SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
samanthushara said:
අම්මෝ....! දවසක් එන්න බැරි වුනොත් මේ SL OLD HIT SONGS THREAD යන වේගයේ හැටියට පහුවුන ටික කියවගන්න පැය ගානක් යනවා.කුනුහරප-බලුකතා-ඕපාදූප-ළපටි කතා-වල්පල් පිරුන අනිත් THREADඅතරේ සංගීතකාමී මේTHREAD එක යන සුන්දර ගමන හරිම ආශ්වාදජනකයි.අපිට ,විශේෂයෙන්ම සිංහල සිත් ඇති කෙනෙකුට සංවේදී මොහොතක කියවෙන්නේ,මුමුනන්නේ මේ අමරනීය පැරණි සිංහල ගීතයක්ම නෙවේද .අළුත් හුටං-පටං බෙලෙක්ක මර ළතෝනි (ගීත... ?) හරියට සෝඩා බෝතලේ කැඩුවා වගේ හරිම තාවකාලිකයි. මේක පටන් ගත් මධූ වත් හීනෙන් වත් හිතන්න නැතුව ඇති, සිංහල පැරණි ගීත වලට මේතරම් සහෘදයන් ඒකරාශී වෙයි කියලා.දැන් මෙතන ඇති එකමුතුව අන්තර්ජාලයේ නරකම විතරක් දකින කුහක සුදනන්ට හොඳ අතුල් පහරක්.අනිත් එක,මේ තරම් චොකා බයිලා වැහි වැහැලා ඇති සංගීත ලෝකයේ අපේ උන්මාදනීය වූ සදාතනික පැරණි ගීත වලට නව ජවයක් මෙයින් ලැබෙනවා.මේ THREAD එක එළකිරි වර්තාවක් තබමින් මතු පරම්පරා ගනනාවක් සුදිලේවා!!!

ඔය සහෝදරයගේ කතාව හරියට හරි..චොකා බයිලා සහ බෙලෙක්ක වලට හඬ තලනා ආකාරයෙන්අපේ කන් අගුල් වැටෙන තරමට ගැහැණු හඬවල්වලින් ගීත කියමින් කසි කබල් කතන්දර කිවු ලොවක.... ලාංකීය සංගීත අම්බරයේ පායා දිදුලුනු එකම් හඬ පෞරෑෂය ජෝතිගේ ගීත කලාවයි.....

අදටත් අපිට ජෝතිගේ හඬ ඇසෙන විට නිතැතින්ම හිතට් දෑනෙන ප්‍රේමඋන්මාදය ආස්වාදජනකයි.....

එහිදී කිසිදු වයස් පරතරයකින් තොරව්... ජවයෙන් පිරුනු තරුනයාගේ සිට හැරමිටියෙන් යන මහල්ලා දක්වා ඔහුගේ ගීතයෙන් අමන්දානන්දයට පත්වු බව නොරහසක්.

ආදරය ලොව පවතිනතාක් කල් සදානුස්මරනීය ජෝතිගේ හඬ අප අතරේ රෑව් පිලිරෑව් දෙනු ඇත.

මෙ සියලුම් ගීතත් සමගින් සැමදිනකම දෙනොදාහක්ගේ හිත් පුරවාලන අපේ මෙ මහගෙදර අපේම දයාබර සොයුරු සොයුරියන්ට් ජයවෙවා!!
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Guys Shashika Nisansala ge song ekak thiyenwa menne me wage (Mula mathaka ne) "mage kiya mata thibune.. witharami witharamai..." Thiyenawanam Denawada..?
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    sandun thilaka said:

    Pembara Madhu Mage
    Victor Rathnayake

    වික්ටර් රත්නායකයන්ගෙ තවත් ලස්සන සිංදුවක්

    මල්ලිය මට නිකන් පුංචි කරන්ට් එකක් වැදුන වගේ පුංචි අතීතයක් මගේ ඇස් ඉදිරිපිට මැවිල එකපාරටම නැතුව ගියා...

    මෙ ගීතය ඇතුලත් සිනමා පටය තමයි " පෙම්බර මඳු"....මේකේ රගපෑවෙ විජය සහ ගීතා...

    ඒ දවස්වල ම්ම් ආදරය කරපු කෙනත් එක්ක යන්න තැනක් නැතිඋනාම මෙ සිනමාපටය බලන්න විතරක් දහවතාවකට වඩා ගිහින් තියෙනවා... දෙවෙනි සීනුව නාද වෙනකොට් අඩඅදුරේම් රඟහලේ balcony එකට ඇතුල්වෙන අපි... එකිනෙකාට තුරැල් වෙලා දොඩවපු කතා... මැවු සිහින මාලිගා... අපේම ලෝකයේ අපි....දෑන් මතක්වෙනකොටත් හිතට දැනෙන්නෙ කියන්න බැරි මිහිරි හැඟුමක්.....

    මාව් මගේ අතීතයට ගෙනගියාට මල්ලියට ගොඩක් පින්....
     
    Last edited:

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    coolnishan said:
    Guys Shashika Nisansala ge song ekak thiyenwa menne me wage (Mula mathaka ne) "mage kiya mata thibune.. witharami witharamai..." Thiyenawanam Denawada..?

    dennam but thama click nae.., thawa tips deepan... chorus ekeda thiyenne?? aluth da paranada..??thawa wachana tiyenawanam daapan..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    coolnishan said:
    රාකිට කැම්පස් එකේ වැඩ ඇති අයියේ.ඒකයි මේ පැත්තේ කාලෙකින් දැක්කෙ නැත්තෙ.. :)

    එහෙනම් කමක් නැහැ....ස්තුතියි මල්ලි.....
     
    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    ronsilva said:
    ඔය සහෝදරයගේ කතාව හරියට හරි..චොකා බයිලා සහ බෙලෙක්ක වලට හඬ තලනා ආකාරයෙන්අපේ කන් අගුල් වැටෙන තරමට ගැහැණු හඬවල්වලින් ගීත කියමින් කසි කබල් කතන්දර කිවු ලොවක.... ලාංකීය සංගීත අම්බරයේ පායා දිදුලුනු එකම් හඬ පෞරෑෂය ජෝතිගේ ගීත කලාවයි.....

    අදටත් අපිට ජෝතිගේ හඬ ඇසෙන විට නිතැතින්ම හිතට් දෑනෙන ප්‍රේමඋන්මාදය ආස්වාදජනකයි.....

    එහිදී කිසිදු වයස් පරතරයකින් තොරව්... ජවයෙන් පිරුනු තරුනයාගේ සිට හැරමිටියෙන් යන මහල්ලා දක්වා ඔහුගේ ගීතයෙන් අමන්දානන්දයට පත්වු බව නොරහසක්.

    ආදරය ලොව පවතිනතාක් කල් සදානුස්මරනීය ජෝතිගේ හඬ අප අතරේ රෑව් පිලිරෑව් දෙනු ඇත.

    මෙ සියලුම් ගීතත් සමගින් සැමදිනකම දෙනොදාහක්ගේ හිත් පුරවාලන අපේ මෙ මහගෙදර අපේම දයාබර සොයුරු සොයුරියන්ට් ජයවෙවා!!
    අප්පේ ... රොන් මහත්තයා, හැතැක්ම කීදාහක් දුර ඉදලද මේ අමතන්නේ.මචෝ ජෝති විතරක් නෙවෙයි අමරදේව-සිසිර ඉන්ද්‍රානි-නන්දා-මිල්ටන් ඩබල-ප්‍රියා-වගේ තවත් අයගේ සදාකාලික ගීත වලට සීමා මායිම් නෑ.ගැටව් කාලේ ලව් ලෙටර්වලට ඒ කාගෙ හරි සිංදු කෑල්ලක් අනිවාර්යයෙන්ම ඕන.දැනුත් එහෙම ඇති ?(මගේ නම් 98-2000 A/L කාලේ! ) කාලය ගෙවී ගිහින් හිතා ගන්න බැරි තරම් වේගයෙන්.ඒත් ප්‍රේමනීය හැඟුමක්,සංවේදනාවක් දැනෙන ඇසිල්ලේ දෙතොළග පොපියන්නේ ඒ සුමිහිරි ගීතමයි.(මමත් නුදුරු දිනක එළිසබෙත් නැන්දාගේ රටේ පදිංචියට යනවා.ඒක ලොකු අවස්ථාවක්,නමුත් මේ දඹරන් භූමිය දාල යන්න බැරි මොකක්දෝ මහා ලෝභකමක් නිසා දැන් මාස ගානක් ඉන්නෙ දෙගිඩියාවෙන්)
     
    මල්ලියො.. මම පේරාදෙණිය campus එකෙන් එලියට ආවෙ මං කරපු විසයයන්ට වඩා පවතින සමාජය හා එහි වෙසෙන අපේ දුක් විඳින මිනිස්සු ගැන ගැඹුරු දෑනුමක් කර පින්නාගෙන...

    අමරදේව් මාස්ටර්...ප්‍රොපෙසර් සරච්චන්ද්‍ර....මහගම්සේකර අපේ කාලයේ වීරයො...

    විජය තමයි මගේ සිනමා සිහින කුමරා..සිහින කුමරෙකුට වඩා මං තදින් ඇලුම් කලේ ඔහුගේ මිනිසුන් කෙරෙහි තිබු අපරිමිත මානුෂිකත්වයටයි.... වි‍ජ‍ය‍ට ත‍ර‍ම්‍ ජෝ‍ති‍ගෙ‍ හ‍ඬ ගැ‍ල‍පු‍න‍ සු‍සං‍යො‍ග‍ය‍ක්‍ මා‍ ක‍වදා‍ව‍ත්‍ අ‍ත්‍දෑ‍ක‍ලා‍ නැ‍හැ‍...වි‍ජ‍ය‍ම ද‍ව‍ස‍ක්‍ කි‍ය‍ල‍ ති‍බු‍ණා‍ එ‍යා‍ට‍ එ‍යා‍ගෙ‍ ක‍ට‍හ‍ඩට ව‍ඩා‍ ජෝ‍ති‍ගෙ‍ හ‍ඩ එ‍යා‍ වෙ‍නු‍වෙ‍න්‍ ප‍සු‍බි‍ම්‍ ගා‍ය‍න‍ය‍ට ව‍ඩා‍ත්‍ ගැ‍ල‍පෙ‍න බ‍ව.......

    ඒ කවුරු කොහොම හිටියත්... මොන විදිහේ උසස් ගී වින්දනයක් ලැබුවත්....මට ජෝතිගෙ හඬ්න් තරම් ප්‍රෙමයේ දුක හා ශෘංගාරත්වය බොක්කටම වැදුනු හඬ පරාසයක් තවම අත් වින්දින්න ලැබිලා නැහැ..........

    එලිසබෙත් නැන්දගෙ "හිරු නොබසින රාජ්ජ්යට" ඉතා ඉක්මනින්ම ඔය මල්ලියට සිත එකලස් කරගෙන යන්න ලැබෙන්න ඔනෙ කියලා මුලු හදින්ම ප්‍රාර්තනා කරනවා.......

    සුබ අනාගතයක් ස‍ම‍න්‍තු‍ෂා‍ර ම‍ල්‍ලි‍ය‍ට‍.....
     
    Last edited:

    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    "ඒ කවුරු කොහොම හිටියත්... මොන විදිහේ උසස් ගී වින්දනයක් ලැබුවත්....මට ජෝතිගෙ හඬ්න් තරම් ප්‍රෙමයේ දුක හා ශෘංගාරත්වය බොක්කටම වැදුනු හඬ පරාසයක් තවම අත් වින්දින්න ලැබිලා නැහැ..."
    අමරණීය ජෝති කියන්නේ නිකංද?
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    coolnishan said:
    රොන් අයියේ අපිට කේක් ඕනේ..:P

    දෙන්නම් මල්ලියො..ඔක සුලු දෙයක්නේ....

    මල්ලිලා ඉන්න ලෝකෙක ජීවත්වෙන්න මට ලැබුනු එකත් කොච්චර නම් සැනසිමක්ද...වාසනාවක්ද...

    කාටද කියන්න පුළුවන් තව කී කාලයක් මම ජීවත්වෙයිද කියල... අපේ ජීවිත ඒ තරමටම අස්තිරයි...

    ඒත් එක මල්ලියෙක් හෝ නංගියෙක් මගේ මෙ පුංචිම පුංචි 1000 වෙනි කඩඉම දක්වා මා ලියපු.. කියපු දෙයකින් අල්පෙනෙත්තක් තරම් දෙයක් ඇහිඳගෙන ඒක තම්න්ගේ ජීවිතයට ආදේශ කරලා බලන්න හැදුවනම් හෝ ඉස්සරහට හදන්න හිතාගෙන ඉන්නවනම් එයිටත් වඩා මට වෙන සතුටක් කොයින්ද??

    මට අය්යලා..මල්ලිලා..නංගිලා.. නැහැ කියලා මම මීට ඉස්සරවෙලත් කියලා තියෙනවා...
    මම දෑන් හුස්ම ගන්නෙ හා පිට කරන්නෙ ඔය මල්ලිලා..නංගිලා අතරේ ඉඳන්...

    මට ඔයගොල්ලො මහ මෙරක් වගේ මා පසුපස නොසැලී සිටීම මාව දිනෙන් දින ජිවත්කරනවා කිව්වොත් වඩා නිවැරදියි...

    මම ඔයගොල්ල ඔක්කොටම හරි ආදරෙයි කොල්ලනේ...කෙල්ලනේ
     
    Last edited:

    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    තවත් ලස්සන දවසක් උදාවෙද්දී...ඔබ සැමට ජය වේවා.
    a%3E
    a%3E
    a%3E
    හෙට හමුවෙමු
     
    Last edited:

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    arunajith said:
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    Mata Clerance Wijewardenage,
    Kandukaraye seethale, meedum diya yaaa kere
    ...
    Song eka denawada??????

    Meka sooo rare to find...
    Meka gahala thinne...
    Bonny M - By the rivers of babylon..

    melody ekata.....
    :yes: :yes: :yes: :yes: :yes:
    :P :P :P :P :P :P

    sorry arunjith mama me sinduwa dl karala thiyanawa 05/12/2008
    ath eka dl wela thiyanne 25kb witharai
    mama a dawase post tikath dan baluwa sinduwa ul karapu kena hoyaganna
    ath ehema post ekak hamba wune na
    samahaeawita mama wena kohen hari dl karanna haduwada danneth na
     
    Status
    Not open for further replies.