~~නූර්ති නාඩගම් ගී ~~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගිරිකුල මුදුනේ

    නා‍ට්‍ය‍ය‍ - වෙස්සන්තර(මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර)
    ගිරිකුල මුදුනේ
    ගායනය - ජයලත් මනෝරත්න,මැණිකෙ අත්තනායක


    ගිරිකුල මුදුනේ හිඳ පාමුල වැඳ
    වැටී සිටින වැසි දන දෙස බලමින්
    දසරජ දම් මා කෙලෙස රකින්නද
    පෙම්බර දේවිය ඔබ හා මම වෙමු
    අප වැසියන්ගේ මව්පිය දෙදෙනා
    ඔබ කුස හොත් අප දරු දෙදෙනා සේ
    වැසියොද වෙති අප දෙදෙනගෙ දරුවෝ
    උන්ගේ සිත් තුල ඇති දුක දැකලා
    මිස කෙලෙසද උන් සෙත සලසන්නේ
    උන්ගේ අයැදීමට කන්දී මිස
    කෙලෙසද දෝහල පසිඳාලන්නේ
    දරුවන් සේ උන් ඇකයට ගෙන මුත්
    කෙලෙසද සනසන්නේ වැළපෙනවිට
    පෙම්බර දේවිය ඔබ හා මම වෙමු
    අප වැසියන්ගේ මව්පිය දෙදෙනා

    ගුණයුත් සමිඳුනි ඔබ පවසන මේ
    උදාර සිතුවිලි ඇසූ කෙනෙහි මා
    පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ හද
    මේසා නැණසර වදන් අමාවන්
    ඇසු විරුවෝ වෙන ඇත්ද මෙදියකුස
    ඔබ වැනි නිරිඳුන් මෙත් කුලූනින් යුත්
    රුපු විරුවෝ වෙන සිටිත්ද මෙලොවේ
    මුදුනින් පිලිගන්නෙම් ඔබ කීවා
    [දසරජ දහමේ නිවැරදි පදරුත්
    පහදා දෙනු ලෝසත වෙත මෙත පා]////

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රඟ සෝබා

    නාට්‍ය‍ය‍ -ගුරු තරුව(ජයලත් මනෝරත්න)
    රඟ සෝබා
    ගායනය - රොඩ්නි වර්ණකුල


    සුන්දර මෙරඟ සොබාවන්
    සොඳ සුන්දර මෙරඟ සොබාවන්
    නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා
    පිලිගමු සුදනෙනි බැතිනා
    අපි පිලිගමු සුදනෙනි බැතිනා
    නෙක ගී කව් විඳිනා කව්නළු නොමදා
    ඔබ අප සැම අත්විඳිනා
    නව පුවතකි මෙහි අද රඟනා
    [අපි පොළොවෙන් ඉහලට අඩි තුන හතරක
    ඉන්නාවිට සැරසීලා]//
    [ඔතැනට නොපෙනෙන සොඳ
    මනහර දසුනකි නිබඳව මෙතැනට පෙනෙනා]//

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රස බොජුන්

    නාට්‍ය‍ය‍ - අ‍න්දරේ‍ලා‍(ජයලත් මනෝරත්න)
    රස බොජුන්
    ගායනය - රත්නා ලාලනී,ජයලත් මනෝරත්න


    රස බොජුනක් නැතත් තුන් වේලට කන්ට
    සුව යහනක් නැතත් සැපසේ ඇලවෙන්ට
    දරු පැටියත් එක්ක එකතැන්වී ඉන්ට
    ඉඩ ලැබුනොත් මදිද හිමියනි නවතින්ට

    දුක උනත් විඳිනකොට එක දිගටෝම
    උඹ උනත් යන්ට යයි මට නොකියාම
    ගොවිතැනක් බතක් කර සිටියොත් මේම
    හොඳ කලක් ලබන්නේ කවදද කෝම

    ඉර නැතොත් බැරිය වනමල් පූදින්ට
    සඳ නැතොත් බැරිය කළුවර වළකන්ට
    මල නැතොත් බැරිය බඹරුට පැණි බොන්ට
    හිමි නැතොත් බැරිය වාවාගෙන ඉන්ට

    අලියගේ තරම ඌ දන්නේ නෑලූ
    බොර දියේ නැතිය වරදින්නේ මාලූ
    අතමිටේ කිසිත් නැති දවසට යාලූ
    ආදරේ උනත් පිටමන් වෙනවාලූ

    අතිරහ උනත් නීරසයි වැඩියෙන් කෑම
    ගඟ දිය උනත් නපුරුයි වැඩියෙන් ඒම
    උණු දිය උනත් අගුණයි වැඩියෙන් නෑම
    කහවනු උනත් නරකයි ලඟ තිබුනාම

    ඉබේ කෙඳිරි ගෑවෙනකොට බඩගින්නේ
    උඹේ කට තමයි මට ඉස්සර වෙන්නේ
    ලැබේ නම් අණක් මහරජ්ජුරුවන්නේ
    තඹේකට නොසලකා කොහොමද ඉන්නේ

     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නූර්ති නාඩගම් ගී මේක හැංගිලා නේ ඔන්න දැකපු නැති අයට බලා ගන්න උඩට දැම්මා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ස‍හෝ‍ද‍ර‍ය‍න්ගේ ගී‍ත‍ය‍

    නා‍ට්‍ය‍ය‍ - පු‍ත්‍ර‍ ස‍මා‍ග‍ම‍(ජ‍ය‍ල‍ත්‍ ම‍නෝ‍ර‍ත්‍න‍)
    ස‍හෝ‍ද‍ර‍ය‍න්ගේ ගී‍ත‍ය‍
    ගායනය - ලක්ෂ්මන් විජේසේකර,සම්පත් තෙන්නකෝන්


    පී‍ර‍ පෙ‍න‍ බු‍බු‍ලු‍ සි‍නා‍ සි‍සී‍
    සි‍හි‍ල්‍ ම‍ද‍ ප‍ව‍න‍ මා‍ ස‍ත‍ප‍යි‍
    [බ‍ලා‍පො‍රො‍ත්‍තු‍වෙ‍ ස‍රුංග‍ලේ‍
    පාවී පාවී යයි]//
    [මහ රෑ////
    ඔබේ ලොවට සිහිනය ලංවී]//
    මහ රෑ///
    කළුවර සලු පැළඳූ
    හිම වැටෙනා මහ රාත්‍රියේ
    කිරි සුවඳක් දැවටී
    බිළිඳුන් දෙදෙනෙක් ගුලිවී
    '' ඒ වුශී දන්නවද වැඩක්''
    ඒ බිළිඳුන් දෙදෙනා
    වයසින් අවුරුදු විසි ගනනක්
    ලාලල ලාලාලා..///

    මොකද මුරණ්ඩු වීලා සහෝදරයා//
    නරක ලමයෙකු වීලා නීති කඩලා
    එකම අයියගෙ හිත රිදවන්නේ
    සහෝදරයා///

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සපිරිවර
    නා‍ට්‍ය‍ය‍ - ගුරු තරුව(ජයලත් මනෝරත්න)
    සපිරිවර
    ගායනය - රත්නා ලාලනී,ජයලත් මනෝරත්න


    සපිරිවර මැතින්වන් පුන් රිපුන් යෝ බ‍ලන්සෙව්
    යසසිරි සැපතින් යුත් සේ දනන්ගේ නිවෙස් යුත්
    වෙළඳ විදු දනන් සල්පිල් අවන්හල් පෙළින් යුත්
    පවර පුරවරෙක් වී මාතොටැ‍යි දෙව්පුරෙක් වන්

    සසර සරණ සව්සත් දම් අමාවෙන් සතොස්වා
    සඝ ප‍ව‍ග‍ සැපත් දුන් දම් රදුන් දම් සඝුන් සෙව්
    පෙර මැ‍දග වනින් මේ තුන් ගෙනේ මුල් කෙ‍මෙ‍න්‍ න‍ම්
    පතල මැති සඳෙක් වී මේ පුරේ කිත් දදෙක්වන්

    ඕ‍....ඕ‍.....ඕ‍......
    න‍න්‍ කම් යු‍ත්‍ නි‍ලු‍පු‍ල්‍ ද‍මි‍න්‍ හෙ‍ලැ‍ඹු‍ලෙ‍න්‍
    ර‍ත්‍ නෙලුම් ද‍මි‍න්‍ හෙ‍ල්‍ මැ‍ල්ලෙන්‍
    ස‍පු‍ ම‍ල්‍ ද‍මි‍න්‍ සු‍ම‍න‍ පැන් පෙලින් පේ කඩින්
    ඕ‍ඕ‍ඕ‍ඕ‍ඕ‍........///

    සි‍ව්රැස් සි‍ව්‍දි‍ග‍ සිව්දොරින්
    රියතුරින් රන් රිදීකමින්
    සිව්කොන් දුහුලින් සුලාක්කනින්
    රන් රිදී මලින් නන්කම් යුත් නිලුපුල් දමින්
    හෙලැඹුලෙන් රත් නෙලුම් දමින්

    සාදා රන් කුඹූ බොල් මලින්
    සුදු නිමල් රත් නිල් වැරැල්ලෙන් සරා
    සිත් කල් දෙව් විම දෙව් සරා
    ලොවැ දුරා දානන් වඩා සිත් බැතින්

    සව් සත් දුක් මුහුදෙන් නගාලන
    නැවක් මෙන් ලෝ පසස් නා නිතින්
    ඒ දානේ මෙලෙසින් කලේ ගඟට පත් සිත් සේ
    පුදමින් යළිත්
    ඒ දානේ මෙලෙසින් කලේ ගඟට පත් සිත් සේ
    පුදමින් යළිත්




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සත් පියුමින්

    නාට්‍ය‍ය‍ - නෙළුම් පොකුණ(කපිල කුමාර කාලිංග)
    සත් පියුමින්
    ගායනය - ප්‍රදීපා ධර්මදාස


    සත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
    කවුරුද එන්නේ//
    සත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
    කවුරුද එන්නේ//
    යුගයෙන් යුගයට පියමන් කරමින්
    සිහිලැල් රලවැල් සොයමින් කරදියරේ යනවා
    තරු ලකුණක් සොයමින් යන්වා
    කවුරුද එන්නේ/////

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සිහිවේ නිතරම

    නා‍ට්‍ය‍ය‍ - දිවැස හෙලනු මැන(රෝලන්ඩ් ප්‍රනාන්දු)
    සිහිවේ නිතරම
    ගායනය - රත්නා ලාලනී,ජයශ්‍රී චන්ද්‍රජිත්


    සිහිවේ නිතරම සුකුමල දිගැසිය
    ලතැවේ සැමදින සිහිකර ඔබෙ වත
    නිහඬව ඉන්නේ ඇයි මගෙ ප්‍රියකත
    බහ දෙනු මැන මට පෙම්බර යුවතිය

    ආල වඩන රස කතා කියන්නේ
    මගේ සවන ඒ කතා අසන්නේ
    සොම්නස මගෙ සිත එක්තැන් වන්නේ
    සිහිවේ සිහිවේ බඹරිඳු මාගේ

    අසනුය මගෙ බස සවන් යොමාගෙන
    පවසමි හදෙ තෙරපෙන දුක් දොම්නස
    ඔබ වෙනුවෙන් වෙන්වී ඇත හදවත
    පවසනු මැන මා ගැන ඔබෙ අදහස

    සිහින විමානයෙ සිහින දකින්නයි
    කුමාරිකාවක් ඔබට ලැබෙන්නයි
    මා පැතු මගෙ කුමරා හා යන්නයි
    මගේ පැතුම ඒ කුමරු ලබන්නයි



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සිනිඳු සේල

    නා‍ට්‍ය‍ය‍ - දිවැස හෙලනු මැන(රෝලන්ඩ් ප්‍රනාන්දු)
    සිනිඳු සේල
    ගායනය - ජයශ්‍රී චන්ද්‍රජිත්


    [සිනිඳු සේල ගත පොරවා
    රන් අබරණ ගෙල පළඳා]//
    සුර ලෝකෙන් කැන්ඳන් ආ
    ලඳක් වගෙයි
    ඈ සුර දුවක් වගෙයි
    ඈ... සුර දුවක් වගෙයි..

    නීල නුවන් යුග රැඳි
    අනුරාග බැල්ම ආලවඩන
    අහස් තලෙන් බිමට වඩින
    දේව කුමරියේ
    සිහින රැජිනියේ

    සිනිඳු සේල..

    රන තිසරුන් ලමැද ඉපිද
    පියාසලයි මන්මත් කර
    මට දිස්වන ඇගේ දසුන
    කෙසේ වනන්නේ..
    අගය කරන්නේ..

    සිනිඳු සේල..



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සිරිලංකාපුරේ

    නා‍ට්‍ය‍ය‍ - පරාස්ස(විමලරත්න අධිකාරි)
    සිරිලංකාපුරේ
    ගායනය - සෝමපාල පතිරගේ


    [සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ
    සිට නා නා දේසේ පරසිද්ද වූ]//
    නාටක කෝලම් රංග මෙ දක්වම්////

    සිද්ද වෙච්ච පෙර පුරාණෙ
    ගම්බද පුවතක් අරගෙන
    සුද්ද සබාවට ඇවිදින්
    කියාදෙන්න දෙනු අවසර

    කලකට පෙර ගමේ තිබුනු
    කොයි කාටත් මතකතියෙන
    කෝලම් රැඟුමෙන් පෙන්වන
    නාටකයට සවන් යොමන

    සිරිලංකපුරේ මේ..

    තොසා වඩන ගම ලඳ සමඟින් පෙර
    කාලෙ ගෙවන ගැමියෙක් උන්නා
    ඈත පුරාණේ සිට දෙන්නා දරු
    මල්ලෝ නැතිව සිටියේ දුකිනා
    තමා වරද කාගේද නොදන්නා
    දෙමහල්ලෝ නිති රණ්ඩු කරන්නා
    පමා උනත් ගමයා ගෙට එන්නා
    සමා බසක් වත් නොම අදහන්නා

    සිරිලංකපුරේ මේ..



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුමුදු නිදි කුමරී

    නා‍ට්‍ය‍ය‍ - තලමල පිපිලා(ජයලත් මනෝරත්න)
    සුමුදු නිදි කුමරී
    ගායනය - එඩ්වඩ් ජයකොඩි, ලක්ෂ්මන් විජේසේකර


    සුමුදු නිදි කුමරී..උපන් කළු සිහිනයේ..
    නිසොල්මන් රෑ ගලා එන්නී දුරු රටින්
    ලතැවුලින් දැවෙනා නුවරුන්
    සිප වැලඳ ගන්නී..
    ජීවිතේ නැවතුම්පළේ හිඳ
    විදා මායා සිහිල් සලුපිලි
    කරන්නී ඇරයුම් උන් හට
    රඟන්නට නෙතු පියා..
    නැගෙන්නට දුර ඈත අහස
    බොල් පොළොව මත තැබූ පා ඔසවා..
    කාගෙදෝ ශාපයෙන් උමතුව හඬනා
    සබඳ එව මා තැනූ මාවත නුදුරේ
    සැනසුමේ සුවඳක් එහි ඇත තනිවී
    වහා යවු.. නොබියව එය විඳිවු
    රජෙකු සේ..කුමරෙකු සේ..//
    පියකරුයි රෑ රුපුමනේ ලෝ
    වැසේ..බොඳවේ.. සැඟවේ..
    ඉකිබිඳී..පරිසරේ..
    ඒ හඬ වනපෙතේ මිය ඇදුනේ
    රුහිරු විල්තෙර බවුන් වඩනා
    පරල වූ ඉසිවරුනේ..
    මෞ‍ලි මංග‍ල්ලය‍ට‍ සැරසෙවු..
    රුවැති නිදි කුමරියගේ..


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුරනිඳුනේ

    නා‍ට්‍ය‍ය‍ - දිවැස හෙලනු මැන(රෝලන්ඩ් ප්‍රනාන්දු)
    සුරනිඳුනේ
    ගායනය - රත්නා ලාලනී,ජයශ්‍රී චන්ද්‍රජිත්


    සුරනිඳුනේ මා සිත බැඳි
    සොඳුරු යොවුන් හද මා වෙත
    නොකැලැල් සෙනෙහස නොමදව
    ලබා දෙනු මැනේ//

    නරනට අධිපතී සුරින්ඳේ
    දිවනෙත් විදහා බලනු මැන
    මේ පියකරු වූ ලඳ මට
    ලබා දෙනු මැනේ
    ඒ පියකරු වූ ලඳ මට
    ලබා දෙනු මැනේ

    මවෙත දයා කරුණා බල
    සෙනෙහස් සුවඳින් නහවන
    ආල කොමල රැස් දහරා
    ලබා දෙනු මැනේ//

    විසල් ලොවට නෙත් විහිදා
    සැම දුක් බිඳලූ සුරිඳුනි
    නොපමාවම මේ ලඳ මට
    ලබා දෙනු මැනේ
    නොපමාවම ඒ ලඳ මට
    ලබා දෙනු මැනේ

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ අලුතින් දාල තියන සිංදු වලින් බහුතරයක් හා මේ Thread එකේ තියන ගීතවලින් බහුතරයක් ගොඩක් දෙනෙක් අහලවත් නැති ඒව මන් හිතන හැටියට. ගුවන්විදුලි හෝ රූපවාහිනි මාධ්‍යන්ගේ වර්තමානයේ ප්‍රචාරය වෙන්නෙ නෑ මේ බොහොමයක් ගිත. ලංකාවෙ සිටින අයට වගේ ම පිටරටවල සිටින අයටත් එකසේ ප්‍රයොජනවත් වන හා අතීත ගීතයන්ගේ තියන සුන්දරත්වය විදහා පෙන්වන මේ උත්සහයට බොහොමත් ම ස්තූතියි.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    honda vadak. vadiya asenne nathi geeth me vidiyata daana eka ithaama vatinava. me geethvala aabashayen thamai sinhala geetha kalava pooshanaya vune. digatama karagena yanna. vena mahansiyata bohomath ma sthuthi.
    :yes: තැන්කූ අය්යා
    හොද වැඩක් අක්කෙ :D Keep It Up :yes:
    තැන්කූ ඉබ්බු පැටිස් ;)
    Grt wrk sis :):):)....skul yana days wala nm owa music walata kala.... :):):):)
    :yes::yes: ඔඔ මටත් ම‍තකයි ඉස්කෝලෙ යන කාලෙ ඕව කලා, තැන්කූ
    තැන්කූ අක්කියො හොද වැඩක් :)
    තැන්කූ පූ‍වො‍ ;)
    mmmm.. gud work sis... :)
    thnx
    maxaaaaaaaaaaaaaaa............. wadak.......... thanks.......... mata neinage suduwa denna puluwanda......
    thank u , onna dunna
    Thanks machan, ubata godaaak pin mewa share kalata
    elazzz,thnx for the comment
    wow great work thil keep it up :) :)
    mamath dennam sup eka
    :) thank u shiwa
    බොහොම අගය කලයුතු වැඩක්...
    නව පරපුර බෙලෙක්ක සංගීතයෙන් හා අරුත් සුන් පන අදින ගැහැණු හඬින් මුදා, ගැඹුරක් හා පෞරුෂයකින් හෙබි වේදිකා නාට්‍යය හා එහි සුභාවිත ගීත කලාවට නැඹුරු කිරීමට දරනා මෙම අවංක මෙහෙවර ගැන thilzz නංගි ඇතුලු මීට උර දුන් හැමෝටම මගේ ප්‍රණාමය.........
    ස්තූතියි රොන් අයියා
    Niyama wedak sis...than than wala thibuna songs eka thanaka dapu ekata thnx..mamath mewa hoya hoya hitiye..tikak mama laga thitenawa..Superb..:)
    :) thnx
    niyamai sis niyama wedak digatama daamu...
    :yes: aniwa, labena labena welawata thread eka update karanawa, thank u deelaka sup ekata
    ela ela Good Work....
    thnx
    නියම වැඩක් තිල්ස් අක්කෙ...... තෑන්ක්ස් :)
    තැ‍න්‍කූ‍ අ‍මා‍
    ELA ELA OHOMA YAN THANKZZZZZZZZZZZ


    11.gif
    11.gif
    11.gif
    11.gif
    එ‍ල‍ :lol:
    keep it up good work
    thnx
    ~~නූර්ති නාඩගම් ගී ~
    Mekanam Niyama wadak. these valuble things should give to our next generation.
    Very good and valuble work.
    thanks a lot.
    :yes: aniwa, thnx for the comment
    WOW great thread thilzz. . .
    i downloaded some of my favs, was searching for em since a long time.
    Thanks a lot and keep it up :lol::yes::yes:
    great :yes: thanks :)
    OYATA GODAK PIN, THANK U VERY MUCH. MADURA JAWANIKA EKE THAWA SINDU THIYENAWANAM DENNA HODE...................
    වෙ‍න‍ හ‍ම්‍බු‍නො‍ත්‍ දා‍න්නංකො :yes:
    නූර්ති නාඩගම් ගී මේක හැංගිලා නේ ඔන්න දැකපු නැති අයට බලා ගන්න උඩට දැම්මා
    :lol: තැන්කූ වේවා
    mama danui nangi meka dekka hoda wadak
    suba pathanawa obata
    ගොඩක් ස්තූතියි අය්යා
    ගොඩක් ස්තුතියි...!!!
    මම හොය හොය හිටපු ගීත ගොඩක් හම්බ උනා...
    තව ඉදිරියටත් මේ වගේ හොඳ වැඩ කරන්න සුබ පතනවා....
    තැන්කූ :)
    මේ අලුතින් දාල තියන සිංදු වලින් බහුතරයක් හා මේ Thread එකේ තියන ගීතවලින් බහුතරයක් ගොඩක් දෙනෙක් අහලවත් නැති ඒව මන් හිතන හැටියට. ගුවන්විදුලි හෝ රූපවාහිනි මාධ්‍යන්ගේ වර්තමානයේ ප්‍රචාරය වෙන්නෙ නෑ මේ බොහොමයක් ගිත. ලංකාවෙ සිටින අයට වගේ ම පිටරටවල සිටින අයටත් එකසේ ප්‍රයොජනවත් වන හා අතීත ගීතයන්ගේ තියන සුන්දරත්වය විදහා පෙන්වන මේ උත්සහයට බොහොමත් ම ස්තූතියි.
    :yes: ඔඔ ඒක ඇත්ත, වැඩිය ඇහෙන්නෙ නෑනෙ මේ ගීත ගොඩක් දැන් :eek: තැන්කූ අයියා
    Nice thread! Keep it up sis! :yes:
    :shocked: GT oya..
    thnx :)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ~~නූර්ති නාඩගම් ගී ~~

    ඔන්න අළුත් වැඩක් පටන් ගත්ත.

    ගොඩක් දෙනෙක් නූර්ති නාඩගම් ගී ඉල්ලල තියෙනව දැකල තිබ්බ හින්ද සහ මමත් ගොඩක් දෙනෙක් ගෙන් ඉල්ලල බොහොම අමාරුවෙන් මේ වගේ සින්දු එකතු කරගත්ත හින්ද හිතුව දැනට මා ගාව තියෙන නූර්ති නාඩගම් වගේ වටිනා ගීත තවත් ඒවට කැමති අයත් එක්ක බෙදා ගන්න. ගීය එක්ක එහි පද පේළිත් එකතු කරන්න හිතුව.

    මේ ගීත බොහොමයක් මම අපේ ශිවන්ත, දීලක, pads අයිය සහ අනිත් යාළුවන්ගෙන්(නම නොකීවට තරහ වෙන්න එපා) ඉල්ලල හොයාගත්තු ඒව. ඒක නිසා ඒගොල්ලන්ට මගේ ස්තුතිය.

    සමහර ගීතවල පද පේළිවල අපැහැදිලි තැන් පැහැදිලි කරල දුන්න අපේ ශශිටත් තැන්කූ.
    :rofl::rofl:

    කැමති අය බාගන්න , අහල බලල සතුටු වෙන්න, ඒ වගෙම ඒ ඒ ගීතවල පසුබිම ගැන දන්න දෙයක් තියෙනවනන් ඒගැනත් අපිත් එක්ක බෙදා හදා ගන්න මෙතන.





    really good thread sis....
    keep it up.....