
Vitamin D සහ අපේ රෝගීන්
=========================

Multivitamin එකයි, ග්ලූකොසැම්න් එකයි, fish oil එකයි, Vitamin D එකයි, Calcium පෙත්තයි තමන්ම තීරණය කරලා බොන රෝගීන් ලංකාවේ බහුලයි.

මේ ලියන්නේ Vitamin D ගැන ඔබ දැනගතයුතු දෑ.

හරිහමන් විදිහට vitamin D ඌනතාවයක් ආවොත් ඇඟේ කැල්සියම් ෆොස්ෆේට් පවා අඩුවෙලා රිකට්ස් (Rickets) , ඔස්ටියෝමැලේශියා (osteomalacia) වගේ තත්ව ඇවිල්ලා තමා නතර වෙන්නේ. හැබැයි vitamin D ඌනතාවය "නිසා පමණක්" එහෙම වෙන රෝගීන ඉතාම අල්පයි.

Sub clinical vitamin D deficiency එහෙමත් නැත්නම් රෝග ලක්ෂණ නැතුව එන vitamin D ඌනතාවය වැඩිහිටියන්ගේ වැඩියෙන්ම අදාල වෙන්නේ osteoporosis රෝගය එක්ක තමා. ඊට අමතරව මස්පිඩු හොඳ සෞඛ්‍යයයෙන් තියෙන්න, ප්‍රතිශක්ති පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වය සඳහා සහ හදවත සහ ලේ නහර වල හොඳ සෞඛ්‍ය සඳහා විටමින් ඩී වැදගත්.

Vitamin D ලෙවල් එක කියලා මනින්නේ ඇඟේ 25-hydroxyvitamin D (25[OH]D or calcidiol) ලෙවල් එක. මේකෙ නෝමල් අගය කීයද කියල එක එක guidelines වල විවිධ අගයන් දක්වලා තියනවා.

Vitamin D අගයන් පහත ආකාරයට වර්ගීකරණය කරල තියනවා. නමුත් විවිධාකාර නිර්නායක වල ඔය මට්ටම් පොඩ්ඩක් වෙනස්.

️Vitamin D sufficiency - 25(OH)D concentration ≥30 ng/mL

️Vitamin D insufficiency - 25(OH)D concentration of 20 to 29 ng/mL

️Vitamin D deficiency is defined as a 25(OH)D level <20 ng/mL

️Vitamin D toxicity අවදානම - 25(OH)D level >150 ng/mL

ලෙඩාට හොඳම විටමින් ඩී ලෙවල් එක මේකයි කියන්න කලින් දේවල් කීපයක් අපි සලකලා බලන්න ඕනේ.

ඇඟේ Vitamin D ප්‍රමාණය අඩු වෙනකොට බඩවැල කැල්සියම් උරා ගන්නා ප්‍රමාණය අඩුවෙනවා. එයට ප්‍රතිචාරයක් ලෙස ඇඟේ PTH කියන හෝමෝනය ශ්‍රාවය වැඩි වෙලා නැවත බඩවැලේ කැල්සියම් උරාගන්න එක යථාතත්වයට පත් කරනවා. වකුගඩුව හොඳට වැඩ කරන අයකුගේ 25(OH)D ප්‍රමාණය 20-30 ng/ml අතර තියන තාක් PTH හෝමෝන ශ්‍රාවයේ වැඩි වෙනසක් වෙන්නෙ නෑ.

හැබැයි 25(OH)D ප්‍රමාණය 5 ng/ml වලට වඩා අඩු වුනොත් නම් කොච්චර PTH හෝමෝනය වැඩි වුනත් බඩවැලට අවශ්‍යය ප්‍රමාණයට කැල්සියම් උරාගන්න බැරි වෙනවා.

අනෙක් කාරණාව තමා ඉන්න රට අනුව, උපන් ජාන අනුව (African, Asian, European) පවා ඇඟේ නෝමල් විටමින් D ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන්.

ඕනෑම කෙනෙකුගේ vitamin D ප්‍රමාණය තීරණය වෙන අනෙක් කාරණා තුන තමා කෑම (diet), ආහාර අතිරේක (supplements) සහ අව් රශ්මියට නිරාවරණය (sun exposure).

කිසිම අව්වකට නිරාවරණය නොවන රටක ඉන්නවා නම් Vitamin D3 600-800 units වත් ගන්න එක සුදුසුයි. වයස වැඩි වෙනකොට ගන්න ඕනෙ විටමින් D ප්‍රමාණය තවත් වැඩි කරන්න ඕනේ.

Vitamin D වැඩිපුර තියන ආහාර (මස්, මාලු, කිරි, බිත්තර) නිතර පාවිච්චි වෙනව නම් විටමින් D ඌනතාවය එන අවදානම අඩු වෙනවා.

Vitamin D ඇඟේ නිපදවීමට අක්මාව සහ වකුගඩුව කෙලින්ම දායක වන නිසා ඔය අවයව සැලකිය යුතු ලෙස රෝගී වුනොත් ඇගේ විටමින් ඩී උනතාවයක් එන්නන පුළුවන්. බඩවැල් වලින් පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම සීමා වෙන රෝග තත්ත්ව තියෙන කොටත් විටමින් ඩී උනතාවය එන්න පුළුවන්. ඊට අමතරව සමහර ඖෂධ නිසා ඇගේ විටමින් ඞී ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්.







දැන් මේක කියවන ඔබේ ඔළුවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නත් වෙන්න ඕනේ මට විටමින් ඩී බොන්න ඕනෙද නැද්ද කියන එක.

මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් නිර්ණායකයින් ඔක්කොම විදේශ රටවලින් තිබෙන දත්ත අනුව නිර්මාණය කරපු දේවල්. වැඩිහිටියන් අතර විටමින් ඩි ඌනතාවය නිසා බහුලවම දකින්න පුළුවන් ඔස්ටියෝපොරෝසිස් රෝගීන් විශාල ප්‍රමාණයක් පරීක්ෂා කරන වෛද්‍යවරයෙක් හැටියට මගේ නිගමනය තමා ඒ නිර්ණායකයින් තවත් තීව්ර විදියට අරගෙන අපි පාවිච්චි කරන්න ඕනේ කියන එක.

️ඔබ විටමින් D ඌනතාවයක් එන්න අවදානම් අඩු අයෙකු නම් vitamin D මැන බැලීමකින් තොරවම vitamin D 600 units දවසට ඇඟට ඕනේ. අවුරුදු 70ට වැඩි කෙනෙක් නම් ඕක 800 units වත් දිනකට ඇඟට ඕනේ. ගන්නා ආහාර වලින් ඔය ප්‍රමාණය ඇඟට එන්නේ නෑ කියල හිතෙනවානම් ආහාර අතිරේකයක් හැටියට ඕක අමතරව ගන්න පුලුවන්.

️දැන් ඔබ ඇඟේ vitamin D ලෙවල් එක මැනලා ඒ ලෙවල් එක 30 ng/ml වලට වඩා වැඩි නම් ඔය ඉහත ජේදයේ කියපු දේ එහෙමම කරන්න පුලුවන්.

️Vitamin D ලෙවල් එක මනින කොට එම අගය 20-30 ng/ml අතර නම් දිනකට vitamin D 600-800 units ආහාර අතිරේකයක් හැටියට ගන්න ඕනේ.

️Vitamin D ලෙවල් එක මනින කොට එම අගය 12-20 ng/ml අතර නම් දිනකට vitamin D 800-1000 units ආහාර අතිරේකයක් හැටියට ගන්න ඕනේ. මාස තුන හතරකට පසුව නැවත විටමින් ඩී ලෙවල් එක මැනලා බලලා ඒ අගය අනුව කටයුතු කරන්න ඕනේ.

️Vitamin D අගය 12 ng/ml වලට වඩාඅඩු නම් සතියකට වරක් units 25000-50000 බැගින් සති හයක්/අටක් අරගෙන ඊට පස්සෙ දිනකට units 800 ගානෙ ගන්න ඕනේ. නැවත මැනල බලන්න ඕනේ මාස 3/4කට පසුව.

යම්කිසි පුද්ගලයෙකුගේ vitamin D ලෙවල් එක 20 ng/ml අගයට වඩා අඩු වීමට සමගාවීව "PTH හෝමෝන ලෙවල් එකත් වැඩි වෙලා නම්" එම රෝගියාගේ ඔස්ටියොපොරෝසිස් රෝග අවදානම සැලකිය යුතු ලෙඩ වැඩි වෙනවා.

කාලයක් තිස්සේ ඇඟේ vitamin D අඩු වෙලා තිබ්බොත් බඩවැල හරහා කැල්සියම් සහ ෆොස්ෆේට් උරා ගැනීම අඩුවෙන නිසා PTH හෝමෝනය වැඩිවීම හරහා අස්ථි වල තියන කැල්සියම් ෆොස්පේට් දියවෙලා ලේ වලට එනවා. අස්ථි දිරීම (osteomalacia), අස්ථි වේදනාව, මස්පිඩු වේදනාව, මස්පිඩු දුර්වල වීම, ඇවිදීමේ අපහසුව එන්න පුලුවන්. හැබැයි ඔහොම වෙන්න කාලයක් තිස්සේ vitamin D level එක 10 ng/ml ට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ.

Serum calcium, phosphorus, ALP , PTH, creatinine වගේ ටෙස්ට් කරන්න ඕන වෙන්නේ විටමින් ඩී ලෙවල් එක 12 ng/ml වලට වඩා අඩු අයට.

️

️

️හැබැයි ඔබ දැනගන්න ඕන වැදගත් දෙයක් තමයි ඕනෑවට වඩා විටමින් ඩී බෝලස් එකක් වශයෙන් වසරකට සැරයක් ගත්තොත් (උදා: 500000 units එකවර වාර්ෂිකව දෙන එක වගේ) බිම ඇද වැටීමේ අවදානම (falls risk) වැඩිවෙන නිසා එහෙම ඕනෑවට වඩා විටමින් ඩී අපි රෝගීන්ට නියම කරන්නේ නෑ. හැබැයි Vitamin D නියමිත ප්‍රමාණය ගන්න කොට වැටීමේ අවදානම අඩුවෙනවා. බලන්න ඒකෙත් හැටි



.

වකුගඩු රෝගීන්ගේ වුනත්, GFR අගය 30 ml/min වලට වඩා වැඩියෙන් තියෙනවා නම් විටමින් ඩී ලබා දෙන ප්‍රමාණය වෙනසක් ඇති කරන්න ඕන වෙන්නේ නැහැ.

හැබැයි GFR අගය 30 ml/min වලට වඩා අඩු නම් ඇඟේ විටමින් ඩී කැල්සියම් ෆොස්පේට් සමතුලිතයේ ගැටලුවෙන්න පුළුවන් නිසා ආවට ගියාට විටමින් ඞී දෙන්නේේ නෑ. ඒවාට වෙනම නිර්ණායක තිබෙනවා.

කලාතුරකින් විටමින් D ඌනතාවය සමඟ primary hyperparathyroidism තත්ත්වය තියෙන්න පුළුවන්. මෙම පුද්ගලයින් දිගට දිගට විටමින් ඩී බොන්න ගියොත් ඇගේ කැල්සියම් ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා කැල්සියම් වැඩිවීම නිසා ඇතිවන සංකූලතා එන්න පුළුවන්. නිසි විශේෂඥ වෛද්‍ය අධීක්ෂණයක් ඕනේ ඔය වගේ රෝගීන්ට

විටමින් ඩී ඌනතාවය නිසා secondary hyperparathyroidism තත්වය තිබ්බොත් ඔය ඉහත සඳහන් කළ කැල්සියම් වැඩිවීම වෙන්නේ නෑ.

ඔය දෙකෙන් මොකක්ද තියෙන්නේ කියලා වෙන්කර ගන්න අපිට විටමින් ඩී දෙන ගමන් මුත්‍රා වලින් කැල්සියම් පිටවෙන ප්‍රමාණය මැනල බලන්න පුලුවන්.

ඔය වගේ පටලැවිලි තියෙන නිසා තමයි ආහාර අතිරේකයක් වන විටමින් ඩී බොනකොට වුණත් වෛද්‍ය අධීක්ෂණයක් අත්‍යවශ්‍ය වෙන්නේ.

Vitamin D වැඩි වීමේ ප්‍රධාන සංකූලකා දෙක වන hypercalcemia සහ hypercalciuria එන්නෙ නම් ඇඟේ විටමින් ඩී ප්‍රමාණය ගොඩක් ඇඟේ වැඩි වුනහම.

දිනකට vitamin D මාත්‍රාව 4000 units වලට වඩා ගන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ වෙන්න ඕන දෙයක්. මොකෝ කාලෙන් කාලෙට විවිධ රිපෝට් අරගෙන ඔය මාත්‍රාවක් වෙනස් කරන්න වෙනවා.

Calcidol, Calcitrol වගේ විටමින් D සංඝටක පිට ලබා දෙන්න පුළුවන් වකුගඩු ගැටලු, අක්මා ගැටලු, අවශෝෂණ ගැටලු වගේ තියෙන රෝගීන්ට. අනික් වෙලාවට නම් අපි කෙලින්ම දෙන්නේ cholicalciferol (Vitamin D3) කියන එක.

Vitamin D වගේම ඇඟට කෑම (+/- ආහාර අතිරේකයක් හැටියට) කැල්සියම් ගන්නත් ඕනේ 1-1.2 grams දවසට.

Vitamin D කියන්නේ අත්‍යාවශ්‍ය හැබැයි වැඩියො ගත්තොත් හානිකර වෙන්න පුලුවන් විටමින් එකක්. මොකෝ ඕක fat soluble හින්ඳා වැඩිපුර ටික ඇඟේ එකතු වෙනවා.

මේක කියවලා ඔබ තේරුම් ගන්න ඕනේ දේවල් කිහිපයක් තියනවා

ආවාට ගියාට විටමින් D බීලා අවශ්‍යය දේ වෙන්නේ නැහැ.

හැම ලෙඩාගෙම විටමින් D ලෙවල් එක චෙක් කරන්න ඕනෙ නැහැ. තෝරාගත් අයගේ පමණයි කරන්න ඕනේ.

Vitamin D ඇඟේ පොඩ්ඩක් අඩුවුනා කියල අස්ථි බිඳිල ඇඳට වැටෙන්නේ නෑ.

හැබැයි ඔස්ටියොපොරෝසිස් වගේ රෝගයක් තියෙනවා නම් ඔබ කැල්සියම් වගේම විටමින් ඩී නිසි ප්‍රමාණය ලබා ගන්න එක ඉතාම වැදගත්.

ආහාර වල අපි හිතනවාට වඩා විටමින් D තියනවා.

ඉර අව්වට නිරාවරණය වුනහම විටමින් D ඇගේ නිෂ්පාදනය වුණාට රැකියාවක් කරන ඔබට මහ දවල් ගිහිල්ලා අව්ව තපින්න බැරිබව.

Vitamin D වලට සුලු කැක්කුම් නසනා ගුණයක් තිබ්බට ආතරයිටිස් රෝග බෙහෙත් කරන කර්තව්‍යය vitamin D වලට කරන්න බැරි බව.

Vitamin D ගැනීම සහ හන්ඳි වල කැල්සියම් තැන්පත් වීම අතර සෘජු සම්බන්ධයක් නැති බව.

දැනටමත් ඔබව බලන වෛද්‍යවරයා යම්කිසි විටමින් ඩී මාත්‍රාවක් ඔබට නියම කරලා ඇතිනම් එය ඔහුගේ උපදෙස් අනුව දිගට ලබා ගත යුතු බව.

එක එක රෝගියා ලබා ගත යුතු විටමින් ඩී මාත්‍රාව වෙනස් බව.

අක්මා රෝග බඩවැල් රෝග වකුගඩු රෝග තිබෙනවා නම් ආවට ගියාට විටමින් ඩී නොගතයුතු බව.

ඔබ දැනට බොන විටමින් පෙත්තේ ඇත්තටම විටමින් ඩී කොච්චර තිබෙනවාද කියා ඔබ දැනගත යුතු බව.

එක එක රටවල හදපු නිර්නායක වල නෝමල් කියන විටමින් ඩී ලෙවල් එක වෙනස් වන බව සහ ලංකාව ඇතුලේ පවා මෙම ඌනතාවයට නිර්නායක කිහිපයක් භාවිතා වන බව.

කල්පනාකාරී වන්න.

Dr අරුණ කල්දේරා
සන්ධි සහ සන්ධි ආශ්රිත රෝග විශේෂඥ වෛද්‍යය
MBBS, MD, MRCP (UK), MRCP (RHEUMATOLOGY)
0714844644