිංහයින්ට කොටින්ට?

    කොටිය කියල නැ...සතෙක් මරනකොට ඇතිවන සිතුවිලි අනුව කර්මය සකස් වෙන්නෙ...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,287
    1
    29,175
    113
    1000050603.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,152
    1
    9,053
    113
    -~උලක් උඩ-~
    විස ගොර සරපයා
    දැක නෑර මෝඩයා


    එහෙම කියල මරන්න එපා
    එලවන්න බලන්න
    "විශ ඝෝර සර්පයා දැක නෑරු මෝඩයා " කියලා නෙවෙයිද කියන්නෙ. ? එහෙම සර්පයෙක් දැක්ක විට එතනට මෝඩයෙක් යවන්න එපා කියලා? :confused:

    "දෙරණ තුල තුඹසයා
    තුඹස තුල නාගයා
    විෂඝෝර සර්පයා
    දැක නාරි මෝඩයා"

    මිනිසාගේ සිරුර නම් පොළව මත හදවත නැමති තුඹස පිහිටා ඇත. එම හදවත නැමති තුඹසෙහි තණ්හාව නම් වු මාරාන්තික නාගයා වාසය කරයි. තන්හාව නැමැති ඒ මාරාන්තික නාගයා දැක දැකත් මෝඩ මිනිසා එය අත් නොහරී.
    ------ Post added on Sep 25, 2026 at 11:26 PM
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,777
    9,152
    113
    kandy
    "විශ ඝෝර සර්පයා දැක නෑරු මෝඩයා " කියලා නෙවෙයිද කියන්නෙ. ? එහෙම සර්පයෙක් දැක්ක විට එතනට මෝඩයෙක් යවන්න එපා කියලා? :confused:

    "දෙරණ තුල තුඹසයා
    තුඹස තුල නාගයා
    විෂඝෝර සර්පයා
    දැක නාරි මෝඩයා"

    මිනිසාගේ සිරුර නම් පොළව මත හදවත නැමති තුඹස පිහිටා ඇත. එම හදවත නැමති තුඹසෙහි තණ්හාව නම් වු මාරාන්තික නාගයා වාසය කරයි. තන්හාව නැමැති ඒ මාරාන්තික නාගයා දැක දැකත් මෝඩ මිනිසා එය අත් නොහරී.
    ------ Post added on Sep 25, 2026 at 11:26 PM
    අම්මපා මම දැනගෙන හිටියේ නෑ මෙහෙම සීන් එකක්

    තැන්කු වේවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,113
    50,438
    113
    සේදවත්ත
    ඔයා යන්න ... ඔයා යන්න ... යනවා නේද .. මහත්තය දැන් යන්න ආ ආ ආ හරි හරි අපි මොකවත් කරන් නෑ යන්න .. භවතු සබ්බමංගලම් ..... නයි මහත්තයා දැන් යනවා නේද ... ඔතන් පඩියෙන් බැහැල යන්න අපෙන් කරදරයන් නෑ ..

    කියලා රීප්පෙකින් තල්ලු කරනවා පිඹිනකොට .
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,526
    4,564
    113
    මාසෙකට කලින් වත්තෙන් පිට පාර එහා පැත්තේ කොලරොඩු අස්සේ අහුවුනා පොලොන් පැටියෙක් මරන්නේ නැතුව අතෑරියා මට අදාළ නැති නිසා අපේ වත්තේ නෙමෙයි නිසාත්. සත්තු මරන්න අකමැති නිසාත්. හැබැයි අද දැන් පැයකට කලින් ගේ පිටිපස්සේ කුණු වල ගාව ආයේ පොලොන් පැටියෙක් හිටියා. එදා හිටපු එකාමද මන්දා. අකමැත්තෙන් වුනත් මරන්න සිද්ද වුනා. බෝතලේකට දාලා අල්ලන්න දන්නෙත් නෑනේ. ආයේ මැරුවේ නැත්තන් එක්කෝ මට කෙලිනවා නැත්තන් පූසන්ට කෙලිනවා. උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා. :(

    උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?
    මන් කූඹියෙක්වත් මරන්න කැමති කෙනෙක් නෙමේ ඒත් මගෙ අතින් සර්පයි දෙන්නෙක් මරුණා. එකෙක් තරහ ගිහින් හිටපු වෙලාවක දැකලා ගල් ගහලා මැරුවේ තරහා උගේ පිටින් ගියා. දෙවෙනි එක අම්මා බාත් රූම් එකේ හිටියේ සර්පයෙක් කියලා කෑ ගහුවා සර්පයා දොරේ හිටියේ වෙන වෙලාවකනම් කොස්සකින් හරි තල්ලු කරගෙන ගිහින් අයින් කරල දානව එත් එ වෙලාවේ අම්ම බාත් රූම් එකේ හිටපු නිසා සර්පයව බිම දැම්මානම් ඌ කලබල වෙලා අම්මට දෂ්ඨ කරන්න තිබ්බ කරන්න දෙටක් නෑ එහෙම්මම දොරට හිර කරලා මරල දැම්මා.

    ඒ ඒ සිද්ධි දෙම මට් සැරෙන් සැරේ මතක් වෙනවා මාර අවුල්, මට බය මන් මැරෙන වෙලාවට ඕක මතක් වෙලා මගේ චුති සිත නරක් වෙයි කියලා.

    හැබැ‍යි ඊට පස්සේ මන් දැලකට අහු වෙලා හිටපු ගැර්ඬියෙක්ව බේරල යැවුවා, පොලඟෙක්ව මරන්නේ නැතුව උඩ තට්ටුවෙන් පහලට ( තණකොළ ගොල්ලට ) තල්ලු කරලා බෙරලා යැවුවා

    මරන්න එපා. පුලුවන් හැම වෙලාවකම බේරලා යවන්න බලන්න.
     
    Last edited:

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,062
    2,434
    113
    Birmingham
    දැන් නම් මරන්නේ නැහැ බන්. වත්ත පිරිසිදුවට තියාගන්න බලන්නේ. ඉස්සර තාත්තා සර්පයෝ මැරුවා දැන් නම් කියලා දීලා තියෙන්නේ.


    පොලොන් තෙලිස්සා මද විෂ කියලත් කියනවා, උග්‍ර විෂ කියලත් කියනවා :love2:
    ------ Post added on Sep 26, 2026 at 12:40 AM