ඕලන්ද ආක්‍රමණයන්ගෙන් බේරීමට කඩොල් මහ ඇතුගේ දළ යුගළ සැගවූ හැටි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,248
    104,392
    113
    ඕලන්ද ආක්‍රමණයන්ගෙන් බේරීමට කඩොල් මහ ඇතුගේ දළ යුගළ සැගවූ හැටි
    =====================================
    දුටුගැමුණු රජු උපන්දිනයේම මෙලොව පහළ වූ දුටුගැමුණු රජුගේ අතිජාත මිතුරාත් , සටන් සගයාත් , වූයේ හස්තිරාජයෙකු බව ඔබ දන්නවද.....ඒ සම්බුද්ධ ශාසනයත් ලංකාද්වීපයත් රැක ගැනීමට ගාමිණී අබය කුමරුවන්ට තම දිවි නොතකා සහය වූ ලක්දිව පිනට පහළ වූ කඩොල් ඇතුන් ය

    දුටුගැමුණු මහරජතුමන්ගේ මංගල හස්ති රාජයාගේ මෙම අලංකාර දළ යුගල කතරගම මහ දෙවොලේ තැන්පත් කර ඇති අතර කතරගම පෙරහැරේ හයවෙනි දිනයේදී දේවාල මණ්ඩපයෙන් පිටතට රැගෙන විත් මහජන ප්‍රදර්ශනයට තබා දිය කැපූ පසු නැවතත් දේවාල මණ්ඩපයේම තැන්පත් කරනු ලබයි

    ▪️ ඕලන්ද මංකොල්ලකාරයෝ

    කඩොල් ඇතුගේ මරණයෙන් අනතුරුව මහත් හරසරෙන් යුතුව මෙම දළ යුගල කතරගම මහ දෙවොලේ තැන්පත් කරන ලද්දේ දුටුගැමුණු රජතුමා කතරගම දෙවියන්ගේ දැඩි බැතිමතෙක් වූ බැවිනුත් කඩොල් ඇතුට කරනා උත්තුංග ගරුත්වයකුත් ලෙසිනි... ඒ වර්ෂ 1602 දී ඕලන්දක්කාරයෝ අප රට ආක්‍රමණය කළ යුගයයි ..වැව් අමුණු විහාරස්ථාන විනාශ කරමින් අලි ඇතුන් හරක් ඝාතනය කරමින් විශාල දේපොළ විනාශයන් කල ඕලන්දක්කාරයෝ ඌව වෙල්ලස්ස ආක්‍රමණය කරමින් සිටියහ ..කතරගම මහ දෙවොලේ දේපොළ හා වස්තුව රැක ගැනීමට කපු මහත්වරුන් හා නිළමේවරුන් අනෙකුත් දේපොළ වස්තුව සමග දළ යුගළද සැගවීමට තීරණය කළහ

    ▪️සැගවූ ස්ථානය යළි සොයා ගැනීමට අසමත් වේ

    1602 දී සගවන ලද දළ යුගළ ඕලන්ද ආක්‍රමණයන් තරමක් අකාමකා වූ පසු නැවත පැමිණි කපුමහත්වරුන් හදිස්සියේ දළ යුගළ සැගවූ ස්ථානය සොයාගන්නට තැත් කළත් එම ස්ථානය කිසිවෙක්ට හෝ සොයාගත නොහකි විණි

    ▪️ වසර 200 ක් පමණ මහ දෙවොලට අහිමි වූ දළ යුගළ

    මෙසේ වසර ගණනාවක් ගත විණි....වර්ෂ 1818 දී ඌවේ කැරැල්ලෙන් පසුව 1890 දී පාරම්පරික කපු මහතෙකු දුටු සිහිනයකින් එවෙලේම අවදි වී අනෙකුත් පිරිස සමග ගොස් ගල් කුහරයක් බිද දමා බැලීමේදී එම කඩොල් ඇතුගේ දළ යුගළ නිරුපද්‍රිතව හමුවූ අතර නැවතට්ග් පෙරහැරෙන් පුද පූජා ඇතුව රැගෙන ගොස් මහදෙවොලේ තැන්පත් කරන ලදී
    කතරගම දේවාලයට නැගෙනහිරට වන්නට යාල අංක 2 කලාපයේ ගල් පර්වතයක ගල් කුහරයක් තුළ මෙම දළ යුගල සගවා තිබිණි ..අදටත් එම ගල සහ ගල් කුහරය දක්නට ලැබේ

    ▪️කඩොල් ඇතුගේ සුවිශේෂී ගුණ

    දුටුගැමුණු රජතුමා එළාර හා සොලීන්ට විරුද්ධව සම්බුද්ධ ශාසනය හා ලංකාද්වීපය රැකගැනීම පිණිස යුද කිරීමේදී විජිතපුර බල කොටුව බිද හෙලූයේ මෙම දළ යුගලයෙන් විජිතපුර ප්‍රදාන ද්වාරය බිදීමෙනි...එයින් පසු දුටුගැමුණු රජුගේ මහා සේනාවට විජිතපුර බලකොටුව තුළට නිරුපද්‍රිතව යාමට ඉඩ සැළසිණි

    එහිදී විජිතපුර පවුර උඩ රැදී සිටි සොලීන් උණු කළ ලෝහ හා තෙල් ද පවුර බිදින කඩොල් ඇතු මතට හෙලීය
    තාර වැනි උණු වූ ලෝහ දියරයෙන් දැඩිව පිළිස්සුණ කඩොල් ඇතු එම වේදනාව දරාගත නොහැකිව විජිතපුර පවුර වටා ඇති ආරක්ෂක දිය අගළට දිව ගොස් වතුරේ බැස ගත්තේ වේදනාව දරාගැනීමට නොහැකිවය....

    සේනාවේ මහා ශක්තිය වූ මගුල් ඇතු වේදනාව දරාගත නොහැකිව පසු බැස්ස බව දුටු දුටුගැමුණු මහරජුන් එම දිය අගඅගළට කරවටක් බැස ඇතු අසළටම ගොස් " මගේ පිනට රටට පහළ වුණු මගෙ පුතේ , මගේ මේ වෑයම සම්බුද්ධ ශාසනයත් ලංකාද්වීපයත් රැකගැනීමටයි , ඔබේ උදව් නොමැතිව අප මෙය කෙසේ කරන්නෙමුද , තව එක පාරක් ඒ වෙනුවෙන් උදව් කරාපන් " යැයි අයැදි අතර දරාගත නොහැකි වේදනාවත් , තරහවත් , දුටුගැමුණු රජුට තිබූ අප්‍රමාණ ආදරයත් නිසා වේදනාව පිටම නොසැලෙන අදිටනින් යුතුව දිය අගලෙන් ගොඩට පැමිණ එක දළ පහරෙන් විජිත පුර බලකොටු ද්වාරය බිම හෙළීය

    එසේ අසම සම ගුණ වලින් යුතුවූ කඩොල්මහ ඇතු පිළිබදව රසකතා බොහොමයක්ම පවතී ...නන්දිමිත්‍රයන් හා කඩොල් ඇතු අතර කාලයක් පුරා යම් නොමනාපයක් ද පැවතිණි....අපගේ ලක්දිව එක්සේසත් කරන්නට අපරිමිතව දායක වූ කඩොල් ඇතුගේ ඒ රසවත් කතා ඉදිරි ලිපියකින් ගෙන එන්නම්

    ▪️ වරින් වර මතු වූ වේදනා

    විජිතපුර සටනෙන් පසු හොදම වෙදදුරන් ලවා කඩොල් ඇතුගේ දරුණු පිලිස්සුම් වලට බෙහෙත් කරවා , සම් පටි සහිත ආරක්ෂක පලිහවක් පළන්දා සියලු සත්කාර මහරජුගේ අනුග්‍රයෙන් සිදු කෙරුණි....නමුත් මේ ඇති වූ දරුණු පිලිස්සීම් වලින් කඩොල් ඇතු පසු කාලීනව වරින් වර පීඩා වින්දේය ...

    දුටුගැමුණු රජුගේ සමවයස් මිතුරා වූ කඩොල් ඇතු සියලු සටන් වලට නොබියව හා සාර්ථකව මුහුණ දී සටන් ජයග්‍රහයණයට සිය මෙහෙවර සම්පූර්ණයෙන් නිම කිරීමෙන් රුවන් වැලි මහා සෑය නිම කිරීමේ කටයුතු වලදීද ශ්‍රම දායකත්වයෙන් මහත් මෙහෙවරක් සිදු කෙරීය

    ▪️ කතරගමදී දැඩි ලෙස රෝගාතුර වෙයි

    පිළිස්සුම් තුවාල නිසා වරෙන් වර මතුවූ වේදනාවන්ගෙන් පීඩා විදි කඩොල් ඇතු පරිවාර ආරක්ෂකයන් සමග කතරගමට පැමිණෙමින් සිටින අතරවාරයකදී දැඩි සේ ගිලන්ව බුත්තල ගෝනගං ආර මායිමේ දියකිරිත්ත නම් ස්ථානයේදී දිය නා යලිත් ගමන ආරම්භ කිරීමට සූදානම් වුවත් එය නොහැකි විණි ....වෙහෙස නිසා එහිම නතර වූ ඇතු දින කිහිපයකින් සිය යුග මෙහෙවර සදහටම නිමා කළ අතර සේවකයන් හා ඇත් ගොව්වන් කදුළු පිරි දෙනෙතින් " කඩොල් හාමි මළා " යැයි දුටුගැමුණු රජුට දැන්වීය

    ▪️ වේදනාබරිත හදවතින් සියලු ගරුත්වයන් සහිත ආදාහන උත්සවයක් පවත්වා බුත්තල හොරමැඩිල්ල ප්‍රදේශයේදී මිහිදන් කළ කඩොල් ඇතුගේ දේහයෙන් ලබාගත් දළ යුගල ඒ උත්තරීතර සත්වයාට කරන උපහාරයක් ලෙසින් යුග යුග ගණනාවක් මිනිස්සුන්ට දැක ගැනීම පිණිස මහ දෙවොලට පූජා කරන ලදී

    ▪️ කදසුරිදුන්ගේ දේවාභරණ වැඩැම වූ පළමු හස්තියා

    කතරගම දෙවියන්ගේ දේවාභරණ වැඩැම්මීමේ වාසනාව හිමි වූ පළමු මගුල් ඇතු වන්නේ කඩොල් ය
    එමෙන්ම ලංකාවේ ප්‍රදාන දෙවොලක් තුළ සිය දළ යුගළය තැන්පත් කර වන්දනාමානයට ප්‍රාත්‍ර වූ පළමු සහ එකම ඇතුද කඩොල් ඇතු ය

    නෙතු කවුළු ✍️

    https://www.facebook.com/navodyapathirana.NethuKawulu වැඩිදුර ලිපි සදහා

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,081
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය දල දෙක කඩොල් ඇතාගෙම කියල කියන්න තියෙන එකම සාක්ෂිය කපුවා හීනෙන් දැක්ක කියන එක නේද?!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,413
    1
    103,242
    113
    34
    Kalutara
    දන් නෑ ගිහිං අහලා ඇවිත් අපිටත් කියන්න.

    මම නම් හරි ආසයි ඔව්වයේ ඇත්ත නැත්ත හොයන්න. කොහෙද ඉතින් මිනිස්සු කැමති නෑනේ සම්ප්‍රදාය කැඩෙයි විශ්වාසය බිඳ වැටෙයි කියල. 🤷‍♂️
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,298
    8,772
    113
    897302984_1718865800249258_3017419039095486486_n.jpg

    කවුද ඕයි කඩොල් හාමිට කඩුවක් දීපු පරයා

    (කඩොල් හාමි කියලා දැම්මෙ disrespect එකකට නෙමෙයි, post එකෙත් එහෙම දාල තියන නිසා)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,248
    104,392
    113
    මම නම් හරි ආසයි ඔව්වයේ ඇත්ත නැත්ත හොයන්න. කොහෙද ඉතින් මිනිස්සු කැමති නෑනේ සම්ප්‍රදාය කැඩෙයි විශ්වාසය බිඳ වැටෙයි කියල. 🤷‍♂️
    ඉතිං හොයපන් අනික් උන්ගෙන් වැඩක් නෑනේ. පොඩි පොඩි දේවල් වලින් පටන් ගනින්. ඔය කොවුර් මහත්තයා එහෙමත් ගොඩක් දෙවල් කරේ

    ඔය දල දෙක කඩොල් ඇතාගෙම කියල කියන්න තියෙන එකම සාක්ෂිය කපුවා හීනෙන් දැක්ක කියන එක නේද?!
    දළ දෙක ගැන තියෙන විස්තර එක්කත් ගැලපෙන්න ඇති. දේවාලේ තියෙන්න ඕනි තියෙන බඩු ගැන විස්තර පොත්.
    ------ Post added on Nov 8, 2026 at 2:10 AM

    @topkollek @Heshan Daminda ඔය දළ දෙක කඩොල් ඇතාගේ වීම නොවීම දැන ගත්තොත් එකෙන් වෙන්නේ මොකද්ද?
    ------ Post added on Nov 8, 2026 at 2:15 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,298
    8,772
    113
    ඉතිං හොයපන් අනික් උන්ගෙන් වැඩක් නෑනේ. පොඩි පොඩි දේවල් වලින් පටන් ගනින්. ඔය කොවුර් මහත්තයා එහෙමත් ගොඩක් දෙවල් කරේ

    දළ දෙක ගැන තියෙන විස්තර එක්කත් ගැලපෙන්න ඇති. දේවාලේ තියෙන්න ඕනි තියෙන බඩු ගැන විස්තර පොත්.
    සමහර මතවාද බිඳ වැටෙන්න පුලුවන්
    සමහර අයට සෑහෙන්න රිදෙන්න පුලුවන්
    ඔය වගේ හේතු ගොඩක් තියනවා
    දුටු ගැමුණු රජතුමා ගැන විතරක් නෙමෙයි මහා වංශයෙ තියන සේරම දේවල් question කරන තැනට එන්න පුලුවන්

    දළ දෙක ගැන තියෙන විස්තර එක්කත් ගැලපෙන්න ඇති. දේවාලේ තියෙන්න ඕනි තියෙන බඩු ගැන විස්තර පොත්.
    ඇති කියන්නෙ?
    උඹලත් ලූ ලූ තමයි නේහ්
    මොකක් වත් ශුවර් එකට දන්නෙ නැහැ
    වෙන්න පුලුවන්
    ලූ
    :D :D

    හීනෙං පෙනුනා කියන්නෙ සමහර විට කපුවා වෙන කොහෙන් හරි උස්සපු දල දෙකක් කලින් දවසක හංගලා පස්සෙ වෙලාවක මහ රෑ සෙට් එකක් අන්දලා ගිහිං ගත්තෙ නැහැ කියන එකට ගැරන්ටි එක මොකද්ද
    දැං කපුවො දෙන ගේම් එක්ක ඒ කාලෙ කපුවොත් ඒ වගේම ඉන්න නැතෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,344
    17,508

    200.gif

    images
     
    • Haha
    Reactions: Inigo Montoya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,972
    40,190
    113
    Homagama
    එළාර දුටුගැමුණු අවසන් සටනේ තීරණාත්මක ප්‍රහාරය, බල්ලුක පරාජයේදි දැක්වු දායකත්වය වැනි කඩොල් වික්‍රමයන් කතා වෙනවා මදි. විජිතපුර බිඳිමෙන් ඒවා වැහිලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,917
    36,205
    113
    ලන්සියෝ කොහොමද දැනගෙන තියෙන්නේ දේවාලේ ඇත්දළ තියෙනවා කියලා? අනිවා මේකේ පරයෙක්ම ඔත්තුවක් දෙන්න ඇති ලන්සින්ගෙන් වාසි ගන්න
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,994
    16,101
    113
    🌎
    ඌවේ කැරැල්ලෙන් පසුව 1890 දී පාරම්පරික කපු මහතෙකු දුටු සිහිනයකින් එවෙලේම අවදි වී අනෙකුත් පිරිස සමග ගොස් ගල් කුහරයක් බිද දමා බැලීමේදී එම කඩොල් ඇතුගේ දළ යුගළ නිරුපද්‍රිතව හමුවූ අතර
    මේකනං fishy. අවුරුදු 250 කට පස්සේ හීනෙකින් දකින්නේ කොහොමද?? සමහර විට පොතක කලින් හංගපූ එකා ලියලා තියලා, මූ කියවලා යටි හිතේ තිබිලා වෙන්න පුළුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,248
    104,392
    113
    සමහර මතවාද බිඳ වැටෙන්න පුලුවන්
    සමහර අයට සෑහෙන්න රිදෙන්න පුලුවන්
    ඔය වගේ හේතු ගොඩක් තියනවා
    දුටු ගැමුණු රජතුමා ගැන විතරක් නෙමෙයි මහා වංශයෙ තියන සේරම දේවල් question කරන තැනට එන්න පුලුවන්
    ඉතින් දැන් කරන්න එපා කියලා තියෙන්නේ කවුද?
    ඇති කියන්නෙ?
    උඹලත් ලූ ලූ තමයි නේහ්
    මොකක් වත් ශුවර් එකට දන්නෙ නැහැ
    වෙන්න පුලුවන්
    ලූ
    :D :D
    දේවාලේ ඇතුලේ තියෙන ඒව දැන ගන්න මම එකේ වැඩ කරන්නේ නෑනේ.
    හීනෙං පෙනුනා කියන්නෙ සමහර විට කපුවා වෙන කොහෙන් හරි උස්සපු දල දෙකක් කලින් දවසක හංගලා පස්සෙ වෙලාවක මහ රෑ සෙට් එකක් අන්දලා ගිහිං ගත්තෙ නැහැ කියන එකට ගැරන්ටි එක මොකද්ද
    දැං කපුවො දෙන ගේම් එක්ක ඒ කාලෙ කපුවොත් ඒ වගේම ඉන්න නැතෑ
    ඒ ගානට ලොකු වෙන කොහෙන් හරි උස්සපු දළ තියෙන්න පුළුවන් ප්‍රමාණයේ ඇත්තු හිටියා කියන එක හොඳ උපකල්පනයක්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,298
    8,772
    113
    දේවාලේ ඇතුලේ තියෙන ඒව දැන ගන්න මම එකේ වැඩ කරන්නේ නෑනේ.
    එහෙනං ඉතිං දැක්ක වගේ කිවුවෙ
    දේවාලෙ පොත්වල තියනවා කියලා

    ඒ ගානට ලොකු වෙන කොහෙන් හරි උස්සපු දළ තියෙන්න පුළුවන් ප්‍රමාණයේ ඇත්තු හිටියා කියන එක හොඳ උපකල්පනයක්
    මක්කා කියනවද දන්නෑ තේරෙන්නෙ නෑ
    ලංකාවෙ විසාල අලි ඇත්තු හිටියා කියන එක උපකල්පනය කරන්න දෙයක් තියේද බං
    ඒක ඉතිං හරියටම දන්න දෙයක්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,248
    104,392
    113
    එහෙනං ඉතිං දැක්ක වගේ කිවුවෙ
    දේවාලෙ පොත්වල තියනවා කියලා
    "ඇති" කියන එක සමහර වෙලාවට සිංහල භාෂාවේ අනුමානයක් සදහන් කිරීමට භාවිතා වේ.
    මක්කා කියනවද දන්නෑ තේරෙන්නෙ නෑ
    ලංකාවෙ විසාල අලි ඇත්තු හිටියා කියන එක උපකල්පනය කරන්න දෙයක් තියේද බං
    ඒක ඉතිං හරියටම දන්න දෙයක්නේ
    අඩි අටකට වගේ දළ තියෙන ඇත්තු දුර්ලභයි ටිකක් .

    කොහොම උනත් මගේ suggestion එක හොයලා බලලා අපිටත් කියන්න කියන එක. මේකේ වාද කරා කියලා දැනට මොකුත් වෙනස් වෙන්න දෙයක් නෑනේ. දැනට තියෙන කරුණු ටික තමා ඔය උඩ ලියලා තියෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    45,081
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං හොයපන් අනික් උන්ගෙන් වැඩක් නෑනේ. පොඩි පොඩි දේවල් වලින් පටන් ගනින්. ඔය කොවුර් මහත්තයා එහෙමත් ගොඩක් දෙවල් කරේ

    දළ දෙක ගැන තියෙන විස්තර එක්කත් ගැලපෙන්න ඇති. දේවාලේ තියෙන්න ඕනි තියෙන බඩු ගැන විස්තර පොත්.
    ------ Post added on Nov 8, 2026 at 2:10 AM

    @topkollek @Heshan Daminda ඔය දළ දෙක කඩොල් ඇතාගේ වීම නොවීම දැන ගත්තොත් එකෙන් වෙන්නේ මොකද්ද?
    ------ Post added on Nov 8, 2026 at 2:15 AM
    1. ඔය දල දෙක කඩොල් ඇතාගේ වෙන්න තියෙන ඉඩ අඩුය, ඔය කතාවේ කියන කපුවා අද ඉන්න කපුවො වගේම තක්කඩියෙක්ය කියලයි මට හිතෙන්නෙ.

    2. ඇත්තටම ඕක අඩුගානේ කඩොල් ඇතා හිටපු කාලේ එකක් ද නැද්ද කියල C 14 කාල නිර්ණයකින් වගේ හොයාගන්න පුළුවන් නම් මට හිතුන දේ (1) හරි ද කියල දැනගන්න ලැබෙනවා. මම හිතපු හැටි හරි කියල ඔප්පු වුනොත් මට සතුටුයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,844
    1
    21,401
    113
    35
    Spain
    ඔවු එංගලන්තෙට ආතර් රජ්ජුරුවෝ, මර්ලින් ගැන ජනප්‍රවාද තියෙනවා. ප්‍රංශයේ ආරක්ෂක සාන්තුවරිය විදියට සලකන ජෝන් ඔෆ් ආක්ගේ කියල කියන අවශේෂ කොටස් ඊජිප්තු මමියක සුන්බුන් කියල මේ ළඟකදී සොයාගෙන තියෙනවා. ඔය වගේම යුරෝපේ සෑහෙන්න රේලික්ස් තියෙනවා. ජේසුස්වහන්සේගේ රුධිරය පවා තිබෙනවා.

    අපෙත් ලිඛිත ඉතිහාසේ පටන් ගන්න තැන වැදගත් සටනක් ගැන ජනප්‍රවාද තියෙනවා. කතාවක් පිටුපස්සේ යම් සත්‍යයක් තියෙන්න පුළුවන්. කපුරාලට හීනෙන් පෙනෙන්න ඇත්තේ කවුරුහරි කලින් දවසක දීපු වැදගත් ඔත්තුවක් යටි හිත කියපු විදිය වෙන්න පුළුවන්. ඔය කාලේ හීනෙන් දෙවියන් උපදෙස් දෙනවා වගේ දේවල් මිනිස්සු බැරෑරුම් ව හිතපු කාලයක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,248
    104,392
    113
    1. ඔය දල දෙක කඩොල් ඇතාගේ වෙන්න තියෙන ඉඩ අඩුය, ඔය කතාවේ කියන කපුවා අද ඉන්න කපුවො වගේම තක්කඩියෙක්ය කියලයි මට හිතෙන්නෙ.
    මතයක් නිසා ඔප්පු කරගන්න බලන්න. ඒ ගාණට ලොකු දළ දෙකක් හොයාගත්තා කියන්නෙත් ටිකක් ලොකු වැඩක්
    2. ඇත්තටම ඕක අඩුගානේ කඩොල් ඇතා හිටපු කාලේ එකක් ද නැද්ද කියල C 14 කාල නිර්ණයකින් වගේ හොයාගන්න පුළුවන් නම් මට හිතුන දේ (1) හරි ද කියල දැනගන්න ලැබෙනවා. මම හිතපු හැටි හරි කියල ඔප්පු වුනොත් මට සතුටුයි
    අපිට නං ඒත් අවුලක් නෑ කඩොල් ඇතාගේ පරම්පරාවෙන් ආව ඇතෙක් කියලා ඒත් කඩොල් ඇතාට කලගුණ විදියට පූජා තියන්න පුළුවන්.

    කොහොමත් හොයාගන්න පුලුවන් නන් හොදයි කොයි කාලේද කියලා.