උඹ ලඟ ස්විච් එකකුයි රාස්බෙරි pi එකක් හරි වෙන මොකක් හරි linux දුවන්න පුලුවන් මැශින් එකකුයි තියේ නං DIY පාරක් දාන්න පුලුවන් නේ
රවුටර් දෙකෙන් එකක විතරක් DHCP enable කරලා රවුටර් දෙකම LAN කේබල් එකම ස්විච් එකකට ගහලා. (රවුටරේ දෙකේ LAN IP conflict වෙන්නෙ නැතිව හදාගන්න ඕන, දෙකෙන් එකක විතරක් DHCP එනේබල් කරාම නිකන්ම හරියාවි), ස්විච් එකට linux මැශින් එකක් කනෙක්ට් කරලා ඒක gateway එක විදියට යූස් කරලා script එකකින් කනෙක්ශන් වල ස්පීඩ් චෙක් කරලා කනෙක්ශන් දෙක අතර auto ස්විච් කරන්න පුලුවන් වෙන්න ඕන
නෙට්වර්ක් එකේ තියන හැම මැශින් එකකටම default gateway එක විදියට linux මැශින් එක දුන්නම ඒකෙන් පුලුවන් මොන රවුටරේද ට්‍රැෆික් එක යවන්නෙ කියලා තීරනය කරන්න පුලුවන්
ස්ක්‍රිප්ට් එකකින් කනෙක්ශන් දෙකම සැරින් සැරේ චෙක් කරලා මේක ස්විච් කරන්නත් පුලුවන් නේ
හැබැයි ඔහොම කරාම උඹ හිතන්නෙ නැති අවුල් ගොඩක් එනවා
හැම සැරේම කනෙක්ශන් එක ස්විච් කරනවා කියන්නෙ උඹගෙ පබ්ලික් IP එක වෙනස් වෙනවා (රවුටරේ ස්විච් වෙන නිසා)
එතකොට සමහර විට උඹ ලොග් වෙලා තියන සමහර සයිට් ලොග් අවුට් වෙන්න පුලුවන්, නිතරම IP මාරු කරද්දි උඹව බ්ලොක් කරන්න පුලුවන්, Cloudflair bot detection හරි වෙන වෙන සයිට් වල තියන i am not a robot prompt එක නිතරම එන්න පුලුවන්
VPN වගේ කනෙක්ට් වෙලා තියන ඒව සේරම ඩිස්කනෙක්ට් වෙනවා ඒවා ආයෙ රී කනෙක්ට් වෙන්න ඕන
කනෙක්ශන් දෙකම අයින් කරලා හොඳ එක කනෙක්ශන් එකකට මාරු වෙන එක මීට වඩා ලේසියි