Truth behind the fight--Mahinda Vs Genaral--

SaNI Je

Member
Nov 19, 2009
47
8
0
(2009 නොවැම්බර් 19 - W3Lanka) සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දෙවන ලෝක යුද්ධයෙන් පසු බර්නාඩ් මොන්ට්ගොමරි වින්ස්ටන් චර්චිල්ට එරෙහිව තරග කිරීම හා බංග්ලාදේශ යුද්ධයෙන් පසු සෑම් මැනෙක්ෂෝ ඉන්දිරා ගාන්ධිට එරෙහිව තරග කිරීම හා සමාන කරන ප්‍රකට දේශපාලන හා යුද විශ්ලේෂක ඩී.බී.එස්. ජයරාජ් මෙම කරුණු පෙළගැස්ම පිළිබඳව මෙසේ පවසයි.


1991දී ශ්‍රී ලංකා හමුදාවේ ලුතිනන් කර්නල් ධුරයෙන් සමුගෙන එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ 2005දී ජනාධිපති පදවියට පත් සිය සහෝදරයාට හා රටට සේවය කිරීමටත්, කොටි සංවිධානය පරාජය කිරීමටත් ලංකාව‍ට පැමිණි අතර හිටපු හමුදාපති වූ මේජර් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ බ්‍රසීලයේ තානාපති තනතුරකට පත් කර 2005 දෙසැම්බර් 6දා විශ්‍රාම යාමට සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපති පදවියට පත් කරනු ලැබුවේ ද, එතැන් සිට දිගින් දිගට ම ඔහුගේ සේවය දීර්ඝ කරනු ලැබුවේ ද ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මතයි. මේ දෙදෙනා කලින් එකට මෙහෙයුම්වල යෙදුණු අය වන අතර ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් අස් වන විට සරත් ෆොන්සේකා ලුතිනන් කර්නල් තනතුරක් දැරීය.ෆොන්සේකා‍ රාජපක්ෂට වඩා එක් කණ්ඩායමක් ජ්‍යේෂ්ඨ විය.


සරත් ෆොන්සේකා දැවැන්ත ධෛර්යයක් හා කැපී පෙනෙන තීක්ෂණ යුද ඥානයක් ඇත්තකු බවට සියලු දෙනා එකඟ වන බව පවසන ජයරාජ් එහෙත් මෙම කරුණු නිශේධනය කරන ලක්ෂණ ඔහුගේ චරිතයේ ඇති බව ද පෙන්වා දෙයි.

ඔහු සතුව දැවැන්ත මමංකාරයක් හෙවත් ඊගෝවක් ඇති බව පෙන්වා දෙන ජයරාජ් මේ හේතුවෙන් මීට ඉහතදී හමුදාව තුළ ම හිටපු මේජර් ජනරාල් ජානක පෙරේරා සමග හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සමග ගැටුම් ඇති වූ බව පවසයි. ඔහුගේ වෘත්තිකභාවය අගය කළ බොහෝ දෙනෙක් තමන් පිළිබඳ අධි ඇගයීමකින් යුක්ත මෙම ලක්ෂණයට අකැමැති වූ බව ද, කෙසේ වෙතත්, හමුදාව තුළ සෙබළුන්ගේ සුබසාධනය පිළිබඳ නිති සොයා බැලූ ඔහු ජනප්‍රිය පුද්ගලයකු වූ බව ද ජයරාජ් පෙන්වා දෙයි.


ඔහු පිළිබඳව ඔප්පු නො වූ ලිංගික හා මානව හිමිකම් චෝදනා ඇති බව ද, ඔහු යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් තරුණයන් අතුරුදහන් වූ බව ද, මෑතකදී ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සමග ද ඔහුගේ නම සම්බන්ධ වූ බව ද ජයරාජ් පවසයි.


එකිනෙකා සමග හිත හොඳ නො වූවත් ජානක පෙරේරාගේ මෙන් ම සරත් ෆොන්සේකාගේ ද නම් විවිධ මානව හිමිකම් සංවිධාන වාර්තාවල සඳහන් වූ අතර ඔවුන් හමුදා කුමන්ත්‍රණයක යෙදීමට ඉඩ ඇතැයි තිබූ සැකය නිසා මීට පෙර චන්ද්‍රිකා බංඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ මොවුන් හමුදාපති පදවියට පත් කිරීමට අකැමැති වූ බව ද, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුව පත් කළේ හා පළමු වසරෙන් පසු සේවය දීර්ඝ කළේ අකැමැත්තෙන්, එහෙත් සිය සොයුරා ඔහු පිළිබඳව වග බලා ගන්නා බවට ඇති විශ්වාසය මත බව ජයරාජ් පවසයි.
 
Last edited:

SaNI Je

Member
Nov 19, 2009
47
8
0
මේ දෙදෙනා ම කොටින්ගේ ඝාතන ප්‍රයත්නයන්ගෙන් අනූ නමයෙන් බේරුණ අතර, සරත් ෆොන්සේකාගේ ජීවිත බේරීම වෛද්‍ය විද්‍යාත්මක ප්‍රාතිහාර්යයක් හා ඔහුගේ ප්‍රාණ ශක්තිය පෙන්වන්නක් බව ජයරාජ් පෙන්වා දෙයි.


හමුදා නිලධාරියකුව සිට පසුව ආරක්ෂක ඇමති වූ අනුරුද්ධ රත්වත්ත මෙන් ජනරාල් පදවි ලබා ගැනීම් හෝ නිල ඇඳුම් ඇඳීම් වැනි විකාර නො කළ ගෝඨාභය රාජපක්ෂ කොටි සංවිධානය විනාශ කිරීමේ සිය කාර්යභාරය වෙනුවෙන් යකා සමග වුව වැඩ කිරීමට සූදානම් ව සිටි මුත්, හමුදාවේදී සිය කණිෂ්ඨයකු වූ රාජපක්ෂට සැලියුට් ගැසීමට තමා තුළ ඇති අකැමැත්ත සරත් ෆොන්සේකා විටෙක ප්‍රකාශ කර තිබිණි. මේවා කේලාම් ලෙස රාජපක්ෂගේ කණට ගොස් තිබිණි.


යුද්ධය දිනීමේදී හමුදාවේ කාර්යභාරය වැදගත් වූ මුත් ජයග්‍රහණයේ මුළු අයිතිය හමුදාව සතු කර ගැනීමට සරත් ෆොන්සේකා දැරූ තැත බොළඳ එකක් බව ලේඛක ඩී.බී.එස්. ජයරාජ් පෙන්වා දෙයි.


මෙම තත්වය තුළ හමුදා අතර ද භේද තිබුණු අතර සෙසු හමුදාවල සහාය දිනා ගැනීම විශාල අභියෝගයක් විය. මෙහිදී හිටපු ගුවන් හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඩොනල්ඩ් පෙරේරා විශාල කාර්යභාරයක් කළ මුත් සරත් ෆොන්සේකා ඔහු ගණන් නො ගත්තේ ය. ෆොන්සේකා සහ නාවික හමුදාපති කරන්නාගොඩ එකිනෙකා කතා නො කරන තත්වයක සිටි අතර, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ ෆොන්සේකා අතර ද සම්බන්ධය හොඳ එකක් නො වීය. මෙම ආතතිමය තත්වයන් කළමනාකරණය කරනු ලැබුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි.


සරත් ෆොන්සේකා හමුදාව තුළ අනුගමනය කළ එහි කාර්යක්ෂමතාව නැංවීමට හේතු වී යයි ඔහු කියන සම්ප්‍රදාය විරෝධී උසස්වීම් හා මාරු කිරීම් ආදිය නිසා හමුදාව තුළ ඔහු කෙරෙහි නො රිස්සුමක් වූ බව ලේඛකයා පවසයි. නැගෙනහිර මුදා ගැනීමේ මෙහෙයුම්වලට නායකත්වය දුන් මේජර් ‍ජනරාල් පරාක්‍රම පන්නිපිටිය බොරු චෝදනා මත ඉවත් කිරීම හා ආරක්ෂාව ලබා ගැනීම පිණිස ඔහුට අධිකරණයට යන්නට සිදු වීම නිදසුනක් ලෙස පෙන්වා දෙන හේ සරත් ෆොන්සේකාගේ ක්‍රියාකලාපය විස්තර කිරීම සඳහා හමුදා නිලධාරියකු කළ ප්‍රකාශයක් උපුටා දක්වයි. "ඉස්සරහට ගියොත් ජොනී - පසුසට ආවෙත් ෆොනී." මෙහි ජොනී යනු කොටින්ගේ ජොනී බට්ටන් වන අතර ෆොනී යනු සරත් ෆොන්සේකා ය.


2007 විශිෂ්ඨ සේවා විභූෂණ සම්මාන සඳහා ඒ සඳහා සුදුසුකම් ඇති නිලධාරීන් නිර්දේශ නො කිරීම හා ආරක්ෂක ලේකම්වරයාට ඔහුගේ නිර්දේශ නොතකා එම සම්මාන ලබා දීමට සිදු වීම, සරත් ෆොන්සේකා තමිල්නාඩු දේශපාලකයන් කොටින්ගෙන් පඩි ලබන විහිළුකාරයන් බව කියා ඒ පිළිබඳව සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හා ආරක්ෂක ලේකම්ට එය කරන්නට වීම, කැනේඩියානු පුවත්පතකට ලංකාව අයිති සිංහලයන්ට බව කීම වැනි කරුණු ඔස්සේ ෆොන්සේකා සහ ආණ්ඩුව අතර ගැටුම් ඇති වෙමින් තිබිණි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය තෙක් සාම්පූර් ජයග්‍රහණය ප්‍රකාශ කිරීම පමා කිරීම වැනි දේශපාලන ක්‍රියාමාර්ග සරත් ‍ෆොන්සේකාගේ නො රිස්සුමට හේතු විය. දේශපාලකයන් නො රිස්සූ හේ යුද ජය තමාගේ ශූරත්වයක් ලෙස සැලකී ය. කලක් ඔහු ඇතු පිට සිටින දුටුගැමුණු ඉදිරියේ දණින් වැටී සිටින එළාරගේ චිත්‍රයක් තබාගෙන සිටියේය. ‍එහි දුටුගැමුණුගේ මුහුණ සරත් ෆොන්සේකාට සමාන වූ බව එය දුටු මාධ්‍යවේදියකු පැවසූ බව ජයරාජ් කියයි.


තමන්ගේ රුහුණු සම්භවය ගැන කියන්නට ෆොන්සේකා ද පටන් ගැනීම රාජපක්ෂලාගේ නො රිස්සුමට හේතු වූ මුත් කාර්යය අවසන් වන තෙක් ඔවුහු ඒවා ඉවසා සිටිය හ. එහෙත් යුද්ධයෙන් සරත් ෆොන්සේකාට ලැබුණු ජනප්‍රියත්වය ජනාධිපති මහින්ද රාජපක්ෂ තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කළේ ය.


යුද ජයග්‍රහණවල ගෞරවය දේශපාලකයන් සමග බෙදා ගන්නට සිදු වීම සරත් ෆොන්සේකා නො රිස්සුවේ ය. ප්‍රභාකරන්ගේ මරණය ප්‍රකාශයට පත් කිරීමේ සිද්ධිය මෙයට නිදසුනක් ලෙස ලේඛකයා පෙන්වා දෙයි. එතෙර සිටි ජනාධිපතිට මැයි 16දා ප්‍රභාකරන් මිය ගිය බවට වැරදි තොරතුරක් ලබා දෙන ලදී. 17දා ලංකාවට පැමිණි ඔහු පොළව සිප ගත්තේ ය. එහෙත් ෆොන්සේකා ප්‍රභාකරන්ගේ මරණය තහවුරු නො කළ හෙයින් ජනාධිපතිගේ ජාතිය ඇමතීම කල් දමන්නට සිදු විය. ප්‍රභාකරන්ගේ මරණය ෆොන්සේකා විසින් නිවේදනය කරනු ලැබුවේ මැයි 19දා ජනාධිපති ජාතිය ඇමතීමෙන් අනතුරුව ඔහුගේ මුවෙනි.


යුද්ධයෙන් පසුව ෆොන්සේකා ජනමාධ්‍ය ඔස්සේ ජයග්‍රහණයේ මුළු ගරුත්වය ඔහුට ලබා ගැනීමේ ප්‍රයත්නයක යෙදුණේ ය. එහෙත්, යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද කාර්යභාරය සුවිසල් බව ජයරාජ් පෙන්වා දෙයි. විශේෂයෙන් ම ඉන්දියාව කළමනාකරණය කර ගැනීමේදී බැසිල් රාජපක්ෂ හා ලලිත් වීරතුංග විශාල වැඩ කොටසක් කළ බව ඔහු පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ජාත්‍යන්තර පීඩනයෙන් නො සැලී, යුද්ධයට පූර්ණව පක්ෂ වෙමින්, කාර්යය අවසන් කිරීමට දුන් නිදහස හා දේශපාලන නායකත්වය ඉහළ පෙළේ එකක් වූ බව ජයරාජ් පවසයි.


අවතැන් වූවන් සැඟවී සිටින කොටි සැකකරුවන් අල්ලා ගැනීමේ උවමනාවෙන් වැඩි කාලයක් රඳවා තබා ගැනීමේ උවමනාව තිබුණේ ෆොන්සේකාට බව ලේඛකයා පවසයි. හමුදාවේ පිරිස් බලය තුන් ලක්ෂය දක්වා වැඩි කිරීමට හා ලක්ෂයක් වන්නියේ රැඳවීමට ද එහි ජන විකසනය වෙනස් වන පරිදි හමුදා පවුල් පදිංචා කිරීමට ද ඔහුට අවශ්‍ය වූ බව ලේඛකයා පවසයි.


මේ අතර සරත් ෆොන්සේකාගේ නැඟීම පිළිබඳ සැලකිලිමත් වූ රාජපක්ෂ පාලනය විසින ලබා ගන්නා ලද බුද්ධි අංශ වාර්තා තුනකට අනුව ෆොන්සේකා තුළ දේශපාලන අභිලාෂයන් ඇති බව හා ඔහු ජනාධිපති මහින්ද තරමට ම ජනප්‍රිය බව වාර්තා විය.


ඔහු බලයෙන් ඈත් කිරීමේ ක්‍රියාමාර්ගවලට රාජපක්ෂවරුන් එළමුණේ සහ එහි ප්‍රතිඵල ලෙස සරත් ෆොන්සේකා ජනාධිපති පදවිය අපේක්ෂා කරන තත්වයට සිදුවීම් පෙළගැසුණේ ඉන් අනතුරුව බව ජයරාජ් සිය ලිපියෙහි පෙන්වා දෙයි.
 
Last edited:
Aug 19, 2008
11,653
167
0
Sri Lanka


Wow

Thathwe api hithuwata wada hungak hondayine.

Ehenam Sarath Fonseka
nikanma nikan Parachut kaarayek nemeyi.
Samaharawita
kawada hari Janadhipathi wevi kiyana adahasak thiyennath athi.

Jaya weva.



 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සරත් ෆොන්සේකාගේ මමත්වය ගැන කියල තියෙන කතාවනම් ගොඩක් දුරට ඇත්ත.... මේක යුද හමුදාවේ ඉන්න මගේ යලුවෝ ඒ කාලෙත් කිව්වා...
    එයා යුද ජයග්‍රහනය තනිකර එයාගෙම ජයක් කියල පෙන්නන්න හදනවා...
    ඇත්තටම ගෝඨාභය රාජපක්ශ ලොකු දේවල් ගොඩක් කරා තිරයෙන් පිටිපස්සේ ඉඳගෙන...
     

    SaNI Je

    Member
    Nov 19, 2009
    47
    8
    0
    සරත් ෆොන්සේකාගේ මමත්වය ගැන කියල තියෙන කතාවනම් ගොඩක් දුරට ඇත්ත.... මේක යුද හමුදාවේ ඉන්න මගේ යලුවෝ ඒ කාලෙත් කිව්වා...
    එයා යුද ජයග්‍රහනය තනිකර එයාගෙම ජයක් කියල පෙන්නන්න හදනවා...
    ඇත්තටම ගෝඨාභය රාජපක්ශ ලොකු දේවල් ගොඩක් කරා තිරයෙන් පිටිපස්සේ ඉඳගෙන...

    Atta ma atta..:yes::yes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඔක්කොම "ජයරාජ්" පවසයි කියලනෙ තියෙන්නෙ
    සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට එනවා කිව්ව ගමන් මේවා කියවන්නෙ - කින්ග් මහින්දගෙ සල්ලි වලින් පරිප්පුයි පානුයි කන එකෙක්ද කොහෙද :lol:
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Hebei itin passe kochchara yuddeta kara gehuwath eka paarak paraana baye,deeshapaalakayek wuna thamange ayyage pihiten ratenuth penala giyapu kenekta salute gahannanam general echchara kemathi nethuwa ethi needa... :cool::cool: