What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    අපි බලන් හිටියනම් ඇති තමයි.ඒත් මොකද කරන්නෙ...?මේ සම්බන්ධව කව්ද පියවරක් ගන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ?/ඉදිරිපත් වෙන්නෙ?
    අනිවාර්යයෙන් මේකට රාජ්‍ය අනුග්‍රහය ඕනෙනේ...
    මං දන්නැති නිසයි අහන්නෙ...දැනට මේ සම්බන්ධව අරන් තියෙන ක්‍රියා මාර්ග මොනවද?
    රජයද? අපෝ රජය නම් මාර දෙයක් කරල තිබුණ. ඇයි මතක නැද්ද tourist packages :D:D:D:baffled:
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    නාලන්දා ගෙඩිගේ ගැන කතා උන නිසා මතක් උනේ. දැන් ඔය ගෙඩිගේ කියන්නෙ රාවන රජ්ජුරුවන්ගෙ පුතා (ඉන්ද්‍රජිත්) යාගයක් කරපු ස්ථානයක් කියල කියනවනේ. ඒ කියන්නෙ පැහැදිලිවම රාවන යුගයත් එක්ක සම්බන්ධයි.
    එතකොට ඔය මහනුවර තියෙන නාථ දේවාලෙ?

    1.නාථ දෙවියන් කියන්නෙ මතු බුදුවෙන කෙනෙක් වෙනුවෙන් හදපු ස්ථානයක්.
    නාලන්දා ගෙඩිගේ කියන්නෙ මතු බුදුවෙන්න පතන රාවන රජ්ජුරුවන් සම්ග සම්බන්ධ ස්ථානයක්

    2.නාථ දේවාලෙ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය ගෙඩිගයට බෙහෙවින් සමානයි. නමුත් පසුකාලීනව බස්නායක නිළමෙ වරු විසින් නුවර යුගයෙ ගෘහ නිර්මාණ ලක්ෂණ මෙයට එකතු කර තිබෙනව නවීකරණයන් හිදි.

    3.දැන් තිබෙන නුවර දළදා මාළිගාවටත් වඩා (අතීතයේ මහනුවර අගනුවර වෙලා තියෙද්දිත්) නුවර තිබෙන පැරණිතම ඉදිකිරීමක් තමා ගෙඩිගේ කියන්නෙ. ඒ කියන්නෙ පෙනෙනවට වඩා ලොකු ඉතිහාසයක් නාථ දේවාලෙට තියෙන්න ඕනා.

    4.නාථ දෙවියන්ට රෝග සමනය කිරීමේ හැකියාවක් තිබෙන බව විශ්වාස කරනව
    ඒ වගේම රාවන රජතුමාත් වෛද්‍ය විද්‍යාවේ පරතෙරට ගිය විද්වතෙක්

    5.නාථ දේවාලයෙ තිබෙනව කියන්නෙ (මම අහල තියෙන විදියට) රාජ ලීලාවෙන් වැඩ සිටින නාථ දෙවියන්ගෙ පින්තූරයක්.

    6.අවසාන තියෙන ප්‍රධානම සාධකය තමයි අපි භාවිතා කරන අවලෝකිතේෂ්වර නාථ කියන වචනය.
    මේ thread එකේ මීට කලිනුත් කතා උනා මට මතක විදියට අවලෝකිතේෂ්වර කියන්නෙ මතු බුදුවෙන්නට පෙරුම් පුරන රාවනයන් කියල.

    ඉතිං මොකද හිතෙන්නෙ....

    • Like
    Reactions: Zeus

    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    Mama Thread aka mula edalama kiyauwa meka api hamoma hoyanna watina godak loku dayak mama mekenma godak dewal egana gaththa Mamath mata puluwan uparimayan udau karannam Mama mekata Kochara Interest da kiyanawanam Mage laga Ramayanaya teledrama akath tinawa Ogolanta mathakada Mita aurudu ganakata issara TNL ake sinhalen hadakawala giya aka, akama hindi yan tine.

    Akenam Ramawa Weeraya karala thama tinne ath Ape KING SRI RAVANA a golantath wada power full bawa pannawa mata hitena vidihata :(

    Meka DVD 2ka vitara tinne mata sali one na BLANK DVD dunoth one kenak ta danam nathnam kiayanna mama link aka hoyala dannam MAMA gatheth RAPIDSHARE walin

    kata hari one nam kiyanna
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපි බලන් හිටියනම් ඇති තමයි.ඒත් මොකද කරන්නෙ...?මේ සම්බන්ධව කව්ද පියවරක් ගන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ?/ඉදිරිපත් වෙන්නෙ?
    අනිවාර්යයෙන් මේකට රාජ්‍ය අනුග්‍රහය ඕනෙනේ...
    මං දන්නැති නිසයි අහන්නෙ...දැනට මේ සම්බන්ධව අරන් තියෙන ක්‍රියා මාර්ග මොනවද?
    අපේ ඉතිහාසයට හෝ උරුමයට හිතකර ක්‍රියාමාර්ගයක් නම් තවම රජය අරගෙන නෑ පේන විදිහට නම් ....... කොහොමත් ත්‍රෙඩ් එක මුල හරියෙදිත් අපි කතා උනේ කරනවනම් යමක් අපි අපිම පටන් ගන්න ඕන කියලයි..... රාජ්‍ය අනුග්‍රහය නොලැබුණත් දිගටම වැඩේ කරගෙන යන්න පුළුවන් කට්ටිය හොද සැලසුමක් අතිව එකතු උනොත්
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නාලන්දා ගෙඩිගේ ගැන කතා උන නිසා මතක් උනේ. දැන් ඔය ගෙඩිගේ කියන්නෙ රාවන රජ්ජුරුවන්ගෙ පුතා (ඉන්ද්‍රජිත්) යාගයක් කරපු ස්ථානයක් කියල කියනවනේ. ඒ කියන්නෙ පැහැදිලිවම රාවන යුගයත් එක්ක සම්බන්ධයි.
    එතකොට ඔය මහනුවර තියෙන නාථ දේවාලෙ?

    1.නාථ දෙවියන් කියන්නෙ මතු බුදුවෙන කෙනෙක් වෙනුවෙන් හදපු ස්ථානයක්.
    නාලන්දා ගෙඩිගේ කියන්නෙ මතු බුදුවෙන්න පතන රාවන රජ්ජුරුවන් සම්ග සම්බන්ධ ස්ථානයක්

    2.නාථ දේවාලෙ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය ගෙඩිගයට බෙහෙවින් සමානයි. නමුත් පසුකාලීනව බස්නායක නිළමෙ වරු විසින් නුවර යුගයෙ ගෘහ නිර්මාණ ලක්ෂණ මෙයට එකතු කර තිබෙනව නවීකරණයන් හිදි.

    3.දැන් තිබෙන නුවර දළදා මාළිගාවටත් වඩා (අතීතයේ මහනුවර අගනුවර වෙලා තියෙද්දිත්) නුවර තිබෙන පැරණිතම ඉදිකිරීමක් තමා ගෙඩිගේ කියන්නෙ. ඒ කියන්නෙ පෙනෙනවට වඩා ලොකු ඉතිහාසයක් නාථ දේවාලෙට තියෙන්න ඕනා.

    4.නාථ දෙවියන්ට රෝග සමනය කිරීමේ හැකියාවක් තිබෙන බව විශ්වාස කරනව
    ඒ වගේම රාවන රජතුමාත් වෛද්‍ය විද්‍යාවේ පරතෙරට ගිය විද්වතෙක්

    5.නාථ දේවාලයෙ තිබෙනව කියන්නෙ (මම අහල තියෙන විදියට) රාජ ලීලාවෙන් වැඩ සිටින නාථ දෙවියන්ගෙ පින්තූරයක්.

    6.අවසාන තියෙන ප්‍රධානම සාධකය තමයි අපි භාවිතා කරන අවලෝකිතේෂ්වර නාථ කියන වචනය.
    මේ thread එකේ මීට කලිනුත් කතා උනා මට මතක විදියට අවලෝකිතේෂ්වර කියන්නෙ මතු බුදුවෙන්නට පෙරුම් පුරන රාවනයන් කියල.

    ඉතිං මොකද හිතෙන්නෙ....
    යසස් හිතන්නෙ අපි නාථ දෙවියන් හැටියට හදුන්වන්නෙත් රාවනයන් මයි කියලද?....

    මම නාථ දෙවියන් ගැන වැඩි විස්තරයක් දන්නෙ නම් නෑ. ඒත් මේ ගැන හොයල බලද්දි දැනගන්න ලැබුණා රාවනයන් දේවත්වයෙන් අදහන බව. මං කියවපු ලිපියක රාවනයන් ලංකාරක්ෂක දේවතාවා හැටියට හදුන්වලා තියෙනවා.

    '' පාත කැළණිපුර ලක්දිව භාරව සිටගෙන
    භූත යකුන් හට ගිනිදැල් දෙවා වදාරන
    මෑත කපට බුදු වන්නට විවරණ ලැබගෙන
    නාථදේව රත්න තිලක සුරපුර සිට එන''

    මේ පැරණි මල් යහන් කවියක්. මේකට අනුව නාථ දෙවියන්ටත් ලක්දිව හෝ කැළණි පුරවරය භාර බව සදහන් වෙනවා. මෙතන පැහැදිලි සමානකමක් තියෙනවා.

    ඒ වගේම අවලෝකිතේශ්වර බෝධිසත්වයන් රාවන බවත්, ලංකාවේ බුදුරුවගල, මාලිගාවිල, තිස්සමහාරාමය, හා කුෂ්ඨරාජගල යන ස්ථාන වල රාවනයන්ගේ රජ්‍ය ස්වරූපයේම පිලිම දක්නට ලැබෙන බවත් සදහන් වෙනවා.
     
    Last edited:

    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    Menna mama kiyapu link aka

    http://kingofmoviesandmusic.blogspot.com/2009/06/ramayan-hindi-popular-serial-all-78.html

    machan YasasSudaraka mata thernne na machan thama sinhalen type karanne kohomada kiyala mekata danna puluwan vidiyata

    mama mage rupeth maru kara mata hetenne api apita galapena akak danna one kiyala athatama godak adambara hitenawa me mulu thread akai ara pothai kiyawadi
    Ogolo karara ona dakata apith udau karannam pala paliyakata unath

    Hamotama godakama pin me karana wadeta

    Jaya wewa
     
    Last edited:

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    Dear Bro/sis
    lanka ඉතිහාසය(before vijaya) gena liyawunu pothak thiyenawa

    http://helayuhgaya.netau.net/index1.htm

    kiyawala honda Idea ekak ganna puluwan..
    බොහොම ස්තුතියි මචං. මේක සෑහෙන වටින පොතක්. මීට කලිනුත් අපේ කසුන් මේකෙ links දාල තිබුණ.
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    machan YasasSudaraka mata thernne na machan thama sinhalen type karanne kohomada kiyala mekata danna puluwan vidiyata
    සිංහල keyboard එක හුරු නම් මේ link එකෙන් සිංහල යුනිකෝඩ්ස් බාගන්න පුලුවන්. ඒක install කරල alt+shift ගහල භාෂාව වෙනස් කරගන්න පුලුවන්.
    http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html

    එහෙම නැත්නම් මෙන්න මේ link එකට ගියාම online සිංහල යතුරු පුවරුවක් තියෙනව.
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

    Code:
    Ogolo karara ona dakata apith udau karannam  pala paliyakata unath
    බොහොම සතුටුයි සන්තුෂ් ඔයාගෙ උනන්දුවට.:yes::yes: කොහොම උනත් මේ ගැන යම්කිසි දෙයක් දැනෙන්න කරන්න නම් කාලය හරි වගේ. දැනුත් පරක්කු වැඩියි තමා. ඒත් අඩුගානෙ දැන්වත්...
    මේ ගැන ගොඩක් අය පර්යේෂණ කරනව අපි නොදන්නව උනාට. හැබැයි පුදුමෙ කියන්නෙ ඒවයෙ ප්‍රතිඵල එයාල එළියට දාන්නෙ නෑ. ඇයිද කියල කියන්න තේරෙන්නෙ නෑ.
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    Code:
    [COLOR=SeaGreen]යසස් හිතන්නෙ අපි නාථ දෙවියන් හැටියට හදුන්වන්නෙත් රාවනයන් මයි කියලද?....[/COLOR]
    මෙහෙමයි නගෝ මේ සිද්ධි දෙක අතර කැපී පෙනෙන පැහැදිලි සමානකම් කිහිපයක් තියෙනව නේද. එහෙම හිතන්න සාධාරණ හේතු තියෙනවනෙ.

    Code:
    [COLOR=SeaGreen]පාත කැළණිපුර ලක්දිව භාරව සිටගෙන[/COLOR]
    අපි දන්න රාවනයන් රජ කලේ ඔය ත්‍රිකුණාමලය ඇතුලු නැගෙනහිර කියල කියනවනෙ. වෙනත් විදියකට කිව්වොත් අද අපි කැළණිය කියන්නෙ වෙන දිහාවකටලු. ඒ දවස්වල ලංකාවෙ නැගෙනහිර පැත්තෙ තමයි කැළනිය තියෙන්න ඇත්තෙ.

    Code:
    [COLOR=darkgreen]අවලෝකිතේශ්වර බෝධිසත්වයන් රාවන බවත්, ලංකාවේ බුදුරුවගල, මාලිගාවිල, තිස්සමහාරාමය....[/COLOR]

    මෙන්න මේ ලිපිය ටිකක් බලන්නකෝ..

    "නිදසුනක් වශයෙන් ගතහොත් මෙම විහාරයේ වාසය කරන විනය පිටකය කියන භික්ෂුන් වහන්සේලාට වස්ත‍්‍රයෙන් ආහාරයෙන් පස් කොටසක් සූත‍්‍ර පිටකය හදාරන භික්ෂූන් වහන්සේලාට කොටස් දොළොසක් ද දිය යුතු යැයි දැක්වීමෙන් පෙනියයි. භික්ෂූන් වහන්සේලාගේ ධර්මඥානය මෙලෙසින් ඇගයීමට පාත‍්‍ර වී ඇති සැටියෙන් එකල ආරාමවල භික්ෂු ජීවිතය පමණක් නොව අධ්‍යාපනයට හිමිව තිබූ තැන ද හෙළිදරව් වේ.

    එකල මිහින්තලාවේ ඇදහිලි , විශ්වාස මෙන්ම ආගමික උත්සවකිහිපයක් ගැන තොරතුරු ද මෙම මිපියෙන් ලැබේ. ඇදහිලි විශ්වාස ගැන සඳහන් කරනවිට එක්තැනක නයින්ද නම් ගෘහයක් හා මිණිතාල් දෙව්දුවගේ ගෙයක් ගැනත් සඳහන් වේ. නයින්ද යන්න නාථෙන්ද්‍ර හෝ නාගේන්ද්‍ර යන ශබ්දයන් දෙකින් එකක් හා සම්බන්ධ විය යුතුය. මෙහිලා පරණවිතාන සූරීන්ගේ අදහස වූයේ නාථ දෙයවින්ගේ ප‍්‍රතිමාවක් නිසා මේ නම ඇති වු බවයි. විමලකීර්ති හිමියන්ගේ අදහස වූයේ මුචලින්ද නාග රූපයක් නිසා නයින්ද යන නමිභාවිතා වු බවයි. එහෙත් මිණිතාල් යන්නෙන් තාරාදේවිය අදහස් කළහොත් නයින්ද යනු නාථ හෙවත් මාහායාන බෝධි යනු නාථ හෙවත් මහායාන බෝධිසත්ව වරයෙකු වන අවලෝකිතේෂ්වර නාථ වශයෙන් සැලකීමට සිදුවේ. මණීතාල් දෙවිඳුන් යනු නාථ දෙවියන්ගේ භාර්යාව වන තාරා වශයෙන් පිළිගැනීමට පරණවිතාන සූරීන් පෙළඹී ඇත. විහාරවල නාථ හා තාරා දේවියගේ ප‍්‍රතිමා තනා වන්දනා කිරීම එකල සිරිතක්ව පැවති බව එයින් අදහස් කෙරේ. අනුරාධපුර යුගයේ අග භාගය වන විට මහායාන ඇදහිලි වලට කේන්ද්‍රස්ථානයක්වු මිහින්තලාවේ අවලොකිතේශ්වර හා තාරා දෙවගනගේ ප‍්‍රතිමා තැන්පත් කොට පිළිම දෙකක් තිබීම පුදුමයට කරුණක් නොව සාමාන්‍ය සිද්ධියකි. තවත් සමහර උගතුන්ගේ මතය අනුව නා රජුන් හා නාගිනියන් එකල වන්දනාමානයට පාත‍්‍ර වු බවට නයින්ද හා මණිතාල් යන වචන දෙක සාදක වන්නේය. "

    උපුටා ගැනීම : http://anuradhaseneviratna.com/writings/17-writings/124-lankadeepa.html

    නාථ දෙවියන්ගෙ භාර්යාව ===> මණිතාල්..
    රාවනගෙ ප්‍රධාන රැජිණ ===> මණ්දෝදරී..

    මේක අහඹුවක්ද?? මණිතාල්/මණ්දෝදරී එකම ආකාරයක නම් දෙකක් වීම
    :eek::confused:
     
    Last edited:

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    අපේ ඉතිහාසයට හෝ උරුමයට හිතකර ක්‍රියාමාර්ගයක් නම් තවම රජය අරගෙන නෑ පේන විදිහට නම් ....... කොහොමත් ත්‍රෙඩ් එක මුල හරියෙදිත් අපි කතා උනේ කරනවනම් යමක් අපි අපිම පටන් ගන්න ඕන කියලයි..... රාජ්‍ය අනුග්‍රහය නොලැබුණත් දිගටම වැඩේ කරගෙන යන්න පුළුවන් කට්ටිය හොද සැලසුමක් අතිව එකතු උනොත්

    සතියකට පස්සෙ ඔන්න අද තමා ඔන්ලයින් එන්න පුලුවන් උනේ... හික්ස්..
    අම්බෝ.. දැන් පිටු 70 ම ගිහිල්ල නේද ත්‍රෙඩ් එක.. හොන්දයි හොන්දයි..
    රාජ්‍ය අනුග්‍රහය ලබාගන්න පුලුවන් නම් ගොඩක් හොන්දයි..
    හැබැයි ඒකට ගොඩක් මහන්සි වෙන්න වේවි.. මොකද මේ දවස් වල ආන්ඩුව රට සන්වර්දනයට තමයි මුල් තැන දීල තියෙන්නෙ..
    ඒ නිසා මේක ගැන අපිට ගොඩක් මහන්සි වෙන්න වේවි....
    :yes::yes::yes::yes:
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    හැබැයි අපේ මානාවේ විමලරතන හාමුදුරුවන්ට අනුව නම් සෙප්පඩ විජ්ජාව කියන්නෙ වෙන කතන්දරයක්.
    අතීතයේ භාවිත කළ නාසික්‍ය (නාසයෙන් ශබ්ද වෙන) අක්ෂර වලටලු ජග්‍රාම අක්ෂර කියල හදුන්වල තියෙන්නෙ.
    සෙප්පට+මජ කියල කියන්නෙ අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් මේ ජග්‍රාම අක්ෂර යොදාගෙන හදාගෙන තිබුණු ගායනා ක්‍රමයක්ලු. ඒව තමයිලු ඒකාලෙ ගෝත්‍රික සංගීතය විදියට පාවිච්චි වෙලා තියෙන්නෙ. වෙනත් විදියකට කිව්වොත් සෙප්පට+මජ එහෙමත් නැත්නම් සෙප්පට+විජ්ජා කියල කියන්නෙ අකුරු වලින් හදාගත්ත ශාස්ත්‍රයක්. වචන සදහා වාග් බලයක් තිබුණ කියල පෙන්නන්න තමයිලු මේ වගේ ශාස්ත්‍රයක් යොදා ගත්තෙ.

    සමහරවිට මේ කියන ජග්‍රාම අක්ෂර වලින් හදාගත්ත විශේෂ ශබ්ද ගොනුවක් (hypersonic sound track එකක්) වගේ යොදාගන්න ඇති අර කියන විමාන වලට ශක්තිය ලබාදෙන්න.;)

    ඉතින් මට නම් හිතෙන්නෙ උත්තරේ ඔතනම තියනවා කියලා. ජග්‍රාම අක්ෂර පාවිච්චි කරන්න ඇති ඔය සන්නිවේදන ක්‍රමයටත්. ඒ කියන්නෙ අනිත් ජීවීන් එක්ක සන්නිවේදනය කරන්න භාවිතා කළෙත් අපේ විමාන හසුරපු විදියටමයි. දෙගොල්ලො එකතු වෙලා විමාන හැදුවද දන්නෙ නෑ
     
    Last edited:

    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    මටත් යම්තම් දැන් සිංහල ටයිප් කරන්න පුලුවන් වේබ් වලට උනත්, සුදාරක සහ අනෙක් විස්තර දාපු අයට පින්

    මම දෙයක් ඔගොලන්ට කියන්න කැමතියි ඔගොල්ලො දන්නාවා ඇති මාහාචාර්ය නලින් ද සිල්වා ගැන ඔහුගේ ලිපිත් කියවන්න පුලුවන් මේ සයිට් එකට යන්න.
    http://www.kalaya.org/home.html
    එත් මම ආචාර්ය සුරිය ගණසේකරගේ අදහස් තමා හරි කියලා හිතන්නේ හැබැයි මේ දෙන්නා ගේ සමහර අදහස් ගැලපෙන්නේ නෑ මාහාවංශය ගැන තින අදහස් වගේ. එත් දෙන්නම කියන්නේ නෑ මහාවංශයයේ ඔක්කොම හාරි කියලවත් වරැදි කියලවත්.
     
    බොහොමත්ම ස්තුතියි.

    එත් දෙන්නම කියන්නේ නෑ මහාවංශයයේ ඔක්කොම හාරි කියලවත් වරැදි කියලවත්.

    අපිත් ඒ මතයට නම් එකඟයි මුල ඉඳන්ම.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රිදී විහාරය ගැන කතාවුණ නිසා ටිකක් හොයලා බැලුවා. දුටුගැමුණු රජතුමාගෙ කාලෙ හදපු විහාරය කීර්ති ශ්‍රී රාජසින්හ රජතුමාගෙ කාලයේ අලුත්වැඩියා කෙරුණ බව සදහන් වෙනවා. ඒ නිසා මෙහි දක්නට ලැබෙන්නෙ මහනුවර සම්ප්‍රදාය. අපිට තියෙන වැදගත්කම තමයි මෙහි රාවන රජතුමාවත් සිතුවම් කරලා තියෙනවයි කියන එක. විහාරස්ථාන වල දෙවිවරුන්ගේ චිත්‍ර හෝ ජාතක කතා සිතුවම් කරන එක සාමාන්‍ය දෙයක්, ඒත් රාවනයන්ව සිතුවම් කරපු පන්සල් ගැන අහන්න ලැබිල තියෙන්න ඉතාම සුළු සන්ඛ්‍යාවක් පමණයි. ඒ නිසා මෙහි යම්කිසි වැදගත්කමක් ඇති කියල හිතුණා...... ලගදි එහෙ යනවනම් මතක ඇතුව හොයල බලන්න.

    The Makara Thorana behind is interestingly distinct consisting of groups of gods and devotees with an image of the standing Buddha on either side. Also the two makara heads forming the usual arch are turned outwards. Upon the pedestal of the seated Buddha image at the bottom are some unique animal paintings usually not found in temples. The "Thri Sinha Rupaya" found on the front of the pedestal depicts three seated lions but with one face. The paintings of "Sarpenda" and "Vrushba Kunjaraya" (the entwined heads of the bull and the elephant) are interesting. Also recognisable are paintings that appear to depict the warring King Rawana.
    www.lankalibrary.com/heritage/temhttp://ples/ridi.htmhttp://www.lankalibrary.com/heritage/temples/ridi.htmhttp://www.lankalibrary.com/heritage/temples/ridi.htm

    On the sides of the pedestal of the seated Buddha image are some interesting paintings consisting of the "Thri Sinha Rupaya" depicting three seated lions with one face, the "Sarpenda" and "Vrushba Kunjaraya", the entwined heads of a bull and an elephant. Paintings depicting the warring King Rawana are also to be seen.
    http://www.angelfire.com/in4/visitsl/cities/ridi_viharaya/ridi_viharaya3.htm
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    දෛවෝපගතද අහඹු ද මන්ද, අද මට කෙනෙක් කතා කලා අර මම මුලින් දාපු Independent Study report එක දැකලා. මම රිදී විහාරෙ ගැන කිව්වම එතුමා කිව්වා විහාරෙ ලොකු හාමුදුරුවො අඳුරනව කියල. කවුරු හරි යනව නං මට කියන්න. මම එතුමාට කියල තියන්නං. මේක ගැන හොයනව නං එහෙම දැනන් යන එක ලේසියි නෙ.

    අනිත් කරුණ, මේ thread එක backup කර ගන්න ක්‍රමයක් හිතන්න වෙනව. අපි දන්නවට වඩා දේවල් අපි මේ කරන වැඩ වලින් ඇවිස්සිලා එලියට එන්න ඉඩ තියන නිසා කියන්නෙ. කවුරු හරි Admin ට කිව්වොත් DOS Attack දෙනව මේක අයින් කරේ නැත්තං කියල !!!
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෛවෝපගතද අහඹු ද මන්ද, අද මට කෙනෙක් කතා කලා අර මම මුලින් දාපු Independent Study report එක දැකලා. මම රිදී විහාරෙ ගැන කිව්වම එතුමා කිව්වා විහාරෙ ලොකු හාමුදුරුවො අඳුරනව කියල. කවුරු හරි යනව නං මට කියන්න. මම එතුමාට කියල තියන්නං. මේක ගැන හොයනව නං එහෙම දැනන් යන එක ලේසියි නෙ.
    කැම්පස් එකේ මල්ලිලා වගයක් යනවා කිව්වා ලොකු අය්යේ;)..ඕනවුනොත් ඔයාට සෙට් කරන්නම්
    අනිත් කරුණ, මේ thread එක backup කර ගන්න ක්‍රමයක් හිතන්න වෙනව. අපි දන්නවට වඩා දේවල් අපි මේ කරන වැඩ වලින් ඇවිස්සිලා එලියට එන්න ඉඩ තියන නිසා කියන්නෙ. කවුරු හරි Admin ට කිව්වොත් DOS Attack දෙනව මේක අයින් කරේ නැත්තං කියල !!!
    මොකෝ වෙන්න ඕන..මට නම් ඕවා තේරෙන්නෑ
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    දෛවෝපගතද අහඹු ද මන්ද, අද මට කෙනෙක් කතා කලා අර මම මුලින් දාපු Independent Study report එක දැකලා. මම රිදී විහාරෙ ගැන කිව්වම එතුමා කිව්වා විහාරෙ ලොකු හාමුදුරුවො අඳුරනව කියල. කවුරු හරි යනව නං මට කියන්න. මම එතුමාට කියල තියන්නං. මේක ගැන හොයනව නං එහෙම දැනන් යන එක ලේසියි නෙ.

    අනිත් කරුණ, මේ thread එක backup කර ගන්න ක්‍රමයක් හිතන්න වෙනව. අපි දන්නවට වඩා දේවල් අපි මේ කරන වැඩ වලින් ඇවිස්සිලා එලියට එන්න ඉඩ තියන නිසා කියන්නෙ. කවුරු හරි Admin ට කිව්වොත් DOS Attack දෙනව මේක අයින් කරේ නැත්තං කියල !!!

    අනේ හොදා ගියොත් කවුරු හරි අපටත් කියන්න විස්තරේ. :yes:

    මටත් ඔය backup සිද්ධිය නම් හිතුණා. මොකද මේ යන විදියට twitter එකේ අනිත් එක එලකිරි එකට වෙන්න බැරි නෑ නෙව. ඒත් අනේ ඉතින් මෙච්චර page ගොඩක් save කරන්නෙ කොහොමද අප්පා:( :eek: