ronsilva said:මල්ලිය මට නිකන් පුංචි කරන්ට් එකක් වැදුන වගේ පුංචි අතීතයක් මගේ ඇස් ඉදිරිපිට මැවිල එකපාරටම නැතුව ගියා...
මෙ ගීතය ඇතුලත් සිනමා පටය තමයි " පෙම්බර මඳු"....මේකේ රගපෑවෙ විජය සහ ගීතා...
ඒ දවස්වල ම්ම් ආදරය කරපු කෙනත් එක්ක යන්න තැනක් නැතිඋනාම මෙ සිනමාපටය බලන්න විතරක් දහවතාවකට වඩා ගිහින් තියෙනවා... දෙවෙනි සීනුව නාද වෙනකොට් අඩඅදුරේම් රඟහලේ balcony එකට ඇතුල්වෙන අපි... එකිනෙකාට තුරැල් වෙලා දොඩවපු කතා... මැවු සිහින මාලිගා... අපේම ලෝකයේ අපි....දෑන් මතක්වෙනකොටත් හිතට දැනෙන්නෙ කියන්න බැරි මිහිරි හැඟුමක්.....
මාව් මගේ අතීතයට ගෙනගියාට මල්ලියට ගොඩක් පින්....
හා හා ඔය කියන්නෙ....ඔව් අයියෙ විජය කියන්නෙ මාත් ආසම පුද්ගල්ලයෙක්... හැබහින් දකින්න තරම් වාසනාව නොතිබුණත් .........
