හකීම්ගේ සම්බන්ධීකාරකයින් 85කට වෝටර් බෝඩ් &#347

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,809
    614
    113
    හකීම්ගේ සම්බන්ධීකාරකයින් 85කට වෝටර් බෝඩ් &#347

    අමාත්‍ය රාවුෆ් හකීම් මහතා යටතේ පවතින ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් 85 දෙනකු අමාත්‍ය සම්බන්ධීකාරකවරුන් ලෙස පත්කර ඔවුන්ට වැටුප් වශයෙන් රුපියල් කෝටි 16කට වැඩි
    මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී කප් ඊයේ (22) තොරතුරු අනාවරණය විය. මේ ගෙවීම් කර ඇතැයි පැවසෙන්නේ 2015 සිටය.

    එවැනි අමාන්‍ය සම්බන්ධීකාරකවරුන් 35 දෙනකු තවමත් සිටින බවත්, ඔවුන්ගෙන් එක් අයකුට ඉන්ධන

    දීමනා ඇතුළුව රුපියල් දෙලක්ෂ හැටපන්දහසක මුදලක් වාර්ෂිකව ගෙවනු ලබන බවත් එහිදී හෙළිවිය.පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) එහි සභාපති ජවිපෙ පාරිලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22) පස්වරුවේ රැස්විය.

    කෝප් කමිටුවට ඊයේ කැඳවනු ලැබ සිටියේ නගර සැලසුම් ජල සම්පපාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ සහ ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති කේ. අන්සාර් යන මහත්වරුන් ඇතුළු එහි ප්‍රධානීන් පිරිසකි. මේ අමාත්‍ය සම්බන්ධීකාරකවරුන් ඉටුකරන වැඩකටයුතු පිළිබඳව කිසිවක් සඳහන් නොවන හෙයින් වහාම ඒ පිළිබඳ විස්තර වාර්තාවක් දෙන්නැයි කොප් කමිටුවේ සභාපතිවරයා ජල සම්පත් සහ ජලාපවහන මණ්ඩලයේ ප්‍රධානීන්ට නියෝග කළේය.

    "මීට කලින් අමාත්‍ය සමබන්ධීකාරකවරුන්

    85 දෙනකු පත්කරලා තිබුණා. අප මෙයට කලින් ඒ ගැන වාර්තා ඉල්ලුවත් දුන්නේ නැහැ" යැයි ද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී කිය. මේ අතර ජල සම්පත් මණ්ඩලය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබූ විගණන වාර්තා හයකට එම මණ්ඩලයේ ප්‍රධානීන් පිළිතුරු දී නැතැයි ද කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ විය.

    මේ අතර තරගකාරි මිල කැඳවීම නොකරන ව්‍යාපෘති (Unsolicited Proposals) දීම නතර කරන්නැයි ද කෝප් කමිටුව ජල සම්පත් මණ්ඩල ප්‍රධානීන්ට ඊයේ (22) නියෝග කළේය.මේ වන විට ජල සම්පත් මණ්ඩලයේ තරගකාරි මිල කැඳවීම් නොකරන ලද ජල ව්‍යාපෘති නවයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු හෙළිවී යැයි කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහනා මෙහිදී පැවැසීය.

    ජාතික ජලසම්පපන් හා ජලපවහන මණ්ඩලය මේ වන විට බැංකු ඇතුළු ආයතනවලට රුපියල් කෝටි 10,000කට වැඩි මුදලක් ණයවී සිටින බව කී හඳුන්නෙනි මහතා මණ්ඩලය ගිය වසරේදී රුපියල් කෝටි 50ක පමණ පාඩුවක් ලැබූ බව ද ප්‍රකාශ කළේය.

    -ඩයනා උදයංගනී-
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    රවුෆ් හකීම් ගේ සහයොගය සහ බදුර්දීන්ගේ සහය ලබා නොගන්න දේශපාලන පක්ෂවලට හැමෝම සහය දක්වන්න.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    23,896
    16,069
    113
    Nowhere
    රවුෆ් හකීම් ගේ සහයොගය සහ බදුර්දීන්ගේ සහය ලබා නොගන්න දේශපාලන පක්ෂවලට හැමෝම සහය දක්වන්න.

    :)
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,899
    16,992
    113
    panadura
    රවුෆ් හකීම් ගේ සහයොගය සහ බදුර්දීන්ගේ සහය ලබා නොගන්න දේශපාලන පක්ෂවලට හැමෝම සහය දක්වන්න.
    Ow
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,680
    1
    3,783
    113
    වලපල්ලේ
    රවුෆ් හකීම් ගේ සහයොගය සහ බදුර්දීන්ගේ සහය ලබා නොගන්න දේශපාලන පක්ෂවලට හැමෝම සහය දක්වන්න.


    එහෙම බෑනේ. මේ පැත්තට ආවොත් කබරයා තලගොයා වෙනවාලු :lol:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    525
    113
    එහෙම බෑනේ. මේ පැත්තට ආවොත් කබරයා තලගොයා වෙනවාලු :lol:


    අසප්පුරුෂ කොලිටීස්.
    පොලිටීකල් පාටීස් වෙනුවෙන් බටොක් රෙන්ට් කළ අය
    කවුරුන් කලද:lol:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,438
    2,072
    113
    රවුෆ් හකීම් ගේ සහයොගය සහ බදුර්දීන්ගේ සහය ලබා නොගන්න දේශපාලන පක්ෂවලට හැමෝම සහය දක්වන්න.