සරත් ෆොන්සේකා සිද්ධියෙන් පාඩමක්
(2009/11/08 දිවයින)
සරත් ෆොන්සේකා සිද්ධියෙන් පාඩමක්
මහාචාර්ය නලින් ද සිල්වා
මේ ලිපිය ලියන මොහොත වන විට සරත් ෆොන්සේකා මහතා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඇමරිකා එක්සත් ජනපදයෙන් පිට වී ඇති බව වාර්තා වෙයි. ලංකාණ්ඩුව ඒ මහතාට පිට වී ආපසු ඒමට උපදෙස් දී ඇති බව ද ඇ. එ. ජනපදයට බලපෑම් කර ඇති බවද පැහැදිලිය. ඇ. එ. ජ. ෆොන්සේකා මහතාට එසේ පිට වී යැමට ඉඩ දුන්නේ ඔවුන්ට කළ බලපෑම් හේතුවෙන් මිස ඒ මහතාගෙන් ප්‍රශ්න කිරීම නොමනා ක්‍රියාවක් යෑයි ඔවුන්ට අවබෝධ වූ නිසා නොවේ. ෆොන්සේකා මහතාගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව ප්‍රශ්න කිරීමට යන බව මෙරට තානාපති අංශ ඔස්සේ ලංකාණ්ඩුවට දැන්වීමට කටයුතු කෙළේ හිටපු හමුදාපතිවරයාම වීම මෙහිදී කැපී පෙනෙන කරුණකි.
ලංකාණ්ඩුවට නොදන්වා එසේ ප්‍රශ්න කිරීම්වලට භාජන වීමට ෆොන්සේකා මහතාට ඉඩ තිබූ නමුත් ඒ මහතා එසේ නො කෙළේය. එසේ නොකිරීම ඒ මහතාගේ ගෞරවයට හේතුවෙයි. ලංකාණ්ඩුව ද ප්‍රශ්න කිරීම ගැන දැනගත් මොහොතේ සිට ක්‍රියාත්මක විය. ඇ. එ. ජනපද ආණ්ඩුව හා බලධාරීන්ට තම විරෝධය පළ කළ ලංකාණ්ඩුව ෆොන්සේකා මහතා ප්‍රශ්න කිරීමකින් තොරව ආපසු ගෙන්වා ගැනීමට ක්‍රියා කළේය. අවසානයේදී ඇ. එ. ජනපද ආණ්ඩුවට ප්‍රශ්න කිරීම් අකුළා ගැනීමට සිදු විය.
බටහිර රටවල් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා හමුදා නිලධාරීන්ට එරෙහිව ඊනියා යුද්ධ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි බව අප මේ තීරුවෙන් පෙන්වා දුන්නේ යුද්ධ අපරාධ ගැන සාකච්ඡා නොවූ කාලයකය. එපමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා බටහිර රටවල සංචාරය කිරීමේ අවදානමක් ඇති බව පෙන්වා දුන් අපි ඒ මහතා එසේ සංචාරය නොකරන්නේ නම් මැනවි යෑයිද කීවෙමු. බොහෝ දෙනාට මේ කරුණු අමතක වන්නේ අවාසනාවකට වුවත් සිංහල සංස්කෘතියේ අංගයක් ලෙසිනි.
බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පිළිබඳ අපට අපේ ම වූ ප්‍රවාද ඇත. ඒ අප ගොඩනඟා ඇත්තේ සිංහල බෞද්ධ චින්තනයෙහි පදනම් වෙමිනි. එකිනෙකින් ස්වායත්ත නොවූ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික සංරචක ඔස්සේ ක්‍රියාත්මක වන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත්විජිතවාදය අවුරුදු පන්සියයකට වැඩි කාලයක් තිස්සේ මුළු ලෝකය පුරාම ඔවුන්ගේ සංස්කෘතිය, ආර්ථික රටාව හා දේශපාලන ව්යqහ ප්‍රචලිත කිරීමට උත්සාහ කරයි. බටහිරයන්ට ඇත්තේ හුදු ආර්ථික හා දේශපාලන වුවමනාවන් පමණක් නොවන බව අපේ මූලික ප්‍රස්තුතයක් වෙයි. වෙනත් අය මෙන් නොව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි සංස්කෘතික සංරචකයද අපි සැලකිල්ලට ගනිමු. ඇතැමුන් ඒ සංස්කෘතික ඌනිතවාදයක් ලෙස දකින්නේ අපේ ප්‍රවාද අවතක්සේරු කිරීමට බව අපි දනිමු.
මෙරට දෙමළ ජාතිවාදය පනස්හයෙන් පසුව ඇතිවූවක් ය යන මිථ්‍යාව හෙළිදරව් කළ අපි එහි ආරම්භය හා විකාශය ලන්දේසීන් මුහුදුබඩ පෙදෙස් පාලනය කළ කාලය දක්වා ගෙන ගියෙමු. ඒ සම්බන්ධයෙන් ලියෑවුණු සාහිත්‍යයක් අප සතු වන අතර මෙරට අඛණ්ඩ දෙමළ ඉතිහාසය ද ඒ කාලයෙන් ඔබ්බට නොයන බව පෙන්වීමට සමත්වීමු. විශේෂයෙන්ම යාපනයේ වත්මන් ජනගහණය වැඩිවශයෙන් පැවතෙන්නේ ලන්දේසීන් මෙරටට ආනයනය කළ වෙල්ලාලයන්ගෙන් බව කියා සිටියෙමු. බටහිරයන් මෙරට සිංහලත්වයට හිමි තැන අහිමි කිරීම සඳහා මුල සිටම ඔවුන් විසින් නිර්මාණය කරන ලද දෙමළ ජාතිවාදය යොදාගෙන ඇති ආකාරයද අපි පෙන්නුම් කෙළෙමු. එසේ ම කොටි සංවිධානය පසුපස ඇති බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත්විජිතවාදය ද අපි හෙළිදරව් කෙළෙමු. මෙහි අතුරු කතාවක් ලෙස බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් තම ආර්ථික හා සංස්කෘතික ආධිපත්‍යය පැතිරවීමට හා තහවුරු කිරීමට බටහිරින්ම යෑපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන යොදා ගැනෙන ආකාරයද අපි විස්තර කෙළෙමු. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන යනු බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත්විජිතවාදයෙහි ප්‍රබල ආයුධයකි.
මේ සියල්ල අපේ ප්‍රවාද මගින් කියෑවුණු අතර ඒ නව නිර්මාණ විය. අනගාරික ධර්මපාලතුමාගෙන් පසුව ජාතික චින්තනයෙන් බිහිවී ඇති කිසිවක් නොමැති බව කියන පඩියන්ට ඒ පිළිතුරක් විය. අනෙක් අතට බටහිර මතිමතාන්තර හැරෙන්නට වෙනත් කිසිවක් නොදත් පුස්සන් කියන පරිදි නොව ඒ කිසිවක් සුද්දන්ට විරුද්ධව කෙරෙණු ඊනියා යුද්ධ චණ්ඩි කතා නොවීය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හා යටත්විජිතවාදය ගැන අප සතුව තිබු දැනුම (අපේ ප්‍රවාද) සමග ඊනියා අපරාධ චෝදනාව ජනාධිපතිතුමාට හා සෙසු අයට එල්ලවන බව දැනගැනීමට අපට අපහසුවක් නොවිණි.
විසිවැනි සියවසේ අගභාගයේ තම වීරයා වූ ප්රභාකරන් මරාදැමීම පිළිබඳව බටහිරයන්ට ඇත්තේ තදබල කෝපයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. සිංහලත්වය දුර්වල කිරීමට, හැකිනම් නැතිකිරීමට බටහිරයන් යොදාගත් දෙමළ ජාතිවාදයේ අංගයක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව බටහිරයන් වියරු වැටී සිටින බව රහසක් නොවේ. බටහිරයන් අපට කරන කෙණෙහිළිකම්වල කෙළවරක් නැත. මෙරට විනිශ්චයකරුවන් කිහිප දෙනකු ෆිජී දුපතට යැමේදී ඔස්ටේ්රලියාව හා නවසීලන්තය ක්‍රියාකළ ආකාරය මේ සම්බන්ධයෙන් ඇති ආසන්නම උදාහරණය වෙයි. ඒ සිද්ධිය මුල්කරගෙන ෆිජී ආණ්ඩුව එරට ඔස්ටේ්රලියානු හා නවසීලන්ත තානාපතිවරුන්ට ආපසු යැමට අණකර ඇත.
සරත් ෆොන්සේකා මහතා හා ආණ්ඩුව අතර යම් විරසකයක් ඇති බව රටටවත් අවශේෂ ලෝකයටවත් රහසක් නොවේ. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත්විජිතවාදයේ මෙරට තවත් නියෝජිතයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ පිරිස (පසුගිය දා ඊනියා සංධානයකට එළඹුණු ම. සමරවීර, රා. හකීම්, මනෝ ගනේෂන් ආදීහු) ප්රභාකරන්ගේ සිංහල හා මුස්ලිම් මස්සිනාලා වෙති. ප්රභාකරන් මෙන්ම ඔවුහු ද බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි සුවච සේවකයෝ පමණක් වෙති. මේ අය ද බටහිරයෝ ද ඒ විරසකය ඔස්සේ ආණ්ඩුවට විරුද්ධව සරත් ෆොන්සේකා මහතා යොදා ගැනීමට උත්සාහ කරති. ප්රභාකරන්ගේ සිංහල හා මුස්ලිම් මස්සිනාලා සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයේදී ඊනියා පොදු අපේක්ෂකයා බවට පත්කර ගැනීමට උත්සාහ ගන්නේ තමන්ට ජයගත හැකි අපේක්ෂකයකු නැතිවීම, මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද යම් ප්‍රමාණයකින් වුව අඩුකිරීම හා අවසානයේදී දී සරත් ෆොන්සේකා මහතාගේ කීර්තිය නැති කිරීම මුල්කරගෙනය. කලින් කී විරසකය නොවන්නට මේ මස්සිනාලාට එවැනි උත්සාහයක් ගැනීමටවත් නොහැකිවනු ඇත. ඇ. එ. ජ. සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී ප්රභාකරන්ගේ මස්සිනාලාගේ සංධානය ඒ මහතා වෙනුවෙන් කුමක් කෙළේද? පිළිතුරු කිසිවක් නැත යන්නය.
ඇ. එ. ජනපද ආණ්ඩුව සරත් ෆොන්සේකා මහතා ලවා තොරතුරු ලබාගැනීමට උත්සාහ කෙළේ විරසකය මුල්කරගෙනය. ෆොන්සේකා මහතාට එරට පුරවැසිකම ලබාගැනීමේ හැකියාවක් ඇත. එසේ පුරවැසිකම ලබාගත හැකි පුද්ගලයකු ලවා වෙනත් ආණ්ඩුවකට විරුද්ධව තොරතුරු ලබාගැනීමට තැත් කෙළේ නම් ඇ. එ. ජ. ආණ්ඩුව තම පුරවැසියන් විදේශීය රටවල ඔත්තු බලන්නන් ලෙස යොදාගැනීමට සූදානම් බව පෙන්නුම් කෙළේය. අනෙක් අතට ඔවුන් ෆොන්සේකා මහතාගෙන් තොරතුරු ලාබාගැනීමට උත්සාහ කෙළේ හමුදා නිලධාරියකු ලෙස නම් ඇ. එ. ජ. ලංකාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන තත්ත්වයකට ආසන්න තත්ත්වයකට පත්වීමට තිබිණි. වෙනත් රටක හමුදා නිලධාරියකු බලය යොදා ඒ රටට විරුද්ධව යොදා ගැනීම යුද්ධ ප්‍රකාශ කරන තත්ත්වයකට ආසන්න තත්ත්වයකි. ඇ. එ. ජ. අවසාන මොහොතේදී හෝ සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න නොකිරීමට තීරණය කිරීමෙන් ජාත්‍යන්තරව ඇතිවීමට තිබූ අර්බුදයක් තාවකාලිකව නැතිවී ගියේය.
එහෙත් අර්බුදය මුළුමනින්ම පහව ගොස් නැත. අප කලින් කියා ඇති පරිදි දෙමළ ජාතිවාදය හා බෙදුම්වාදය තවමත් ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම බටහිර රටවල සිටින විසිරුණු දෙමළ ජනයා එහිදී බටහිරයන් විසින් යොදා ගැනෙති. අද ඇතැම් පඬියන් (ප්රභාකරන් පැරැදවීමට නොහැකි යෑයි එදා කීවෝ ද ඔවුහුමය.) ඊනියා නැවත සංවිධානයවීම් (රීග්රෑපින්) යෑයි කියන්නේ අප එදා ද කී මේ ප්‍රවණතාවටය. ජනාධිපතිතුමා ද සරත් ෆොන්සේකා මහතා ද දෙමළ ජාතිවාදයේ හා බෙදුම්වාදයේ ක්‍රියාකාරීත්වය ගැන දනිති. අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි වූයේ පළමුව ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වය. දෙවනුව ආරක්ෂක ලේකම්තුමාගේ අප්‍රතිහත ධෛර්යය හා අධිෂ්ඨානය හා තුන්වැනුව එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාගේ හමුදා මෙහෙයවීම් හා හතර වැනුම රණවිරුවන්ගේ කැපකිරීම් හේකුකොටගෙනය. අද ඇ. එ. ජනපදයේ උපක්‍රමය වැරැදී ගියේ ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා හා සරත් ෆොන්සේකා මහතා එක්ව ක්‍රියාකිරීම නිසාය. මතුවටද එක්ව ක්‍රියාකිරීම අවශ්‍ය වෙයි. ඒ අතර බටහිර ආධිපත්‍යයට එරෙහිව ප්‍රබල ජාත්‍යන්තර සංවිධානයක් ගොඩනැඟීම ද කළ යුතු වෙයි. මහින්ද රාජපක්ෂ මහතාට එහි දී විශේෂ කාර්යභාරයක් ඉටුකළ හැකිය.

Last edited: