මගෙ උගත් මිත්‍රයාගෙ දෘෂ්ටිකෝණයෙන් බැලුවම ඔය අදහස ඇවිත් තියෙනව. ඒකට මම ගරු කරනව.
හැබැයි මිත්‍රයා අපේ අධ්‍යයනය, ප්‍රයෝගීක ජීවන ගැටළු වගේ කාරණා වලින් ලබන නිගමන මම කියන්නම්.
01. "සල්ලි තියන එකයි විඳවන එකයි දෙකක්නෙ. සල්ලි තිබ්බා කියල මානසික විඳවීම් නැති වෙන්නේ නෑ."
උදාහරණයට ගමු ආර්ථිකමය වශයෙන් මේ වෙද්දි ස්ථාවර කෙනෙක්ව. ඒ කෙනාට ඔන්න ලෙඩක් හැදෙනව. මේකට කියමු අපි නහයෙ ඇතුලෙ මස් දල්ලක් කියල. මේක ඔපරේශන් එකකින් අයින් කරන්න ඕන. ඊට පස්සෙ රෙස්ට් කරන්න ඕන. ආයෙ ඒක ලියලනවද කියල බලන්න ඕන කියල. එතනදි මේ පුද්ගලයට හිතන්න වෙන්නෙ, යන රෝහල ගැන. එතන පුහුණු වෛද්‍යවරු ඉන්නවද කියන එක ගැන. ඒකට ජීවිත රක්ෂන ආවරනය ලබා ගන්න විදිය ගැන. හොඳද? මානසිකව විඳවන්න වෙන්නෙ මේ කියන ප්‍රශ්න ගැනයි මූලිකව.
02. "මානසික ප්‍රශ්න නැත්නම් සමහර දුප්පත් මිනිස්සු සල්ලි තියන මිනිස්සුන්ට වඩා සෑහෙන්න සතුටින් ඉන්නේ."
දැන් අර කලින් රෝග තත්වයම ඇති වෙනව ජොබ් එකේ හරියට තිතට අවංකව වැඩ කරන්න ගිහිල්ල, එතන ඉන්න චීත්ත විසින් ඒ තැන එපාම කරවල, ඒ නිසාම තමන්ගෙ හැකියාවට හරියන්න තමන්ගෙම කොම්පැනි එකක්ම පටන් ගන්න ස්ටාර්ටප් එකක් කරන කෙනෙක්ට. මේ උදාහරණෙ ගත්තෙ අපේ මේ කිරියට අදාල වෙන හින්ද. නැත්තන් අර ලඟකදි කොරියන් වාහනයකට අහුවෙලා ණය වෙලා බින්දුවටම වැටිල උන්න අපේ එකාවම ගමුකො. හිතමු ඌ තනි මිනිහෙක්. කසාද බැඳල නෑ තාම. ගෙදරටත් කීයක් හරි දීල. දැන් හිතපන් මූට අර තත්වෙම ඇති වෙනව.
එතකොට මචන් මූට ප්‍රශ්න 2යි.
1. රෝග නිවාරණය කරගන්න ඕනෙ. අනිවාර්යයි. (වත්කම් තියෙන කෙනාටත් එහෙමයි.)
2. ඒ කාලෙදි ඌ ජීවත් වෙන්නෙ කොහොමද? කන්නෙ බොන්නෙ කොහොමද? රෝල ගහන්නෙ කොහොමද? ඒ මග ඇරෙන දවස් ආයෙ රිකවර් කරගන්නෙ කොහොමද? ගෙදරට සලකන්නෙ කොහොමද? ඊට පස්සෙ බෙහෙත් හේත් වලට වියදම් කරන්නෙ කොහොමද? ගවර්න්මන්ට් හොස්පිටල් එකේ වැඩේ හරියට වෙයිද? වේටින් ලිස්ට් එකේ ඉන්න වෙයිද?
දැන් මෙන්න මේ වීඩියෝ එක බලපන්කො.
නැත්තන් මට දෙන්න ලෝභයි වීඩියෝ එක බලපන්කො. වයිෆ් කෙනෙක් හරි ෆියෝන්සි කෙනෙක් හරි ඉන්න එකෙක් වැටුන කියල හිතපන්කො. හැබැයි ඌට කොහොමහරි හයියක් වෙන්නෙ කෙනෙක් ඉන්නව නං තියෙන තත්වෙයි. එහෙම නැති එකෙක්ට ඒකට මුහුන දෙන්න විදියයි දෙකක් මචන්. එකයි අපි ගොඩාක් කේසස් වලදි දකින්නෙ.
එතකොට එහෙම වැටෙන උන් අතර ඉන්නව බන් අර දියමන්තිය පීඩ්නයට ලක්වෙන කාලෙ වගේ ඉන්නෙ උන්. එතකොට ඒක අඳුනගෙන උදව් කළොත් උන් දිනල සමහර වෙලාවට ලෝකෙම ගමන වෙනස් කරන්න පොඩි හරි වැඩක් කරන උන් වෙනව මචන්.
අපේ පිනුත් අරගෙන සතුටින් ජීවත් වෙයන් ලොක්කා. තව එකෙක්වත් හදපන් පුලුවන් නං
------ Post added on Nov 12, 2026 at 9:31 PM
මම ළමයි හදන්නේ නෑ මචෝ
පොඩි එකා කිව්වේ නංගි ගේ පුතා
මට පුද්ගලිකව මේ හිටියා ඇති බං
කොහොමත් මැරෙන එකනෙ.. අල්ලාගෙන ඉන්න තරම් ආසාවක් නෑ.. හැබැයි මම ආදරේ කරන අය වෙනුවෙන් ඉන්න ඕන

