මේවා මැජික් නොවෙන සමාජයක් අපිට තියෙන්න ඕනෙ.
හෙල්මට් එකක් වගේ දෙයක් දාගෙන යන එක ගිහි පැවිදි කිසිම කෙනෙකුට කරදරයක් වෙන දෙයක් කියලා හිතන්න හොඳ නෑ..
පොලීසියක් පේන තෙක් මානෙකවත් නැති ගමක උනත් හෙල්මට් එකක් දාගෙන එහෙ මෙහෙ යන එක තමයි කවුරුත් කරන්න ඕනෙ.
පුළුවන් නන් හොඳ ප්‍රමිතියක් තියෙන හෙල්මට් එකක්ම පාවිච්චි කරන්න ඕනෙ.
එක තප්පරයක් ඇති එහෙ මෙහෙ වෙන්න...
ඊට පස්සෙ ඉතින්, අනේ හෙල්මට් එකක්වත් දාල හිටියනන් කියල වටේ අය කියයි කැරම් අතක් ගහන ගමන්.