සිවු හෙළ වංශ කතාව - part 1

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
සිවු හෙළ වංශ කතාව - part 1

සිවු හෙළ වංශ කතාවට පෙරවදනක්.

ආර්යයන්ගෙන් සිංහලයින් පැවතෙන බවත්, විජය රජ ඇතුලු ආර්යයන් සත් සියයක් සේනාව සමඟ තම්බපන්ණියට ගොඩ බැස ලංකා ශිෂ්ටාචාරය ආරම්භ කළ බවත්, අපට පාසැලේ දී උගැන්වූ විට එය ගිරවුන් මෙන් කට පාඩම් කල බව අපි දනිමු.
ඊට අමතරව විජය රජ, බැල්ලක විසින් මඟ පෙන්වන ලදුව, කපු කටිමින් සිටි කුවේනිය සරණ පාවා ගෙන ලංකාව පාලනය කල බවත්, විජයගේ සේනාව විසින් අනුරාධගාම, උපතිස්සගාම වැනි නගර පිහිටුවා ගත් බවත්, ගෝකණ්න, මහාතිත්ථ වැනි නැව් තොටුපොළවල් පිහිටවූ බවත් අපි උගත්තෙමු.

ඉහත කරුණු වල සත්‍ය අසත්‍යතාවය ප්‍රශ්න නොකරම මිනිසුන් වළැඳ ගන්නේ ඒවා සඳහන් වන පොත පත පිළිගන්නා ලෙසට අපගේ මානසීකත්වය කුඩා කල සිටම සැදී තිබෙන බැවින් විනා විචක්ශණව තර්ක කර නොවන බව කනගාටුවෙන් වුවද පිළිගත යුතු ය. සැබැවින්ම සිදු වූයේ කුමක් ද? ආර්යයෝ යනු කවරහු ද? විජය ඇත්තෙන්ම ලංකාවට පැමිණ තිබේද? පැමිණියා නම් එතැනින්ද සිවු හෙළ ශිෂ්ටාචාරය ආරම්භ වුනේ? විජය ආක්‍රමණයට පෙර සිවු හෙළයන්ට ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනේම නැද්ද? සිවු හෙළයන් යනු ආර්ය සම්භවයක් ඇති, එම නිසාම ඉන්දීය සම්භවයකින් හෙබි පිරිසක් ද? විජය එනවිට කුවේනිය කපු කටිමින් සිටියේ කුමකින් ද? කුමක්ද අපිට උරුම අපේම අනන්‍යතාවය? කුමක්ද අපට තිබුනු තාක්ශණය?

එකී මෙකී සහ ඇතැම් නොකී ඓතිහාසික කරණු වල සත්‍ය අසත්‍ය තාවය සොයනු වස් කරනා විද්‍යාත්මක, පුරා විද්‍යාත්මක සහා සමාජ විද්‍යාත්මක ගවේශණයක ආරම්භය මෙසේ සටහන් කරමි. මෙම ලිපි පෙල මාගේ බ්ලොග් අවකාශය හා සමගාමීව දිවෙන බවත් සැළකිය යුතු මනාය. (බුද්ධිමය දේපළ අයිතිය මා සතු බැවින් බ්ලොගය වෙත හරස්-යොමු හෝ මූලාශ්‍ර-යොමු අමුතුවෙන් භාවිතා නොකරමි).

මෙම ලිපි පෙළ නිර්මාණය වනුයේ විවිධ ලේඛකයින් විසින් දශක ගණනාවක් මුළුල්ලේ කරන ලද විද්‍යාත්මක සහ සමාජ/ පුරා විද්‍යාත්මක පර්යේශණ සහ අපේ ප්‍රවාද තුලින් බව මතක් කර සිටිමි. මෙය ඕනෑම වැඩිහිටි කෙනෙකුට වුවද කියවා තේරුම් ගැනීමට පහසු සරළ බසකින් ලියුවද, අ.පො.ස සා/පෙළ සහ උ.පෙළ සිසුන් මෙහි ඇති කරුණු සහා ඉතිහාස පඬිවරුන් ලියූ පාසැල් පෙළ පොත් වල සඳහන් කරුණු පටලවා නො ගත යුතු ය. මන්ද යත්, මෙම ලිපි වල සඳහන් ඇතැම් කරුණු, පෙළ පොත් වල සඳහන් කරුණු වලට තරමක් දුරට පටහැනි බව මම දනිමි. විභාගය සමත් වීමට බේගල් දෙසා බෑව ද සැබෑ ඉතිහාසය දැන ගැනීම සිවු හෙළ අපගේ අනන්‍යතාවය රැක ගැනීමට ඉවහල් වන බවත්, එමඟින් ඇති වන ආත්මාභිමාණය සහ අපේ හැකියාවන් තේරුම් ගැනීම හේතු කොට ගෙන ඉදිරි අනාගතය සුභදායී, ස්වාධීන, දියුණු සහ යහපත් එකක් වනු ඇති බවත් මා හැඟි ඒකායන පැතුම යි.

මෙම ලිපි පෙලෙහි සඳහන් කරුණු හුදෙක් මෙහි සඳහන් වන නිසාම නොව, ඔබගේම මනසින් තර්කානුකූලව සිතා පිළිගැනීමට හැකි නම් පමනක් පිලිගන්නා ලෙස ඉල්ලමි.
 
Last edited:

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
අපගේ සැබෑ අනන්‍යතාවය සොයා යන ගමනේදී පිළිගත යුතු වැදගත් කරුණු 3ක් වෙයි.

1. බටහිර විද්‍යාවට ඔබ්බෙන් (beyond western science) දිවෙන අපට උරුම තර්කණ ශෛලියක් තිබෙයි.
බටහිර විද්‍යාවේදී බොහෝ විට භාවිතා කරන්නේ ඇරිස්ටෝටලීය සිද්ධාන්තයන්ය ය. එනම් පර්යේශණයක් තුලින් නිඟමණ වලට එළැඹීමට හැකි නම් පමණක් යමක් පිළිගැනීම හෝ යම් කිසි භෞතීක හෝ ස්පර්ශ කල හැකි (tangible) නියැඳියක් තුලින් පමණක් නිඟමණ වලට එළඹීම. මෙම, ඉතා තර්කානුකූළ ක්‍රමයේ වරදක් මම නොදකිමි. එනමුත් එහි අපටම ආවේණික වුනු ජන ප්‍රවාදයන්ට හිමි තැන අහිමි කර ඇත. එනම්, සිවුහෙළයන් ඔවුනට හිමි ජන ප්‍රවාද වල අඩංගු කරුනු, ඔවුනගේ බුද්ධියට ගෝචර වන්නේ නම්, පිළිගැනීමට පසුබට නොවිය යුතුය. උ.දා.: ගලේ බංඩාර දෙවියන්ට මාතලේ/ පොලොන්නරුවේ මිනිසුන් අදටත් වන්දනා මාන පුද කරනුයේ ජන ප්‍රවාද මඟින් ඒවා පැවත ආ නිසා විනා පොත පතක සඳහන් වූ නිසා වත්, විද්‍යාත්මක පර්යේශන මඟින් දේව අනුහස ඔප්පු කර ඇති නිසා වත් නොවෙයි. (මෙම ගලේ බංඩාර දෙවියන් යනු කවරෙක්ද යන වග ඉදිරි ලිපි වළින් විග්‍රහ කරමි). තව දුරටත්, බුදුන්ගේ දේශයේ ජීවත් වන්නේ නම් බුදු දහම පිළිගැනීමත් කළ යුතු ය. "යං භික්ඛවෙ, නත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං නත්ථිති වදාමි, යං භික්ඛවෙ, අත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං අත්ථිති වදාමි" - සංයුක්ත නිකාය, පුප්ඵ සූත්‍රය. එහි අර්ථය වනුයේ, "මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් නැතැයි සම්මත නම් මම ද එය නැතැයි කියමි. මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් ඇතැයි සම්මත නම් මම ද එය ඇතැයි කියමි".

2. දහ හත සහ දහ අට වැනි සියවස් ලියැවුනු බටහිර ලේඛන සහ පොත පත දැඩි ලෙස ක්‍රිස්තියානිකරණය වීම.
අතීතයේ තිබුනු ප්‍රාථමීක විද්‍යාත්මක දියුණුව නිසා මිනිසා තමුනගේ මනසට ගෝචර නොවන සියල්ලම පාහේ දේව බලය නිසා සිදු වන බව සිතීය. (උ.දා.: අකුණු ගැසීම, වළාකුළු, ඉර, තරු). මෙම 'දේව' සහ 'මැවුම්' සංකල්පයන් පදනම් කරගෙන මධ්‍යකාලීන බහුතරයක් ලේඛකයන් යුදෙව් ක්‍රිස්තියානි මැවුම් සංකල්පය හමුවේ එල්බගත් ස්වරූපයක් ගත් බව මැක්ස් මුලර් වැනි ගත්කරුවරුන්ගේ ලේඛන වලින් පැහැදිලි වේ. එකල විද්වතුන්ගෙන් බොහෝ දෙනා ඉතිහාසඥයින් වත් පුරා විද්‍යාඥයින් වත් නොව මිශනාරී බලය හමුවේ බටහිර සංස්කෘතිය සහ සමාජ ක්‍රමය පතුරවාලීමට උත්සාහ දැරූ බටහිර හා යුදෙව් ක්‍රිස්තියානි ප්‍රවාහයේ ප්‍රධාන පුරුක් බව ෆ්රෝලි, රාජරාම් ඇතුලු විවිධ ලේඛකයින් විසින් වරින් වර පෙන්වා දී ඇත. මෙම හේතුව නිසාම, පහත තුන් වන කරුණ ගැනත් අප සැළකිලිමත් විය යුතු ය. (එකළ සිටි ස්වාධීන විද්වතුන්ට සාධාරණයක් ඉටු කරනු වස් ඕගස්ට් විල්හෙයිම්, හර්න් හම්බෝල්ට්, ආතර් ස්කෝපනෝර් වැනි අපක්ෂපාතී සාධාරණ විද්වතුන් සිටි බවත් අමතක නොකල යුතු ය).

3. ජීවය මෙලොව ඇති වුනේ ක්‍රි.පූ 4004 ට කලින් වීම.
ඉහත දැක්වූ දෙවන කරුණ මුල් කරගෙන, එකළ පොත පතේ සඳහන් වනුයේ මෙලොව ආරම්භ වුනේ ක්‍රි.පූ 4004 වන බවයි. මේ බව 1654 දී අයර්ලන්තයේ බිශොප් වරයෙකු දැඩි ස්ථාවරයක සිට පවසා ඇත. (ඔහු සඳහන් කර ඇති පරිදි, දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ, ක්‍රි.පූ 4004, ඔක්තෝබර් 23 වැනි දින පූර්ව භාග 9 ට ය.) ක්‍රි.ව. 1654 දී එතුමා කල මෙම නිවේදනයෙන් පසුව 17 වැනි සියවසෙන් පසුව ඉතා මෑත කාලයක් දක්වාම ලියැවුනු පොත පත ලෝකයේ ආරම්භය ක්‍රි.පූ 4004හි පිහිටුවයි. එනමුදු දැන් විද්‍යාත්මකව සොයා ගෙන ඇති කරණු අනුව අපට ගම්‍ය වන්නේ මෙලොව ආරම්භය ඊට ඉතාමත් කලින් සිදු වූ බවයි. එබැවින්, 17 හා 18 සියවස් වල ලියැවුනු ග්‍රන්ථ භාවිතයේ දී ඉතාමත් සැළකිලිමත් විය යුතු ය. එසේම, ලෝකය සහ මානව ශිෂ්ටාචාරයන් බිහි වුනේ ඊට කලින් (ක්‍රි.පූ 4004 ට පෙර) බවත් සාධක සහිත නම් පිළිගැනීමට මැලි නොවිය යුතු ය.
 
Last edited:

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
ඉහත කරුණු තුනටම පොදු කරුණ වන්නේ අප, අපගේ මතයන් දැඩි ලෙස බටහිර ආභාශිත කර ගැනීම යි. බටහිර විද්‍යාඥයින් පවා ඔවුන්ගේ මතයන් දහ නව වන සියවස තුළ දී නිවැරදි කර ගත්තද අපි තවමත් ඔවුන් විසින් 'දායාද කළ' වැරදි මතයන් තුළම එල්බ සිටින්නේ ඇයි?
ක්‍රිස්තියානි සභාව පවා අද පරිණාමය පිළිගනිත්දී, අපි තවමත් යුදෙව් අන්ධ කිතුනු භක්තික ආචාර්ය මහාචාර්යවරු එදා ලියූ දේවල් තුළම එල්බ සිටින්නේ ඇයි? එවැනි ලේඛන වල ආභාශය ලබා සහ ඒවා මූලාශ්‍ර කොට ගෙන ලියැවුනු මහාවංශයේ 'ඇතැම් පරිඡ්චේද' තුළම එල්බ සිටින්නේ ඇයි?

අපේ ශිෂ්ටාචාරය ගවේශනයේදී අපට අනෙකුත් ශිෂ්ටාචාර හැදෑරීම ද කල යුතුය. ඊලඟ ලිපියෙන් ලොවෙහි ආරම්භය සැකෙවින්, යුප්‍රටීස්-ටයිග්‍රීස් ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න, නයිල් නිම්න ශිෂ්ටාචාර සහ අනෙකුත් පුරාතන ශිෂ්ටාචාර ගැන සළකා බලමු.

ස්තූතියි.

ධනුෂ්ක ද සිල්වා [විද්‍යාවේදී, විද්‍යාපති], තොරතුරු සහ සන්නිවේදන තාක්ශණ අංශය, දකුණු ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය.

මූලාශ්‍ර:
Giri, S B V 2000, 'The Myth of Aryan Invasion'.
Frawley, D, 'Gods, Sages and Kings'.
Rajaram, N S, 'Aryan Invasion of India: The myth and the truth'.
Agraval, D, 'Aryan Invasion/ Race theory', Penn State University, The USA.


පසු වදන:
මෙම ලිපි පෙළ කිසිම ආගමකට, ජාතියකට හෝ රටකට නිග්‍රහ කිරීමට ගන්නා වෑයමක් නොවන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි. තවද මෙම ලිපි පෙළ විවෘත මනසකින් යුක්තව කියවන මෙන් ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටිමි.

මෙම ලිපි පෙළ නිර්මාණයේදී නන් අයුරින් සහය පළ කල / කරන අමිල සොයුරාටත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැදී පැහැදී සිටින මාගේ ජීවන සහකාරියටත්, නන් අයුරින් උදවු කල සොයුරු සොයුරියන් සියල්ලටත් හද පිරි ආදරය සහ තුති පුදමි.
 
Last edited:

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
ඔව්, එහෙම කියලා පටන් ගත්ත එක හොදයි. :D
මොකද අපිට ඉතිහස පොත් වල තියන දේවල්වත් ආගමික පොත් වල තියන දේවල් වත් සම්පුර්ණයෙන්ම හරි හෝ වැරදි කියන්න බෑ. ඒවට ආගමික බලපෑම හා ඒ කාලේ හිටපු රජවරුන්ට ඕන විදිහට වෙනස් වෙන්න පුලුවන්. ආයේ ඒවා පරිවර්ථනය වෙද්දි වෙනස් වෙන්න පුලුවන්.

මට නම් එච්චර ඉතිහාස දැනුමක් නෑ. කොහොම උනත් මේ බලාගන ඉන්නෙ. :D

11.gif
නයිස් ව(ර්)ක්! කීප් ගොයින් :D
 
Last edited:
  • Like
Reactions: danny01

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
mekai auala budda gosha hamuduruwo maha wanshaya liyana wita karunu wikurthi kara saha samahara karunu ewath kota tamai maha wansaya liala tiyenne. :baffled::baffled::baffled: :dull::dull::dull:
 

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
ඔව්, එහෙම කියලා පටන් ගත්ත එක හොදයි. :D
මොකද අපිට ඉතිහස පොත් වල තියන දේවල්වත් ආගමික පොත් වල තියන දේවල් වත් සම්පුර්ණයෙන්ම හරි හෝ වැරදි කියන්න බෑ. ඒවට ආගමික බලපෑම හා ඒ කාලේ හිටපු රජවරුන්ට ඕන විදිහට වෙනස් වෙන්න පුලුවන්. ආයේ ඒවා පරිවර්ථනය වෙද්දි වෙනස් වෙන්න පුලුවන්.

මට නම් එච්චර ඉතිහාස දැනුමක් නෑ. කොහොම උනත් මේ බලාගන ඉන්නෙ. :D

11.gif
නයිස් ව(ර්)ක්! කීප් ගොයින් :D

Thanks machan balala comment kalaata.
Owu. anna eeka piliganne naththam issarahata liyana ewwa kiyawana eke therumak naha :D eekai mulinma kiyuwe hehe


xperto, meh podak meke akuru lokuwata dannawada pls... kiyawanna amaruine... :baffled::(

oka ithin kiya kiya inne nathuwa karanna epei bun :P
 

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    දිගටම ලියන්න, නවත්තන්න එපා.

    මටත් දැනගන්න ඕන ඒව ටිකක් තියනව,

    තවම ඒ හරියට අවිල්ල නෑ. ලියනකන් බලාගෙන ඉන්නව.

    :D
     

    phantomzone

    Member
    Dec 3, 2007
    1,753
    1
    0
    where all the phantoms live..
    very good post machan, i smell something big is coming on the way...would love to read it...coz to be frank i dnt believe wat is there is da books (most of em)...so would like to know someone elses view on dis ( though i dnt have much knowledge on history, i would love to read a different perspective on history)

    මෙම ලිපි පෙලෙහි සඳහන් කරුණු හුදෙක් මෙහි සඳහන් වන නිසාම නොව, ඔබගේම මනසින් තර්කානුකූලව සිතා පිළිගැනීමට හැකි නම් පමනක් පිලිගන්නා ලෙස ඉල්ලමි.
    and dat is da best part....that is what most of us dont do...good that u told it at da begining...:)

    anywa wish u good luck for ur endeavour..:)
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    mekai auala budda gosha hamuduruwo maha wanshaya liyana wita karunu wikurthi kara saha samahara karunu ewath kota tamai maha wansaya liala tiyenne. :baffled::baffled::baffled: :dull::dull::dull:

    Owu, wennath puluwan. nowennath puluwan :)

    Wikurthi kala ho nokala, iwath kala ho nokala... mokak hari aduwak nam thiyena bawa pahadiliyi.
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මේක කියවනකොට ඉස්සර සමාජඅධ්‍යයනය පාඩමේ විජයට දාපු කැටයං ටික මතක්වෙනවා..ලොල්...

    එල ත්රෙඩ්එක.. නියමයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ramuvakata kotu novi ain ehaata gos sithannata ha tharaknukuulava karunu vigraha karannata darana me uthsahayata palamukotama suba pathanava. me sambandayen vigrahayak ho vivechanayak karannata tharum karunu ma sathu novana nisaa ha e tharum danumak labagena nomathi nisaa me karunu hari ho varadi kiyannata hakiyavak ma sathuta nae. abavin me post ekata saadaranayak karannata bariveema kanagatuvak.


    "බටහිර විද්‍යාවට ඔබ්බෙන් (beyond western science) දිවෙන අපට උරුම තර්කණ ශෛලියක් තිබෙයි.
    බටහිර විද්‍යාවේදී බොහෝ විට භාවිතා කරන්නේ ඇරිස්ටෝටලීය සිද්ධාන්තයන්ය ය. එනම් පර්යේශණයක් තුලින් නිඟමණ වලට එළැඹීමට හැකි නම් පමණක් යමක් පිළිගැනීම හෝ යම් කිසි භෞතීක හෝ ස්පර්ශ කල හැකි (tangible) නියැඳියක් තුලින් පමණක් නිඟමණ වලට එළඹීම."

    nuuthana tharkashathraye mata hithena vidiyata eeta vadaa venas vu sankalpayanuth salaka balanava needa? "ඇරිස්ටෝටලීය සිද්ධාන්තයන්ය" amatharava nuuthana tharka sidanthayan handunva dee thibena bavai mage mathakaya. habai eevalinuth oya kiyana bavuthika novu sadakayan gana nigamanayan karanava da kiyala mathakayan nae.


    "තව දුරටත්, බුදුන්ගේ දේශයේ ජීවත් වන්නේ නම් බුදු දහම පිළිගැනීමත් කළ යුතු ය."

    oya kotasa gana hari pahadilithavayak nae ma sathuva. me prakashaya budurajananvashanse karapu ekak lesa da sandahan venne?


    "යං භික්ඛවෙ, නත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං නත්ථිති වදාමි, යං භික්ඛවෙ, අත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං අත්ථිති වදාමි" - සංයුක්ත නිකාය, පුප්ඵ සූත්‍රය. එහි අර්ථය වනුයේ, "මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් නැතැයි සම්මත නම් මම ද එය නැතැයි කියමි. මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් ඇතැයි සම්මත නම් මම ද එය ඇතැයි කියමි".


    me kiyamana gana ha meeta vasthun vu karana gana mata danumak nae. man net eke e suthraya soyaganeemata kala uthsahaya nishpala vunaa. meeka kumana avasthavaka kavurun arabaya kalaa da ha eeta vasthu muulika vuna karaana anuva arthaya venas viya haki bavai mage hangeema.

    "ජීවය මෙලොව ඇති වුනේ ක්‍රි.පූ 4004 ට කලින් වීම."

    ow meya vidayanukuula sakshi matha pahadiliva oppu velaa thiyana deyak vashayen salakanna puluvan. kohomath pruthuviye vayasa ha jeevayange hataganeema pilibanda vivida mathi mathanthara thibuna vunath ක්‍රි.පූ 4004 kalin jeevaya bihiveemata boho ida kadak thiyanava. carbon thakshanaya pilibanda etharumma vishvasa dayakathvayak nathi vuna da anikuth sadakayan salaka balu vita eeka pahadili karaganna puluvan.
     

    funkoluwa

    Active member
  • May 28, 2007
    4,081
    16
    38
    Yokohama Japan
    meka bara wachana daala hadapu article ekak unata methana apehediliwa unath kiyala thiyenawa Wijeyagamanayen ape ananyathawayata agaurawayak wela thiyenawai kiyala. mata petelenne anna ethana thamai