හලාවතදී බිලි පූජාවකට එලුවන් 200ක් ප්‍රසිද්&#35

sudunone

Member
May 23, 2009
3,781
121
0
හලාවතදී බිලි පූජාවකට එලුවන් 200ක් ප්‍රසිද්&#35

මේ අද දිවයිනේ කතුවැකිය:

එළුවන් කන්නයි මං ආවේ (1)

බුදුන් උපන් රට වුවද නේපාලය අද වන විට හින්දු ආගම රාජ්‍ය ආගම බවට පත් වූ රටක්‌ වන්නේ යම්සේද, එංගලන්තය යනු සුදු ජාතික බහුතරය වෙසෙන ක්‍රිස්‌තියානි රටක්‌ වන්නේ යම්සේද, සෞදි අරාබිය ඉස්‌ලාමය රාජ්‍ය ආගම බවට පත්වූ මුස්‌ලිම් රටක්‌ වන්නේ යම් සේද, කවුරු කොහොම කල්පනා කළත් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක්‌ බව සිහි මොලය සහිත සියලු දෙනා විසින් ප්‍රතිපත්තියක්‌ වශයෙන් පිළිගනු ලැබේ.

මේ රට සියලු ජාතීන්ට අයත් මනුෂ්‍යයන්ට පදිංචිව සිටීමට අයිතිය ඇති, සියලු ආගම් ඇදහීමට ඉඩ ඇති භූමියක්‌ බව පිළිගැනීම ඉහත කී ප්‍රතිපත්තිමය පිළිගැනීම තුළට අන්තර්ගත කෙරුණු උප පිළිගැනීමකි. කිසිවකු අපගේ සාරධර්ම ගැන අභියෝග කළ විට වසර 2500 ක බෞද්ධ ඉතිහාසය ඇපයට තබා නම්බුව රැකගෙන ඉදිරියට යැමේ ඉඩකඩ තවමත් අපට ඉතිරිව ඇත. එහෙත් මේ අයිතිය ඉතා ඉක්‌මනින් තුරන් වන ලකුණු පැහැදිලිව පෙනෙන්නට තිබේ.
හරක්‌ මස්‌ අනුභව කිරීම අකෘතඥ පාප කර්මයක්‌ බව අපගේ ධර්ම දේශකයෝ අපට කියති. එහෙත් දොස්‌තර අපට කියන්නේ හරක්‌ පීකුදු හෝ එළු පීකුදු අනුභව කරන ලෙසය. පීකුදු ගස්‌වල හටගන්නේ නැත. ඒ සඳහා හරකුන් හෝ එළුවන් මැරිය යුතුම ය. මේ රටේ දිනකට මරණ කුකුළන් ප්‍රමාණය ලක්‍ෂ ගණනක්‌ වන්නට පිළිවන. තමන් ප්‍රාණඝාත අකුසලය නොකරන බව හෘද සාක්‍ෂියට සැඟවීම පිණිස කුකුළන් ඇති කරන කොටුව කුකුළු ගොවිපළ ලෙසත් ඌරන් ඇති කරන තැන් ඌරු ගොවිපළ ලෙසත් හඳුන්වනු ලැබේ. මරාගෙන කෑම පිණිස මසුන් ඇති කිරීමට කියන්නේ මත්ස්‍ය වගාව ය.
මේ සියලු හැඳින්වීම්වලින් මවාපෑමට උත්සාහ කරන්නේ කුකුළන්, ඌරන්, හරකුන්, එළුවන්, මසුන් යන සතුන් ගස්‌ මෙන් පැළ කළ හැකි පොහොර වතුර දමා ලොකු කළ හැකි අන්තිමේදී ගෙඩි කඩාගෙන අනුභව කළ හැකි දේ ලෙස ය. ඔබ මස්‌ කනවාදැයි විමසන ලද කල්හි මා කන්නේ කුකුළු මස්‌ පමණකැයි කියන්නෝ වෙති. පෝයදාට මස්‌ කඩ වැසීම නීතිය වුවද මාළු කඩ විවෘත කර තැබීමට බාධාවක්‌ නැත. කුකුළා, මාළුවා හැදෙන්නේ ගහේ නොවැෘ

අප ඉහත සඳහන් කොටස ලියුවේ මේ දිනවල රටේ බහුලව සංවාදයට ලක්‌ කෙරෙන සත්ත්ව සංහාරයක්‌ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. මේ සත්ත්ව සංහාරය වූ කලී පසුගියදා හලාවත මුන්නේස්‌වරම් දේවාලයේදී දෙවියන්ට පූජා කිරීම සඳහා යෑයි කියමින් මහ දවල්, මහජනයා සහ පොලිසිය ඉදිරිපිට එළුවන් 200 කගේ බෙලි කපා මැරීම ය. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ප්‍රසිද්ධියේ සතුන් ඝාතනය කිරීම තහනම් ය. මුන්නේස්‌වරමේ එළු සංහාරයේදී පොලිසිය උඩ බලාගෙන සිටියේය.

ඒ ඇයිදැයි අසමිsන් පොලිසියට බැණවැදීම හා හලාවත පොලිසියේ නිලධාරීන් මාරු කිරීම ඉතා ලෙහෙසි කටයුත්තකි. එහෙත් මේ සිද්ධියට විරුද්ධ වී නම් පොලිසිය මුන්නේස්‌වරමේ ආගමික නිදහසට බාධා කරන බව කියමින් රාජ්‍ය නොවන සංවිධාන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පෙත්සම් පවා ගැසීමට ඉඩ තිබිණි. ශ්‍රී ලංකාවේ සත්ත්ව ඝාතන පනත පිළිබඳව ප්‍රවෘත්තියක්‌ අද මේ පුවත්පතේ අන් තැනක සඳහන් ය.

මෙයට ශතවර්ෂ දෙකකට පමණ පෙර ගව මස්‌ කෑම සලකන ලද්දේ කුල ගෝත්‍රවලින් පවා එළවා දැමිය යුතු වරදක්‌ ලෙස ය. ඌරුමස්‌ නම් කිසි විටකත් අනුභව නොකරන ලදී. එහෙත් අද මේ දෙක ශරීර ශක්‌තිය ගෙන දෙන ආහාර බවට "රෙජිස්‌ටර්" කරනු ලැබ තිබේ. රජරටින් හොරකම් කරන ලද හොර හරක්‌ ලොරි කොළඹට එන විට ගවයින්ගෙන් හරි අඩක්‌ තෙරපීම නිසා මිය ගොසිනි. දෙමටගොඩ ගව ඝාතකාගාරයේදී හරකුන්ගේ ගෙල කැපීමට පෙර පොලුවලින් පහර දී කකුල් කඩනු ලැබේ.

ඌරකු මැරීමට පෙර ඌ ගසක බැඳ පොලුවලින් පහර දී කටට උතුරන වතුර වත්කරනු ලැබේ. ඒ ඌරා තවදුරටත් ඉදිමීම පිණිස ය. මේ නීච අපරාධ නැවැත්වීම සඳහා රජය වහාම පියවර ගත යුතු ය. සත්ත්ව ඝාතනයට විරුද්ධව සිවිල් සමාජය තුළින්ම ශක්‌තිමත් ව්‍යාපාර පැනනැZඟිය යුතු අතර සත්ත්ව ඝාතන නීති කඩන්නන්ට කස පහර හා සිර දඬුවම් දිය යුතු ය. මේ කතුවැකියේ දෙවන කොටස අපි හෙට ලියමු. මේ රටේ කුකුළු පැටවුන් සහ සුනඛයන් මුහුණදෙන ශෝචනීය ඉරණම එවිට හෙළිදරව් කරමු.
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    සංවාදය ඉතා අගනේය , වැඩි විස්තරයක් සමගින් මා දහවල් වන විට සංවාදය හා එක් වෙමි....
     

    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    නියමයි මචං.. කතාව සම්පූර්ණ ඇත්ත... රජය විසින් මේකට අනිවාර්යයෙන්ම මොකක් හරි කරන්න ඕනේ
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    බොරුවට දළදා මාළිගාවට පරිත්‍යා‍ග කරපු ඇත් පැටව්න් ගෙයි, බල්ලන්ගෙයි හිමිකම් ගැන කතා කරන්න, මාද්‍ය‍ සාගච්චා තියන්න, පත්තර වලට කියන්න කට්ටිය හිටියට මේවා පේන්නෙ නෑ, මොකද උන්ට ඩොලර් හම්බෙන්නෙ නෑනෙ.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සමහර පැතිවල මුස්ලිම් අයගෙ උත්සවවලදි ප්‍රසිද්ධියෙ සතුන් මැරීම තවමත් කෙරෙනවා. සමහර කාලි කෝවිල් වලදි ප්‍රසිද්ධියෙ කුකුල්ලු මරනවා.
    හැබැයි දළදා පෙරහැරෙ අලි තමා හැමෝටම පේන්නෙ. :dull:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බොරුවට දළදා මාළිගාවට පරිත්‍යා‍ග කරපු ඇත් පැටව්න් ගෙයි, බල්ලන්ගෙයි හිමිකම් ගැන කතා කරන්න, මාද්‍ය‍ සාගච්චා තියන්න, පත්තර වලට කියන්න කට්ටිය හිටියට මේවා පේන්නෙ නෑ, මොකද උන්ට ඩොලර් හම්බෙන්නෙ නෑනෙ.

    සමහර පැතිවල මුස්ලිම් අයගෙ උත්සවවලදි ප්‍රසිද්ධියෙ සතුන් මැරීම තවමත් කෙරෙනවා. සමහර කාලි කෝවිල් වලදි ප්‍රසිද්ධියෙ කුකුල්ලු මරනවා.
    හැබැයි දළදා පෙරහැරෙ අලි තමා හැමෝටම පේන්නෙ. :dull:
    මං නම් හිතන්නේ කවුරු කළත් වැරදි වැඩේ වැරදී..ඩොලර් කාක්කෝ කෑ ගහන්නේ මේවට නෙවේනේ..මේවා ප්‍රොෆිට් නෑනේ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සමහර පැතිවල මුස්ලිම් අයගෙ උත්සවවලදි ප්‍රසිද්ධියෙ සතුන් මැරීම තවමත් කෙරෙනවා. සමහර කාලි කෝවිල් වලදි ප්‍රසිද්ධියෙ කුකුල්ලු මරනවා.
    හැබැයි දළදා පෙරහැරෙ අලි තමා හැමෝටම පේන්නෙ. :dull:
    :yes::yes::yes:
     
    May 17, 2006
    3,632
    90
    0
    minissu hithanne agollo gana withari sathun marana aka agollo sadarana karanna noyek hethu kiyanawa, habai mas/malu kawe naha kiyala kisima ledak rogayak hadenne naha, aka aniwa mokada ape gedara kawruwath mas/malu kanne naha, apita athi ledakuth naha. api mas/malu kana ayata wada nirogiwa innawa,
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඇත්ත කථාව...ආහාරය පිණිස සතුන් මැරීම ගැන මමත් විරුද්ධයි...

    ahara pinisanam mokada, vinodaya pinisa kochchara saththu maranawada-america we, canadawe me dinawala wurkayoi seal mathsyayoi maranawa, vinodeta. wurkayonta hathi watena thuru low air craft walin pannala, eeta passe zero range wedi thiyanawa. seal malu patawun ge indan loku saththunta yanakam gahala maranawa.
    meka agame namayen marillak. ehema nathnam, thamanta yahapathak wenna kiyala bili deemak.:no:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මම මේ ටිකක් බලන් හිටියේ :nerd:
    මේ ත්රෙඩ් එකට තාම නරි, කොටි, කබරයි අත දාල නෑ :lol:
    ඔහොම යං ... ඔහොම යං ... :rofl:
    හැබැයි අත පුච්චගන්න එපා... :no:
    බෑන් නො වී සංවාද කරමු :)
    එකිනෙකාට හොදින් කතා කරමු :yes:
    ඒ වගේ ම...... :nerd:
    මදුරුවෙක් වත් නොමරන අය කතාවට බහින්න :)
    නැත්තන් ඉදල හමාරයි...!
    :yes:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    very good thred machan!:) me wage ewa karana ewwunta yanna wenama apaayawal thiyanawa!wesa ballo!:growl::growl:
    harak nemei machan ona masak,maakuwak kana eka honda ne!:no: mokada saththu hemota wedanawa denenawa(pain)!:(:(
    mama oya gena thread daadi meke inna samahara h....... la mata kindyata post demma!
    :frown::frown::frown:

    elakiri work bro! keep it up!:):):)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama nam mas kanawa..... eth me wage karan ewat kamathi ne.... habai mama wunath kanne mama danne ne ae sathawa maruwe kohmada kiyala... eka dawask mama danuwathwa goonek wedi thiyala marala mas genawa... habai mam adakke ne.. mechchara mas kana matath eda ae mas kanna epa wuna.....
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    paw karayo

    සමහර පැතිවල මුස්ලිම් අයගෙ උත්සවවලදි ප්‍රසිද්ධියෙ සතුන් මැරීම තවමත් කෙරෙනවා. සමහර කාලි කෝවිල් වලදි ප්‍රසිද්ධියෙ කුකුල්ලු මරනවා.
    හැබැයි දළදා පෙරහැරෙ අලි තමා හැමෝටම පේන්නෙ. :dull:
    dalada pereahre ali,aththu geniyanne balen newei.
    a dawas wala RAJA atha perehere anthima dawasata adanawalu.
    dollar walata ona jara wadak karana NGO parayanta mewa penne na.
    lagadi beruwala eluwo 200 ganak bili dunna,me sare chelaw wala.
    me paw karayanta mewa me life ekedima paladenawa.paw karayo.