සෝතාපන්න වී විවාහ දිවියක් ගත කල විශාකා මහා උපාසිකාව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    https://www.google.com/url?sa=t&sou...AQFnoECCcQAQ&usg=AOvVaw2NXsnJoX-gZEyvABuqgzDn

    ☸️☸️ විශාකා මහා උපාසිකාව »»» ☸️☸️☸️

    ☸️ FB මගින් උපුටා ගන්නා ලද්දකි ☸️

    ☸️ මේ සදහා නොයේක් අයුරින් සහය දැක්වූ සැමටත් ඔබ සැමටත් මෙපින් අනුමෝදනා ☸️

    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...!!!🙏🙏🙏

    "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

    “දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!" 🙏🙏🙏

    අවුරුදු පන්දහසක් කල් ශ්‍රී සද්ධර්මය තුන් ලෝකයේ බැබළේවා සෑම දෙනාටම පින් සිතුවිලි පහල වේවා...!!! 🙏🙏🙏

    විශාඛා මහෝපාසිකාව...☘️☘️☘️

    පින කියන්නේ මහා පුදුම දෙයක්. පින තුළින් දෙවි මිනිසුන් හට පුදුම විදිහේ සැප ලැබෙනවා. පින් කරපු අය උපදින්නේ සැප විඳින්නමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබලන කාලයේ ධර්මය තුළින්ම විශේෂත්වයට පත් පිරිස් භික්ෂූන් වහන්සේලා අතර සිටියා. භික්ෂුණීන් වහන්සේලා අතරත් සිටියා. උපාසකවරුන් අතරත් සිටියා. උපාසිකාවන් අතරත් සිටියා. ඒ සිව්වණක් පිරිස තුළ විශේෂ ගුණධර්මයන් වැඩුණු උතුමන් හට බුදුරජාණන් වහන්සේ අගතනතුරු දී වදාළා.

    විශාඛා මහෝපාසිකාව එතුමිය තමයි මේ බුද්ධ ශාසනයේ ප‍්‍රධානම උපාසිකාව වුනේ. එතුමියට දන් පැන් පූජා කරන උපාසිකාවන් අතර අග‍්‍ර දායිකාව බවට අගතනතුරු ලැබුණා. උපාසකවරුන් අතරේ ඒ අගතනතුර ලැබුණේ අනේපිඬු සිටුතුමාටයි.

    මෙම විශාඛා මහෝපාසිකාව සෝතාපන්න බවට පත්වුනේ සත්හැවිරිදි වියෙහිදීයි. එතකොට ඇය සිටියේ අංග ජනපදයේ භද්දිය කියන නගරයේ. සැවැත් නුවර මිගාර සිටාණන්ගේ පුත‍්‍රයා වන පූර්ණවර්ධන සිටුවරයාට විවාහ කරදීම නිසයි ඇය සැවැත් නුවරට පැමිණියේ. මිගාර සිටුපවුල කලින් නිගණ්ඨ නාතපුත‍්‍රගේ ශ‍්‍රාවකයන්. නමුත් විශාඛාව ඉතාමත් බුද්ධිමත්ව නිර්භීතව අභිමානවත්ව කටයුතු කිරීම නිසා ඒ මුළු පවුලම තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් බවට පත්වුණා.

    ඒවගේම විශාඛා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේ මවක් දරුවන්ව රැකගන්නා ආකාරයටයි. විශාඛා පංචකල්‍යාණයෙන් යුක්තයි. ඒකියන්නේ ඇයට ඉතාමත්ම සෝභාසම්පන්න කේශ කලාපයක් තිබුණා. ඒ කේශ කල්‍යාණයයි. ඇයගේ ශරීරයේ අත් පා ආදිය ඉතා සෝභාසම්පන්නව පිහිටා තිබුණා. එය මාංශ කල්‍යාණයයි. ඇයට ඉතාමත්ම අලංකාර සුදෝසුදු දත් දෙපෙළක් තිබුණා. එය අස්ථි කල්‍යාණයයි. ඇයට රන්වන් පැහැයෙන් දිලෙන සමක් තිබුණා. එය ඡවි කල්‍යාණයයි. ඇය දරුවන් විසි දෙනෙකුගේ මවක් වෙලා සිටියදී පවා ඉතාමත් ආකර්ෂණීය රූපයක් තිබුණා. ඇයගේ වයස කිසිකෙනෙකුට කියන්නට බැහැ. දියණිවරුන් අතරේ, මිණිබිරියන් අතරේ පවා ඇය දිස්වුණේ දියණියක් වගේ. එය වයඃ කල්‍යාණයයි. ඒ වගේම ඇයට මහාලතාපසාදනී නමින් ආභරණයකුත් තිබුණා. දඹදිව එවැනි වටිනා ආභරණ තුනක් තිබුණා. එකක් විශාඛා මහෝපාසිකාව සතු වුණා. අනෙක බන්ධුල මල්ලිකාව සතු වුණා. අනෙක බරණැස සිටුතුමාගේ දියණිය සතු වුණා.

    දිනක් විශාඛාව මංගලෝත්සවයකට යන්නට මෙම ආභරණය පැළඳගත්තා. විසිහත් කෝටියක් වටිනා එම ආභරණය පැළඳගත් විට ඇයව මුළුමනින්ම බබලනවා. එය පැළැඳ ඇය ගමන් කරන විට ඇයගේ සිරුරින් රැස් විහිදෙනවා. ඉතින් එදා ඇය මංගලෝත්සවයට යන අතරේ ගිලන් වූ භික්ෂුවක් ගැන දැනගන්නට ලැබුණා. ඇය කෙළින්ම දෙව්රම් විහාරයට යන්නට පිටත් වුණා. එහෙත් ඇය මහාලතාපසාදනී නම් ආභරණය සමඟ වෙහෙරට යන්නට කැමති වුණේ නෑ. ඇය එම ආභරණය සිරුරෙන් ඉවත් කොට දාසියට දුන්නා.

    ඉන්පසු ඒ ගිලන් ස්වාමීන් වහන්සේව බැහැදකින්නට ගොස් ඇපඋපස්ථාන කටයුතු සොයා බැලුවා. ඇය කටයුතු අධික බැවින් ආපසු යන්නට පිටත් වුණා. අතරමගදී ඇයට මහාලතාපසාදනිය මතක් වුණා. එය රැගෙන එන්නට දාසිය පිටත් කළා. ඒ වන විට ඒ මහාලතාපසාදනිය විහාරයේ පසෙක තිබෙනු දුටු ආනන්ද තෙරුන් වහන්සේ සුරක්ෂාව පිණිස එය වෙන තැනකින් රැගෙන තිබ්බා. මෙය දැනගත් විශාඛාව මෙහෙමයි කල්පනා කළේ.

    දැන් මේ ආභරණය ආර්යයන් වහන්සේලාගේ අතින් අරගෙන පැත්තකින් තියපු දෙයක්. ඒ නිසා මං මෙය පරිහරණය කරන එක හරි නෑ. ඒ නිසා මං මෙය විකුණනවා. විකුණලා සංඝයාට කැප වූ විශේෂ දෙයක් කරනවා’

    කියලා ඉතාම සතුටින් මෙම ආභරණය ගෙන්වා ගෙන සල්පිලට ගෙනිච්චා.මෙය විසිහත් කෝටියකට ගන්නට කවුරුත් නෑ. අන්තිමේදී විශාඛාව විසින්ම විසිහත් කෝටියක ධනයදී ඒ ධනය ගැලක පටවා ගෙන වෙහෙරට ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කොට මෙසේ පැවසුවා.

    “ස්වාමීනී, ආනන්දයන් වහන්සේ විසින් මහාලතාපසාදනී අතින් ස්පර්ශ කොට පසෙකින් තිබ්බා. එතැන් පටන් එය මට පරිහරණය කරන්නට සිතෙන්නේ නෑ. මහා ගෞරවයක් ඇතිවෙනවා. ආර්යයන් වහන්සේ නමක් අතින් ස්පර්ශ කරපු දෙයක් ආර්යයන් වහන්සේලා කෙරෙහි මේ සා ආදර ගෞරව දක්වන මා කොහොමද පරිහරණය කරන්නේ? ඉතින් ස්වාමීනී, මං එය විකුණන්නට සල්පිලට ගෙනිච්චා. එය ගන්නට කිසිවෙක් නෑ. එය මම ම මිලට ගත්තා. ඒ මුදල් මේ ගැල්වල පටවාගෙන ආවා. ස්වාමීනී, මං මෙයට මොකද කරන්නේ?”

    “එහෙම නම් පින්වත් විශාඛා, නැගෙනහිර දොරටුවේ සංඝයාට වාසය කිරීම පිණිස විහාරයක් තනවන්න.”

    ඉතින් විශාඛා ඉතාම සතුටින් යුතුව කෝටි නවයක් වියදම් කොට භූමිය මිලට ගත්තා. කෝටි නවයක් වියදම් කොට යට මහලේ කාමර පන්සියයකින් යුතුව, උඩු මහලේ කාමර පන්සියයකින් යුතුව කුටි දහසක විහාරයක් කෙරෙව්වා. නව කෝටියක් වියදම් කොට උත්සවාකාරයෙන් එය බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ සංඝයාට අතපැන් වත්කොට පූජා කළා.

    එය පූජා කළ දවසේ ඇය පුදුමාකාර සතුටකට පත්වුණා. සතර මාසයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට දන්පැන් පූජා කළා. අවසාන දවසේ දසදහස් ගණන් භික්ෂූන් වහන්සේලාට තුන්සිවුරු පූජා කළා. මේ ආකාරයට විසිහත් කෝටියක් වියදම් කරවමින් පූර්වාරාම මහා විහාරය බුද්ධශාසනයට පූජා කළා. ඇය එදා මහා සතුටට පත්වෙලා දූ දරුවන්, යහළු යෙහෙළියන් පිරිවරාගෙන මිහිරි ගී ගය ගයා පූර්වාරාමය වටේ ඇවිද ඇවිද ගියා.

    “සුදුපැහැයෙන් බබලන ඒ – සුරම්‍ය ප‍්‍රාසාදේ
    විහාරයක් කොට දුන්නෙමි – සිතේ සතුට විහිදේ
    සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
    ඇඳ පුටු හා මෙට්ට පැදුරු – ඇතුරුව ප‍්‍රාසාදේ

    සේනාසන බඩු දුන්නෙමි – සිතේ සතුට විහිදේ
    සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
    රස මසවුළු බොජුන් යුතුව – නිරතුරු දන් සාලේ
    උතුම් සංඝ දාන දුනිමි – සිතේ සතුට විහිදේ

    සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
    සිනිඳු කසී සළුවෙන් යුතු – සකසා තුන් සිවුරේ
    දහස් ගණන් සිවුරු දුනිමි – සිතේ සතුට විහිදේ
    සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ

    ගිතෙල් වෙඬරු මී පැණි තෙල් – ගිලන්පසට සෑදේ
    සංඝයාට බෙහෙත් දුනිමි – සිතේ සතුට විහිදේ
    සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ

    ඉතාමත් මිහිරි හඬින් ඇය මෙලෙසින් ගායනා කරමින් පූර්වාරාමය වටේ ඇවිදින විට භික්ෂූන් වහන්සේලා ඒ ගැන බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා.

    “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, විශාඛා මහෝපාසිකාව ඉතාම නිශ්ශබ්දව කටයුතු කළ කෙනෙක්. මහ හඬින් කතා කළේ නැහැ. සියලු දෙනාටම ආදර්ශවත් වුණා. එහෙත් ස්වාමීනී, අද ඇයගේ වෙනසක් පේනවා. කිසිම අමුත්තක් නැතුව මහ හඬින් ගීත ගයමින් ප‍්‍රාසාදය වටා ඇවිදිනවා. සාර මාසයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වී දන්දීම නිසා පිත කිපුණා වත්ද? සෑහෙන්න නිදිවැරීම නිසා උමතු වුණා වත්ද?”

    “පින්වත් මහණෙනි, විශාඛාව ගී ගයන්නේ ඇයගේ සසරේ පැතුමක් ඉටුවීම නිසයි. ඇය ඔය ගායනා කරන්නේ උදාන ගී” යයි වදාළ බුදුරජාණන් වහන්සේ යළි මේ ගාථා රත්නය මිහිරි හඬින් වදාළා.

    “යථාපි පුප්ඵරාසිම්හා – කයිරා මාලාගුණේ බහූ
    ඒවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං"

    සුවඳ සුපිපි මල් අරගෙන – ගොතයි නේක මල් මාලා
    එලෙසින් ලොව උපන් කෙනා – කළ යුතුමයි පින් මාලා
    සැප හා සැනසුම ලැබෙනා – කුසල් වැඩිය යුතු නිතිනා
    නිරතුරු පින් කළ යුතුමයි – මාලා ගොතනා ලෙසිනා

    මල් මාලා ගොතන කෙනෙක් හැම තිස්සේම කල්පනා කරන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයා යන යන තැන සොයා බලන්නේ ලස්සන මල් තියෙන්නේ කොහේද කියලයි. ඒ ඒ තැනට ගිහින් මල් නෙලා ගන්නවා. හොඳින් පරිස්සම් කරගන්නවා. ඉතාම අලංකාර ලෙස මල් මාලයට අමුණා ගන්නවා.
    බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ විදිහට අපිත් කටයුතු කළ යුතු බවයි. පින ළඟට එනකම් බලාගෙන සිටීම නුවණක්කාර වැඩක් නොවෙයි. පිනට ආසා කෙනා පින සොයාගෙන යන්නට ඕන.

    විශාඛාව පූර්වාරාමය පූජා කරන දවසේ විශාඛාවගේ යෙහෙළියකට සංඝයා උදෙසා ලක්ෂයක් අගනා වස්ත‍්‍රයක් පූජා කරන්නට ඕන වුණා. ඇය එය එළන්නට සුදුසු තැනක් මුළු පූර්වාරාමයේම ඇවිද ඇවිද සෙව්වත් සොයන්නට බැරිව ගියා. ඇයට ලොකු දුකක් ඇති වුණා. අන්තිමේදී පසෙකට වී හඬ හඬා සිටියා. ඇයගේ හැඬුම අසා ආනන්ද ස්වාමීන් වහන්සේ එතනට වැඩියා.

    “පින්වත් දියණිය, හඬන්නේ ඇයි?”

    “අනේ ස්වාමීනී, මට මේ පිනට සහභාගී වෙන්නට ලොකු ආසාවක් තිබුණා. ඒ නිසයි මේ ලක්ෂයක් අගනා වස්ත‍්‍රය අරගෙන ආවේ. මෙය අතුරන්නට තැනක් සොයනවා සොයනවා. සොයා ගන්නට නැහැ.”

    ආනන්ද ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා කල්පනා කළා. එයට සුදුසු තැනක් මතක් වුණා.

    “පින්වත් දියණිය, දුක් වෙන්න එපා. මං ඔබට තැනක් කියන්නම්. අර පඩිපෙළ මුල පේනවාද? අන්න එතන තියෙනවා සංඝයා පා දෝවනය කරන තැන. සංඝයා පා දොවා අවසන් වූ ගමන් පා පිස්නාවක් හැටියට ඔබ එතන මෙය එළන්න. එය ඔබට මහත්ඵල ලබා දේවි.”

    ඉතින් ඇය ලක්ෂයක් අගනා ඇතිරිල්ල සංඝයා හට පා පිස්නාවක් කොට පූජා කළා.
    මේ අයුරින් පින් කරනා කෙනා කවුරු මොනවා කිව්වත් තමන්ගේ පුණ්‍ය කටයුතු කඩාකප්පල් කරගන්නේ නෑ. දිගටම කරගෙන යනවා. ඔබත් දක්ෂ මල්කාරයෙක් මල් රාශියක් නෙලා ගෙන ලස්සන මල් මාලා ගොතනවා වගේ සෑම විටම පින් කිරීමට මහන්සි වෙන්න.

    🌺-------------------------------🌺--------------------------------🌺

    තෙරුවන් සරණයි.....☸️☸️☸️

    “තථාගතප්‌පවෙදිතො ධම්‌මවිනයො, භික්‌ඛවෙ, විවටො විරොචති, නො පටිච්‌ඡන්‌නො.”

    "මහණනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නො බබලයි."
    (අඬ්ගුත්තර නිකාය, තික නිපාත - භරණ්ඩු වර්ගය, 9 සූත්‍රය.)

    මෙම ධර්ම දානාදී සියලු කුසලයන් උතුම්
    දහම් කරුණු අප අතට පත්වන තෙක් හා
    අප විසින් මෙසේ පළකරන තෙක් සිතින් වචනයෙන් හෝ ඒ සඳහා උදව් උපකාර කරා වූ සෑම සියලු දෙනාටමත්, මෙම දහම් කරුණු කියවන ඔබ ඇතුළු සාදු සිතින් අනුමෝදන් වන්නා වූ සියලු දෙනාටමත් තම තමා තම තමන්ගේ දෑතින් කරගත්තා වූ උතුම් කුසලයක් සේ අනුමෝදන් වේවා.! ඒ උතුම් කුසල් බලයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේට, ඛේමා රහත්තෙරණින් වහන්සේට මෙන් ප්‍රඥාලෝකය පහළ වේවා.! උතුම් අමා නිවන් මග "සුඛා පටිපදා ඛිප්පා අභිඥා" වෙන් අවබෝධ වේවා...!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    "චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං"
    චිරාත්කාලයක් සම්මා සම්බුද්ධ ශාසනය ලොව බැබලේවා.....🙏🙏🙏

    ☸️ FB මගින් උපුටා ගන්නා ලද්දකි ☸️

    ☸️ මේ සදහා නොයේක් අයුරින් සහය දැක්වූ සැමටත් ඔබ සැමටත් මෙපින් අනුමෝදනා ☸️

    ☸️☸️ මෙවැනි තවත් දහම් කරුණු කියවීමට හා දැනගැනීමට අපගේ ගෘපය හා එක්වන්න 🙏🙏🙏 ☸️☸️

    https://www.facebook.com/groups/780757743307595/?ref=share_group_link&exp=7ffb

    ☸️ උතුම් ධර්ම දානය පිණිස බෙදා හරින්න 🙏🙏🙏 ☸️

    ☸️ තෙරුවන් සරණයි ☸️

    ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
    ------ Post added on Sep 27, 2023 at 5:34 AM
     
    • Like
    Reactions: NRTG and kinkon

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo


    උම්බේ කට ගන්දයි වගේ. ඔන්න ඔක බලපන්
    ------ Post added on Sep 27, 2023 at 5:46 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    a

    උම්බේ කට ගන්දයි වගේ. ඔන්න ඔක බලපන්
    ------ Post added on Sep 27, 2023 at 5:46 AM

    kollo gahanne neha pako, ona nam thota ballek dala puke arinnam
    anna a baya thiya ganin adu kule wal balla, tho dan mage wahal ponnayek.