ඇත්තටම මට අපේ මේ ත්රෙඩ් එක ගැන යමක් කියන්න ඔනෙ... අපි හැමදිනකම මේ ත්රෙඩ් එකට එන්නේ ඇත්තටම අපෙන් වෙන්න පුලුවන් උපරිම සේවය ඉශ්ඨ කරල තවත් අපිට නොමැති අත්දකීම් සම්භාරයක් අරගෙන යන්නයි...
ඇත්තටම කියනවනම් මම අගය කරන එකම දේ මෙහි සිටින කිසිම කෙනෙක් , කිසිම දිනක මට හමුවී නොතිබුනත් ඒ අය මගේ සොහොයුරන් වගේ සිටීම මට අදහාගන්නත් බෑ... ඇත්තටම කියනවනම් ලඟ පාත කාත් කවුරුත් නැති කෙනෙකුට මේ ත්රෙඩ් එක ජීවිතයක්..., කොටින්ම එලකිරි එක ඩුබායි, සවුදි, බහරේන්, යු.කේ, අමෙරිකා, කැනඩා වගේ රටවල් වල ඉන්න මගේම එලකිරි යාලුවොන්ට මේ ත්රෙඩ් එක නිවනක්...
අත්තමයි මම කියන්නේ මේ වගේ දෙයක් ඕනම තනිකඩ කෙනෙකුට වැඩි වැඩියෙන් වටින සේවයක්.... මා මේ මොහොතේදි එලකිරි නිර්මාත්රූ වරයාටත්, දැනට වත්මන් ඇඩ්මින් වරුන්ටත්, සියලුම සාමජිකයන්ටත් ස්තූති වන්ත වෙනවා මේ වගෙ දෙයක් කරගෙන යන්නට සිය උපරිම උත්සාහය දරන එක ගැන.