ශ්‍රී ලංකාවේ බලකොටු

chanaka

Well-known member
  • May 4, 2006
    3,253
    887
    113
    ශ්‍රී ලංකාවේ බලකොටු

    ලංකාවේ බලකොටු කියන්නේ හුදෙක් ගල් බිත්ති නෙවෙයි. ඒවා රජවරුන්ගේ බලය, යුරෝපීයයන්ගේ වෙළඳ සටන, සහ මුහුද අයිති කරගන්න ගියපු යුද්ධවල කතා


    මාපාගල බලකොටුව

    5 වන සියවසේ පළමුවන කාශ්‍යප රජුගේ සීගිරි රාජධානියටත් වඩා පෙර යුගයකට (ක්‍රි.පූ. 3 වන ශතවර්ෂය සහ ක්‍රි.ව. 4 වන ශතවර්ෂය අතර කාලයට) අයත් විය හැකි බවට සැලකේ.

    5.jpg


    සීගිරිය - 5 වන සියවසේ කාශ්‍යප රජුගේ පර්වත මාළිගාව

    1.jpg



    යාපහුව - 13 වන සියවසේ, දළදා වහන්සේ වැඩ සිටි බලකොටු නගරය.

    2.jpg


    විජිතපුර බලකොටුව

    විජිතපුර බලකොටුව යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ දුටුගැමුණු - එළාර යුද්ධයේදී (ක්‍රි.පූ. 161 පමණ) එළාර රජුගේ හමුදාව සතු වූ ප්‍රධානතම හා ශක්තිමත්ම බලකොටුවකි

    3.jpg


    අනුරාධපුර, පොළොන්නරුව, කෝට්ටේ - නගර වටේටම තිබුණු මහා බැමි සහ අගල් පද්ධති.
    මේවා යුද්ධයට වඩා, රජකම පෙන්නන්න හදපු ඒවා.

    බලන බලකොටුව

    ‘ඔත්තු බැලීම’ යන අර්ථයෙන් මෙය බලන යනුවෙන් හඳුන්වා ඇත. මේ කොටුව සටන් කිරීම සඳහා ඉදි කළ විශාල බළකොටුවක් නොව ඔත්තු බැලීම සඳහා තැනූ කොටුවකි. ඉදිරියෙන් බලන කොටු ප්‍රාකාරයත් ඒ මැදින් පිවිසීම සඳහා ඇති පියගැට පෙළත් අපට දිස් වේ.

    බලන පිළිබඳව ඉතිහාසයේ මුලින්ම සඳහන් වන්නේ 1 වැනි විමලධර්මසූරිය රජ සමයේ දී ය. පේරෝ ලොර්පස් ද ස්වුසා යටතේ පෘතුගීසි බලඇණියක් 1594 ඔක්තෝබර් මාසයේ දී බලන හරහා උඩරටට පැමිණියේය. දන්තුරේ සටනින් ඔවුන් අන්ත පරාජයකට පත් කළ විමලධර්මසූරිය පෘතුගීසින් සමඟ සිටි රාජ්‍ය උරුමය සහිත කුසුමාසන දේවිය ද ලබා ගත්තේ ය.​

    මේ පරාජය පිළිබඳව පෘතුගීසි ලේඛක ජොආඕ රිබෙයිරෝ මෙසේ සඳහන් කරයි.

    “වනයේ සිට ඊතල හා වෙඩි උණ්ඩ වර්ෂාවක් අප වෙත හෙළීය. අපේ හේවායෝ බලනෙන් පසු බැසීමට පටන් ගත් නමුත්, පාර හරහා ගස් කපා දමා අවහිර කර තිබුණෙන් ඔවුහු සියලු දෙනාම මරු වැළඳ ගත්තෝ ය.” (රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය, ටී. කේ. රුබේරු)

    මෙහි දී ද සිංහලයන්ගේ සැඟ වී සිට පහර දීමේ යුද උපක්‍රම හමුවේ පෘතුගීසි ලෙයින් බලන අවට පෙදෙස තෙත් විය. රිබෙයිරෝ පවසන්නේ පෘතුගීසි හේවායන් 300 ක් සහ ලස්කිරිඤ්ඤ හේවායන් රැසක් ද මෙම සටනේ දී මරු වැලඳ ගත් බව යි


    4.jpg



    ගාල්ල කොටුව

    6.jpg


    මන්නාරම කොටුව (1560)

    7.jpg

    මඩකලපුව කොටුව (1628)

    Ts6Ou5taInhkgJVV_9.jpg


    යාපනය කොටුව ආසියාවේ ශක්තිමත්ම කොටුව

    8.jpg




    ​
     

    Attachments

    • 6.jpg
      6.jpg
      299 KB · Views: 5

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,928
    6,041
    113
    වැරදියි බන්. සීගිරිය බල කොටුවක් උනේ නැහෑ. සීගිරිය ගිරී නුවරක්. කන්දක හදපූ මාලිගා සංකීර්ණයක්. කශ්ෂප විතරක් හිටපු තැනක් නෙමේ දිගටම රජ වරු ආපු නිවාඩු නිකේතනය ක් වගේ එකක්. අනුරාධපුර කියන්නේ නේ බලකොටු නුවරක් නෙමේ. එක වෙළද නගරයක්. පොලොන්නරුවත් ඒ වගේම තමා . විජිත පුරය තිබ්බේ කදුරුවෙල තැන්නේ. කන්දක නෙමේ. පඩුවස්නුවර බලකොටුවක් නෙමේ. රජ මාලිගා බලකොටු වගේ තැනක තියෙන්නේ. ලංකාවේ තිබ්බ ප්‍රසිද්ධ බල කොටු අත් ඇරලා තියනවා පාලින්දනුවර හංවැල්ල වගේ. බලකොටු කියන එක වෙනම පැත්තකට ගියේ ලන්දේසී ඒවායින් පස්සේ. නගරයකට කොටු වෙලා යුද්ධ කරන ක්‍රමයක් සිංහල හමුදාවේ තිබ්බේ නැහෑ. එක හින්දා බල කොටුවක් කියන්නේ ඕලන්ද කොටුව වගේ ලොකු එව්වා නෙමේ බලකොටු නුවරක් උනෝත් එක පොකුණයි ලන්දේසි බලකොටුව වලට වඩා. ඒවා ඉතින් බොහොම පොඩ්ඩයි ලංකාවේ තිබිලා තියෙන්නේ. දුටුගැමුණු යුද්ධයේදි බල කොටු නුවරවල් ගැන තියෙන්නේ තුනක් හරි හතරක් හරි. ඒ ඔක්කෝම වගේ මහවැලිය ළඟ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,090
    27,025
    113
    Fantasy
    ශ්‍රී ලංකාවේ බලකොටු

    ලංකාවේ බලකොටු කියන්නේ හුදෙක් ගල් බිත්ති නෙවෙයි. ඒවා රජවරුන්ගේ බලය, යුරෝපීයයන්ගේ වෙළඳ සටන, සහ මුහුද අයිති කරගන්න ගියපු යුද්ධවල කතා


    මාපාගල බලකොටුව

    5 වන සියවසේ පළමුවන කාශ්‍යප රජුගේ සීගිරි රාජධානියටත් වඩා පෙර යුගයකට (ක්‍රි.පූ. 3 වන ශතවර්ෂය සහ ක්‍රි.ව. 4 වන ශතවර්ෂය අතර කාලයට) අයත් විය හැකි බවට සැලකේ.

    View attachment 272418

    සීගිරිය - 5 වන සියවසේ කාශ්‍යප රජුගේ පර්වත මාළිගාව

    View attachment 272413


    යාපහුව - 13 වන සියවසේ, දළදා වහන්සේ වැඩ සිටි බලකොටු නගරය.

    View attachment 272414


    විජිතපුර බලකොටුව

    විජිතපුර බලකොටුව යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ දුටුගැමුණු - එළාර යුද්ධයේදී (ක්‍රි.පූ. 161 පමණ) එළාර රජුගේ හමුදාව සතු වූ ප්‍රධානතම හා ශක්තිමත්ම බලකොටුවකි

    View attachment 272415

    අනුරාධපුර, පොළොන්නරුව, කෝට්ටේ - නගර වටේටම තිබුණු මහා බැමි සහ අගල් පද්ධති.
    මේවා යුද්ධයට වඩා, රජකම පෙන්නන්න හදපු ඒවා.

    බලන බලකොටුව

    ‘ඔත්තු බැලීම’ යන අර්ථයෙන් මෙය බලන යනුවෙන් හඳුන්වා ඇත. මේ කොටුව සටන් කිරීම සඳහා ඉදි කළ විශාල බළකොටුවක් නොව ඔත්තු බැලීම සඳහා තැනූ කොටුවකි. ඉදිරියෙන් බලන කොටු ප්‍රාකාරයත් ඒ මැදින් පිවිසීම සඳහා ඇති පියගැට පෙළත් අපට දිස් වේ.

    බලන පිළිබඳව ඉතිහාසයේ මුලින්ම සඳහන් වන්නේ 1 වැනි විමලධර්මසූරිය රජ සමයේ දී ය. පේරෝ ලොර්පස් ද ස්වුසා යටතේ පෘතුගීසි බලඇණියක් 1594 ඔක්තෝබර් මාසයේ දී බලන හරහා උඩරටට පැමිණියේය. දන්තුරේ සටනින් ඔවුන් අන්ත පරාජයකට පත් කළ විමලධර්මසූරිය පෘතුගීසින් සමඟ සිටි රාජ්‍ය උරුමය සහිත කුසුමාසන දේවිය ද ලබා ගත්තේ ය.​

    මේ පරාජය පිළිබඳව පෘතුගීසි ලේඛක ජොආඕ රිබෙයිරෝ මෙසේ සඳහන් කරයි.

    “වනයේ සිට ඊතල හා වෙඩි උණ්ඩ වර්ෂාවක් අප වෙත හෙළීය. අපේ හේවායෝ බලනෙන් පසු බැසීමට පටන් ගත් නමුත්, පාර හරහා ගස් කපා දමා අවහිර කර තිබුණෙන් ඔවුහු සියලු දෙනාම මරු වැළඳ ගත්තෝ ය.” (රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය, ටී. කේ. රුබේරු)

    මෙහි දී ද සිංහලයන්ගේ සැඟ වී සිට පහර දීමේ යුද උපක්‍රම හමුවේ පෘතුගීසි ලෙයින් බලන අවට පෙදෙස තෙත් විය. රිබෙයිරෝ පවසන්නේ පෘතුගීසි හේවායන් 300 ක් සහ ලස්කිරිඤ්ඤ හේවායන් රැසක් ද මෙම සටනේ දී මරු වැලඳ ගත් බව යි


    View attachment 272417


    ගාල්ල කොටුව

    View attachment 272420


    මන්නාරම කොටුව (1560)

    View attachment 272421

    මඩකලපුව කොටුව (1628)

    View attachment 272422

    යාපනය කොටුව ආසියාවේ ශක්තිමත්ම කොටුව

    View attachment 272423




    ​
    දැන් තියෙන්නේ පිට කොටුව විතරයි
     
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,351
    4,850
    113
    ලංකාවේ සෑහෙන්න කඳු, දැවැන්ත ගල් පර්වත, නිම්න තිබිලත් මොකද දන්නෑ ලොකු ගල්වලින් බැඳපු බලකොටුවක් නැත්තේ:unsure:
    ගාලු කොටුවේ නම් බලකොටු වයිබ් එක තියෙනවා තරමක් පොඩි වුනත්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,521
    1
    20,716
    113
    35
    Spain
    ලංකාවේ සෑහෙන්න කඳු, දැවැන්ත ගල් පර්වත, නිම්න තිබිලත් මොකද දන්නෑ ලොකු ගල්වලින් බැඳපු බලකොටුවක් නැත්තේ:unsure:
    ගාලු කොටුවේ නම් බලකොටු වයිබ් එක තියෙනවා තරමක් පොඩි වුනත්
    මන් හිතන්නේ බන් අපේ රටේ කඳුකරයම බලකොටුවක්. දැන් පාරවල් තිබ්බට ඒ කාලේ යුරෝපීය තුවක්කු, කාලතුවක්කු හමුදා ඉඳලත් අවුරුදු 300 වටලාගෙන හිටියත් අල්ලාගන්න බැරි වුනා නේ. එක සැරයක් බ්‍රිතාන්‍ය හමුදා නුවර ඇල්ලුවත් අල්ලාගෙන ඉන්න බැරි වුන.
     
    • Like
    • Love
    Reactions: Udee KJ and NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,521
    1
    20,716
    113
    35
    Spain
    බලකොටු දෙකක් තියෙන එකම නගරේ මාතර වෙන්න ඕන. තාරකා කොටුව සහ මාතර කොටුව කියන දෙකම තාමත් හොඳ තත්වයේ තියෙනවා.