සන්නද්ධ කල්ලි 2ක් මොරටුවේදී සහ ත්‍රි’මලේදී හෝටල් හිමියන් 2 ක් මරා දමති
https://www.divaina.lk/main-news/109841 · දිවයින
සන්නද්ධ කණ්ඩායම් දෙකක් විසින් මොරටුව සොයිසාපුරයේදී සහ ත්‍රිකුණාමලය 4 කණුව හන්දියේදී හෝටල් හිමියන් දෙදෙනකු පෙරේදා (20දා) රාත්‍රියේ සාහසික අන්දමින් ඝාතනය කර ඇත. මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ පිහිටි හෝටලයකට පෙරේදා රාත්‍රී 8.30ට පමණ කඩා වැදුණු පාතාල කුලී ඝාතකයකු හෝටල් හිමියාගේ හිසට ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබිණි. කුඩු අංජු සහ ඇල්ටෝ ධර්මේ යන පාතාල නායකයන් විසින් මෙහෙයවන කල්ලිය මෙම ඝාතනය කළ බවට පොලිසිය සැක පහළ කරයි. මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ හෝටලයේ ආහාර ගනිමින් සිටි කාන්තාවක්ද වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත. ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා පැලඳ සිටි පවුම් 10ක රන්මාලය අතුරුදන්ව ඇති බවද පොලිසිය පවසයි.