මේ කවුද ?


ටෙලිනාට්‍ය නිළියගේ ගණිකා මඩම වටලයි

ටෙලි නාට්‍ය නිළියක්‌ විසින් ගල්කිස්‌ස අත්තිඩිය පාරේ සුවිසල් නිවසක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක්‌ වැටලූ බස්‌නාහිර දකුණ දිසා මෙහෙයුම් ඒකකය එම ටෙලි නාට්‍ය නිළිය ඇතුළු තරුණ කාන්තාවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර මහතාගේ උපදෙස්‌ මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (27 වැනිදා) සවස මෙම වැටලීම සිදුකර තිබිණි.

මෙම ගණිකා නිවාසයේ කළමනාකරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන් දෙදෙනකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ සොහොයුරකුගේ සුවිසල් නිවස මෙම ගණිකා නිවාසය සඳහා යොදාගෙන ඇත. ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ ලෙස පෙන්වමින් මෙය ගණිකා නිවාසයක්‌ ලෙස පවත්වාගෙන ගොස්‌ ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
:shocked::shocked::shocked: