ශිරන්ති රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ එකට 13දා උසාවියට ඉදිරිපත් කරයි [Family goals]

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,296
    2
    5,824
    113
    දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යන දෙදෙනාම ලබන 13වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාග සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

    සිරිලිය ගිණුමට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පවරා ඇති නඩුව කොළඹ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන අතර අතිරේක මහෙස්ත්‍රාත් ලක්‍ෂ්මා ප්‍රේමරත්න මහත්මිය විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණි.

    එයාර් බස් ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන අතර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් නාමල් රාජපක්ෂ මහතා ලබන 13වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණි.

    ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමට නියමිතය.

    https://irinews.com/shiranthi-rajap...to-be-produced-in-court-together-on-the-13th/
     
    • Sad
    Reactions: waca

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,546
    2,050
    113
    United States
    අද තමයි 13දා, දෙන්නවම එකට උසාවියට ඉදිරිපත් කරනවා කියලා තියෙන්නේ.
    කවුරු වුණත් නීතිය ඉදිරියේ එක වගේ වෙන්න ඕනේ, අද මොකද වෙන්නේ කියලා බලමු.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,546
    2,050
    113
    United States
    අද තමයි 13දා කියපු දවස, උසාවියේදී මොකද වෙන්නේ කියලා බලමු. නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙනවා නම් ඒක තමයි ඇත්ත වෙනස.
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    633
    1,030
    93
    කාන්තාරයේ
    හොරකම් කරලා නැත්තම් පව් ඔය පවුල ඉක්මන්ට සාධාරණයක් වෙන්න ඕන. හොරකම් මිනීමැරුම් වංචා කරලනම් බන්ධනාගාරය ඇතුලෙම පවුලම වලකජ්ජ ගහන්න ඕන
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,591
    21,321
    113
    හස්තිශෛලපුර
    හොරකම් කරලා නැත්තම් පව් ඔය පවුල ඉක්මන්ට සාධාරණයක් වෙන්න ඕන. හොරකම් මිනීමැරුම් වංචා කරලනම් බන්ධනාගාරය ඇතුලෙම පවුලම වලකජ්ජ ගහන්න ඕන
    හොරකම් කරලා නැත්තම්

    :lol: helping hambantota check eka matak una..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,598
    9,644
    113
    5d4acd51-1b71-4e50-b775-3f57c85e4b20.jpeg
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,230
    2,036
    113
    London, United Kingdom
    හොරකම් කරලා නැත්තම් පව් ඔය පවුල ඉක්මන්ට සාධාරණයක් වෙන්න ඕන. හොරකම් මිනීමැරුම් වංචා කරලනම් බන්ධනාගාරය ඇතුලෙම පවුලම වලකජ්ජ ගහන්න ඕන


    මයින්ද මාත්තයා හොරකම් කරා කියල පිලිගත්තත්... බයියෝ පිළිගන්නේ නෑ.

    බයියෝ කියන්නේ හරි අමුතු ජීවීන් කොට්ඨාශයක්