සිවු හෙළ වංශ කතාව - part 1
සිවු හෙළ වංශ කතාවට පෙරවදනක්.
ආර්යයන්ගෙන් සිංහලයින් පැවතෙන බවත්, විජය රජ ඇතුලු ආර්යයන් සත් සියයක් සේනාව සමඟ තම්බපන්ණියට ගොඩ බැස ලංකා ශිෂ්ටාචාරය ආරම්භ කළ බවත්, අපට පාසැලේ දී උගැන්වූ විට එය ගිරවුන් මෙන් කට පාඩම් කල බව අපි දනිමු.
ඊට අමතරව විජය රජ, බැල්ලක විසින් මඟ පෙන්වන ලදුව, කපු කටිමින් සිටි කුවේනිය සරණ පාවා ගෙන ලංකාව පාලනය කල බවත්, විජයගේ සේනාව විසින් අනුරාධගාම, උපතිස්සගාම වැනි නගර පිහිටුවා ගත් බවත්, ගෝකණ්න, මහාතිත්ථ වැනි නැව් තොටුපොළවල් පිහිටවූ බවත් අපි උගත්තෙමු.
ඉහත කරුණු වල සත්‍ය අසත්‍යතාවය ප්‍රශ්න නොකරම මිනිසුන් වළැඳ ගන්නේ ඒවා සඳහන් වන පොත පත පිළිගන්නා ලෙසට අපගේ මානසීකත්වය කුඩා කල සිටම සැදී තිබෙන බැවින් විනා විචක්ශණව තර්ක කර නොවන බව කනගාටුවෙන් වුවද පිළිගත යුතු ය. සැබැවින්ම සිදු වූයේ කුමක් ද? ආර්යයෝ යනු කවරහු ද? විජය ඇත්තෙන්ම ලංකාවට පැමිණ තිබේද? පැමිණියා නම් එතැනින්ද සිවු හෙළ ශිෂ්ටාචාරය ආරම්භ වුනේ? විජය ආක්‍රමණයට පෙර සිවු හෙළයන්ට ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනේම නැද්ද? සිවු හෙළයන් යනු ආර්ය සම්භවයක් ඇති, එම නිසාම ඉන්දීය සම්භවයකින් හෙබි පිරිසක් ද? විජය එනවිට කුවේනිය කපු කටිමින් සිටියේ කුමකින් ද? කුමක්ද අපිට උරුම අපේම අනන්‍යතාවය? කුමක්ද අපට තිබුනු තාක්ශණය?
එකී මෙකී සහ ඇතැම් නොකී ඓතිහාසික කරණු වල සත්‍ය අසත්‍ය තාවය සොයනු වස් කරනා විද්‍යාත්මක, පුරා විද්‍යාත්මක සහා සමාජ විද්‍යාත්මක ගවේශණයක ආරම්භය මෙසේ සටහන් කරමි. මෙම ලිපි පෙල මාගේ බ්ලොග් අවකාශය හා සමගාමීව දිවෙන බවත් සැළකිය යුතු මනාය. (බුද්ධිමය දේපළ අයිතිය මා සතු බැවින් බ්ලොගය වෙත හරස්-යොමු හෝ මූලාශ්‍ර-යොමු අමුතුවෙන් භාවිතා නොකරමි).
මෙම ලිපි පෙළ නිර්මාණය වනුයේ විවිධ ලේඛකයින් විසින් දශක ගණනාවක් මුළුල්ලේ කරන ලද විද්‍යාත්මක සහ සමාජ/ පුරා විද්‍යාත්මක පර්යේශණ සහ අපේ ප්‍රවාද තුලින් බව මතක් කර සිටිමි. මෙය ඕනෑම වැඩිහිටි කෙනෙකුට වුවද කියවා තේරුම් ගැනීමට පහසු සරළ බසකින් ලියුවද, අ.පො.ස සා/පෙළ සහ උ.පෙළ සිසුන් මෙහි ඇති කරුණු සහා ඉතිහාස පඬිවරුන් ලියූ පාසැල් පෙළ පොත් වල සඳහන් කරුණු පටලවා නො ගත යුතු ය. මන්ද යත්, මෙම ලිපි වල සඳහන් ඇතැම් කරුණු, පෙළ පොත් වල සඳහන් කරුණු වලට තරමක් දුරට පටහැනි බව මම දනිමි. විභාගය සමත් වීමට බේගල් දෙසා බෑව ද සැබෑ ඉතිහාසය දැන ගැනීම සිවු හෙළ අපගේ අනන්‍යතාවය රැක ගැනීමට ඉවහල් වන බවත්, එමඟින් ඇති වන ආත්මාභිමාණය සහ අපේ හැකියාවන් තේරුම් ගැනීම හේතු කොට ගෙන ඉදිරි අනාගතය සුභදායී, ස්වාධීන, දියුණු සහ යහපත් එකක් වනු ඇති බවත් මා හැඟි ඒකායන පැතුම යි.
මෙම ලිපි පෙලෙහි සඳහන් කරුණු හුදෙක් මෙහි සඳහන් වන නිසාම නොව, ඔබගේම මනසින් තර්කානුකූලව සිතා පිළිගැනීමට හැකි නම් පමනක් පිලිගන්නා ලෙස ඉල්ලමි.

Last edited: