




විඩාබර දෑස්
තෙහෙට්ටු වුනු මනස
ගොඩවුන නිවසට
පිට වුණි සුසුම...
අඹු දරු සියල්ල
කිමිදී රූප පෙට්ටිය තුල
නැත හා හූවක්
රූප පෙට්ටිය මිස
නිමවන විට එකක්
ඇරඹෙයි තව එකක්
නැත කිසි නිමාවක්
පුදුම නාට්‍ය බැලිල්ලක්
තිබිය යුතු සීමාවක්
බලන අය තුල වුවත්
සිතන්නට නැත් කාලයක්
පටන්ගෙන ඇත තව එකක්
අයියෝ...අනේ...
ඇයි එහෙම උනේ...
ලතැවෙයි සියල්ලෝ
මොකක්ද මේ විනේ...
නිවන්නට සිත් විඩා
සෑදූවද එදා
නැත එවන් හොඳ කතා
සියල්ල විකාර වෙලා
ආදරය විකිණෙනා
මැර කමින් රජවෙනා
බලන මොළ හිස් වෙනා
සමාජය විෂ වෙනා
සිතන්නට ගියොත් මේ ගැන
නිමක් නැත සිතිවිලි ගලා එන
අහෝ මාගේ සොඳුරු නිවහන
රූප පෙට්ටිය ගිල දමා ඇත












මොකද රූප පෙට්ටියෙ යන ඒවත් දැන් කොම්ප් එකෙන් බලන්න පුළුවන්නෙ :ලොල්:

