SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
3929321826_01f0f6b737.jpg

sihinen awidin - Priya Suriyasena

320kbps
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එක පොඩි රහසේ රස දහසක් වේ
රස උතුරන වයසේ ..........

දෝතින් දෝතයි - ජෝති /ඇන්ජලීන්
Dothin Dothai – Jothi /Anjaleen

සුරංඟ මල්ලි මේ ගීතයත් එක්ක මාව ලොකු අතීතයකට එක්කගෙන ගියා. මුලින්ම ඒකට බොහොම පින් ඔයාට..

මට මතකයි මම මගේ යාලුවෝ කට්ටියක් එක්ක කොලඹ මරදානේ ඉස්සර තිබුනා "ගාමිනි හෝල්" කියලා සිනමා ශාලාවක් ඒකට ගියා මේ චිත්‍රපටය බලන්න..

අපි හිටියේ රුපියල් 1.10 පෝලිමේ.. ගැලරිය හා ඒක අතර තියෙන්නේ පොඩි වෙනසයි..ඉතින් ටිකට් ගන්න පොරකාපු හැටි මතක් වෙනකොට දැනුත් හිතට දැනෙන්නෙ කියල නිම කරන්න බැරි සතුටක්..පොරකාලා ටිකට් අරන් ඇතුලට යනකොට දාඩියෙන් ඇඟ තෙමිලා ෂර්ට් එකේ කෑල්ලකුත් ඉරිලා..ඔන්න ඔහොමයි ඒ දවස්වල අපි ජනප්‍රිය චිත්‍රපට බලන්න දුක් වින්ඳේ.. ඒත් ඒවයෙ ජෝතිපාල මහත්තයා කියන මේ වගෙ සින්දු අහල සිනමා ශාලාවෙන් එලියට එන්නේ සින්දුව කියාගෙන නිකන් චිත්‍රපටයේ හිටපු නළුවාව ඒ විදිහටම අනුකරනය කරමින්..

මේ ලස්සන සින්දුව සුහද පැතුම චිත්‍රපටයේ..රඟපෑවේ තිස්ස විජේසුරේන්ද්‍ර හා මාලිනි ෆොන්සේකා.....
 
ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර

ස්තුතියි රොන් අයියා ගීතයේ විස්තර ඉදිරිපත් කළාට.......:):):)

මම නම් ඉතින් ටීවි එකෙන් තමයි බැලුවේ... ඒත් එච්චර මතකයක් නෑ.....

ටීවී එකෙන් බැලුවහම අද බලපු එක හෙට වෙද්දි අමතක වෙනවා. සිනමා ශාලාවක තියෙන ගතිය, මේ වගේ අත්දැකීම්, මතකයන් ටීවී එකෙන් කවදාවත් ලැබෙන්නේ නෑනේ..:(:(:(
 
AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    රන් රැස් කෙඳී දසත විදා අහස් ගඟේ මැද
    තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ

    වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා
    ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
    පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
    පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා

    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ

    බිනර මලී සිනාසුණා මතකයි යන්තම්
    මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම්
    නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම්
    සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්

    බිනර මලී එක්ක එන්න .....

    ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට
    සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට
    මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට
    බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට

    බිනර මලී එක්ක එන්න .....

    පීරා පිට මැදට හෙලූ වරලේ රැල්‍ රැල්
    තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
    කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
    සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්

    බිනර මලී එක්ක එන්න .....

    ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට
    කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
    දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට
    වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට

    බිනර මලී එක්ක එන්න .....

    පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
    පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ
    මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ
    මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ

    බිනර මලී එක්ක එන්න .....

    මේ සිංදුව කියන රෝහිත විජේසූරිය මහතා අද දින අප අතරින් වෙන්වෙලා තියෙනවා.

    එතුමාට නිවන්සුව පතමින්ම බිනර (සැප්තැම්බර්) මහේ මැද මේ
    සිංදුව දෙන්නම්.........

    බිනර මලී එක්ක එන්න .....
    Binaramalee Ekka Enna
    (Rohitha Wijesooriya)

    රෑ තුන් යාමේ ගැයෙනා මේ ලසෝ රාවේ
    ඒ සන්තාපේ හද අරනේ සන්තානේ
    නොසන්සුන් නොවේ නුවන් තුලින්
    බිඳු වෑහේ.......

    Re Thun Yame - Milton Mallawarachchi

    Thanks Me Lassana Song Dipu Hemotama
     
    Status
    Not open for further replies.