පටිච්චසමූප්පාදය
බුදුරජානන්වහන්සේ පෙන්වා වදාලා ඉපදෙන සත්වයා මැරීයන ස්භාවයට පත්වන දෙයකි.
මැරී යන ස්වභාවයට අයිති වූ සියල්ල නම් කුමක් ද
ඇස යනු මැරී යන ස්වභාවයට අයිති දෙයකි, ඇසට පෙනෙන රෑප මැරී යන ස්වභාවයට අයිති දෙයකි, ඇසේ හටගන්නා විඤ්ඤාණය මැරී යන ස්වභාවයට අයිත දෙයකි. ඇසත් - රෑපත් - විඤ්ඤාණයත් එක්වීම නම් වු ඇසේ ස්පර්ශය යනු මැරී යන ස්වභාවයට අයිත දෙයකි. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වූ යම් සැපක් හෝ දුකක් හෝ සැපදුක් රහිත බවක් හෝ විදීමෙන් දත යුතු වේ ද එයත් මැරී යන ස්වභාවයට අයිති දෙයකි. (මරණධම්ම සුත්ත - සංයුත්ත නිකාය 4 වෙනි පොත් වහන්සේ)
මෙය ඇසට පමණක් අදාළ ධර්මතාවයක් නොවේ, කණටද, නාසයට ද, දිවටද, කය ට ද, මනසට ද අදාළ වන්නේ මෙම ධර්මතාව මයි. ලෝකයේ යම් තාක් කන්, නාසා, දිව, කය, මනස් තිබේ ද, ඒ සියල්ල ම මැරී යන ස්වභාවයට අයිති වේ
එමෙන්මෙ ලෝකයේ යම් තාක් රෑප, ශබ්ද, ගන්ධ, රස, පහස හා මනස්වල ඇතිවන අරමුණු වේ ද ඒ සියල්ල මැරී යන ස්භාවයට අයිති වේ
එමෙන්ම ලෝකයේ යම්තාක් ඇසේ ස්පර්ශ, කනේ ස්පර්ශ, නාසයේ ස්පර්ශ, දිවේ ස්පර්ශ, කයේ ස්පර්ශ, මනසේ ස්පර්ශ වේ ද, ඒ සියල්ල
මැරීයන ස්භාවයට අයිති වේ එමෙන්ම ඒ ස්පර්ශ වලින් හට ගන්නා වූ ඒ ඒ සැප හෝ දුක් හෝ දුක් සැප රහිත වූ හෝ විදින්නා වූ යමක් ඇත් ද ඒ සියල්ල ම මැරී යන ස්වභාවයට අයිති වේ
එහෙත් මැරී යන ස්වභාවයට අයිති මේ දේවල් එසේ නොවේවා! කියමින් සත්වයෝ නොමැරී පවත්වන්නට කැමති වෙති එය පවා අයත් වන්නේ දුකට යි.
අපිව මරණයෙන් මුදවා ගනු සේක්වා කියමින් අන්ත අසරණභාවයට පත් වූ කිසියම් බල සම්පන්න මැවුම්කාරදේවි කෙනෙකු ගේ කැමැත්තෙන් සිදුවන දෙයක් වශයෙන් සිතා ගත් අය ජරා මරණයෙන් තමන් ව මුදා ගන්නැ යි අපේකෂා සහිතව දෙවියන් ගෙන් ඉල්ලා සිටියහ. සමහරැ සිතා සිටියේ අභ්‍යවකාෂයේ සැරිසරන ග්‍රහවස්තුන්ගෙන් ඇති වෙන බලපෑම් අනුව ජරා මරණ සිදුවෙන බවත් ය. ඒ බලපැම් වළක්වන්නට යම් පුද පුජාවන් කල විට ජරා මරණ වලින් නිදහස් විය හැකි බවත් ය. සමහරැ පැවසුවේ සොබා දහම ය සොබා දහමේ නියමයන්ට ඉජ දීම පමණි අපට කළ හැක්කේ වශයෙන් ය සමහරැ පැවසුවේ මේ වනාහී කර්මය යි
සියල්ල සිදු වන්නේ කර්මයට අනුව ය ඒ නිසා අපට ඒ ගැන කල හැදි දෙයක් නැත..
එහෙත් අසිරිමත් පඥාවකින් යුක්ත වූ අප ගේ ශාස්තෘන් වහන්සේ ජරා මරණ ගැන දැරැවේ මීට හාත්පසින් ම වෙනස් මතයකි
උන්වහන්සේ පළමුවෙන්ම කලේ ජරා මරණයන් අයිති දේවල්වල තිබෙන සැබෑ තත්වය විමසීමයි. එසේ විමසීමේ දී උන්වහන්සේට අවබෝධ වූයේ අනිත්‍යභාවය නිසා ම මේ ජරා මරණ සකස් වෙන බවයි, අනිත්‍ය වූ යමක් හටගන්නේ ද එම හේතුව නිසාම ජරාවටත් මරණයටත් පත් ව්නේමය මෙසේ නුවණින් විමසන විට ඒ ප්රශ්නය සදයට ම විසදී ගියේය
මරණයේ හේතුව ඉපදීම වේ -
එතකොට සමහර අයට ප්‍රශ්ණයක් හට ගන්න පුළුවන් ඉපදීමට හේතුව කුමක්ද කියා.....