පටිච්චසමුප්පාදය...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පටිච්චසමුප්පාදය...

    පින්වත් මිතුරනේ,

    කලකට පෙර "පටිච්චසමුප්පාදය" තෙමාව ඔස්සේ එළකිරි තුළ දහම් සංවාදයක් පැවතුනා...
    http://www.elakiri.com/forum/showthread.php?t=95018

    එහෙත් එය සම්පුරණයෙන් කරගන්නට නම් ලැබුණේ නෑ...

    මේ ඒ සඳහා තවත් උත්සාහයක් :)
    දහමට ලැදි ඔබ සැමගේ සහයෝගය ලැබේවි යැයි සිතනවා...

    තෙරුවන් සරණයි!


     
    • Like
    Reactions: Renesas

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුරනි,

    "පටිච්චසමුප්පාදය" කියන්නේ හේතු-ඵල ක්‍රියාකාරත්වය නිසා සසර පැවැත්ම ඇති වන ආකාරයයි.
    එය තෙරුම් ගැනීම මයි ධර්මය දැකීමට මග; එය තේරුම් ගැනීම මයි මිත්‍යා මත නැති වන මග...

    විස්තර සොයා බලන්න කලින් අපි පටිච්චසමුප්පාදය ලෙස, හේතු-ඵල වශයෙන්, සසර දුක හැදෙන දක්වා ඇත්තේ කෙසේදැයි බලමු...

    පාළි බසින්...
    “අවිජ්ජා පච්චයා සංඛාරා
    සංඛාර පච්චයා විඤ්ඤාණං
    විඤ්ඤාණ පච්චයා නාමරූපං
    නාමරූප පච්චයා සළායතනං
    සළායතන පච්චයා ඵස්සෝ
    ඵස්ස පච්චයා වේදනා
    වේදනා පච්චයා තණ්හා
    තණ්හා පච්චයා උපාදානං
    උපාදාන පච්චයා භවෝ
    භව පච්චයා ජාති
    ජාති පච්චයා ජරාමරණං, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාසා සම්භවන්ති. එවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.”
    එහි තේරුම...

    1. අවිද්‍යාව හේතු කොට ගැන සංස්කාර ඇති වේ.
    2. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇති වේ.
    3. විඤ්ඤාණය හේතු කොට ගෙන නාම-රූප ඇති වේ.
    4. නාම-රූප හේතු කොට ගෙන ආයතන හය ඇති වේ.
    5. ආයතන හය හේතු කොට ගෙන ස්පර්ශය ඇති වේ.
    6. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇති වේ.
    7. විඳීම හේතු කොට ගෙන ආශාව ඇති වේ.
    8. ආශාව හේතු කොට ගෙන බැඳීම ඇති වේ.
    9. බැඳීම හේතු කොට ගෙන විපාක පිණිස කර්ම සකස් වේ.
    10. .විපාක පිණිස කර්ම සකස් වීම හේතු කොට ගෙන ඉපදේ.
    11. ඉපදීම හේතු කොට ගෙන ජරා මරණ, ශෝක, වැළපිම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් හටගනී. මේ ආකාරයෙන් ය මුළු මහත් දුක් රැසේ ම හට ගැනීම සිදුවන්නේ.
    මෙය විස්තර වශයෙන් ක්‍රම ක්‍රමයෙන් විමසා බලමු කො... :)

    එතෙක් බලා සිටින්න ඕනෙ නෑ.. මේ දහම් පොත බලන්න පුළුවන් (කලින් thread එක දාන කාලෙ වගේ නෙවේ, දැන ඒ පොතේ pdf එක අන්තර්ජාලයට එක් කරලයි තියෙන්නේ)...



    තෙරුවන් සරණයි!


     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම හොඳ මාතෘකාවක්, කළ්‍යාණ මිත්‍ර. පටිච්චසමුප්පාදය බෞද්ධ දර්ශනයේ වැදගත්ම කොටසක්.

    මං හිතන්නෙ මේ ගැන සාකච්ඡා කරන්න පහසු වෙන්නෙ ආපස්සට කියලයි. ඒ කියන්නෙ, ඉස්සෙල්ලම දුක ගැන කතා කරල. මොකද, අපි මේ හදන්නෙ දුක නැති කර ගන්න ක්‍රමය අවබෝධ කර ගන්න. ඒ නිසා ඉස්සෙල්ලම දුක මොකක්ද කියල අවබෝධ කර ගත යුතුයි.

    සමහර දුක් ගැන අපි හිතන් ඉන්නෙත් සැප කියලනෙ.
    :baffled:

    ජරා මරණ, ශෝක, වැළපිම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම්
     
    • Like
    Reactions: Renesas

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ජරාවට පත් වීම කියන්නෙ වයසට යාම, මේරීම, දිරාපත් වීම. ඒක දුකක් කියල තේරෙන්නෙ හුඟක් වෙලාවට වයසක අයට; එහෙම නැත්නම් තිස් හතළිස් ගණන්වල ඉන්න අයට. තමුන් ලස්සනයි කියල පිළි ගත්තු ශරීරෙ ටික ටික වෙනස් වෙනවා; පැහැය අවලස්සන වෙනවා; මහත් වෙනවා; කෙස් පැහෙනවා; දත් දිරනවා; හම රැළි වැටෙනවා; හන්දිවලින් ඇවිදිනකොට සද්දයක් එනවා; ඉක්මණින් පපුවෙ හතිය එනවා; මහන්සි වෙලා වැඩ කිරීමේ හැකියාව අඩු වෙනවා; ඉක්මණින් අමතක වෙනවා....ඔය වගේ.

    ඕක අපි හැමෝටම පොදු දෙයක් කියල කියනකොට සමහරුන්ට එන්න පුලුවන් මෙන්න මේ වගේ ප්‍රශ්න:


    1. දෙවිවරුනම් වයස යන්නෙ නෑ. සදාකාලිකයි.
    2. තරුණ කාලෙම මැරෙන අයට ඔය කතාව අදාලද?
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    දෙවිවරැත් වයසට යනවා, තරැණ අයත් මරණයට පත්ව&#35

    දෙවිවරැත් වයසට පත්වෙනවා ජරාවට පත්වෙනවා
    දෙවිවරැන‍්ගේ දිව්‍ය,වර්ණය දිව්‍ය, ආයුෂ දිව්‍ය සැප අඩුවෙනවා
    කෙමෙන්‍ කෙමෙන් මරණය කරා පියනගනවා
    මේ බව පෙන්වා වදාලේ අපගේ බුදුරජානන් වහන්සේ විසිනි.

    තරැණ කාලයේ දීම මරණයට පත් වීම
    ඔහුගේ රැස්කල පින ගෙවීම. ආයුශ නැතිවීම
    අන්ඩජ, ජලාබුජ, සංසේදජ, ඔපපාතික යන ඒ ඒ සත්ව‍යන්ගේ
    ඒ ඒ සත්ව නිකායේ ඉපදීමක් ඔහුට ඇත. බුදුරජානන් වහන්සේගේ ධර්ම දේශනා වලින් ඉතා පැහැදිලි ලෙස මෙය පෙන්වා වදාර ඇත

    අපටද බුදුරජානන් වහන්සේගේ ‍ධර්ම දේශනා අසා ධර්මඥානය දියුණුකරගෙන ධර්ම මාර්ගයේ ගමන්කිරීමට, මේ ඉපදෙන මැරෙන සංසාරයේන් අත්මීදීමට වාසනාව ලැබේවා!!!!

    සාදු... සාදු...සාදු.....
     
    • Like
    Reactions: Renesas

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔව්, දෙවියන්ගෙ, බඹුන්ගෙ ජීවිත කාලය බොහෝ දිගු නමුත්, එහිදීත් ගෙවී යාමක් තියෙනවා.

    අනික් අතට, පුංචිම ළමයින් පවා, දවසින් දවස වයසට ගොස් ජරාවට පත් වෙනවා. ඔවුන්ගෙත් සම ගොරෝසු වෙනවා; දත් දිරා යනවා; හිස කෙස් ගොරෝසු වෙලා, හැලිලා යනවා. රෝග වලට ගොදුරු වෙනවා; ස්නායු බහුතරයක් වයස 4-5 වෙනකොට දිරාපත් වෙලා.

    ජරාවට පත් වීම වළක්වන්න පුලුවන් දෙයක් නොවෙයි.
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    පටිච්චසමූප්පාදය

    බුදුරජානන්වහන්සේ පෙන්වා වදාලා ඉපදෙන සත්වයා මැරීයන ස්භාවයට පත්වන දෙයකි.

    මැරී යන ස්වභාවයට අයිති වූ සියල්ල නම් කුමක් ද

    ඇස යනු මැරී යන ස්වභාවයට අයිති දෙයකි, ඇසට පෙනෙන රෑප මැරී යන ස්වභාවයට අයිති දෙයකි, ඇසේ හටගන්නා විඤ්ඤාණය මැරී යන ස්වභාවයට අයිත දෙයකි. ඇසත් - රෑපත් - විඤ්ඤාණයත් එක්වීම නම් වු ඇසේ ස්පර්ශය යනු මැරී යන ස්වභාවයට අයිත දෙයකි. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වූ යම් සැපක් හෝ දුකක් හෝ සැපදුක් රහිත බවක් හෝ විදීමෙන් දත යුතු වේ ද එයත් මැරී යන ස්වභාවයට අයිති දෙයකි. (මරණධම්ම සුත්ත - සංයුත්ත නිකාය 4‍‍ වෙනි පොත් වහන්සේ)

    මෙය ඇසට පමණක් අදාළ ධර්මතාවයක් නොවේ, කණටද, නාසයට ද, දිවටද, කය ට ද, මනසට ද අදාළ වන්නේ මෙම ධර්මතාව මයි. ලෝකයේ ‍යම් තාක් කන්, නාසා, දිව, කය, මනස් තිබේ ද, ඒ සියල්ල ම මැරී යන ස්වභාවයට අයිති වේ

    එමෙන්මෙ ලෝකයේ යම් තාක් රෑප, ශබ්ද, ගන්ධ, රස, පහස හා මනස්වල ඇති‍වන අරමුණු‍ වේ ද ඒ සියල්ල මැරී යන ස්භාවයට අයිති වේ

    එමෙන්ම ලෝකයේ යම්තාක් ඇසේ ස්පර්ශ, කනේ ස්පර්ශ, නාසයේ ස්පර්ශ, දිවේ ස්පර්ශ, ක‍යේ ස්පර්ශ, මනසේ ස්පර්ශ වේ ද, ඒ සියල්ල
    මැරීයන ස්භාවයට අයිති වේ එමෙන්ම ඒ ස්පර්ශ වලින් හට ගන්නා වූ ඒ ඒ සැප හෝ දුක් හෝ දුක් සැප රහිත වූ හෝ විදින්නා වූ යමක් ඇත් ද ඒ සියල්ල ම මැරී යන ස්වභාවයට අයිති වේ

    එහෙත් මැරී යන ස්වභාවයට අයිති මේ දේවල් එසේ නොවේවා! කියමින් සත්වයෝ නොමැරී පවත්වන්නට කැමති වෙති එය පවා අයත් වන්නේ දුකට යි.


    අපිව මරණයෙන් මුදවා ගනු සේක්වා කියමින් අන්ත අසරණභාවයට පත් වූ කිසියම් බල සම්පන්න මැවුම්කාරදේවි කෙනෙකු ගේ කැමැත්තෙන් සිදුවන දෙයක් ව‍ශයෙන් සිතා ගත් අය ජරා මරණයෙන් තමන් ව මුදා ගන්නැ යි අපේකෂා සහිතව දෙවියන් ගෙන් ඉල්ලා සිටියහ. සමහරැ සිතා සිටියේ අභ්‍යවකාෂයේ සැරිසරන ග්‍රහවස්තුන්ගෙන් ඇති වෙන බලපෑම් අනුව ජරා මරණ සිදුවෙන බවත් ය. ඒ බලපැම් වළක්වන්නට යම් පුද පුජාවන් කල විට ජරා මරණ වලින් නිදහස් විය හැකි බවත් ය. සමහරැ පැවසුවේ සොබා දහම ය සොබා දහමේ නියමයන්ට ඉජ දීම පමණි අපට කළ හැක්කේ වශයෙන් ය සමහරැ පැවසුවේ මේ වනාහී කර්මය යි
    සියල්ල සිදු වන්නේ කර්මයට අනුව ය ඒ නිසා අපට ඒ ගැන කල හැදි දෙයක් නැත..


    එහෙත් අසිරිමත් පඥාවකින් යුක්ත වූ අප ගේ ශාස්තෘන් වහන්සේ ජරා මරණ ගැන දැරැවේ මීට හාත්පසින් ම වෙනස් මතයකි
    උන්වහන්සේ පළමුවෙන්ම කලේ ජරා මරණයන් අයිති දේවල්වල තිබෙන සැ‍බෑ තත්වය විමසීමයි. එසේ විමසීමේ දී උන්වහන්සේට අවබෝධ වූයේ අනිත්‍යභාවය නිසා ‍ම මේ ජරා මරණ සකස් වෙන බවයි, අනිත්‍ය වූ යමක් හටගන්නේ ද එම හේතුව නිසාම ජරාවටත් මරණයටත් පත් ‍ව්නේමය මෙසේ නුවණින් විමසන විට ඒ ප්‍රශ්නය සදයට ම විසදී ගියේය

    මරණයේ හේතුව ඉපදීම වේ -
    එතකොට සමහර අයට ප්‍රශ්ණයක් හට ගන්න පුළුවන් ඉපදීමට හේතුව කුමක්ද කියා.....

     
    • Like
    Reactions: sudunone

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සාදු සාදු සාදු.

    ජරා, මරණ පමණක් නොවෙයි, ශෝක, වැළපීම්, කැමති දෙය නොලැබීම, අකමැති දෙය ලැබීම වගේ හැම දුකකටම හේතුව උපතක් ලැබීමයි. ඉපදීමම පවා කෙතරම් දුකක්ද?

    ඇතැමුන් හිතන්නෙ අපව මවලා කියලයි. නමුත් බුදු රජාණන් වහන්සේ පැහැදිලි කළා උපතක් වෙන විදිහ: අපගේ මිනිස් උපත ගත්තොත්, මවගේ ආර්තවයේ නිසි කල වීම, මව හා පියාගේ එක් වීම සහ, වැදගත්ම දෙය, විඤ්ඤාණයක් පැමිණීම. (මම මේ කියන්නෙ මතක හැටියට. වැරද්දක් කරලනම් නිවැරදි කරන්න.) අනෙක් අතට දෙවියන්, නිරි සත්වයින් ආදීන්ට ඇත්තෙ ඕපපාතික උපතක්. එතනදි විඤ්ඤාණය පැමිණිලා තියෙනවා.

    සමහර ආගම්වල කියන පරිදි නැවත නැවත උපත ලබන එකම ආත්මයක් තිබෙනවා. නමුත් බුද්ධ ධර්මයෙ එහෙම ආත්මයක් ගැන මතය ප්‍රතික්ෂේප කරනවා.

    උපතකට හේතුව වන භවය පිළිබඳව අප වැඩි දෙනෙකුට හොඳ අවබෝධයක් නැහැ. මං හිතන්නෙ මේ ගැන වැඩිපුර සාකච්ඡා වුණොත් හොඳයි.
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    භවය

    භවය ගැන
    දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණි ආනන්ද තෙරණූවේ මෙසේ විමසූහ

    ස්වාමීනී, භවය, භවය යනුවෙන් ධර්ම කරැණක් කියනු ලැබේ භවය ඇති වන්නේ කුමන කරැණු පදනම් කර ගෙන ද

    පින්වත් ආනන්ද, කාම ධාතුවේහි විපාක වින්ද යුතු කර්මයක් සකස් වී නැති නම්, කාම භවයක් කියා දෙයක් ගැන කතාබස් කළ හැකිද

    ස්වාමීනී එසේ නොවන්නේ මය

    මෙසේ පින්වත් ආනන්ද, කර්මය කුඹුර වේ(කම්මං ඛෙත්තං) විඤ්ඤාණය පැළවෙන දෙය වේ (විඤ්ඤාණං බීජං) තණ්හාව (කුඹුරේ පැළ හටගන්නට වුවමනා) ජලය වේ (තණ්හා සිනේහෝ) අවිද්‍යාවෙන් වැසී ගිය තණ්හාවේන බැදී ගිය සත්වයන් ගේ විඤ්ඤාණය හීන ධාතුවේහි පිහිටියේ ය. චේතනා‍ව හීන ධාතුවෙහි පිහිටියේ ය. ප්‍රාර්ථනය හීන ධාතුවෙහි පිහිටියේ ය

    මේ ආකාරයට මත්තෙහි යලිත් භවයක් හේතුකොටගෙන ඉපදිම සිදුවන්නේ


    බුදුරජානන් වහන්සේ අපට පෙන්වා වදාලා භව තුනකි

    එනම් කාම භවය, රෑප භවය, අරෑප භවය වශයෙනී
    (විහංග සුත්ත - සංයුක්තනිකාය 02 පොත්වහන්සේ)


    භවය ගැන විස්තර කළ දෙසුමේ දී කාම භවය හීන ධාතුව වශයෙනුත්, රෑප භවය මජඣිමා ධාතු වශයෙනුත්, අරෑප භවය පණීත ධාතු වශයෙනුත් හදුන්වා දුන්හ.

    කාම භවය ගැන උන්වහන්සේ වදාළේ කාම ධාතුවේහි විපාක වින්ද යුතු කර්ම සකස් වීම කාම භවය වශයෙන් ය. රෑප භවය ගැන වදාලේ රෑප ධාතුවේහී විපාක වින්ද යුතු කර්ම සකස් වීම රෑප භවය වශයෙන් ය. අරෑප භවය ගැන වදාලේ අරෑප ධාතුවෙහී විපාක වින්ද යුතු කර්ම සක්ස වීම අරෑප භවය වශයෙන් ය. මෙසේ කර්ම සකස් නොවන්නේ නම් භවයක් නොමැත ඉපදෙන මැරෙන සංසාරයේන් නිදහස්ය...


    දැන් යමෙක් මැරැණා යයි සිතමු ඔහු මව් කුසකට යළි පැමිණියේ ද නැත එසේ නම් ඒ අතර කාල පරිව්ජේදයේ ඔහු කොහේ හෝ සිටිය යුතු ය, එනම් මරණයත් මව් කුසක යළි ඉපදීමත් අතර ඔහු කිසියම් කාල පරිච්ජේදයක් භවයේ රැදී සිටී. එයයි අන්තරාභවය වශයෙන් පටළවා ගෙන තිබෙන්නනේ

    ‍මෙවැනි ප්‍රශ්ණ මේ කාලයේ වගේම ඒ කාලයයේත තීබූ දෙයකි

    එනම් භවත් බුදුරජානන්වහනස යම් කනක මේ කය අත් හැරියේත් වේ. සත්වයා ද වෙනත් කයකට නොපැමිණියේ ද වෙයි මොහුගේ උපාදානය හැටියට පනවන්නේ කුමක්ද

    යම් කලක මේ කය අත් හැරියෝත් වේ සත්වයා ද වෙනත් කයකට නොපැමිණීයේ ද වෙයි එවිට ඔහුගේ උපාදානය තණ්හාවයි


    අවිජ්ජා පච්චයා සංඛාරා
    සංඛාර පච්චයා විඤ්ඤාණං
    විඤ්ඤාන පච්චයා නාමරෑපං
    නාමරෑප පච්චයා සළායතනං
    සළායතන පච්චයා ඵස්සෝ
    ඵස්ස පච්චයා වේදනා
    වේදනා පච්චායා තණ්හා
    තණ්හා පච්චයා උපාදානං
    උපාදාන පච්චයා භවෝ
    භව පච්ඡයා ජාති
    ජාති පච්චයා ජරාමරණං, සෝක, පරිදේව, දුක්ඛ
    දෝමනස්සුපායාස සම්භවන්ති. එවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති


    මෙම රතු අකුරින් දක්වා ඇති කෙටස ගැන කථාකරන්නට යෙදුනි

    උපාදාන නිසා භවය හට ගනී
    මොකක්ද මේ උපාදාන කියන්නේ අපි මේ ගැන බුදුරජානන්වහන්සේගේ ධර්ම දේශනා ආශ්‍රයේන් කරැණු විමසා බලමු

    සියළු දෙනා හට තෙරැවන් සරණයි!.......
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කාම ධාතුවේ, (ඒ කියන්නෙ මනුෂ්‍ය, දිව්‍ය, තිරිසන් ආදී ජීවිත) රූප ධාතුවේ (රූපාවචර බ්‍රහ්ම ලෝකවල), අරූප ධාතුවේ (අරූපාවචර බ්‍රහ්ම ලෝකවල) උපතක් කරා ගෙන යන පරිදි කර්ම සකස් වීම භවයයි. ඒ විදිහට කර්ම රැස් නොකරන්නෙ රහතන් වහන්සේලා පමණයි.

    භවය ඇති වීමට හේතුව වන උපාදාන යන වචනයෙහි තදින් අල්ලා ගැනීම, ග්‍රහණයට හසු කර ගැනීම යන අර්ථය ගැබ් වී තිබෙනවා.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේ වගේ සංකීර්න අවබෝධයට අපහසු ධර්ම කාණ්ඩයක් ගැන සාකච්චා කිරීම ගැන, මුලින්ම මම කල්යාන මිත්‍රයාට මගේ ස්තුතිය පල කරනවා..බොහෝ පුද්ගලයන් මේ විෂය පිලිබන්දව එතරම් කතා බහ කරන්නේ නෑ...
    මමත් දහම් පාසලේදී ඉගෙන ගත්තට පස්සේ අද තමයි මේක ගැන නැවත කියෙව්වේ. බොහොම ඉස්තුතියි
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    උපාදාන

    උපාදාන කරන්නේ ය (තදින් ග්‍රහණය කරගන්නේ ය) යයි මම නො පවසමි. ඉදින් මම කියනවා නම්. තදින් අල්ලා ගන්නේ ය කියා උපාදාන කරන්නේ කවුරැන් දැයි ඇසීම සාධාරණය. එහෙත් මම එසේ නොකියමි. එසේ නොකියන්නා වූ මගෙන් මෙනන මේ ආකාරයටයි ප්‍රශ්න ඇසිය යුත්තේ. ස්වාමීනි උපාදානය හටගන්නේ කුමන හේතුවක් නිසා ද කියා ය. ඒ ප්‍රශ්නය මේ ධර්මයට අදාළ වේ. උපාදානය හට ගන්නේ තෘෂ්ණාව හේතු කොට ගෙනය (මෝළිථග්ගුන සුත්ත - සංයුක්තනිකාය 02 පොත් වහන්සේ)

    මෙයින් අප තේරැම් ගත යුත්තේ හේතු - ථල දහම අවබෝධ කර ගැනීම පිණිස හේතු ථල දහම අනුව ම විමසිය යුතු බවයි.

    උපාදාන යන වචනය ඉතාම පැහැදිලි තේරැමක් ඇති පදයකි එහි තේරැම (දැඩි ලෙස හෝ සියුම් ලෙස හෝ) බැදී යාම, ග්‍රහණය වීම යන අර්ථය යි.

    උපාදානය යනු භවය පිණිස හේතු වූ කරැණ වේ. එසේ නම් එය ප්‍රබල හේතුවකි.

    භවයක් සකස් වූයේ උපාදාන නිසා නම් විපාක වින්ද යුතු කර්ම සකස් වීමට හේතු වූයේ ග්‍රහණය වීම ය. හෙවත් බැදීයාම් සතරක් තිබේ මහාප්‍රාඥ වූ අ‍පගේ ශාස්තෘන් වහන්සේ සොයා ගත් සේක

    එනම්

    01 කාම අරමුණු වලට ග්‍රහණය වීම නම් වූ කාම උපාදානය

    02 අදහස්, ආකල්ප හා නොයෙක් මතවාදයන්ට ග්‍රහණය වීම නම් වූ දිට්ඨි උපාදානයයි

    03 නොයෙක් සීල ව්‍රතයන්ට ග්‍රහණය වීම නම් වූ සීලබ්බත උපාදානයයි.

    04 මම ය, මාගේ, මයේ ආත්මය ය යන දෘෂ්ටියට ග්‍රහණය වීම නම් වූ අත්තවාදී උපාදානයි.


    මේ සතර ආකාර වූ ග්‍රහණය වීමට හසු වූ ජිවිතය තුළ සකස් වෙන්නේ සංසංරය යි. උපාදාන හේතු කොට ගෙන සකස් වන භවය නිසා සමහර සත්වයේ නිරයේ උපදිති, ප්‍රෙතලෝකයේ උපදිති, ඇතැම් සත්වයෝ තිරිසන් යෝනියේ උපදිති, ඇතැම් සත්වයෝ මිනිස් ලෝකයේ උපදිති, ඇතැම් සත්වයෝ දිව්‍ය ලෝකයේ උපදිති. එසේ නම් මේ සියලුම උපත් සිදුවන්නේ උපාදාන හේතු කොට ගෙනය මේ බව අප හට පෙන්වා වදාලේ අපගේ ශාස්තෘ වූ ඒ ‍බුදුරජානන් වහන්සේ විසිනි

    තන්හාව නිසා උපාදාන හට ගනී

    අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන
    මහා නිධාන සූත්‍ර දේශනාව පහත දැක්වේ.

    http://www.yourfilelink.com/get.php?fid=513517 01
    http://www.yourfilelink.com/get.php?fid=513520 02

    සියළු දෙනා හට තෙරැවන් සරණයි!......


     

    Pem

    Member
    Nov 14, 2008
    17
    0
    0
    Something different for you to think about.....

    Get on board now:
    :yes:http://dhammamedicine.blogspot.com
    :yes:http://groups.google.com/group/dhammamedicine


    -Appamadena Sampadetha-
    :)

    Perum%2Bpuraagena.jpg
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පටිච්චසමුප්පාදය ගැන ගරුතර රේරුකාණේ චන්දවිමල නාහිමියන් විසින් රචිත පොතේ දැක්වෙනවා තණ්හාවම වඩාත් දැඩි වුණාම තමයි උපාදාන වෙන්නෙ කියල. වෙනත් විදිහකට කිව්වොත්, නියපොත්තෙන් කඩන්න පුලුවන් කාලෙ තණ්හාව; පොරොවෙන් කොටන්න වෙන කාලෙ උපාදාන.

    ඒ වගේම, මේ සතර ආකාර උපාදාන වලින්, හරිනම්, බෞද්ධයෙකුට වෙන්න පුලුවන් කාම උපාදාන සහ අත්තවාද උපාදාන පමණයි. ඒ කියන්නෙ සය ආකාර ඉඳුරන් පිනවීම මුල් කොට ඇති වන කාම උපාදානත්, මමය, මාගේය යන හැඟීම මුල් කොට ඇති වන උපාදානයත්.

    උපාදාන හට ගන්නවා මිස, උපාදාන කරන කෙනෙක් නෑ කියන අදහස බොහොම වැදගත්. නමුත් ව්‍යවහාර ජීවිතයෙදී අපට හරි අමාරුයි මේ පුද්ගල භාවිතයෙන් තොරව හිතන්න. රේරුකානේ චන්දවිමල හිමියන් විසින් දක්වා තිබූ මේ උදාහරණය උදව් වෙනවා මේක තේරුම් ගැනීමට: ගල් ගොඩක් එක පිට එක තැබීමෙන් හැදුණු දෙයට අපි කණුවක් කියනවා. නමුත් ඇත්තටම එතන තියෙන්නෙ ගල් ගොඩක්. මනුස්සයෙක් ගත්තහමත් බිඳි බිඳී ඇති වන කයක් හා සිතුවිලි පරම්පරාවක්.


     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    උපාදාන

    බුදුරජානන් වහන්සේ පෙන්වා වදාලේ උපාදාන හතරකි



    01 කාම අරමුණු වලට ග්‍රහණය වීම නම් වූ කාම උපාදානය

    02 අදහස්, ආකල්ප හා නොයෙක් මතවාදයන්ට ග්‍රහණය වීම නම් වූ දිට්ඨි උපාදානයයි

    03 නොයෙක් සීල ව්‍රතයන්ට ග්‍රහණය වීම නම් වූ සීලබ්බත උපාදානයයි.

    04 මම ය, මාගේ, මයේ ආත්මය ය යන දෘෂ්ටියට ග්‍රහණය වීම නම් වූ අත්තවාදී උපාදානයි.
     
    • Like
    Reactions: ela_eluwa120

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    උපාදාන හට ගැනීමට හේතුව

    උපාදාන හට ගැනීමට හේතුව තණ්හාවයි

    උපාදාන හට ගන්නේ තණ්හාව හෙවත් ආශාව ඇති කල්හි ය. ආශාව හේතු කොට ගෙන බැදීයාම හටගන්නේ

    අපගේ ශාස්තෘන්වහන්සේ අපට පෙන්වා වදාලේ
    පින්වත් මහණෙනි, ලොකයේ කුමන පදනමක දී වුවත් වෙනස් නොවන්නා වූ, සනාතන සත්‍යක් වශයෙන් පවතින්නා වූ, දුකඛ සමුදය හෙවත් දුකේ හේතුව කුමක්ද

    යළි යළිත් විපාක විදින්නට කර්ම සකස් වීම ඇති කරවන (පෝනෝභවිකා), ආශ්වාදයෙන් ඇලෙන ස්වභාවයෙන් යුක්ත වූ (නන්දිරාග සහගතා), උපනුපන් ඕනෑම ජීවිතයක දී ඒ ඒ දෙය සතුටින් පිළිගන්නා වූ (තත්‍ර තත්‍රාභිනන්දනී) යම් මේ තණ්හාවක් ඇත් ද එයයි, ඒ කවර තණ්හාවක් ද යත්.

    එනම්

    01 රෑප - ශබ්ද - ගන්ධ - රස - පහස යන මේ කාම අරමුණුවලට ආශාව ඇති වීම කාම තණ්හාව වේ.

    02 මම ය, මාගේ ය, මාගේ ආත්මය වශයෙන් පිළිගත් ‍තම තමන් ගේ ජීවිත යළි යළිත් පවත්වා ගැනීමේ ආහාව භව තණ්හාව වේ

    03 සිත හෝ කය හෝ කිසිවක් නොපැවත්ම පිණිස තමා ගේ හිතේ මුල් බැසගත් ආශාව විභව තණ්හාව වේ. (අරෑප ලෝකයේ උපත පිණිසත් අසඤ්ඤ සත්ව ලෝකයේ උපත පිණිසත් හේතුවන්නේ මේ ආශාව මතු වී ගිය විට ය.)

    තණ්හාව ආකාර 3
    කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව

    ජීවිතයට පූර්ණ අස්වැසිල්ලක් ලබන්නට නම් මේ ත්‍රිවිධ තණ්හාවම ප්‍රහාණය කළ යුතු බවට තණ්හාව ප්‍රහීණ කල අප ගේ බුදු සමිදාණෝ සහතික කොට පවසා සිටියහ.

    බුදුරජානන් වහන්සේගේ දේශනා වලින් ඔබට මම ඉදිරිපත් කර ඇත්තේ ඉතා සුළු විස්තරයකි පහත දැක්වෙන පොත තුල සවිස්තරාත්මකව බුදුරජානන් වහන්සේගේ විස්මිත අවබෝධය හේතු ඵල දහම පිලිබදව ඔබට දැන ගත හැකිය..

    http://www.yourfilelink.com/get.php?fid=513699 Book

    අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේ විසින් පරිවර්ථනය කර ඇති මෙම පොත කියවා ධර්මඥානය දියුණුකරගැනීමට මෙය අවස්ථාවක් කර ගන්න....


    විදීම නිසා තණ්හාව හට ගනී (වේදනා පච්චයා තණ්හා)

     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    තණ්හාව ගැන කතා කරනකොට මම කැමතියි පංච කාම ගුණ කියන දේ ගැන පොඩ්ඩක් තව කතා කරන්න.

    රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය යන කරුණු පහ ඊට අයත් වෙනවා. හුඟක් වෙලාවට අපි මේ දේවල් ගැන කතා කරන්නෙ ආයතන හයත්, ඊට අරමුණු වෙන බාහිර ආයතන 6 ත් යන විදිහට. නමුත් මෙතනදි, කාම වස්තු ගැන කතා කරනකොට, මනස හා සිතුවිලි යන ආයතන දෙක ඊට ඇතුළත් වෙන්නෙ නෑ. අපි කතාවටත් කියන පංචේන්ද්‍රිය පිනවීම ගැන විතරයි කතා කෙරෙන්නෙ.
    මං හිතන්නෙ ඊට හේතුව තමයි මනස හා සිතුවිලි කෙරේ අවබෝධයකින් යුතුව කටයුතු කරන කෙනෙකුට ධ්‍යාන උපදවා ගැනීමට, දිගින් දිගට භාවනාවෙ නියැළීමට, එමගින් ලැබෙන ආශ්වාදය උපකාරී වීම. (ප්‍රීති) අනෙක් අතට මනස මූලික වී ඇතිවන අනර්ථකාරී තණ්හාවන් තමයි භව තණ්හා සහ විභව තණ්හා ලෙස හැඳින්වෙන්නෙ.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කාම තණ්හා වලට ධම්ම තණ්හා-සිතිවිලි නිසා ඇතිවන තණ්හාව අයිති වෙනවද? ගරුතර කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේ ගේ මහා නිධාන සූත්‍රයෙදි ඒකත් ඇතුලුවයි විස්තර කෙරෙන්නෙ. SSKL සහෝදරයා දක්වා තිබෙන විස්තරයේ පංච කාම ගුණ විතරයි දැක්වෙන්නෙ.
    සමුදය සත්‍යය ගැන කියනකොට ධම්ම තණ්හාවත් අයත් වෙන නිසා ඒකත් මෙතනට එනවා ඇති නේද?
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    කාම තණ්හාව

    දිනක් එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණ උන්වහන්සේ ගෙන් මේ ප්‍රශ්නය විචාළේය.

    මේ සත්වයා ව ජනිත කළේ කවුරැන්ද.
    (කිංසු ජනේති පුරිසං)

    බුදු සමිදාණෝ ඉලක්කයට ම පිළිතුරැ දුන් සේක

    මේ සත්වයා ව ජනිත කළේ තණ්හාවයි
    (තණ්හා ජනේති පුරිසං)

    ආශාව
    ආශාව සය ආකාරයකින් පවතී. ඇසින් දකින රෑපය කෙරෙහි ආශාව ඇති වේ. කණට ඇසෙන ශබ්ද කෙරෙහී ආශාව ඇති වේ. නාසයට දැනෙන ගද සුවද කෙරෙහී ආශාව ඇති වේ. දිවට දැනෙන රස කෙරෙහී ආශාව ඇති වේ. කයට දැනෙන පහස කෙරෙහී ආශාව ඇති වේ. සිතට සිතෙන දේ කෙරෙහී ආශාව ඇති වේ. (විභංග සුත්ත - සංයුක්තනිකාය පොත් වහන්සේ)

    වරක් බුදුරජාණන් වහන්සේ ගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසන ලදී

    ජිවිතයට ඇතුලට ම බැසගෙන තිබෙන යකඩ හුල කුමක් ද
    (කේන සල්ලෙන ඔතිණ්ණෝ)

    බුදු සමිදාණෝ ඉතා ම පැහැදිලි ලෙස මෙසේ පිළිතුරැ දුන්හ.

    ජිවිතය ඇතුලට ම බැස ගෙන තිබෙන්නේ තණ්හාව නම් වූ යකඩ හුල යි

    දෙවියන් ද මිනිසුන් ද නවාතැන්‍ පළ කර කෙන සිටින්නේ ඇසට පෙනෙන රෑපයන්ය. ඔවුහු රෑපයට ඇලි සිටිති රෑපයෙනම සතුටු වෙති. ඒ රෑපයන් මවෙනස් වී යනවිට, ඒ රෑපයන් ‍ගැන තිබෙන ඇල්ම නැති කර ගන්නට සිදුවන විට දෙවිවරැත් මිනිස්සුත් දුකසේ වාසය කරති.

    දෙවියන් ද මිනිසුන් නවාතැන් පළ කර ගෙන සිටින්නේ කණට ඇසෙන ශබ්දයන් ඔවුහු ශබ්දයට ඇලී සිටිති. ශබ්දයෙන් ම සතුටු වෙති.... නවාතැන් පළ කරගෙන සිටින්නේ නාසයට දැනෙන ගද සුවද ය ඔවුහු ගද සුවදට ඇලී සිටිති ගද සුවදින් ම සතුටු වෙති නවාතැන් පළ කරගෙන සිටින්නේ දිවට දැනෙන රසය යි ඔවුහු රසයට ම ඇලී සිටිති රසයෙන් ම සතුටු වෙති නවාතැන් පළ කරගෙන සිටින්නේ කයට දැනෙන පහස ය ඔවුහු පහසට ඇලී සිටිති. පහසින් ම සතුටු වෙති... නවාතැන් පළ කරගෙන සිටින්නේ සිතට සිතෙන අරමුණු ය ඔවුහු සිතට සිතෙන අරමුණුවල ඇලී සිටිති. සිතට සිතෙන අරමුණුවලින් ම සතුටු වෙති.
    එහෙත් ඒ සිතට සිතෙන අරමුණු වෙනස් වන විට ඒවා ගැන ඇල්ම අත්හරින්නට සිදුවන විට, ඒවා ගැන තිබෙන ඇල්ම නැති කරගන්නට සිදුවන විට දෙවිවරැත් මිනිස්සුත් දුකසේ වාසය කරත්.

    සත්වයා දුක් විදින්නේ ආශාව නිසා බව තේරැම් ගන්නට සමත් වන්නේ ජීවිතය ගැන ගැඹුරින් වටහා ගැනීමේ හැකියාව ඇති තැනැත්තා පමණී ජිවිතය මුළුමනින්ම දුකක් කරා ගෙන යන්නට ආශාවට පුළුවන. ජිවිතය මුළුමණින්ම වනසාලන්නට ආශාවට පුළුවන

    ආශාව රෝගයකි. ආශාව සැරව ගලන තුවාලයකි, ආශාව යකඩ හුළකි, පින්වත් මහණෙනි, ආශාවන් යුතු හැගීමක් පවත්වන්නේ වේ ද, තමා නම් වූ ආත්මයක් තිබෙන්නේ යයි ආශාවෙන් යුතු හැගීමක් පවත්වන්නේ වේ ද, එසේ සිතාගත් දෙයට වඩා වෙනස් වූ දෙයක් ම ය සිදුවන්නේ. වෙනස් වන ‍ස්භාවයට අයත් භවයෙහි ඇලුණු ලෝක සත්වයා භවය ම සතුටින් පිළිගන්නේ වේ

    ලෙෘකික ජිවිතය පවතින්නේ ආශාව පදනම් කොට ය. ඒ නිසාම දුර දිග කල්පනා කිරීමක් සාමාන්‍ය ජි‍විතයේ නැත. පටු සීමාවලට සිරවන ඔවුන් තුළ නෙයෙක් කරදර කම්කටොළු, අඩදබර, කලකෝලාහල, මනෂ්‍ය ඝාතන ආදී සියල්ල හට ගැනීමට ආශාව ම මුල් වන බව අපගේ බුදු සමිදාණෝ අවබෝධ කරගෙන සිටියහ.


    විදීම හේතු කෙට ගෙන ය ආශාවක් හට ගන්නේ ( වේදනං පටිච්ච තණ්හා). ආශාව හේතු‍කොට ගෙන ආශා කරන දෙය සොයයි (තණ්හං පටිච්ච පරියේසනං) සේවීම හේතු කොට ගෙන සම්භ වේ(පරියේසනං පටිච්ච ලාභෝ) සම්භ වූ දෙය හේතු කොට ගෙන වටිනාකම තීරණය කරයි (ලාභං පටිච්ච විනිච්ජයං) වටිනාකම තිරණය කිරීම හේතු කෙට ගෙන ජන්දරාගය ඇති වේ (විනිච්ජයං පටිච්ච ජන්දරාගෝ) ජන්ද රාගය හේතුකෙට ගෙන සිත එහි බැස ගනී (ජන්දරාගං පටිච්ච අජ්ඣෝසානං) සිත එහි බැස ගැනීම‍ හේතු කොට ගෙන එය තමා සතු කර ගනී (අජ්ඣෝසානං පටිච්ච පරිග්ගහෝ) එය තමා සතු කර ගැනීම හේතු කෙට ගෙන තව කෙනෙකුට එය ලැබීම ගැන අකැමැති වේ (පරිග්ගහං පටිච්ච මච්ජරියං) තව ‍කෙනෙකුට එය ලැබීම ගැන ඇකැමති බව හේතු කොට ගෙන එය රැක ගැනීමට වෙහෙසෙයි ( මච්ජරියං පටිච්ච ආරක්ඛං) රැක ගැනීම හේතු කෙට ගෙන දඩු මුගුරැ ගැනීම, අවි ආයුධ ගැනීම, කලිකලහ ඇතිවිම, භේද භින්න වීම, එකිනෙකාට ඇණුම් බැණුම් කීම, කේළාම් කීම, බොරැකීම ආදි අනේ විධ ලාමක අකුසල් ධර්මයන් හටගනී

    මෙවැනි දෙසුම් ගැන අප ඉගෙන ගන්නා විටයි තණ්හාවේ බරපතලකම යන්තමින් හෝ වටහා ගත හැක්කේ. තණ්හාව පවතින්නේ දස දිසාවම අක් මුල් පැතීරී ගිය පිළීකාවක් පරිද්දෙනි. ඒ තණ්හාව මුල් වීමෙන් දුක් දොම්නස් හට ගන්නා හැටි උන්වහන්සේ විසින් සොයා ගන්නා ලද්දේ තමන් වහන්සේ ලත් විස්මිත අවබෝධය නිසාමය.
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    තණ්හාය ජායති සොකො
    තණ්හාය ජායති භයං
    තණ්හාය විප්ප මුත්තස්ස
    නත්ථි සොකො කුතො භයං

    තෘෂ්ණාව ඇති තැන ශෝකය හා භය ඇති වෙනවා. ශෝකය හා භයෙන් නිදහස් වීමටනම් තණ්හාවෙන් නිදහස් විය යුතුයි.

    තණ්හාව ගැන කතා කරනකොට අපි හිතන්නෙ නොයෙක් ලෞකික වස්තුන්වලට, එදිනෙදා ජීවිතයෙ දේවලට අපේ ඇති වන ආශාව ගැන. නමුත් අපට නොදැනීම ඇති කර ගන්නා තවත් තණ්හාවන් තියෙනවා. උදාහරණයක් විදිහට, කෙනෙක් දන් පින් කරලා, දිව්‍ය සැප සම්පත් ප්‍රාර්ථනා කරමින් තණ්හාවක් ඇති කර ගන්න පුලුවන්. ඒ නිසා කුසල් රැස් කළ යුත්තේ තෘෂ්ණාවෙන් ගැලවීම උදෙසා මිස, මේ විදිහට තව තවත් කෙලෙස් වර්ධනය කර ගැනීම පිණිස නොවෙයි.