කොල්ලො උබට පෝස්ට් එක තේරිල නෑ නෙව. මම කිව්වේ ඔය ඔක්කොටම එක එක ගන්න බෑ, නමුත් ඔය අවස්තාවල් ටික මැනේජ් කර ගන්න පුලුවන් කල් පවතින එකක්, මචන් කොපි තියෙනවා රු 5000 ඉදන්, හොද බ්‍රෑන්ඩ්ස් තියෙනවා 12000 ඉදන්. ඔය අතරෙ කරුමෙට තියෙන්න පුලුවන් හොද බඩු, ඒකයි ඇහුවේ. කොල්ලෝ සිය ගානක් මේකෙ ඉන්නවනේ උන්ට හොද අත්දැකීම් තියෙනවා ඔවා ගැන. අනික එහෙම බඩුවක් තියෙන්න ඕන කියල නීතියක් නෑ, ඔය රේන්ජ් එකේ නැත්නම් නෑ ඉතින්.
figure of speech ban, mama ehema duwanne neh, one nam 50m duwai

------
Post added on Nov 4, 2026 at 11:47 AM
එහෙනම් අර පහලින් තියන පොඩි අකුරු ටික කියෝපන්. general use එකට නම් DSI එකේ තියන 7000-10000 දෙකක් ගනින්.
බ්‍රෑන්ඩඩ් නම් අමාරු වෙයි ඔය උබ දාලා තියන බජට් එකට. අවුරුද්දක් දෙකක් (වාර 40-60 දාලා විසි කරන්න වෙයි) අඩුවට ගන්න ඒවා. හොද බ්‍රෑන්ඩඩ් දෙකක් තුන් ගුණයක් දීලා ගත්තොත් ඒ වගේ 2ගුණයක් 3 ගුණයක් කල් පාවිච්චි කරන්න පුළුවන් වෙයි.
හොද බැර්න්ඩ් නෙමේ නම් මේ පාර ගන්න එක නෙමේ ඊලග පාර එන්නේ. කොලිටියත් වෙනස්.
අනික සොෆ්ට් සෝල් වල කල් යනකොට කුඩු හැලෙනවා. නිෂ්පාදිත දිනේ විතරයි වැදගත්. දාපු ගම් උනත් එකයි. ඒ නිසා ඒවගේ ඒවා මම හොදයි කිව්වත් මම ගත්තේ මීට අවුරුදු 1-2 කලින් නම් උබට හම්බෙන එක එක නොවෙන්න චාන්ස් වැඩි.
ඒ නිසා මගේ උපදෙස නම් වටේ මහලා නම් හොදාදාදාදායි.
යන්නේ එන්නේ බස් එකෙ හෝ බයිසිකලේ නම් මම නම් කරන්නේ අවුරුදු 1-2 දුවන්න පුළුවන් සාමාන්‍ය දෙකක් ගන්න එක.
එක ගන්නේ කොටුවෙන් ද කඩෙන් ද අදාළ නෑ ඇහැට පේන, අතට අහුවෙන හොද එක ගේනවා. ගත්තට පස්සේ අමතක කළා. මෙතෙක් ගෙනල්ලා ටික දවසකින් කෙල වෙලා නෑ. හොද බ්‍රෑන්ඩ් ගත්ත ඒවා දිනපතා දාන්නෙත් නෑ. ඒවා අවුරුදු ගණන් තියනවා ඒ විදිහටම