මචො දේශපාලන නූල් සූත්තර දිහා අද තියන තත්වය බලන්න එපා.....අතිතයේ සිට බලන්න.... මේ රටෙ ආන්ඩු පත් කරන්නේ පරම් පරික දෙශපාලනය කරන මිනිසුන් නොව පාවෙන ජන්දයි...
යුඇන්පිය දෙකඩ උන එකෙන් වි ඇත්තෙ නිදහස් පක්ෂයෙ පරන අයට යන එන මන් නැති විමයි...
ජෙවිපිය පවලා දුන්නේ සැප සම්පත් වලට වහල් වු මිනිසුන්ය (කවදා හො ලංකාවෙ දෙශපාලන ආනාතයන් බවට පත් වෙමින් ඇත)
දෙමල සංධානෙ අය ආන්ඩු පක්ෂයෙ ද ඉන්නේ....
වෙනම රටක් ඕනමයි කියපු පිල්ලෙයාන්ලව, කරුණාව වෙන රටවලට ගෙනිහින් දෙන්න පුලුවන් සැප සම්පත් දී LTTE එක දෙකඩ කරෙ කව්ද ?
මුස්ලිම් චන්ද කොහොමත් යුන්පී බරය....
ජනරාල් එනවානම් එන්නේ රට හදන්නට තමාය..... ඔය දවල් හීන බලන අයට වෙන දේ මම මුල දී කියලා තිබේ නැවත කියවන්න...
අනික මේ වෙලාවෙ ජනාඩිපති වරනයක් අවශ්‍ය නැත.....මොකද මහින්ද රාජපක්ෂ ජනාඩිපති තුමාට තව අවු 2 ක් තිබේ....ඉතින් මහ මැතිවරනක් පැවැත්වීම හොදටම ඇති (මොකද දැනට තියන කරුනු එතරම් සුබ නැත)
අතීතය ගැන කතා කොරලා වැඩක් නෑ නේ. දැන් අපි මේ ගැන කතා කරමු. පාවෙන චන්ද වලින් ආන්ඩු හදන 1 ඇත්ත. ඒ වුනත් මේ වෙලාවේ පාවෙන චන්ද
වලට වඩා වැදගත් වෙන්නේ සුලු ජාතික චන්ද නේ. අපි හිතමු, සිංහල චන්ද හරි හරියට බෙදුනා කියලා, ඒ වුනත් සුලු ජාතික චන්ද? තොන්ඩමන්, චන්ද්‍රසේකරන් ඉන්නේ ජනාධිපති තුමා ලග. වතු චන්ද ලැබෙන්නේ එයාට, පිල්ලෙයාන්, කරුණා ඉන්නේ ජනාදිපති ලග නැගෙනහිර දෙමල චන්ද එයාට.ක්‍රිශෝර්, ඩග්ලස් දේවානන්ද, ප්ලොට් කට්ටිය ඉන්නේ ජනාධිපති එක්ක, ඒ චන්ද ලැබෙන්නෙත් එයාට. ෆේරියෙල් අශ්රොෆ් , හිස්බුල්ලා,නැගෙනහිර මුස්ලිම් නායකයෝ කොටසක්
ඉන්නෙත් ජනාධිපති සමග. එහෙම බැලුවොත් ඒ චන්ද වලින් සිංහල චන්ද බෙදුනත් මහින්ද රාජපක්ශට දිනන්න පුලුවන්. හමුදාව එක්ක යුද්ද කරපු, ඔය දෙමල නායකයෝ සරත් ෆොන්සේකාට නම් සහය දක්වන එකක් නෑ. එහෙම වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.
හිතන්න මේ සෙල්ලමෙන් රටට කොච්චර අහිතකර දේවල් වෙන්න පුලුවන්ද?
1.මහින්දට සහය දක්වන වතු නායකයෝ තව තවත් දොල පිදේනි ඉල්ලනවා. ඒවා දුන්නොත්??
2. නැගෙනහිර මුස්ලිම් නායකයෝ වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලුවොත්?
3. පිල්ලෙයාන්, උතුරු දෙමල නායකයෝ පොලිස් බලතල, ෆෙඩරල් ඉල්ලුවොත්?
මහින්ද නෙවෙයි සක්කරයා හිටියත් බලය රැකගන්න මේ ඉල්ලීම් ලබා දෙන්න සිද්ධ වෙනවා නේ. බලය රැකගන්න අපේ නායකයෝ ඕනම දෙයක් කරනවා නේ.
ඔන්න සරත් ෆොන්සේකා ජනාධිපති වුනා කියමුකෝ, එයාට කරන්න පුලුවන් දේවල් 2ක් තියෙනවා නේ.
1. ජනපති ධුරය අහෝසි කිරීම
හරි ඔන්න අහෝසි කරලා විධායක අගමැති ධුරයක් ගෙනාවා කියමු, රනිල් කීදවසක් එයාට අගමැතිකමේ ඉන්න දේවිද? පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය
තියෙන්නේ රනිල්ට කියලා පෙන්නලා, රනිල් අගමැති වෙයි. එතකොට ජෙනරාල් තුමාට මොකද වෙන්නේ?
2. රනිල්ට කුද ගහගන්න කියලා දිගටම විධායක ජනපතිකමේ ඉන්නවා. එතකොට? පාර්ලිමෙන්තුව දෝශාභියෝගයක් ගේනවා. සංධානෙ අනිවා ඌ ඇන් පියට
සපෝර්ට් කරනවා මේ වැඩේට. එතකොට මොකක්ද වෙන්නේ? ජෙනරල් තුමාට පාර්ලිමෙන්තුව දිගටම කල් තබන්න බෑ නේ. දෝශාභියෝගයෙන් පැරදුනොත්?
ආයෙත් ජනාධිපතිවරනයක්...
රටම කැද හැලියක් වෙයි .


