ශ්‍රී ලංකාවේ බලකොටු
ලංකාවේ බලකොටු කියන්නේ හුදෙක් ගල් බිත්ති නෙවෙයි. ඒවා රජවරුන්ගේ බලය, යුරෝපීයයන්ගේ වෙළඳ සටන, සහ මුහුද අයිති කරගන්න ගියපු යුද්ධවල කතා
මාපාගල බලකොටුව
5 වන සියවසේ පළමුවන කාශ්‍යප රජුගේ සීගිරි රාජධානියටත් වඩා පෙර යුගයකට (ක්‍රි.පූ. 3 වන ශතවර්ෂය සහ ක්‍රි.ව. 4 වන ශතවර්ෂය අතර කාලයට) අයත් විය හැකි බවට සැලකේ.
සීගිරිය - 5 වන සියවසේ කාශ්‍යප රජුගේ පර්වත මාළිගාව
යාපහුව - 13 වන සියවසේ, දළදා වහන්සේ වැඩ සිටි බලකොටු නගරය.
විජිතපුර බලකොටුව
විජිතපුර බලකොටුව යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ දුටුගැමුණු - එළාර යුද්ධයේදී (ක්‍රි.පූ. 161 පමණ) එළාර රජුගේ හමුදාව සතු වූ ප්‍රධානතම හා ශක්තිමත්ම බලකොටුවකි
අනුරාධපුර, පොළොන්නරුව, කෝට්ටේ - නගර වටේටම තිබුණු මහා බැමි සහ අගල් පද්ධති.
මේවා යුද්ධයට වඩා, රජකම පෙන්නන්න හදපු ඒවා.
බලන බලකොටුව
‘ඔත්තු බැලීම’ යන අර්ථයෙන් මෙය බලන යනුවෙන් හඳුන්වා ඇත. මේ කොටුව සටන් කිරීම සඳහා ඉදි කළ විශාල බළකොටුවක් නොව ඔත්තු බැලීම සඳහා තැනූ කොටුවකි. ඉදිරියෙන් බලන කොටු ප්‍රාකාරයත් ඒ මැදින් පිවිසීම සඳහා ඇති පියගැට පෙළත් අපට දිස් වේ.
බලන පිළිබඳව ඉතිහාසයේ මුලින්ම සඳහන් වන්නේ 1 වැනි විමලධර්මසූරිය රජ සමයේ දී ය. පේරෝ ලොර්පස් ද ස්වුසා යටතේ පෘතුගීසි බලඇණියක් 1594 ඔක්තෝබර් මාසයේ දී බලන හරහා උඩරටට පැමිණියේය. දන්තුරේ සටනින් ඔවුන් අන්ත පරාජයකට පත් කළ විමලධර්මසූරිය පෘතුගීසින් සමඟ සිටි රාජ්‍ය උරුමය සහිත කුසුමාසන දේවිය ද ලබා ගත්තේ ය.

මේ පරාජය පිළිබඳව පෘතුගීසි ලේඛක ජොආඕ රිබෙයිරෝ මෙසේ සඳහන් කරයි.
“වනයේ සිට ඊතල හා වෙඩි උණ්ඩ වර්ෂාවක් අප වෙත හෙළීය. අපේ හේවායෝ බලනෙන් පසු බැසීමට පටන් ගත් නමුත්, පාර හරහා ගස් කපා දමා අවහිර කර තිබුණෙන් ඔවුහු සියලු දෙනාම මරු වැළඳ ගත්තෝ ය.” (රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය, ටී. කේ. රුබේරු)
මෙහි දී ද සිංහලයන්ගේ සැඟ වී සිට පහර දීමේ යුද උපක්‍රම හමුවේ පෘතුගීසි ලෙයින් බලන අවට පෙදෙස තෙත් විය. රිබෙයිරෝ පවසන්නේ පෘතුගීසි හේවායන් 300 ක් සහ ලස්කිරිඤ්ඤ හේවායන් රැසක් ද මෙම සටනේ දී මරු වැලඳ ගත් බව යි
ගාල්ල කොටුව
මන්නාරම කොටුව (1560)
මඩකලපුව කොටුව (1628)
යාපනය කොටුව ආසියාවේ ශක්තිමත්ම කොටුව