පොලිසියේ තවත් වැඩක්‌

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
පොලිසියේ තවත් වැඩක්‌

පොලිසියේ තවත් වැඩක්‌ මෙන්න

වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙයි



කුරුණෑගල - බණ්‌ඩාර
http://www.divaina.com/2009/08/20/news05.html




දරුවකු අතවරයකට ලක්‌වීමේ සිද්ධියක්‌ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එහි පරීක්‍ෂණ සඳහා පැමිණි පොලිස්‌ නිලධාරියෙක්‌ නැවත එම දරුවාට අතවර කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිස්‌ ස්‌ථානයේ පොලිස්‌ කොස්‌තාපල්වරයකු කුරුණෑගල මහෙස්‌ත්‍රාත් නියෝගයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කොට ඇත.



පොල්පිතිගම පොලිස්‌ ස්‌ථානය වෙත පසුගිය 10 දා පැමිණිල්ලක්‌ ලැබී තිබුණේ නක්‌වත්තාගම ප්‍රදේශයේ පනස්‌තුන් වියෑති පුද්ගලයකු 11 හැවිරිදි දියණියකට අතවර කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙනි. 12 වැනිදා එම පැමිණිල්ල සඳහා පොල්පිතිගම පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් දෙදෙනකු නක්‌වත්ත ගමට ගොස්‌ ඇත.



අතවරයට ලක්‌ වූ බව කියන දියණියගේ වැඩිහිටියන් කියා සිටින පරිදි එක්‌ නිලධාරියකු ඔවුන් රඳවාගෙන කට උත්තර සටහන්කර ගනිද්දී එක්‌ අයෙක්‌ සිද්ධිය වූ ස්‌ථානය බැලීමට යෑයි පවසමින් අලුතින් ඉදිකරමින් තිබූ පාළු නිවසකට දියණිය පමණක්‌ කැඳවාගෙන ගොස්‌ ඇත. මඳ වේලාවක්‌ යනවිට ඒ පිළිබඳව සැක සිතී ඒ දෙසට ගොස්‌ බලද්දී පොලිස්‌ නිලධාරියා දියණිය ග්‍රහණයට ගෙන සිටිනු දුටු බවත්, අනතුරුව පොලිස්‌ නිලධාරීන්ට බැණ වැදී පිටව යන ලෙස පැවසූ බවත් එම වැඩිහිටියෝ කියා සිටිති.



පසුදිනම මහව සහකාර පොලිස්‌ අධිකාරීවරයා හමුවේ මෙම වැඩිහිටියන් තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුව සහකාර පොලිස්‌ අධිකාරී හපුආරච්චි මහතාගේ නියෝග මත එම නිලධාරියා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත. මේ මස 28 දා දක්‌වා අදාළ පොලිස්‌ නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාරගත කොට ඇත. දැනට එම දියණිය කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇත.


:angry::angry:

 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ බලු පොලිස් කාරයින්ව මට්ටු කරන්න ඕනා................!! මුන් තවත් මේ ලංකාවට වැඩක් නෑ...........!!
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Mokakda machan meh lagadi idan wenne :baffled::no:

    Policiyata mona welada lagadi idan? (Or.. lagadi idanda un karana dewal eliyata enne?) :no:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    lankawata wenna yana winasayak .....
    me wage unta nikan maranna hoda na dasa wada dila maranna ona...

    hena gahanna ona unta...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    වැඩේ හරියන්නෙ නෑ
    කාට කාටහ් තමන්ගෙ ආරක්ශාන තමන්ටම බලාගන්න වෙයි.
    මෙච්චරකලුත් එක එහෙම තමා උනෙ

    නමුත් දැන්නම් පිස්තෝලයක් බැරිනම් පෑන් පිහියක්වත් තියාගන්න වෙන සයිස් එකක් තියෙන්නෙ:rolleyes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Mokakda machan meh lagadi idan wenne :baffled::no:

    Policiyata mona welada lagadi idan? (Or.. lagadi idanda un karana dewal eliyata enne?) :no:

    හිහි:lol:

    මටත් හිතෙන්නෙ එහෙමද මංද
    දැන් ඉන්න එවුන් අහුවෙන්නෙ නැතුව වැඩක් කරන්න දන්නෙ නැ මන් හිතන්නෙ:yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Okunwa allala palu thanakata aragena gihin mun wahala gahanna ona ban. thirisan yakku.
    image.php
     

    nwnbs

    Member
    පොලීසිය කියන ගරු කටයුතු රජකාරිය ගැන හැඟීමක් නැතිව නිකම්ම රස්සාවක් කියල හිතාගෙන ඉන්න කාලකන්නි මිනිස්සුන්ගේ තිරිසන් වැඩ...