ෆේක් හදන් ලියන්න ඕනේ නැහැ මට මන් ලියනවා නම් ලියන්නේ ඇත්ත එකෙන් මෙගෙම දේවල්,
ඉස්සර දන හිසට පහලින් මරණ අරන් යන්න ඕනේලු උන්ගේ නීතියට , හවස 6 වෙනකොට ලයිට් නිවලා කරුවලේ ඉන්න ඕනේ ලු , මට ආච්චි කියලා තියෙනවා
ඔයා කාලකන්නියා පිස්සුවක් නැටුවේ නැතිනම් මගේ තාත්තා ඉන්නවා තාම, මගේ තාත්තා ග්‍රාම සේවක කෙනක්
------ Post added on Nov 22, 2026 at 8:40 AM
ද්රෝහින්ගෙ මරණය සම්බන්ධව නීති කියල වෙනමම තිබ්බා
1) පාංසුකූලයට වඩින්න පුලුවන් හාමුදුරුවරු 1-3 නමක් අතර විතරයි
(මතක හැටියට එක නමක් පමනි)
2) එහෙම වැඩියොත් හාමුදුරුවෝන්ට තුන්ඩු යවලා තිබ්බා
3) මරණය දනහිස්සෙන් ඉහලට එසවීම තහනම් (ලනු දාලා උස්සන් යන්ඩ පුලුවන්)
4) මරණය ඉක්මනට අවසාන කටයුතුකල යුතුයි
5) දේශප්‍රේම් එකෙන් නිකුත් කරන ලද වෙලාවට සියල්ල අවසන් වෙන්න ඕන,බැනර් එකක් පෙන්නනනත් ඕන ද්‍රෝහින්ට මරණය කියලා



@Nadun26 ගෙ sound එක එන්නෙ
නෑ මම කලන බන්.මම මේ කාරණා මෙච්චර දන්නෙ මම මේ ගැන සෑහෙන්න හෙව්වා පොත්පත්,පත්තර වාර්තා එහෙම සෑහෙන ප්‍රමාණයක් මා ලග අරන් තියපුවා තියනවා.රිවිරේ ගියා ධර්මන් වික්‍රමරත්නගෙ ලිපි,ලංකාදීපෙ ගිය ලිපි,මීට අවුරුදු දහයකට කලින් මම එක්කාසු කරපු ලිපි සිය ගණනක් මගෙ ලග එකතුවක් තියනවා


------
Post added on Nov 22, 2026 at 9:16 AM
මට තවම හොයාගන්ට බැරි උන පොත්පත් කීපයක් තියනවා ධර්මන් වික්‍රමරත්න මහත්තයා ලිව්ව.ඒවා ඔක්කොම out of stock.එතුමගෙ ෆෝන් නම්බරෙයි ,මේල් එකයි නම් හොයාග්නන පුලුවන් .එහෙම හරි ගෙන්න ගන්න ඕනා.මොකද මම සෑහෙන කාලයක් මේ ගැන හෙව්වා.දකින දකින ලිපි එකතුකලා.A/L කරන කාලේ මම ගිය ටියුෂන් ක්ලාස් එකක ඉරිදා ලංකාදීපේ මේ ගැන ලිපි යනවා.ඉරිදම ඒ පිටුව ගන්ඩ බැරි හන්දා මම ක්ලාස් එකේ ටික්කට කියනවා අයියෙ මට මේ පිටුව ඕන,පත්තරේ අරන් තියන්න කියලා උබලට කියන්න ඉරිදා පත්තරේ යන ලිපිය එකතුකරගන්න ඕන නිසා මම සදුදා උදෙන්ම ඉස්කෝලෙ යන්න කලින් ටියුෂන් එකට යනවා


.පස්සෙ පස්සෙ ටික්කා මට ඒක අරන් තියන්න හුරු උනා
------
Post added on Nov 22, 2026 at 9:21 AM
මේ ගැන වෙනමම විවේචනයක් පොඩි අතුල (වික්ටර් අයිවන්) ලිව්ව පොතක තිබ්බා.ඒකෙ තනිකරම 71 කැරැල්ලෙන් පස්සෙ ජ.වි.පෙ න් වෙන් උන හේතුඑක්ක විජේවීර කියන්නෙ දඩ හීනමානෙකින් පෙලුන ,තමන්ගෙ බොල්ලෑ පෙනුම නිසා සෑහෙන්න අවුලකින් හිටිය ඒත් අසාමාන්‍ය ජනප්‍රියත්වය නිසා සෑහෙන්න උඩගු උන අයෙක් බව කියලා තියනවා.ලස්සනට අදින පලදින එක පවා ප්‍රතික්ෂේප කලේ ඔය හන්දා බව ඒකෙ තිබ්බා.ඒක මම 2016 වගෙ සර් කෙනෙක්ගෙ පොත් ගුලක තිබිලා කිය්ව්ව්ව පොතක්.
"No personal offense ,just shared what I read"
------
Post added on Nov 22, 2026 at 9:25 AM