වෙළෙඳපොළේ අලෙවි කරන පෙට්රල් ලීටරයකින් රුපියල් 145ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 128ක බද්දක් රජය අය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අනාවරණය කර තිබේ.
ඉන්ධන මිල සූත්රය සහ පිරිවැය සැකැස්ම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) සිදුකළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී සභාපතිවරයා පැහැදිලි කළේ පෙට්රල් ලීටරයක් සඳහා වන බද්ද ඒකාබද්ධ වූ විට ලීටරයකින් රුපියල් 145ක් වන අතර, ඩීසල් ලීටරයකට එම බදු එකතුව රුපියල් 128ක් වන බවයි.
එමෙන්ම ඉන්ධන මිල ගණනය කිරීමේදී ණය පියවීම වෙනුවෙන් ලීටරයකට රුපියල් 50ක මුදලක් ද වෙනම ඇතුළත් කර ඇති බවද සභාපතිවරයා කාරක සභාව හමුවේ අනාවරණය කළේය.

..
